Wednesday, August 22, 2012

මරු විකල්ලෙන් නටන හුක්කඩි නැටිල්ල (ගමේ කතා )

                      ඉස්සර අවතාර්ලා සූටි කාලේ ගමේ හිටපු වැඩිහිටි අය ඉන්න තැන් වලට ඒ කියන්නේ අවතාර්ලගේ වෙලක වැඩකට ඒ අය ආපුහම ගමේ පොදු වැඩක් කරන්න  කස්ටිය සෙට් උනහම උන්දලා කතා කරන මාතෘකා ටිකක් තිබුනා.අවතාර් මේවයෙන් වැඩියෙන්ම ආස කලේ ඒ කාලේ ගමේ හිටපු කොල්ලෝ කුරුට්ටෝ කරපු කුපාඩි වැඩ ගැන අහන්න.ඒ කාලේ ගමේ හිටපු නසනාරි දෙන්න අයිය මලෝ දෙන්නෙක්.මුන් දෙන්න එකට හිටියොත් හිරේ යනවා කියලා පස්සේ කාලෙක උන්ගේ අම්මා අයියව ඒ කියන්නේ අනුරව හමුදාවට යවලා.දැන් මිනිහා හමුදාවේ ඉහල නිලයක්.
                  ඒ කාලේ ගමේ නහර තියෙන කොල්ලෝ ඉඳලා තියෙන්නේ අනුරලගේ කාණ්ඩේ.ඒ කලේ ඉතින් බ්ලොග් ලියන්න කොම්පියුටර් ඇවිල්ලා තිබුනයැ.කොම්පියුටර් තියා ජංගම දුකෙක්  වත් උන්ගේ කාලේ දැකලා තියෙන්න නැතුව ඇති.ඉතින් මුන්ගේ වැඩේ උදේ ඉඳන් රෑ වෙනකල් ගම වටේ ඇවිදින එකලු.
            ඒ කාලේ ගමේ පන්සලේ තියෙන දේවාලේ අවුරුද්දකට සැරයක් මංගල්ලේ තිබිලා තියෙනවා.(තාම   තියෙනවා)මෙතනට ගමේ ලොකු කුඩා මහත කෙට්ටු කලු සුදු සේරම එකතු වෙනවා.මේ කියන මංගල්ලේ දවසේ දේවාලේ ආවතේව වැඩ වලට පිට ගමකින් කපුවෝ දෙන්නෙක් ගේන්න තීරණය කලාලු දේවාල කමිටුවෙන් .ගමේ කොල්ලෝ ඒ කියන්නේ අනුරලා ඕකට කොච්චර විරුද්ධ උනත් වැඩිහිටි අය මුන්ගේ විරුද්ධතාවය තඹ සතේකට වත් මායිම් කලේ නැහැල්ලු.
ඊට පස්සේ උන් ටික සද්ද නැතුව ඉඳලා එහෙනම් පිටින් ගෙන්නලා කරගනිල්ලකෝ ගමේ කපුවා ඉද්දි කියලා.කොහොමින් කොහොම හරි දේවාලේ මංගල්ලේ දවසත් ආවලු.මේ වෙන කොට අනුරලා රිටර්න් එක දෙන්න පැලෑනක් ගහලා කියලා කවුරුත් දන්නේ නැතිලු.
                   දේවාල බිමේ කිරි උතුරවලා අනිත් වැඩ කටයුතු යනකොට අර කපුවෝ ආවේස වෙලාලු.දැකලා ඇතිනේ ආවේස උනහම කපුවෝ ( ගෙදර මායියා ගැන නෙමේ කියන්නේ ) ඉතින් මේ කපුරාලලා දෙන්නත් දැන් අවේසයෙන්ම මායම් වෙවී උණු කිරි නානවලු ගිනි අඟුරු පාගනවලු.දැන් අර මේ කපුවෝ හොඳයි ගෙන්නමු කියලා තීරණය කරපු දෙතුන් දෙනා උඩ යන්න ඔන්න මෙන්නලු.හෙන උජාරුවෙන්ලු එවෙලේ හිටියේ .හැබැයි සීන් එක දන්න එවුන් බලන් ඉන්නවලු අනුරලගේ කුපාඩි වැඩේ තවම නැත්තේ මොකද .මුන් පරාජය බාරගෙනද කියලත් හිතනවලු.ඔහොම දේවාලේ වැඩ කටයුතු කරගෙන යද්දි උතුරවපු කිරිබත් ගොටු දෙන වෙලාව ඇවිල්ලා.දේවාල බිමේ පැත්තකට වෙන්න හදලා තියෙන මල් පැලකට කිරි බත් පිලිගන්නන්න ඕනේ.අර කපුවෝ දෙන්නා හේවිසි බෙර සද්දේ මැද්දේ කිරිබත් ගත්ත ගොටුත් අරගෙන මායම් වෙවී ගියාලු මල් පැල ළඟට.නිකන් නෙමේ තාලෙට නට නට.ගමේ අයත් ටිකක් ඈතට වෙලා බලන් ඉන්නවලු.මොකද කපුරාලලට නටන්න ඉඩත් ඕනනේ.
මල් පැලට කිරිබත් කැප කරලා ටික වෙලාවක් නට නට හිටපු කපු ඩබලගේ නැටිල්ල එක පාරටම වෙනස් උනාලු.
                       දැන් මේක නිකන් උඩ පනින වගේ මරු විකල්ලෙන් නටන නැටිල්ලක්ලු.කපුදෙන්නගේ ආවේසේ වැඩිවෙලා තමයි කියලා හේවිසි කාරයොත් කපුරාලලාගේ නැටිල්ලට හරියන්න ටිකක් නැඟල යන තාලෙකට බෙර පදේ මාරු කෙරුවලු.වටවෙලා හිටපු අයත් ආසාවෙන් බලන් ඉන්වලු ඇයි ඉතින් මෙතුවක් කාලෙකට දේවාලේ දැකපු හොඳම නැටිල්ලලු.මරු විකල්ලෙන් නටන කපුරාලලා දෙන්න නටන ගමන් මොනවදෝ සද්දෙන් කියනවලු.දැන් දෙයියෝ වැඩලා තමා කියලා වැඩිහිටි කෙනෙක් බෙර හේවිසි නවත්තලා කපුරාලලා කියන දේට ඇහුම්කන් දුන්නලු.
                 
                   ටිකක් ළං වෙලා අහපුවම “ හුක්කඩි ..........හුක්කඩි ..........“ වගේ සද්දයක්ලු එන්නේ.එක පාරටම කපුවෝ දෙන්න හිටපු සෙනඟත් පෙරලගෙන කෑ ගහගෙන දිව්වලු.දෙතුන් දෙනෙකුට වැඩේ තේරිලා ටක්ගාලා එලියක් අරන් ආවලු එතෙන්ට.බැලින්නම් මල් පැල වටේටම බිම කලුම කලු  පාටලු. එතන සම්පූර්ණයෙන්ම කඩින්ගේ ජනාවාසයක් ලු.අර දෙන්නගේ කකුල් වලට උන වැඩේ හිතා ගත්තැහැකිනේ.වසයක කට්ටිය කියනවලු ඒක දැකලා පිටින් කපුරාලලා ගෙන්නුවට දෙයියෝ කෝප වෙලා තමා මෙහෙම දෙයක් උනේ කියලා.දෙතුන් දෙනෙක් ළං වෙලා බැලින්නම් කඩි ජනාවසේ අතරින් පතර පොල් කුඩුත් තියෙනවලු.වටවෙලා ඉන්න සෙනඟ දිහා බලපුහම අනුරලගේ සෙට් එක පේන්නවත් නැහැල්ලු.උන් පාඩුවේ දේවාලේ පැත්තට වෙලා ඉන්නවලු.ඕන දේටයි එපා දේටයි හැමදේටම හොට දාන මුන් මෙතෙන්ට නාවේ මෙතන මොකක් හරි දෙයක් තියෙනවා කියලා නායක හාමුදුරුවෝ ලව්වා ඇත්ත දැනගත්තා.
                      මොකද මුන් නායක හාමුදුරුවන්ට ඇරෙන්ඩ ගමේ කාටවත් කොන්ට්‍රෝල් නැහැල්ලු.පිටින් කපුවෝ ගේන එකට අච්චර කියලත් ඒව තකන්නැතුව කපුරාලලා ගෙන්නපු හින්දා දේවාල කමිටුව රැස්වෙලා  තීරණය කරා වගේ අනුරලගේ කමිටුවත් රැස් වෙලා තීරණය කලාලු වැඩක් දෙන්න.පළවෙනි යෝජනාව දේවාලේ ඉන්න අයට බෙදන කැවුම් කිරිබත් කෙසෙල්කන් රැස්වෙලා ඉන්න අයට වැදෙන්න අහසේ පා කර එවන්න වගේ එකක්ලු.ඒක හොඳ මදි කියලා ආපු කපුවන්ට ආයේ මේ පැත්තට නොඑන්න වැඩක් දෙමුය කියලා එකෙක් දැම්මලු කඩි යෝජනාව.ඒක ගැලපෙන හින්දත් පොඩි ආතල් එකක් තියෙන හින්දත් කමිටුව ඒ තීරණේ සබා සම්මත කරලා ස්ථීරත් කරගෙන වැඩේට අත ගහලා.ඒකට අනුව කළුවර වැටුනට පස්සේ කිරි මිරිකලා ඉතුරු උන පොල් කුඩු ටික දැම්මලු මල් පැල වටේටම.පොල් කුඩු කියන්නේ කඩින්ගේ ප්‍රියතම ආහාරයක්නේ.පැත්ත පලාතෙම හිටපු කඩි ටික ටික වෙලාවකින් එතන.
                         පස්සේ සීන් එක දැන ගත්තහම එච්චර වෙලා කකුල් අතගගා කෙඳරි ගගා හිටපු කපුවෝ දෙන්න ගියාලු අකුලගෙන ආයේ පැත්ත පලාතේ එන්නේ නෑ කියල. ඊට පස්සේ අර ගමේ හිටපු කපු උන්නැහේ ඉතුරු වැඩ ටික භාර අරගෙන වැඩ ටික ඉවර කරාලු.
 ප ලි : සිත්තරේ අවතාර් ඇඳපු එකක් ඈ.මුල්ම කාලේ ඇඳපු බලියක්.අනුරයලා ගැන තව හොඳ හොඳ කතා ටිකක් තියෙනවා.මතක් වෙන විදිහට දෙන්නම්.එහෙනම් අවතාර් සප් දෙන්න යටින් මොනවහරි කොටලම යන්කෝ.

20 comments:

  1. අනුරලා කුපාඩි කිව්වට හිත හොඳ මිනිස්සුනේ බං.උං වැරැද්දක් නෙමෙයිනෙව කරලා තියෙන්නෙ.ඔය මර්වින් සිල්වා තාප්ප කඩද්දිත් ඔය වගේ ගේමක් දෙන්න ඇත්තං මරු නේ.....

    ReplyDelete
  2. දේවාල බිමේ කිරිබත් එහෙම උතුරවලා

    මේක මචෝ කිරි උතුරවලා කියලා නේද එන්න ඕනෙ... චිත්‍ර‍ අදින්න ගන්න උත්සාහය ගැන නම් මම අවංකවම සතුටු වෙනවා... වැඩේ ඔහොමම කරගෙන යන්න.. දිනෙන් දිණ දියුණු වේවි. මේකට Reply කරන්න කලින් බලපන් හුක්කඩි කකුල් දෙක ලගද කියලා...

    ReplyDelete
    Replies
    1. ඔන්න හරි මචං වැරැද්ද හැදුවා තැන්කූ කිව්වට

      Delete
  3. ඒ උනාට ගේම දෙන්න තිබුනෙ කපුවන්ව ගෙන්නපු මිනිස්සුන්ට..... කපුවො දෙන්න ට පව් බං.

    ReplyDelete
  4. araliya8/22/2012

    hina wela wadi kamata kaduluth awa....ane paw ara kapuwo denna........ :)

    ReplyDelete
  5. අදත් සිත්තරයක් ඇඳල තියෙන්නෙ, හොඳා .. හොඳා ... දිගටම කරන් යමුකෝ.

    අනුරලගෙ තවත් ඒ වගේ කතා ටිකකුත් ලියමු. මිලින වූ සඳ ඉතිරි කොටසත් ඉක්මනට දාන්න, නැත්නම් ආයෙ මුල ඉඳල කියවන්න වෙයි කතාව අමතක වුනාම.

    ReplyDelete
  6. අනුරලා මහ නරක සමනලයෝ ටිකක් නේ????

    ReplyDelete
  7. Anonymous8/23/2012

    හොඳයි හොඳයි :)
    සිත්තරේටත් මම කැමතියි හ්ම්ම් :)

    ReplyDelete
  8. මරු කතාව !
    කට්ටිය දෙයියෝ ආවේස කියලා හිතන්හිටපු එක තමා හොඳම වැඩේ !

    ReplyDelete
  9. හුක්කඩ් එකනම් නියම නැටිල්ලක් ...හිකිස්‌

    ReplyDelete
  10. එල කථාව !!!!!! මොනව උනත් පව් බං කපුවෝ දෙන්නා

    ReplyDelete
  11. හෙහ් :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  12. හුක්කඩි :D

    ReplyDelete
  13. හික් හික්.....

    ReplyDelete
  14. මොනවා වුනත් දේවාල එක්ක සෙල්ලම් කරන්න නාකයි.....

    ReplyDelete
  15. හිකිස් මරුනෙ ඈ..

    ReplyDelete
  16. හුක්කඩි හුක්කඩි... නියම කඩි...:D

    ReplyDelete
  17. අනුර අවාසනාවවන්තයා !

    ReplyDelete
  18. aparaade ban bera kaarayonta digatama bera palenakan gahanna thibbe hoda natum tikak balanna thibba
    appa kadi kaava kiyanne puduma sapak :-/ kattadi adennata maara aathal ekak danenna aththe :-D

    ReplyDelete
  19. පට්ට ගල් ආදෝ සෙට් එකක් නේ. හැබැයි මිය ආවේස උනාම ඔයිට හපන් හිකිස්

    ReplyDelete

හිතට දැනෙන දේ ලියලා යන්න