Tuesday, August 7, 2012

සී ලන්කන් හයර් එඩියුකේසන් | විහිළුවක් පමණක්ම නෙවේ

                                                                                 උදේ ඉඳලම කොම්පීතරේ ඉස්සරහ ඉඳලා ඇස් දෙකත් රිදෙනවා.මේක උණු වෙලා වැක්කෙරෙන්න කලින් ඕෆ් කරන්න ඕනේ .නැත්තම් මේ සල්ලි නැති වෙලාවේ හිඟන්නාගේ පාත්තරේට හෙනහුරාද මොකාද කඩන් වැටෙන සීන් එකක් වෙන්නේ .ඉස්තෝප්පුවට ගිහිල්ලා සීයගේ හාන්සි පුටුවෙන් වාඩිවෙලා පත්තරයක් අතට ගත්තේ කියවන්න කියලා.ෂහ් මේකේ ඉඳගත්තාම මාර ගැම්මක්නේ එන්නේ.ඒක තමා සීයා කාරයා පත්තර බලන වෙලාවට අපි කතා කරත් නෑහුනා වගේ ඉන්නේ.බලන්න කියලා ගත්තට මේකේ බලන්න තියෙන්නේ ඇඩ් ටික විතරයි.අනිත් සීන් ටික සේරම ඊයේ පෙරේදා ගොසිප් සයිට් වලින් කියවපුවා.ගොසිප් සයිට් වලට කේස් එක ඇද්දේ පත්තර වලින්ද දන්නෑ.ඇයි යකෝ පත්තර කාරයෝ තමන්ගේ ඇඩ් එක පෙන්නන්නේ අහවල් එක දාලාද ගොසිප් සයිට් ඒව සේරම දාද්දි.

 අවතාර් පුතේ
ආහ් මේ සේතන් මාමානේ.සේතන් මාමා මේ කොහෙද යන්නේ හැන්දෑ කොරේ
  දේවාලේ ගිහිල්ලා එනගමන් පුතේ .තාත්තා හම්බවෙන්න ආවේ .කෝ තාත්තා නැතෙයි
තාත්තා නම් නෑ .දේවාලේ ගිහින් එන ගමන් කිව්වේ සේතන් මාමා දේවාලේ කපු වැඩේවත් බාරගත්තද?
මොන කපුද පුතේ .හැබැයි ඉතින් දේ දවස් වල මම දේවලේ ඉන්නවා කපුවට වැඩිය
ඒ මොකද මාමේ
ඇයි බන් පුතේ ඉස්සෙල්ලම ඔය ලොකු කොල්ලගේ උසස් පෙලද මොකද්ද එකේ ප්රොතිපලේ පහු උනාට දේවාලේ පොල් ගැහුවා.පස්සේ උන්දලා එවපු එක වැරදි හින්දා හරි එකක් එවන්ඩ කියලා ආයේ ගැහුවා.ඒ කරලා යන්තම් මොකක් හරි මල ඉලව්වක් එව්වට පස්සේ විස්ස විජ්ජාලෙට තේරෙන්න තියනකොට එතන උගන්නන ඇත්තෝ වර්ජනලු .
මේ දවස්වල කන්නලව්ව කියලා ඒකට පොල් ගහනවා          
                          
        සේතන් මාමා කිව්වේ කට ඉස්සරහින් ඇඟිලි දෙකක් හිරකරලා කටේ තිබුන බුලත් කෙල සුරුස් ගාලා මිදුලට ගහන ගමන්.ෂික් මේ යකා මිදුල ජරා කරන හැටි.උදේ පාන්දර නැඟිටලා අම්මගෙන් බැනුම් අහලා බැනුම් අහලා බේරෙන්න බැරි තැන අතුගාපු මිදුල.ඒ උනාට සේතන් මාමාව යවලත් බෑ.මටත් බැරි උන එකේ අරූට කැම්පස් යන්න බැරි වෙච්ච එකම කොච්චර දෙයක්ද?නැත්තම් අපේ අම්මලා කියන්නේ සේතන්ගේ කොලුවට පුළුවන් උනා .බොලාට තමා බැරි එහෙමවත් දේකින් අපිට උදව්වක් කරන්න.
 එතකොට මාමේ තාම ඔය අවුල ඉවර නැද්ද
මොන ඉවරද බන් අවතාරයෝ .බලහන්කෝ ඒකෙත් හැටි .ඔය තනි ඉංගිරිසි අකුර හින්දා මම දවල් රෑ දෙකේ දේවාලෙට ගාටනවා.අපේ කොල්ලා අහරේ බලා ගත්තු අතේ බලාගෙන ඉන්නවා.මම මේ බයෙන් ඉන්නේ පොඩි කෙලී ලියන සාමාන්න පෙලටත්  පොල් ගහන්න වෙයිද කියලා
මම වෙලාවක එන්නම්කෝ මාමේ මලයව හම්බෙලා ඔය ගැන කතාකරන්න
ම්මොනවා ගැනද?
නෑ ඕක ගනන් ගන්නේ නැතිව හිත හදාගෙන එන දේකට මූණ දෙන්න කියන්න
හහ් උඹට ඕන කොල්ලෝ උඹේ මූනත්තහඩුව අපේ එකාට කියලා තලා ගන්නද?
ඒ අහවල් එහෙකටද ඌ මගේ මූණ තලන්නේ?
ඇයි කියන්නේ ඌට ඕව ඇහෙන්න බෑ දැන්.උඹට කියන්න මේ ළඟදී දවසක ගිරාමසේවක මහත්තයා අපේ ගෙදරට ගොඩවැදුනා රාජකාරි වැඩකට.ඒවෙලේ දැකලා තියනවා කොල්ලා ඔහේ බලාගෙන ඉන්වා.උන්දෑ අපේ මායියගෙන් විස්තරේ දැනගෙන.ටික වෙලාවකින් සාලේ පැත්තෙන් ඇහුනා කෑ ගහන සද්දයක් බැලින්නම් අපේ එකා ගිරාමසේවක මහත්තයට බිම දාගෙන ගහනවා.අනේ අසරණයා වෙච්ච දෙයක් හිතාගන්න බැරුව  කෑ ගහනවා
              මගේ දෙයියෝ මේ දවස් වල මං දිහා බලනවද කොහෙද?ළඟදී දවසක මෑන්ව සනසන විදිහට ගිහිල්ලා උගේ නංඟීව බලලා එන්න හිතන් හිටියේ.මාමණ්ඩි කාරයා අවේ නැත්තම් මට වෙන්නේ අහක යන ටොපියක් කන්න තමා.
ඇයි මාමේ මිනිහා ඔය තරම් දරුණු වෙලා?
අනේ මන්දා බං මේ ඊයේ පෙරේදා දවසක ඔය රූප පෙට්ටියේ ප්රවුත්ති වලට උකස් අධ්‍යාපන
උසස් අධ්‍යාපන
ඈ......??
නැ මන් කිව්වේ උකස් නෙවේ උසස් අධ්‍යාපන .මාමට පැටලුනා ද කොහෙද
හෑ බන් ඇත්තටම ඒක එහෙමද?මන් මෙච්චර කල් හිතන් හිටියේ ඕක උකස් අධ්‍යාපනේ කියලා
    හා කමක් නෑ ඔය මොකක් හරි කියමුකෝ.මායි මායියයි කුස්සියේ හිටියේ.ඔය මන්තිරී තුමා කියනවා ඇහුනා විස්ස විද්‍යාල ආචාර්යවරුන් අනිවාර්යෙන් සේවයට පැමිණිය යුතුයි කියලා පුරවුත්ති වලට.අනේ මට එවෙලේ ඇති උන සතුට බන් අවතාර් කොලුවෝ අපේ එකාගේ මූනේ හිනාවක් දකින්න.මම බෙද බෙද හිටිය පිඟානත් දාලා දුවන් ආවා සාලෙට.එනකොටම දඩීං ගාලා සද්දයක් ඇහුනා.
             අනේ එනකොට රූප පෙට්ටියේ කෑලි සාලේ පුරා.අපේ එකා යක්සාවේස වෙලා හිටගෙන ඉන්නවා.අනේ මම රෑ ගානක් නිදි මරාගෙන අබරංගේ කෙහෙල් කොටුවෙන් කැන් කපලා විකුනපු සල්ලි වලින් ගත්තු රූප පෙට්ටිය.
නෑ..................
        එතකොට අබරං සීයාගේ කෙහෙල් කොටුවට ගේම දුන්නේ  සේතන් මාමා.සිකේ ලැජ්ජාවේ බෑ .මෙහෙම එකෙක්නේ මගේ මාමණ්ඩි වෙන්න යන්නේ.
නෑ නෙවෙයි ඔව් බන් ඒ අස්සේ අපේ එකා මොනවදෝ මතුරනවා
         *රි   පො*නයා  මූ  හිතනවද දන්නේ නෑ මූ වගේ  අනික් එවුනුත් ගොන්නු කියලා.
මම ටක්ගාලා සාලේ පැත්තට දුවගෙන ආපු කෙලීව ආපහු හරවලා ඇරියා මොනව උනත් ඒකිට අහන්ඩ සුදුසු ඒවා නෙමෙයිනේ
හහ් එයාගේ රඟ මමනේ දන්නේ.එයා බබා
මොනවද බං උඹ කොඳුරන්නේ
නෑ නෑ මාමේ මොකුත් නෑ.ඒ කියන්නේ තත්වේ සෑහෙන්න භයානකයි නේ.
එහෙනම්.මම මේ දවස්වල ගෙයි උළුවස්සේ ගහලා තියෙන්නේ බිබාග විස්ස විද්දාල ගැන කතා කිරීමෙන් වලකින්න කියලා.ගිරාමසේවක මහත්තයත් ඕක දැක්කලු .එතුමා එවෙලේ හිතලා තියෙන්නේ මට ආයේ දරු සම්පතක් පහල වෙලා බාලගිරි දෝසේ ගැන ගහලා කියලලු
               ප්හු ඒක කියපු ලස්සන ඇදලා පැදලා .වයසට නෙමේ මුන්දගෙත් සිතුම් පැතුම්
ඉතින් මාමේ අපෙන් මොනවද කෙරෙන්න ඕනේ
            සේතන් කාරයා රෑට කාලා යන්නත් ඉඳී වගේ හින්දා මම මිනිහව පිටත් කරන්න ඇහුවා
උදව්වක් බලාපොරොත්තුවෙන් තමා ආවේ බොලාගේ තාත්තගෙන් ඒ නැති හින්දා උඹට කියන්නංකෝ .දැන් දේවාලේ පොල් ගහලම ගෙදර කන්නවත් පොල් ගෙඩියක් නෑ බන්.මං මේ ආවේ උඹලගේ වත්තෙන් බලලා පොල් ගෙඩියක් ඇහිදන් යන්නද කියලා අහන්න.
 ඕක මොකද්ද මාමේ ඔය ඕනතරම් තියෙන්නේ එකක් බැයිනං හතර පහක් හරි ඇහිදගන්න
                  අපේ වත්තේ තියෙන කෙහෙලු පඳුරු වල කෙහෙල් කැන් තාම පැහිලා නැති හින්දා මම උත්තර දුන්නා
අනේ ලොකු පිනක් කොලුවො මං මේ දහ අතේ කල්පනා කොලේ කොහොමද ඉස්සරහට ගහන්ඩ පොල් ටිකක් හොයාගන්නේ කියලා .එහෙනම් මං ගෝනියකුත් අරගෙන හෙටම එන්නම් පොල් ටිකක් ඇහිදන් යන්න.මේ කරන උදව් වලට උඹලට පින් ඈ
               කෙහෙල්මල් පින්.මදෑ කට තියන් ඉන්න බැරුව පොල් ටිකට කෙලව ගත්තා

  
      පලි : සියල්ල මනකල්පිතයි.ක්සැන්ඩර්ගේ යෝජනාවකින් අඩවි රජ,මි ගොඩයා ,DDT ඇතුළු පිරිසගේ දිරි ගැන්වීම හින්දා දෙවෙනි කාටුන් එකත් ඇන්දා.කලින් එකේ අදහස පත්තරේ උනාට මෙදා පාර අදහසයි සිත්තරෙයි දෙකම අවතාර්ගේ ඈ.


48 comments:

  1. වැදගත් කතාවකි මදක ්සංකීර්ණය....

    ReplyDelete
    Replies
    1. හෑහ් සංකීර්ණ වැඩිද?

      Delete
  2. ඉසෙඩ් අවුල නිසා අන්තිමට කෙලඋනේ පොල් වලට නේ???
    මේ මචං.. අර කෙල්ල සිරාවටම ලස්සනද ඈ..

    ReplyDelete
    Replies
    1. සියල්ල මනකල්පිතයි බං ෙකල්ලත් එක්කම

      Delete
    2. ඒක නම් බොරු... මෙයා ඇහැ ගහගෙන ඉන්න කෙල්ල ගැනද කොහෙද ලියලා තියෙන්නේ.. hikz..

      Delete
    3. සිකේ මෙන්න් මඩ ගහනෝ

      Delete
  3. අධ්‍යාපනේ කතා කරලා වැඩක් නෑ බං.ඕක කට්ටියට කන්ඩ දීලා බලං ඉන්ඩ තමයි තියෙන්නේ.අපේ රටේ ඇත්තෝ ආයෙත් ඡන්දෙ දෙන්නෙත් උන්ටම තමයි....

    ReplyDelete
    Replies
    1. සින්හලයට හරි ඉක්මනට සේරම අමතක වෙනවනෙ බන්

      Delete
  4. කාටුන් එකත් එල ඈ..

    කොන්ඩේ කැරලි නිසා බිංදුල මාමා වගේ පේන්නේ..

    ReplyDelete
    Replies
    1. මාමල දෙන්නම හිටියනම් තමා වඩා හොඳ. මේ ප්‍රශ්නෙ සම්බන්ධයෙන් මම දැකපු හොඳම කාටුන් එක රාවය පත්තරේ තිබුණු එකක්. ඇමටි මාමල දෙන්නයි, හිටපු විභාග කොමයි දාල අර හින්දි ෆිල්ම් එක ‘ත්‍රී ඉඩියට්ස්‘ එකේ ප්‍රචාරක පෝස්ටර්වල තිබුණු ආකාරයෙන් ඒ කාටුන් එක ඇඳල තිබුණෙ. මට විනාඩි 2-3 ක් එකදිගට හිනා ඒක දැකල.

      Delete
    2. ඇෆ් බී මාමාව අදහස් කොලේ

      Delete
  5. සහතික ඇත්ත කතාව. උන්ට ළමයින්ගේ දුක තේරෙන්නේ නෑ..

    ReplyDelete
    Replies
    1. ලමයින්ගේ දුකට කලින් තම තමන්ගේ දුක  තේරෙනවනේ ඒ අයට

      Delete
  6. අධ්‍යාපනේ දේශපාලනේ ගැනනම් කතා නොකරම ඉන්නම්. මේ රෑට කාපු ගමන් කමෙන්ට් කරන්නෙ, මොකටද ඒ ටික පුච්චගන්නෙ නිකම්.

    උඹ හිතල ඇඳපු පළමු කාටුන් එක නම් කියන්න තරම් වරදක් නෑ. තව ටිකක් අඳින කොට තියන සුළු සුළු අඩුපාඩු උඹටම හදාගන්න පුළුවන් වෙයි. සතියකට එකක් වත් දාන්න. කාටුන් එක යටින් අත්සනක් එහෙම දැම්මනම් හොඳයි නේද? ජය !

    ReplyDelete
    Replies
    1. //සතියකට එකක් වත් දාන්න// DDT ත්  දෙන ටාගටුත් සෙල්ලං නෑ නෙහ් :)

      Delete
  7. පොල් ගහන්නත් දැන් බැහැ නේ පොල් ගණන් නේ..

    ReplyDelete
    Replies
    1. එතනත් අපිට පාර වැදිලා

      Delete
  8. හිනා වෙලා මැරෙනවා බන් :ඩ්
    චිත්තරේ සුපිරියි බොල

    ReplyDelete
    Replies
    1. පරිස්සමින් බොල විහිලුවටත් හුස්ම හිර උනොත් :)

      Delete
  9. z එක ගැන කතා කරන්න ඇවිත් පොල් ගොනියකටම වැඩේ හරි නෙ ;)
    අවතාරයත් ඉතින් ගෑනිගෙන් බැනුම් අහන්න වෙන නිසා නෑ බෑ නොකිය මාමන්ඩිට පොල් ගෙනියන්න කිව්වා නෙ ;):P

    ReplyDelete
    Replies
    1. මනකඃල්පිතයි බං
      මමනම් දෙයි මලාට

      Delete
  10. කාටුන් එක නම් නියම කොලිටි. අර DDT කිව්වා වගේ පහු පහු වෙද්දී ටික ටික හරි යයි. ඔය තියෙන්නේ කතා සමග කාටුන්.. සුභපැතුම් ඈ.. ජයවේවා...

    ReplyDelete
    Replies
    1. ටැංකූ ටැංකූ
      තව කොල්ලා අලුත්නේ වැඩේට

      Delete
  11. araliya8/08/2012

    kathawai,pinthurei dekama shoi ayya..... :) pawne avatar ayye oyage massina.poddak gihin sanasala enna......gahuwath itin iwasagena inna anagatha massinane gahanne kiyala........ :D :D

    ReplyDelete
    Replies
    1. අයියෝ මනඃකල්පිතයි නගෝ සේරම

      Delete
  12. මේ පැත්තට අළුත් හිංදද මංද කථා මැද කථාවකුත් දැක්ක වගේ.. කෝම උනත් එලියට පේන කථාවේ වගේ ඇත්තටම ළමයි කීයක් නං මේ වෙද්දි මුළු මුළු වල උඩබලාගෙන ඉන්නවද.. පව් අෆ්‍ෆ..
    සිත්තරෙත් මරු..!!!
    ජය‍ වේවා!!!

    ReplyDelete
    Replies
    1. ඇත්තටම බං ඉගනගනත් දුක් විදිනවා කියන්නේ සෙල්ලංද?

      Delete
  13. උඹටත් හොඳට චිත්‍ර ඇන්දහැකිනේ බං නරකද අර වෙනියට පොඩ්ඩක් කියලා බැලුවොත්?

    ReplyDelete
  14. හොඳ නිර්මාණයක් මචං

    ReplyDelete
  15. Anonymous8/09/2012

    ච්ත්රෙත් ෂෝක් ඉස්සෙල්ලම ගුරුතුමනි :)
    කතාවත් නියමෙටම ලියල තියනවා..
    මම අද පරක්කුයි.. :(
    අලුත් දෙයක් බලාපොරොත්තුවෙන් සමුගන්නම් එහෙනම් :)

    ReplyDelete
    Replies
    1. ගුරුතුමා කිව්වේ මටද?
      හපොයි අවතාරයා එච්චර වැඩ්ඩෙක් නෙවේ හිරුවො
      එහෙනම් අලුත් දෙයක් අරන් ළඟදීම  ඈ

      Delete
  16. අනේ මන්දා අපිත් උගන්නනේ නැති නිසා වේලි වේලි ඉන්නවා. බදින්නත් පරක්කු වෙනවා. මොනා කරන්නද මන්දා

    ReplyDelete
    Replies
    1. සෑහෙන ප්‍රශ්නයක් නේන්නම් කවුද මේවට වගකියන්නේ

      Delete
  17. හික්ස්ස්ස්... නියමයි!!! අර පින්තූරෙත් ශෝයිම ශෝයි!!

    ReplyDelete
    Replies
    1. අලේ තැන්කූ අෆ්ෆා

      Delete
  18. හිරුහිමාවිගේ පෝස්ට් එකකින් මේ පැත්තට ආවේ,,අර අන්තිම කාටූන් එක මරු , ඊයේ වෙනසට ආපු කාටූන් අදින ශිල්පියෙකුට් මේ සමාන කාටූන් එකක් එවෙලේ ඇන්දා.ගත ටුතු දෙයක් තියෙන බ්ලොග් එකක් පාටයි දිගටම එන්නම්කෝ

    ReplyDelete
    Replies
    1. බ්ලොගේ ෆලෝ කරන්න හඩනකොටයි බොලේ දන්නෙ මම කලින්ම මේකේ ඉන්නවනේ. හික් හික් ඒත් අද තමා පෝස්ට් කියෙව්වෙ

      Delete
    2. එහෙනම් දිගටම එන්න ලැබේවා !

      Delete
  19. හොඳ කතාවක්.. ජය වේවා..
    මේ අර කතාවේ අනිත් කොටසත් ඉක්මනට දාන්ඩෝ..:D

    ReplyDelete
    Replies
    1. අද හෙටම දානවා ඈ

      Delete
  20. ඔය තනි ඉංග්‍රීසි අකුර හරිම භයානකයි.. ඒකනේ සත්තු වත්ත හදුන්වන්න මුලටම දැම්මෙ...

    ReplyDelete
    Replies
    1. ඒ උනාට අපේ ලොක්කන්ට ඔය භයානක අකුර කන්ට්‍රෝල් කරන එක සිම්පල් .දැක්කනේ ගිය පාර

      Delete
  21. නියම කතාව බන්...ලංකාවේ ළමයි කියකගේ කාලේ කනවද මුන්.ඉතින් කොහොමද රට ඉස්සරහට අරන් යන්නේ.

    ReplyDelete
  22. කාටුන් එකත් එල. හැබැයි අර කෙල්ල නම් අවතාර් ඇහැ ගහගෙන ඉන්නළ කෙල්ලද කොහේද

    ReplyDelete

හිතට දැනෙන දේ ලියලා යන්න