Monday, January 14, 2013

පොලිසිය ගැන මේ ටිකත් දැනගන්න


ඔබ මේ ගැන දන්නවාද?

1. ඔබ පාරෙ ගමන් කරන විට, තනි පොලිස් නිලධාරියෙක්ට ඔබව නැවැත්වීමට තහනම්. එසේ නැවැත්වීමට උත්සාහ ගතහොත්නොනවත්වා යාමට ඔබට හැකිය.
2. තනි පොලිස් නිලධාරියෙකුහට ඔබේ රියදුරු බලපත්රය රඳවා ගැනීමට නොහැකිය.
3. ඔබ වාහනයක ගමන් කරන විටකදී, ඔබේ ජාතික හැඳුනුම් පත හැර වෙනත් ලියකියවිලි ඉල්ලා සිටීමට
අයිතිය ඇත්තේ "රථ වාහන පාලක පොලිස් නිලධාරියෙකුට (Traffic Police)" පමණි.
4. තනි රථ වාහන පාලක පොලිස් නිලධාරියෙකුට (Traffic Police) ඔබට දඩ ගැසීමට හෝ චෝදනා කිරීමට නොහැකිය. ඔහුට අනිවාර්යෙන්ම සාක්ෂිකරුවෙකු අවශ්‍ය වේ. සාක්ෂිකරු පොලිස් නිලධාරියෙකුම විය යුතුයි. (එබැවින් සැමවිටම පාරේ රථ වාහන පාලක පොලිස් නිලධාරින් දෙන්නෙක් එකට සිටියි)
5. පොලිසිය යනු සාමය ආරක්ෂා කිරීමට කැපවුන බලකායකි. ආයුධ සම්පන්න බලකායක් නොවේ. ඔවුන්ට
බැටන් පොල්ලක් හැර වෙනත් ආයුධයක් ලඟ තබාගැනීමට නීතියෙන් තහනම් කොට ඇත. (නමුත්පැවතුන යුධමය තත්වය නිසා, යුද්ධය අවසන් වනතුරු ඔවුන්ට තුවක්කු ලබාදීමට අධිකරණයෙන් නියෝග කර තිබිණි.) එමනිසා පොලිස් නිලධාරියෙක් ඔබට තුවක්කුවක් දිගු කලහොත් ඔහුට විරුද්ධව පැමිණිලි කිරීමට ඔබට අයිතියක් ඇත.
6. පොලිස් නිලධාරියෙකු ඔබට "බීමතින්" රිය පැදවූ බවට චෝදනා කලහොත්, බැලූන් පරීක්ෂාව (Balloon
Test) කිරීමට ඉල්ලා සිටිය හැක. ඒ අවස්ථාවේදී ඔවුන් සතුව බැලූන් නොමැති නම්, ඔබට යාමට අවසර ඇත.
7. මහ මග ගමන් ගන්නා වාහනයක් නැවැත්වීමට අවසර ඇත්තේ රථ වාහන පාලක පොලිස් නිලධාරියෙකුට
(Traffic Police) පමණයි.. (ඒ බැවින් හමුදා මුරපොල check point) වල එක පොලිස් නිලධාරියෙක් හෝ සිටිය යුතුය.)
8. පොලිස් නිලධාරියෙකුට ලිඛිත උසාවි නියෝගයක් නොමැතිව ඔබේ නිවසට හෝ රැකියා ස්ථානයට ඇතුළු
විය නොහැක. ලිඛිත නියෝගය ඉල්ලා සිටීමට ඔබට සියලු අයිතිය ඇත. ඔවුන් බලෙන් ඇතුලු වීමට සැරසෙයිනම් එයට විරුද්ධ වීමට ඔබට අයිතිය ඇත.
9. ඔබ සිදුකල වැරැද්දේ ස්වභාවයත්, දණ්ඩ නීති සංග්‍රහය අනුව අදාල නීති උල්ලංගනය කිරීමත් පිලිබඳව
කියන තුරු රථ වාහන පාලක පොලිස් නිලධාරියෙකුට (Traffic Police) ට ඔබේ රියදුරු බලපත්රය ලබාගත
නොහැකිය. එසේ සඳහන් කිරීමට අපොහොසත් වන්නේ නම් ඔබට යාමට අවසර ඇත.
10.රථ වාහන පාලක පොලිස් නිලධාරියෙකු (Traffic Police) ඔබේ බලපත්‍රය බලෙන් ලබාගෙන, එය නැවත
ලබා ගැනීමට පොලිස් ස්ථානයට එන ලෙස පැවසූ විටකඑලෙස නොගොස් පොලිස් අධිකාරියතුමන්ට
හෝ ප්‍රාදේශිකයට අදාල නියෝජ්ය පොලිස්පතිතුමන්ට පැමිණිලි කිරීමට ඔබට අයිතිය පවතී. එවිට අදාල
නිලධාරියාව, දුරාචාරය සහ නොහික්මුණු හැසිරීම යන වරද මත පදනම්ව සේවයෙන් පහ කරවීමට වුවද
හැකියාව පවතී.
11. කාන්තාවකගෙන්,පොලිස් නිලධාරියෙකු නමලිපිනය, හැඳුනුම් පත, දුරකථන අංකය ඉල්ලා සිටී නම් ඒ
ඉල්ලීම ඉටු නොකිරීමට අයිතිය ඇත (ඔහු ඔබට හිරිහැර කිරීමේ අරමුණින් සිටින බව ඔබට හැඟේ නම් පමණක්). ඔහුට ඔබව (කාන්තාව) අත් අඩංගුවට ගැනීමට නොහැක. ඔබට පොලිස් නිලධාරිනියකගේ සහය ඉල්ලා සිටීමට අයිතිය ඇත.
12.පොලිස් නිලධාරියෙකු කාන්තාවක් පරීක්ෂා කිරීමට බව පැවසූ විටක, එය පොලිස් නිලධාරිණියක
ලවා කරවා ගැනීමට ඔබට (කාන්තාව) අයිතිය ඇත. පොලිස් කාන්තාවක් නොමැති නම්, ඔබට එය ප්‍රතික්ෂේප කිරීමට අයිතිය ඇත.
13. ඔබට අධික වේගයෙන් වාහනය පැදවීමේ වරදට දඩ ගැසීමට හෝ නඩු දැමීමට සැරසෙයි නම් ඊට ප්රථම
වාහනයේ වේගය මනින ලද මීටරයේ වේගය සටහන් වී ඇති අයුරු තමාට පෙන්වන ලෙස ඉල්ලා සිටීමට අයිතිය ඇත. (බොහොමයක් පොලිසිවල පවතින වේග මීටර අක්රිය අතර ඔවුන් හුදෙක් මීටරය දිගුකර අනුමානයෙන් වරදකරුවන් අසුකරගනී)
14. ඔබ කිසියම් කරුණක් මත අත් අඩංගුවට පත්ව සිටිනම් පොලිසියට ප්රකාශ ඉදිරිපත් කිරීමට ප්රථම
නීතිඥයෙකුගේ උපදෙස් ලබාගැනීමට ඔබට අයිතියක් පවතී. එනිසා එවැනි අවස්ථාවල ඔබට නීතිඥයෙකු
ඉල්ලා සිටීය හැකිය. 


ඔබට නීතිමය කරුණක් ගැන තවදුරටත් තොරතුරු
ලබාගැනීමට අවශ්ය නම් නීති ආධාර කොමිෂන්
සභාව ,අංක 129/5,මහාධිකරණ
සංකීර්ණය,අළුත්කඩේ,කොළඔ 12. යන ලිපිනයට
ලිවීමෙන් හෝ 0094-11-2433618,
0094-11-5335329, 0094-11-5335281,
0094-011-2395894 යන අංක වලට ඇමතීමෙන්
තොරතුරු ලබාගත හැකිය.

උපුටා ගැනීම බුකියෙනි

34 comments:

  1. තනි පොලිස් කරුවෙකුට ප්‍රශ්න කිරීම වාහන පරික්ෂා කල නොහැකි උවත්... සාමානයෙන් පොලිස් නිලධාරින් වාහන පරික්ෂා කිරීමට පොලිස් නිලධාරින් පිටත්ව යන විට ඔවුන් දෙදෙනෙකු සමග පිටත් වීම සටහන් කරන නිසා ඒ අවස්ථාවේ නීති කතා කරන්න යන එක ප්‍රායෝගිකව ගැටළුවක් විය හැකි නේද?....

    දෙන්නෙක් එක්ක යනවා කියලා එන්ටරි දාලා පස්සේ කිවොත් දෙන්නම එතැන උන්නා කියල අපි කොහොමද කියන්නේ දෙන්නම එතන උන්නේ නැ කියලා

    ReplyDelete
    Replies
    1. Eye witness is importanta in such a situation. Or video witness.

      Delete
  2. අපි මතක ඇති කාලෙ ඉඳන්ම ජීවත් වුනේ මාසෙන් මාසෙට දික් කරපු හදිසි නීතිය යටතෙ නිසා පොලිසියට හිතූ හිතූ හැටියට කටයුතු කරන්න පුළුවන් වාතාවරණයක් ඇති වෙල තිබුණ. ඇත්තෙන්ම අද සිටින හුඟක් පොලිස් නිලධාරීන්ට සාමාන්‍ය නීතිය යටතෙ කටයුතු කිරීමෙ අත්දැකීමක්වත් තිබෙන්න නැතුව ඇති මේ මෑතක් වන තුරුම. එනිසාමද මන්ද පොලිසිය තාමත් තමන් මහජන සේවකයන්ය තමන් සිටින්නෙ දෙපාර්තමේතුවකය කියන එකත් අමතක කරල අහිංසක මිනිස්සුන්ට මිලිටරි පාට් දානව. ඇත්තෙන්ම මම හිතන්නෙ අපේ රටේ පවතින නීති සැමට සාධාරණව නිසිලෙස ක්‍රියාත්මක වෙනව නම් පොලිසියෙ නොහික්මුනු ක්‍රියා පාලනය වෙල ඒක මිනිස්සු එක්ක සුහදත්වයෙන් කටයුතුකරන වාතාවරණයක් ඇති ආයතනයක් වෙයි.

    (අනෙක මම හිතන්නෙ රථවාහන පොලිස් නිලධාරීන් වාහනයක් නැවැත්තුවම අපි බැහැල එයාල ළඟට යා යුතු නෑ, ඔවුන් රථය ළඟට පැමිණිය යුතුයි. ඒත් අපේ රටේ අපි බොහෝ විට දකින්නෙ වාහනේ නවත්තල ඩ්‍රයිවර් දෙකට නැවිල ඔළුව කහ කහ පොලිස් නිලධාරීන් ළඟට යන හැටි.)

    ReplyDelete
    Replies
    1. මොකද බං උඹේ මේ ලිපිය කීප පාරක්ම පෙන්නන්නෙ. පබ්ලිෂ් කරද්දි මොකුත් අවුලක් වුනාද.

      Delete
    2. ගුගල් ලෙඩ දානවා බන්.බ්ලොග ඇතුලෙම 8 පාරක්ද කොහෙද පබ්ලිෂ් වෙලා .ඒ හරහා එන අයට පෝස්ට් එක නෑ කියලා පෙන්නයි.ගූගල් දෙයියෝ කෝප වෙලාද කොහෙද ලිමිට් පැනලා හින්දා කනෙක්ෂන් එකේ

      Delete
    3. සහතික ඇත්ත. අපේ තාත්තත් මට ඕක කියල දිලතියනවා. මම නම් බැහැල යන්නේ නෑ .එයාල ලඟට එනකම් ඉන්නවා. පොලිසියේ මිලිටරි පාට් ගැන නම් කතා කරලා වැඩක් නෑ.

      Delete
  3. වැදගත් නීති ටිකක්.. සාමාන්‍යයෙන් පොලිස් රාළහාමිලත් එක්ක නීති කතා කරන්න යන එක අහක යන නයි ඇගේ දාගන්න වැඩක් වෙච්ච එක තමයි අවුල.. හි හි..

    හැබැයි අර මිටරේ සීන් එක නම් වැදගත් කතාවක්... නීතියට යන වෙලාවටත් විකාරෙන් වාහන නවත්තන පොලිස් මාමලට මේ නීති වලින්ම තමයි දෙන්න ඕනේ බැෂ්ටිය.. හි හි

    ReplyDelete
  4. පොලිස් නිලධාරියෙක් අපිව (පිරිමිංව) පරීක්ෂා කරන්න හදනකොට කාන්තා පොලිස් නිලධාරිනියෙක් ලවා එය කර ගන්න අයිතියක් නැද්ද බං???????
    අනේ තියෙනවනං හොයලා කියංකෝ...

    ReplyDelete
    Replies
    1. මේකට නම් මොනා හරි කරන්න ඕන. බොලයි ගෙදර කවුරුත් නැති වෙලාවක wpc කෙනෙක් එවන්න ඕන උඹව පරීක්ෂා කරන්න.

      මහත තප්පදෝරු අපායට ගහපු හෙනේ වගේ ඉන්න wpc කෙනෙක් නම් මම හිතන්නෙ වඩා හොඳයි. :)

      Delete
  5. meka padnamanak neti adivce tikak karala balnna..................

    ReplyDelete
  6. නියමයි සහෝදරයා පුලුවන්නම් තව ලියන්න මේ වගේ කරුණු

    ReplyDelete
  7. මොකෝ අවතාර්. මගෙ බ්ලොග් රීඩර් එකේ එකම පෝස්ට් එක 6 වතාවක් විතර තියෙනවා..

    ඒකෙන් කමක් නෑ. හොඳ කරුණු ටිකක්.

    ReplyDelete
  8. //මහ මග ගමන් ගන්නා වාහනයක් නැවැත්වීමට අවසර ඇත්තේ රථ වාහන පාලක පොලිස් නිලධාරියෙකුට//

    ඕවා තියරි විතරයි මචන් ප්‍රැක්ටිකල් නෑ...අපි අම්පාරෙ ඉස්කෝලෙට පොත් බෙදලා එද්දි ට්‍රැෆික් නොවන පොලීසියෙ දෙන්නෙක් වාහනේ නතර කරලා දඩ ගහන්න හැදුවා...රියදුරා උඹ කිව්ව පොයින්ට් එක දැම්මා...එතකොට උන් කිව්වා අපිට බෑ කියලා ඔයා කියනවා නම් ට්‍රැෆික් කෙනෙක් මෙතනට ගෙන්නලා දඩ ගස්සන්නද කියලා...ඔය කියන විදියෙ නීතියක් නෑ...පොලිසියෙ රාජකාරි පහසු කරන්නයි ට්‍රැෆික් පොලිස් කියලා වෙනම කොටසක් ඉන්නෙ කියලා ඒ අය කිව්වෙ...

    අපි එදා කරන්න ගිය සත්කාරය ගැන කියලා තමයි යන්තම් දඩ නොකා මාරු වුනේ...

    ReplyDelete
  9. මෙහෙම නීති තිබ්බට ඒවා ක්‍රියාත්මක කරන්න ගියහම පුදුම ප්‍රශ්න නේ තියෙන්නේ

    ReplyDelete
  10. මම දවසක් දුන්න එස් ඇයි කෙනෙක්ටත් කට උත්තර නැතිවෙන්න ටෝකක්. හැබැයි ඒ මගෙත් එක්ක අපේ අයියා කාරය හිටි නිසා තනියම ගියානම් සදා අනාතයි.

    ReplyDelete
  11. Anonymous1/15/2013

    ගොසිප් සයිට් එකකත් මේ පෝස්ට් එක දාලා තිබුනා. පස්සේ delete කළා. මේක මේ කාලේක ඉදන් ඊමේල් හරහා ෆේස්බූක් හරහා වෙන පදනමක් නැති කරුණු ටිකක්. මෝටර් රථ ගැනම කථා කරන ලංකාවේ සයිට් එකකත් මේක ගැන සාකච්චා කරලා තිබුණා. මේ කරුණු ගැන මීට අවුරුදු 02කට කලින් පොලිස් මාධ්‍ය අංශයෙනුත් කරුණු පැහැදිලි කරලා තිබුනේ මෙන්න මේ විදියට,

    http://forum.autolanka.com/topic/7022-straightening-the-traffic-police-myths/

    ReplyDelete
  12. අනේ මේ කතා තිබ්බට වැඩක් නෑ බං!!! අසරණ එකාම තමා හැමදාම තැලෙන්නේ!

    ReplyDelete
  13. මම මේ විස්තර කලින් අහලා තියෙනවා.. මේ වගේ නීති තිබ්බට ඔව්වා පාවිච්චි කරන්න ගියහම තමයි ප්‍රශ්න වෙන්නේ. තාම නං මේවා තියරි විතරයි. ප්‍රැක්ටිකලි කරන එක එච්චරම ලේසි නෑ..

    ReplyDelete
  14. ඔව්ව කතා කරන්න ගියෝතින් වෙන්නේ හොම්බ කට තලා ගන්න හරි හිරේ ලගින්න හරි කුඩු ගංජා වාහනේ ඇද්දා කියලා

    ReplyDelete
  15. ප්‍රායෝගිකව කොහොමෙයි බං ඕවා කරන්නේ??

    ReplyDelete
  16. මා නොදත් බොහෝ දේ ඇත. ඇත්තෙන්ම ස්තූතියි

    ReplyDelete
  17. Pubzilla1/15/2013

    1. A single cop cannot stop you on the road!

    Incorrect- The Motor Traffic Act of 1951 and amendments to the Act thereafter, do not specify the number of policemen required to order a motorist to stop. Any police personnel is empowered to stop any vehicle and it is not restricted to offences under the Motor Traffic Act. Vehicles can also be stopped by police for any investigational purpose.

    2. A single cop cannot seize your driving license!

    Incorrect. Under section 162 of the Motor Traffic Act (MTA), a driving license could be taken charge of by a policeman in uniform for violating offences under the MTA as well as certain offences prescribed in the Penal Code.

    3. Only a ‘traffic control’ cop has the authority to request anything more than your NIC when you are behind wheels.

    Incorrect- Any policeman in uniform could examine the driving license, revenue license, insurance certificate and, or, any other document pertaining to the operation of the vehicle.

    4. A single traffic cop can never press charges against you. He must have a witness if he does so.

    Incorrect.

    5. That’s why you always find ‘two’ cops together.

    Answer Incorrect- Deployment of policemen is decided by respective officers in charge depending on their requirement and the availability of resources.

    6. Police is a peace controlling force, not an armed force!!! They are prohibited by law to carry anything more than a baton! (but due to the prevailing war, they are issued guns by a supreme court ruling, till the war ends)

    Incorrect- Policemen are empowered by law to carry weapons to protect persons and property and to maintain and to maintain law and order.

    7. So, if a cop pulls a gun on you, you can sue him!
    Answer Police are deployed to uphold the law.

    8. If a cop claims that you are drunk, you have the full right to ask for a ‘balloon test’. if they do not have it in their possession on the time of your request, you can go.

    Incorrect- A breathalyzer test is not mandatory in the event of the non-availability of a breathalyzer test, police may produce a suspect driver before the nearest government medical officer for an examination. Under MT 155 (1) (e), any person who refuses to submit himself or herself to such an examination shall be presumed to have been driving under the influence of alcohol or prohibited drugs.

    9. Only traffic Cops have the right to stop any moving vehicle. (that’s why you find at least one normal cop in every checkpoint even though they are manned by Army)

    Incorrect-See answer to Number one.

    10. Cops, cannot enter your home or work premises without a court order. You have the fullest right ask for it, if they try to enter and also deny their entrance if you ‘feel’ like it. — incorrect. Where police have reasonable suspicion, they may search premises in the course of their investigations.

    11. A traffic cop cannot seize your driving license until he fully states the crime you have committed and the relating penal code violation. If he is unsuccessful in stating them, on can go free — Incorrect - However, policeman will always explain the charge to the offending motorist before his or her license is taken charge of and a temporary driving permit is issued. The temporary driving permit too will mention the offence or violation for which the motorists had been booked.

    12. If a ‘traffic cop seizes your license by force and ask you to come to the police station to collect it. Do not go, lodge a complain directly to the Police commission or the ‘Provincial IG?’, you can get the cop sacked for his misconduct and unruly behaviour. — Motorists are required by law to surrender their license when requested by a policeman in uniform. However, the motorists have the right to complain of any alleged misconduct by a policeman to the National Police Commission, the Inspector General of Police or the nearest police station. There is no ‘Provincial IGP’ as stated in number 12 of this article.

    more...

    Reference : http://forum.autolanka.com/topic/7022-straightening-the-traffic-police-myths/

    ReplyDelete
  18. Anonymous1/16/2013

    moko kattiyama thakbir wela wage

    ReplyDelete
  19. පෝස්ටුව සම්බන්ධව යමක් කීමට මේ වෙලාවේ කල්පනා වෙන්නේ නැත... ගිහින් එන්නම්කෝ පුළුවන් වෙලාවක ආයෙත්... ජය වේවා...

    ReplyDelete
  20. වැදගත්.මේවා ක්‍රියාත්මක වෙන්න හැම මනුස්සයාම දැනුවත් කරන්න ඕනේ.

    ReplyDelete
  21. මාත් මේක කලින් දැකල තියෙනවා. මොනවා වුනත් මෙහෙම නීති තිබුනට මේවා ක්‍රියාත්මක කරන එක තමා අමාරු වැඩේ.....

    ReplyDelete
  22. බහුතරයක් ඔය නීතිවලට එපිටින්නේ යන්නේ.දැනගත් එක අගෙයි.බොහොම ස්තූතියි මේ විස්තර බෙදා හදා ගත්තට.

    ReplyDelete
    Replies
    1. මේවා වැරදියි

      Delete
  23. මේවා මොක වුනත් අපි දැනගන්න ඕනේ ඉන්නේ ලංකාවේ කියලා.. එච්චරයි.

    ReplyDelete
  24. //13. ඔබට අධික වේගයෙන් වාහනය පැදවීමේ වරදට දඩ ගැසීමට හෝ නඩු දැමීමට සැරසෙයි නම් ඊට ප්රථම
    වාහනයේ වේගය මනින ලද මීටරයේ වේගය සටහන් වී ඇති අයුරු තමාට පෙන්වන ලෙස ඉල්ලා සිටීමට අයිතිය ඇත. (බොහොමයක් පොලිසිවල පවතින වේග මීටර අක්රිය අතර ඔවුන් හුදෙක් මීටරය දිගුකර අනුමානයෙන් වරදකරුවන් අසුකරගනී)//

    මෙන්න මගේ අත්දැකීමක් කියවලා බලන්න.
    මම පොලිසියට දුන්න හැටි

    ReplyDelete
  25. 03.ඔබ වාහනයක ගමන් කරන විටකදී, ඔබේ ජාතික හැඳුනුම් පත හැර වෙනත් ලියකියවිලි ඉල්ලා සිටීමට
    අයිතිය ඇත්තේ "රථ වාහන පාලක පොලිස් නිලධාරියෙකුට (Traffic Police)" පමණි.

    මෙය නම් වැරදි.රථ වාහන පාලක පොලිස් නිලධාරි (Traffic Police) ලෙස වෙන් කොට ඇත්තේ පොලිසියේ පහසුව සදහා පමණි.

    ReplyDelete
    Replies
    1. මෙහි සියල්ල වැරදිය

      Delete
  26. මේවා සදහන් නීති පනත් අංක ටිකත් දැම්මා නම් හොදයි

    ReplyDelete
  27. තනි පොලිස් නිලදාරියෙක් ලිව්වොත් මොකද කරන්නේ

    ReplyDelete

හිතට දැනෙන දේ ලියලා යන්න