Monday, May 21, 2012

වෙස් මුනට හු** කියා කෙලව ගත් හැටි .(18+ අයට පාඩමක්)

                                අවතාර්ට ඒ කාලේ හිටියා මිත්තරයෙක් විරිදු කියන්න එහම හැකියාවක් තියෙන එකෙක්.හැබැයි මිනිහගේ එක දුර්වලතාවයක් තමා කටට ලිමිට් නැති එක.සිංහලෙන් කිව්වොත් ඉතින් කට හොද නෑ.කා එක්ක කතා කලත් අවසානෙට කතාව අවසන් කරන්නේ අහන් ඉන්න එකාව හිනා ගස්සලා.ඒ තරම් ආතල්  එකේ ඉන්න පොරක්.හැබැයි දවසක් මූ කට හින්දම හොද හැටි නා ගෙන.කට්ටිය එකතු වෙලා මතින් තොර සාදයක් දාන ගමන් තමා මූ විස්තරේ  එලියට දැම්මේ.ඒ වෙලාවට ඉතින් බොක්කේ තියෙන දේවලුත් එලියට එනවලුනේ.හදුනා ගැනීමේ පහසුව තකා අපි මුට x කියල කියමුකෝ.
                               
    ඔන්න  x  ගේ අක්කා කෙනෙක් ඉනන්වා ටිකක් දුරින් .මේ අක්කලාගේ ගෙදර අය ට්‍රිප් එකක් ලෑස්ති කරලා තියෙනවා කතරගම යන්න.පවුලේ වන්දනා ගමනක්.ගමනට කලින් දවස වෙනකොට ගොඩක් අය මේ අක්කලාගේ ගෙදරට එකතු වෙලා.මේ අක්කට ඉදල තියෙනවා පොඩි දුවක්.සාමාන්‍යයෙන් තේරෙන නොතේරෙන වයසේ. අපේ කතා නායක  x  බුවා ඒ අක්කලාගේ ගෙදර යද්දී කොල්ලෝ කුරුට්ටෝ දෙතුන් දෙනෙක් එහෙම ඇවිල්ලලු.අක්කගේ දුරින් නෑ වෙන ළමයි ටිකක් .මුන් ළමා කාලේ හොදම වයසේ උන්.ඒ කියන්නේ අවුරුදු 15 16 වගේ වයසේ.මුන් දෙන්නෙක් බැන ගෙන තියෙනවා හු*තා කියල.මේක අර පොඩි දුවට ඇහිලා තියෙනවා.පොඩි එකීට මේ කියන එක මොකක්ද කියන එක  ප්‍රශ්නයක් ලු.පොඩි උන්ට ඉතින් ඔය යමක් තේරුනේ නැත්තම් ඉතින් ලෝක ප්‍රශ්නනේ.කොහොම හරි තේරුම දැන ගන්න තමා  ට්‍රයි කරන්නේ.
                    පොඩි එකී ඉතින් ඉස්සරලම ගිහින් හා හා පුරා  කියල අහල තියෙන්නේ අම්මගෙන් ඒ කියන්නේ අපේ x බුවාගේ අක්කාගෙන්.අහපු ගමන් අක්කා පොඩි එකීගේ ඇගට කඩන් පැනලා ඕන්නැති දේවල් අහන්න එනවා කියල බැනල එලවගෙනලු.දැන් ඉතින් පොඩි එකීගේ කුතුහලේ වැඩි වෙනවා කියන එක අහන්නත් දෙයක් යැ.අර පොඩි දුවගේ කරුමෙට හරි අපේ x බුවාගේ කරුමෙට හරි ඊළගට හම්බවෙලා  තියෙන්නේ x බුවාව.මූට විලි නැතුව ගියාලු අහපු එකට.මොනවා කියන්නද කියල හිතාගන්න බැරි උනාලු.මම කලින්ම කිව්වනේ මුගේ කටේ ස්භාවය.මුට ඕන්නං අර අක්ක කරපු විදිහටම කරන්න තිබ්බනේ.එත් මෙතන මුගේ ජන්මෙට වඩා පුරුද්ද ඉස්මතු කොරගෙන කිව්වලු පුතේ හු** කියන්නේ වෙස්මුනට කියල.මුට එවෙලේ අර ඇම්ඩගේ කතාවක් මතක් වෙන්න ඇති.බුවාට එවෙලේ වැඩිදුර කල්පනා කරන්න ශක්තියක් තිබිල නෑ.සීන් එක එතනින් ඉවරයි කියල හිත හදා ගත්තලු.
                                       ඔන්‍න‍ පහුවදා පාන්දරින්ම කට්ටිය කතරගම යන්න පිටත් වෙලා .වඳින්න තියන තැන් දෙක තුනක් වැදගෙන සෙල්ලකතරගමට ඇවිල්ලා.සෙල්ලකතරගම ඔය කන ජාති සෙල්ලම් බඩු ගන්න කඩවල එහෙම තියන විත්තිය කතරගම පැත්තේ ගියපු අය දන්නවනේ.අපේ x බුවා ගියපු නඩේ අයත් කෑම ජාති ගන්න ගමන් කඩවල් පහුකරගෙන යද්දී සෙල්ලම් බඩු කඩයක් තිබිලා තියෙනවා.ඔය කඩේ කරුමෙට වෙස්මූණු වගයකුත් තිබිලා තියෙනවා.මේ අවස්තාවේදී අර මම කලින් කියපු පොඩි දුවට සිතක් පහල වෙනවා වෙස් මුණක් ගමු කියල අම්මට කියන්න.x බුවා කියපු විදිහටනම් උගේ කරුමෙටලු ඒ වෙලාවෙ ඌ කියපු වචනේ පොඩි එකීට මතක්  උනේ.තව නඩ දෙකක් විතර සෙල්ලම් බඩු ගන්න කඩේට ඇවිල්ලලු.පොඩි එකී ගත් කටටම "අම්මේ මටත් හු**ක් ඕනේ " කිව්වලු.
                                          දැන් අර අක්කට වහකන සයිස්ලු.ඊටත් වඩා x ට දැන් කරගන්න දෙයක් නැහැල්ලු.පොඩි එකීට අම්මා පාරක්  ගහල තියෙනවා ආපු තරහටම.x ට එවෙලේනම් දුක හිතුනලු  පොඩි එකී ගැන .පස්සේ ආපු වාහනේට ගිහින් කරුණු විමසලා බලපුවහම වැඩේ මාට්ටු වෙලා.x ගේ කට ගැන දන්නා උදවිය නම් මොකුත් කිව්වේ නැහැල්ලු.හැබැයි ටිකක් වයසින් වැඩි උදවිය නම් හොද දේශනාවක් දීල.අර අක්කා නම් ගමන අවසන් කරනකන් x එක්ක කතා කලේ නැහැල්ලු.
                                   

13 comments:

  1. :D මෙහෙමත් දේවල් වෙනවනේ මේ රටේ හිකිස්‌

    ReplyDelete
    Replies
    1. අපිත් මුලින් හිතුවේ බොරු කියල .පස්සේ ඌත් එක්ක ආපු එකෙක් විස්තරේ කිව්වා.කොහොමවෙතත් බුවා කරලා තියෙන දේවල් හැටියට මේක එච්චර වැඩකුත් නෙමේ.හිකිස්‌

      Delete
  2. ඔය කතාව උඹට වෙච්චි එකක්ද මන්දා...........

    ReplyDelete
    Replies
    1. මෙන්න කිරා මට මඩ ගහනෝ................

      Delete
  3. නෝ කමෙන්ට්... හහ් හහ් හා...........

    ReplyDelete
    Replies
    1. කොමෙන්ට් බලාගෙන කොලානම් මී ගොඩයියේ මම බ්ලොග් ලියන එක මෙලහකටත් අතෑරලා.මම තවම සයිබරේට අලුත් නෙව.

      Delete
  4. පොඩි එවුන් ඉන්න තැන ඔව්ව කියන එක භයානකයි.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම.පොඩි උන් ට්‍රයි කරන්නේ උන්ට නොතේරෙන දේ මොකද්ද කියල හොයාගන්න.

      Delete
  5. උඹ පොඩිකාලේ උඹට වෙච්ච දෙයක් නේද මේක ආ....

    ReplyDelete
    Replies
    1. chike api ohoma nohobina wada karanawada?

      Delete
  6. හික්ස්ස්.... මාර සීන් එකනෙ...
    මමත් ඕන් මේ පැත්තට ගොඩ වුනා

    ReplyDelete

හිතට දැනෙන දේ ලියලා යන්න