Saturday, December 15, 2012

අනේ පින්ඇති අයියේ අක්කේ .......පින වචනෙට ද???

                          අගනුවර සිට කොළඹ හලාවත පාරේ ඉදිරියට ඇදෙන ලේලන්ඩ් බස් රථය මධ්‍යහ්න වෙලාව නිසා දෝ වැඩි මඟීන්ගෙන් පිරී නොතිබුනි.ප්‍රධාන මාර්ගයද මගීන්ගෙන් පිරී නොතුබුන  නිසා කාර්යාල වෙලාවේදී මෙන් නොව රියදුරු බස් නැවතුම්පල වල සිටි මඟීන් එකා දෙන්නා අහුලා ගනිමින් මන්දගාමී අයුරින් රථය පදවන්නට විය.
                     කොටුව බස් නැවතුම් පලෙන් බසයට ගොඩවී  පිටුපසම සීට් එකෙහි වාඩි වී සිටි අවතාර්  එවෙලේ පටන්ම ජංගම දුරකථනයට හෙඩ්සෙට් එක සම්බන්ධ කර කනේ රුවාගෙන සිටියේය.ධාවනය වන ගීතයේ තාලයට මෙන් විටක තම කලවා වලට තට්ටු කර ගනිමින් බසයේ ගමන ආරම්භයේ දී මහත් ප්‍රබෝධයෙන් සිටි ඔහු මඳ දුරක් යනවිට  නිදිබර ගතියෙන් යුතුව ජනේලයෙන් එපිට බලමින් බස් රියේ මන්දගාමී ගමනට  අනුගත වූවාක් මෙන් ගමන් කරන්නට විය.බස් රථය මීගමුව පොලිස් ස්ථානය පසු කරමින් ගමන් කරමින් තිබුනි.පැය දෙකක් පමණ මෙතෙක් පටන් ගමනේදී මඟීන් කීප දෙනෙක් පිටුපස අසුනේ වාඩි වෙමින් නැවතත් තම ගමනාන්ත වලින් බසිමින් යන ගමනේදී ඒ ගැන වැඩි සැලකිල්ලක් නොදැක්වූ අවතාර් මඳක් හිස හරවා බැලුවේ පිටුපස  අසුනේ සිටි මඟීන් දෙසය.

                      තරමක් තරබාරු තරුණයෙක් ඔහුට පසෙකින් වාඩි වී තරමක් නුවුමනාවෙන් යුතුව බසයේ ඉදිරි වීදුරුව දෙස බලා සිටියේය.තමන් මෙන්ම ඔහුත් බස් රියේ වේගය ගැන සෑහීමට පත්වී නැතැයි ඔහු ජංගම දුරකථනයේ නැඟුනු ඉංග්‍රීසි ගීතයේ පද අතරින් කල්පනා කලේය.අසුන් ගණනට මඟීන් සිටි බසය මාරිස්ටෙලා විදුහල ඉදිරියේ සංඥා එලි වාහන තදබදයේ නතර විණි.
               එකෙනෙහිම බස් රථයේ ඉදිරිපස දොරටුවෙන් කඩිමුඩියේ රථයට ගොඩ වූයේ වයස අවුරුදු විසි පහක පමණ තරුණයෙකි.අත් දිග කමිසයක් ඇඳ කලිසමට යටකර කලු සපත්තු යුගලක් දමාගෙන සිටි ඔහු බැලූ බැල්මට වැදගත් පෙනුමක් ගත්තේය.බසයේ සිටි පිරිස දෙස අනුකම්පා උපදවන බැල්මක් හෙලූ තරුණයා යමක් කියන්නට මෙන් සැරසුනේය.මෙතෙක් වෙලා ගීතවලට සවන් දුන් අවතාර් තම සවන්හි පැවති   හෑන්ඩ්ස්ෆ්‍රී යුගලය ඉවත් කලේ එම තරුණයාගේ කතාවට සවන් දීම පිණිසය.

    “ පින්වත් අයියේ අක්කේ අම්මේ තාත්තේ අද කාලේ හැටියට මම වගේ කොල්ලෙක් බස් එකකට ගොඩ වෙන්නේ එක්කෝ චේන් එකක් කඩන්න පර්ස් එකක් හොරකම් කරන්න නැත්තම් මොනව හරි කියලා අරක්කු බොන්න කුඩු ගහන්න සල්ලි ඉල්ලගන්න.මම කොළඹ ****** ඉස්කෝලේ ඒලෙවල් කලේ.මම ඒ දවස් වල රගර් ටීම් එකට බැඳිලා රගර් සෙල්ලම් කලා.මම සමස්ත ලංකා තරඟ වලට පවා ගිහින් තියනවා.මටත් ලස්සන හීන තිබුනා අම්මේ තාත්තේ රගර් ක්‍රීඩාවෙන් ඉස්සරහට ගිහිල්ලා ලොකු අනාගතයක් හදාගන්න.ඒත් අම්මේ තාත්තේ මට මගේ දෛවය හරස් උනා.එක දවසක මැච් එකක් මැදදි මට සිහි නැති උනා.පස්සේ ඩොක්ටර්ස්ලා කිව්වේ මගේ හදවතේ එක කපාටයක් අස්වාභාවික ලෙස පිහිටලා තියනවා ඒ හින්දයි මට මේ විදිහට අමාරුවෙන්නේ.අවුරුදු කීපයක් ඇතුලත ඔපරේෂන් එකකින් ඒ පිහිටීම සාමාන්‍ය තත්වයට හැදුවේනැත්තම් මගේ ජීවිතේට අනතුරක් තියනවා .ඒ ඔපරේෂන් එකට රුපියල් ලක්ෂ ***** යනවා.මට ජනාධිපති අරමුදලෙන් රුපියල් **** ලැබෙනවා.ඉතුරු මුදල හොයාගන්න අම්මේ තාත්තේ මගෙ අම්ම තාත්තට වත්කමක් නෑ.ඒ නිසා මම අමාරුවෙන් උනත් මෙහෙම බස් එකක් බස් එකක් ගානේ නැඟලා ඔයගොල්ලෝ ළඟට ඇවිල්ලා මගේ ජීවිතේ මරුවා පරද්දන්න සටන් කරන්නේ.ඔයගොල්ල හිතනවනම් මට ආධාරයක් දීලා මගේ ජීවිතේ රැකගන්න උදවු වෙන්න ඒ හැමෝටම මගේ අහින්සක ස්තූතිය දෙනවා.ස්තූතියි.“

                හුස්ම අල්ලාගෙන එක දිගට තම දුක් ගැනවිල්ල ඔහු ඉදිරිපත් කලේ කලින් දා රාත්‍රියේ කට පාඩම් කර කතාවක් කරන්නාක් සේය.කතාව අවසානයේ ඔහු මඳක් අමාරු බව පෙන්වමින් තම පපුව අත ගා ගත්තේය.ඉදිරිපස සිට අසුන් වල සිට මඟීන්ගෙන් මුදල් එකතු කර ගනිමින් ඔහු දහයේ විස්සේ නෝට්ටු තම අතේ පිලිවෙලට තබා ගත්තේය.අවතාර්ද බෑගයට අතදමා උඩ සාක්කුවේ තිබූ පසුම්බිය ඇද ගෙන විස්සේ නෝට්ටුවක් එලියට ඇද ගත්තේ ඔහුගේ ජීවිතය බේරා ගැනීමට තමාද හවුල් වීමේ අදහසිනි.මෙතෙක් වෙලා මුවට මඳ සිනාවක් නඟා ගෙන අවතාර්ගේ ක්‍රියාව දෙස බලා සිටි පසෙක උන් දේහදාරී  තරුණයා අසුනට තම අත මුවා කරමින් අවතාර්ට යන් කලේ මුදල් නොදෙන ලෙසය.මුදල් නෝට්ටුව අතට ගෙන දෙලොවක තනි වූ අවතාර් නැවතත් එය පසුම්බියට දා ගත්තේ බලාපොරොත්තු සුන් උන අදහසිනි.මුදල් එකතු කරමින් පිටුපස දොර ළඟට පැමිණි තරුණයා බස් රථය බස් නැවතුමක නතර කර නිසාදෝ පිටුපස අසුන දෙසවත් නොබලාම කඩුමුඩියේ බසයෙන් බැස ගත්තේය.

               මෙතෙක් වෙලා අවතාර් කර ගන්නට ගිය දානමය පුණ්‍ය කර්මය වැලැක්වූ පුද්ගලයා අවඥා සහගත හිනාවක් පා අවතාර් දෙසට හැරී කතාවට මුල පිරීය.
        “ ඕකා බොරු කියන්නේ මල්ලි.ඕකට ඇති ලෙඩක් නෑ කුඩු ගහන්න ඔය සල්ලි හොයන්නේ.ඩීසන් බැස්සහම කාටවත් සැක හිතෙන්නේ නෑනේ.මගේ යාළුවෙක්ගේ බයික් එකක් අල්ලලා දවසක් මීගමුව පොලිසියට යනකොට ඔය පොර කූඩුවට දාන්න හිටියා.මට හොඳට මිනිහව නෝට් බස් වලින් දැකලම .මම නිතරම මේ පාරේ යනවනේ.මම එතන හිටපු පොලිස්කාරයෙක්ගෙන් අහල බැලුවහම මූව ගෙනල්ලා තියෙන්නේ කුඩු ගහලා අහුවෙලා.අමු කුඩ්ඩෙක්ලු.එවෙලෙම මම ගැහුවා ඕකගේ කනට කුඩු පවර් බහින්න.මමත් ඕකට පනහක් දුන්නා දවසක් ගොනාට ඇඳලා.මූ බස් එකට නැග්ගට පස්සේ  පිටිපස්ස බලද්දි මාව දැකලා හොල්මන් උනා දුක්කද?.මල්ලි සල්ලි දෙන්න දික් කරත් ඌ මෙතෙන්ට සල්ලි ගන්න එන්නේ නෑ ෂුවර්.හොඳට සල්ලි තියන පවුලක එකෙක්.පස්සේ කුඩු වලට ඇබ්බැහි වෙලා.“
              අත් දිග කමිසයට කලු සපත්තු දෙකට යට උනු ඇත්ත අවතාර්ට ඒ වදන් වලින් තේරුම් ගත හැකි විය.ඇත්ත එය නම් බසයෙන් වැඩි දෙනෙක් දැනටමත් ඔහුගේ කුඩු වේලට දායකත්වය සපයා හමාරය.

----------------------------------------------------------------------------------------------------------
             අවතාර් හිටපු නැති කාලෙදි ගොඩක් අලුත් අය අහසට ඇවිල්ලා කමෙන්ට් කරලා ෆලෝ කරලා තිබුනා.අවතාර් සින්ඩි පාවිච්චියත් ටිකක් අඩු හින්දා ඒ අයව මඟ ඇරෙන්න පුළුවන්.ඒ හින්දා කමෙන්ට් එක එක්ක ලින්ක් එකකුත් දාගෙනම යං අහසට අලුත් අය ඔය පැත්තෙත් ගොඩ වෙලා බලන්න අවතාර්ට.

49 comments:

  1. කරන්න දෙයක් නෑ කොල්ලෝ.. මම ඕක දැන දැනත් සමහර අයට සල්ලි දීලා තියෙනවා... අපි දෙන්නේ පිකට නේ.. එතනින් එහාට හිතන්නේ නෑ... අනිත් එක ඔය වේලට ඕකා කාගෙන්වත් දෙයක් හොරකම් කරන්නේ නෑ නේ... එහෙම හිතලා හිත හදාගන්නවා..

    ReplyDelete
    Replies
    1. මමත් එහෙමයි හිරුවෝ කරන්නේ කරන්න දෙයක් නැති උනාම

      Delete
  2. ඇත්තෙන්ම. දැන් කාලේ උන් ඔක්කොම් කරන්නේ බොරුව. උන් රටේ නැති ලෙඩ කියාගෙන බස් වලට නගිනවා. ඊට පස්සේ අඩුම ගානේ රුපියල් සීයක් වත් හොයාගන්නවා. එක ප්‍රසිද්ධ රූට් එහෙක බස් පහක්වත් තියෙනවා. ඉතින් එක ටර්න් එහෙකට රුපියල් පන්සීයයි. අඩුම ගානේ ටර්න් 5ක් තිබ්බොත් දෙදාස් පන්සීයයි. ස්ටෑන්ඩ් එහෙක ඊක රූට් එහෙක යන බස් එකක් නෙමේනේ තියෙන්නේ. රූට් පහකවත් තියෙනවා. ඉතින් එහෙම බලන කොට දවසකට රුපියල් දහ දොලොස් දාහක් හොයාගෙන. ඇත්තටම ජොබ් එකක් කරනවට වඩා හොඳයි මේ වගේ වැඩක් කලා නම්. ලක්ෂ දෙක තුනක් හොයා ගන්න පුලුවන්නේ.

    ReplyDelete
    Replies
    1. DG ගේ කතාවෙන් මට මතක් උනේ මහනුවර හිඟන්නෝ ගැන පත්තරේ තිබුන ලිපියක්.ඒ එකෙක් උගෙම ත්‍රීවිල් එකෙන් ඇවිල්ලා ඒක හයර් කරන්න කොල්ලතේට බාර දීලා හිඟා කනවාලු.තව පොරක් තුන් වේලටම කන්නේ ප්‍රයිඩ් රයිස්ලු.සෙල්ලම් නෑ නේ?ලැජ්ජා නහරේ නැතුව තිබුන නම් පෝසත් වෙන්න ලේසිම ක්‍රමේ

      Delete
  3. මොනව කරන්නද, දැන් හැමතැනම බොරුවනේ.. මමත් හැමදාම මාතර ඉඳන් ගාල්ලෙ යන ටික දුරට ඔය වගේ 7ක් 8ක් එනවමයි. උන් හැමෝටම දෙන්න ගියොත් අපිට හිඟාකන්න වෙන්නෙ.
    මමත් මුලින් මුලින් දුන්න. ඒත් එක දවසක් එකෙක් ඇවිත් කොන්ද කැඩිල ඔපරේෂන් එකට සල්ලි ඕන කියල පිංසෙන්ඬු උනා. ඊට කළිනුත් හිඟන්නො 2නෙක් ඒ බස් එකටම ආව. ඉතින් මිනිස්සු මූල සල්ලි දුන්නෙ නෑ.. අන්තිමට මූ කුණුහර්පෙන් බැනල බැනල ගියේ.. මුං නිසා ඇත්තම අසරණයෙක්ට උණත් උදව් කරන්න හිතෙන්නෙ නෑ..
    Thoughts Of Yasith|යසිත්ගේ සිතුවිලි

    ReplyDelete
    Replies
    1. මාත් එහෙම තැන් අත්විඳලා තියනවා බන් ඒවෙලාවට බලන්න ඕනේ හිඟන කටේ සද්දේ අර පින් ඇති නෝනලා කියන කටින්ම තමා ***** කියන්නෙත්

      Delete
  4. මම අතක් පයක් නැති කෙනෙක්ට හරි අහන් ඉන්න පුලුවන් විදිහට සින්දුවක් කියන කෙනෙකුට හැර ආධාර දෙන්නේ නැ කියන ප්‍රතිපත්තියේ ඉන්නේ . ඔය වගේ හොරු නිසා ඇත්තටම ප්‍රශ්නයක් තියන කෙනෙකුට වුනත් වෙන්නේ අර ගොඩටම වැටෙන්න

    ප.ලි- අත්දෙකම නැතත් ත්‍රිවිලර් දෙකක හිමිකරුවෙක් ගැන දවසක් බස් එකෙක කොන්දොස්තර මහත්තයෙක් කීවා . පොර වීල් දෙකම ගත්තේ හිඟා කාලලු , ඒත් තවමත් හිඟා කනවා

    ReplyDelete
    Replies
    1. ප.ලි- අත්දෙකම නැතත් ත්‍රිවිලර් දෙකක හිමිකරුවෙක් ගැන දවසක් බස් එකෙක කොන්දොස්තර මහත්තයෙක් කීවා . පොර වීල් දෙකම ගත්තේ හිඟා කාලලු , ඒත් තවමත් හිඟා කනවා//ඒ මිනිහා ගැන මේ ලඟදි නිව්ස් වලට කිවුවා


      සල්ලි ඉල්ලගෙන එනකොට දුක හිතෙනවා , ඉතින් දෙනවා .අපේ චේතනාව ඒ මනුෂ්‍යාට උදව් කරන එකනේ කියල හිතලා
      ඒ උනාට දවසක් හාමුදුරු කෙනෙක් කිවුවා අපි කරන්නේ සල්ලි දෙන එකෙන් හොරුන්ට හිගාකන්න . අනුබල දෙන එකලු .ඉතින් ඇත්තටම අසරණ මිනිහා පව්

      Delete
  5. හත් ඉලව්වයි කාල කන්නි අප්පා අසරණ මනුස්සයෙක්ටවත් උදව් කරන්න හිතෙන්නේ නැහැ මුන් ඒ කරන මගදී වැඩ දැක්කහම
    කෝරලේ වලව්ව

    ReplyDelete
    Replies
    1. ඇත්ත කෝරලේ කතාව .අසරණ මිනිහා දිහා බලන්නෙත් අර බැල්මෙන්ම තමා

      Delete
  6. ඇත්තෙන්ම සෑම යාචකයෙකු දෙසම අපිට මේ ලෙස තමා බලන්න වෙලා තිබෙනුයේ.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ප්‍රතිචාර දැක්වීමට

      Delete
  7. ඔහොම තමයි මලේ හැම තැනම බොරුව රජ වෙලා. අපි රැවටෙනවා.

    ReplyDelete
  8. අම්මෝ මෙහෙමත් එවුන් ඉන්නවනේ හැබෑටම

    ReplyDelete
    Replies
    1. දැක්කනේ මචන් සල්ලි දෙන්න කලින් හොඳට හිතපන් ඈ

      Delete
  9. මං නම් ඔය වගේ එවුන්ට සල්ලි දෙන එක නවත්වලා තියෙන්නේ. උන් කරන්නේ මහ බොරුවක්.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම අසරණ මනුස්සයොත් ඉන්නවා බන් ඒත් බොරු කරන උන් හින්දා ඒ මනුස්සයන්ටත් සල්ලි දෙන්නේ නෑ කවුරුත්

      Delete
  10. හ්ම් බාගෙට බාගයක්ම ඔය වගේ. ඒත් කාලා බලලා අදුරගන්නයෑ. මම නම් දැක්කොත් කීයක් හරි දෙනවා. ඕනි මගුලක් කර ගනින් අපි දෙන්නේ පිනටනෙ කියලා හිතාගෙන.

    ReplyDelete
    Replies
    1. මමත් වෙලාවකට ඔහොම අයට කීයක් හරි දෙන්නේ ළඟ ඉන්න එකාගේ දැඩි විරෝධය මත උගෙ පර්ස් එකෙනුත් කීයක් හරි අරගෙන

      Delete
  11. Anonymous12/15/2012

    සල්ලි දෙන වෙලාවට මේ මනුස්සය මොනවා කරත් අපේ අධිෂ්ටානය හොඳයිනේ කියල තමයි දෙන්න වෙන්නේ..වෙන ඉතින් මොනවා කරන්නද..

    ජය සහෝ!

    ReplyDelete
  12. අර දේහදාරී පුද්ගලයට තිබුනෙ කුඩ්ඩ නැගල දේශනාව තියන්න ඉස්සෙල්ල පොලිසියේදී දීපු කනේ පහර මතක් කරන්න.

    ReplyDelete
    Replies
    1. මිනිහා ටිකක් උස මහත පොරක් එවෙලේ කනේ පාර ආදර්ශනයක් දෙන්න ගියා නම් අනිවා තව ගානක් එකතු කරන්න වෙනවා අරූට බෙහෙත් වලට

      Delete
  13. ඒ ගැන කියල වැඩක් නෑ සහෝ.. හිඟන්නුංව සතේකට විස්සාස කරන්න බෑ.. මමනං උන්ට තඹ සතයක් දෙන්නෑ.. හැබැයි කැම්පස් එහෙකින් ආවනම් ෂුවර් දෙනවා..දවසක් ගුඩ්ෂෙඩ් එකේදී මිනිහෙක් ආව බුදු පිළිම විකුණන්න.. එකසිය ගානට බීල නෙමෙයි නාල..

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. ඔන්න කියපු නිසා ලිංක් එකක් දැම්මා..
      යාන්ත්‍රික සිතිවිල්ල

      Delete
    3. ඕකත් තව ට්‍රෙන්ඩ් එකක් තමා .කැම්පස් එකකින් කියලා ජාතික කොඩි තියන ස්ටිකර් එකක් අරගෙන ඇවිල්ලා ඇඟේ ගහනවා.ගොඩ උනා ඔන්න ලින්කුව හරහා ඒ පැත්තටත්

      Delete
  14. දුන්නොත් ලැබෙයි..ඔන්න ඔච්චරයි බං දෙන එකා හිතන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම බන් එහෙම හිතුවම හරි .හැබැයි මේකා කුඩ්ඩෙක් කියලා දැනගත්තහම මල පැන්න බං මටත්

      Delete
  15. ඔහොම එන ගොඩක් අය වගේ බොරු කරන්නේ. ඒත්.... අපිට කවුද ඇත්ත කියන්නේ, කව්ද බොරු කියන්නේ කියල තෝර බේරා ගන්න අමාරුයිනේ. ඒ නිසා ඒ මනුස්සය කොහොම වෙතත් අපි, අසරණ මනුස්සයෙකුට පිහිටක් වේවා කියන චේතනාවෙන් අපිට පුළුවන් විදියට උපකාර කරන්න ඕන.

    ReplyDelete
  16. අවතාර්ට හිගන්නෙක් සෙට් වුනත් එතනත් බාල්දියක් :D

    ReplyDelete
    Replies
    1. ඒකනේ බං කියන්නේ අපේ කරුමෙට මේවගේ ඒවා සෙට් වෙන්නෙත් අපිටනේ

      Delete
  17. මම නම් සල්ලියක් දෙන්න කලියෙන් බලන කාරණා කීපයක් තියෙනවා...

    ඇත්තටම රැකියාවක් කල නොහැකි අංගවිකලතාවක් තියෙනවද/ අරක්කු සිගරට් බොන සාක්ෂි තියෙනවද / කියන කථාව කොච්චර ඇත්ත වෙන්න පුලුවන්ද කියන දේ...

    මටත් උඹට වෙලාතියෙන විදියෙ සිදුවීමක් උනාට පස්සෙ තමයි ඒ විදියට කරන්න ගත්තෙ... නිකමට හිතපං ඔච්චර අමාරු ලෙඩ රෝග තියෙනවා නම් බස් එකෙන් බස් එකට නගින්නෙ කොහොමද කියලා... ඒ නිසා දරුණු ලෙඩ රෝග තියෙනවා කියලා කියාගෙන එන හැමෝම ලෝක හොරු...

    කෝච්චියෙදි දවසක් ඇගේ හැප්පුනා කියලා උදය වරුවක හිගන්නෙක් මගියෙක්ට වීරයා වගේ බැනගෙන බැනගෙන යද්දි මගියා මුනිවත රැක්කා... සිරාට තදවෙලා මම ඌට දීපු ටෝක් එකට හිගන්නා කෝච්චි පෙට්ටියෙන් බැස්සා නෙමෙයි පැන්නා...

    ReplyDelete
    Replies
    1. සිරා දරුණුයි වගේ. හිඟන්නා ආය ඒ වෙලාවට ඒ ට්‍රේන් එක පැත්තටවත් එන්න නැතුව ඇති

      Delete
  18. අනේ මන්ද බං, අත පය හතර හොඳට තියෙනව නම් අනුන්ට අතපාන්නෙ නැතුව කුඩු බැරිනම් මොන මඟුලක් ගැහුවත් කමක් නෑ තමන් හම්බකරගෙන. මොකෝ රටේ ඉන්න කෝටිපතියො බස්වල කෝච්චිවල යනවයැ ඕකුන්ට හිඟමන් දෙන්න. වේලක් නොකා වේලක් කාලා අමාරුවෙන් දරුවොන්ට උගන්වගෙන ජීවත් වෙන මිනිස්සුන්ගෙ හිත පින පෙන්නල උණුකරල ඒ මිනිස්සු අමාරුවෙන් හොයන තුට්ටු දෙකටත් විදින මෙහෙම එවුන් නොදකින්. ඇත්තෙන්ම බන් බස්වලටත් ඔය ආධාර ඉල්ලගෙන නගින්නෙ පුදුම විදියෙ ඩයල්,

    මමත් දවසක් දැක්ක කොළඹ මාතර බස් එකකට පානදුර හරියෙදි නැග්ග මනුස්සයෙක් බස් එක මැද මහසද්දෙට ඇඬුව, මිනිහට ලෙඩක් තියෙනවය, දරුවො ජීවත් කරවන්න විදියක් නැතිය කියල. මම බලන් ඉද්දිම ඒ බස් එකේ හැමෝම වගේ මිනිහට සල්ලි දුන්නා, ඒ තරම් අනුකම්පා හිතුන ඇඬිල්ලට. පෙනුමෙනුත් බොහොම අසරණ පාටයි වගේ, මම ඒත් කල්පනා කළේ මිනිහ දවසකට බස් කීයක ඔය ඇඬිල්ල අඬනව ඇද්ද කියල, බැලුවහම මිනිහට මාසෙකට ලක්‍ෂ ගානක ආදායමක් ඇති එක තැනකින් එකතුවෙන ගානෙ හැටියට. කොහොම උනත් ඕව දැකලම අන්තිමට මම හිතන් තියෙන්නෙ අත පය හතරෙ පේන්න තරම් විශේෂ ආබාධයක් නැත්නම් එකෙක්ටවත් සල්ලි දෙන්නෙ නෑ කියල. ඇත්තටම අසරණ වෙච්ච මිනිස්සු හිටියත් කරන්න දෙයක් නෑ, දැන් ඉන්න හොරුන්ගෙ හැටියට.

    ReplyDelete
    Replies
    1. ඒකෙන් වෙන්නේ පොඩි ලමයෙක්ගේ ඔපරේෂන් එකකට ඇත්තටම සල්ලි ඉල්ලන්න එන අයටත් ඒ හැන්දෙන්ම බෙදන එක මේ වගේ කාලකන්නි හින්දා

      Delete
  19. මටත් නම් බස් වල යද්දී අනන්තවත් මේ වගේ සීන් වෙලා තියනවා! ඇත්තටම අසරණ උන කෙනෙක්ටවත් උදව් කරන්න හිතෙන්නේ නැත්තේ මෙහෙම උන් නිසා තමයි!

    ReplyDelete
  20. ඔහොම සීන් මටත් වෙලා තියෙනවා බං..

    ReplyDelete
  21. හැබෑ ...ට? උඹ කොහේ යන බස්වලද මචං එතකොට ආධාර එකතු කරන්න ගියේ.

    ReplyDelete
    Replies
    1. තරියද? නාඩියද ?මුන් දෙන්නා මොනවා කියලා ආධාර ඉල්ලුවද දන්නේ නෑ

      Delete
  22. හිඟන්නන්ගේ ඊළඟ උපක්‍රමය තමයි වාත වෙන එක. දැනටත් සමහර උන් ඉන්නවා කීයක් හරි දෙනකම් සීට් එක ලඟට වෙලා සල්ලි නොදෙන අය පින් කරන්නැති, අපායේ යන අය කිය කියා කවි කියලා කොහොම හරි ගානක් කඩා ගන්නවා.

    මෙහෙ ස්ටෑන්ඩ් එකක පොඩි එව්වෝ ටිකක් හිට්යා. ලොකු කෙල්ල අවු:7ක් 8ක් විතර ඇති. හොටු බේරෙන කබ කඩලා නැති, කොන්ඩේ පීරලා නැති දැක්කම අප්පිරියා හිතෙන එකෙක්. මේකි මුලින් ලඟට ඇවිත් සල්ලි ඉල්ලනවා. දුන්නැත්නම් ඇඟේ එල්ලෙනවා. ඉතින් අප්පිරියාවටම සල්ලි දෙනවා.

    ඔන්න මිනිස්සු.
    මීට අකමා.

    ReplyDelete
  23. ඉස්සර නම් ඔහොම හිඟන මිනිස්සුන්ට අහු උනා. දැන් නම් අහු වෙන්නේ නෑ

    ReplyDelete
  24. api dena hoda hitin eyala ewa aragena gihin Kudu gahanawa
    Jayawewa

    ReplyDelete
    Replies
    1. ඒකනේ මචන් අපි බොහොම අමාරුවෙන් රුපියල් 10ක් 20ක් දෙන්නේ මුන්ට කුඩු ගහන්නනේ

      Delete
  25. හිගන්නෝ ගැන නම් ඉතින් මා සතු අත්දැකීම් ගොඩයි. වෙලාවක ලියන්න ඕනේ. ඒත් වෙලාව තමා වෙලාව.

    ReplyDelete
  26. This comment has been removed by the author.

    ReplyDelete
  27. මමත් පුද්ගලිකව දන්න ඔය කියන තා‍ලේ ගොඩාක් පුද්ගලයෝ ඉන්න නිසා පුරුද්දක් විදිහට කාටවත්ම සල්ලි නං දෙන්නේ නෑ..
    රස්තියාදුකාරයාගේ දිනපොත

    ReplyDelete
  28. ඔයවගේ එක එක බොරුවට ලෙඩ කියාගෙන එන අය මටත් බස් වල ඕනෑ තරම් මාට්ටු වෙලා තියනවා.. ඒත් ඉතින් ඒ මිනිස්සු ඒ දේ කරන්නේ නැතිබැරි කමටනේ

    ReplyDelete
  29. Anonymous12/18/2012

    මමත් දැන් ඔය වගේ අයට සල්ලි දෙන එක අඩු කරලා තියන්නේ. මොකක් හරි පේන්න අංග විකලතාවයක් තියන කෙනෙක් හරි නැත්නම් හුඟක් වයසක කෙනෙක් හරි අවොත් නම් කීයක් හරි දෙනවා. ඔහොම හොරු හින්දා ඇත්තටම අසරණයෝ කවුද කියල තේරුම් බේරුම් කර ගන්න අමාරුයි.

    ReplyDelete
  30. අවතාර් හලාවත බස් එකේ මීගමුවත් පහු කරගෙන කොහෙ ගියාද?

    අපොයි හැමදාම සෙනසුරාදට හවස මට නම් දැන් ඔව්ව අහල අහලම ඇතිවෙලා... සතයක් දෙන්නෙ නෑ මොකෙක්ටවත්...

    ReplyDelete

හිතට දැනෙන දේ ලියලා යන්න