හා හා පුරා කියල අලුත් අවුරුද්දට පස්සේ ඕං අවතාර් නොනිමි අහසත් වෙනස් කොලා.දැං කස්ටිය බලයි යකෝ මූ අහස වෙනස් කරන්න දෙයියොද කියලා.අවතාර්ට හිතුන අඳුරෙන් එළියට යන්න.අඳුරෙන් එළියට විතරක් නෙවි ඔය “අවතාර්“ කල එළි බහින්නෙත් මේ පෝස්ටුවත් එක්කම තමා.නොනිමි අහස කලින් අඳුරු තේමාවක තිබුන බව මේ පැත්තට ගොඩ වුන අය දන්නව.ටික දවසකට කලින් අවතාරුත් පුරුද්දට වගේ අන්තර්ජංජාලේ කරනම් ගහන අතරෙ ගොඩවැදුනා බ්ලොගියකට.ඒකත් අඳුරු තේමාවක තිබුන බ්ලොගියක්.එතකොට තමා අවතාර්ගෙ පොඩි මොලේට වැටහුනේ මේක ටිකක් ඇහැට අමාරු විත්තිය.ඊට පස්සේ ඉතින් තව පොඩි පොඩි වෙනස්කම් ඩිංගකුත් කරලා අවතාර් අඳුරෙන් එළියට ආවා.එහෙම ඇවිල්ලා නමෝ විත්තියෙන් මංගල පොස්ට්ටුව කොටන්නයි මේ ලක ලෑස්තිය.
බස් එකක ගමනක් යනව කියන්නේ ඉතින් එපා වෙන සීන් එකක් කියලා කවුරුත් දන්නවනේ .අවතාරුත් කලින් බස් එකේ ජොබට ගියපු නිසා ඉතින් බස් ගමන් කියන්නේ අවතාර් කැමති නැති මාතෘකාවක්.ඒ කාලේ අවතාර්ගේ ගමන් කාලයත් පැය 2කට වැඩියි.කිලෝ මීටර වලින් කිව්වොත් ඉතින් 75කට ආසන්නයි.යන්න තියෙන්නේ අගනගරය කරා යන බස් එකේ.
ඉර දෙයියෝ බිමට බහින්න කලින් බස් වලට ගොඩ වෙන අයනම් දන්නව ඒ වෙලාවට බස් එකක ගමන කොහොමද කියල.
ඒ වෙලාවට තමා සංසාරෙ එපා වෙන්නේ.ගොඩක් අය ට්‍රයි කරන්නේ හොඳට නිදා ගන්න පුළුවන් සීට් එකක අයිතිකාරයෙක් වෙන්න.සීට් වල ඉඳගෙන යන අයනම් බස් එක ඇතුලේ වෙන ගොඩක් දේවල් දන්නේ නෑ.අවතාරයට වුනත් ඉතින් එහෙම තමා බස් එකේ පොඩ්ඩක් ඇහැ පියවුන දවසක.පොඩ්ඩක් කියන්නේ සීට් එකක් ලැබුනොත් ඉතින් ඉබේටම ඇහැ පියවෙනවා.එහෙම නැතුව හිටගෙන යන්න උනොත් තමා ඔය එක එක දේවල් දකින්නේ.තවම එළිය වැටිල නැති හින්දද කොහෙද සමහරුන්ට නම් ඉඳගෙනද හිටගෙනද කියලා වෙනසක් නෑ.සුව නින්දේ.සමහරු පොලු අල්ලගෙන ම හිටගෙන නිදි.බස් එක බ්රේක් පාරක් ගැහුවොත් ඉඳගෙන ඉන්න අයගේ උඩ.එහෙම ඒ ඉරියව්වෙන්ම සෑහෙන වෙලා ගමන් කරන ගොඩක් අය අවතාර් ඇහැටම දැකලා තියෙනවා.ඉඳගෙන ඉන්න ඇත්තෝ කටවල් ඇරගෙන නිදි.ඔය ලස්සනට ඇඳ පැළඳගෙන ඔපීසි වලට යන කවුරුහරි ඇඟේ හැපුනත් රවලා බලන සමහර යුවතියෝ එහෙම නිදන් යන්නේ අනිත් අයගේ ඇඟවල් වලට හේත්තුව දාගෙන.මේ වෙලාවට කල දුටු කල වල ඉහගන්න අයත් නැතුවම නෙවෙයි.නින්ද ගිහිල්ල ඉන්න කෙල්ලෙක්ගේ පිටිපස්සට වෙලා හිටගෙන හිමින් සීරුවේ ජැක් උස්සන උනුත් ඉන්නව නෙව.උන් ඉන්නේ නිකන් උන්ගේ නෙවේ වගේ.හැබැයි ඒ වෙලාවට කට තියෙන ගෑණු පරානයක් උනොත් එහෙම උදේ පාන්දරම නා ගන්න තමා වෙන්නේ.
උදේ පාන්දරට පස්සේ ආය ඒ වගේ බස් පිරෙන්නේ හවස ඔපිස් වෙලාවට.ඒ වෙලාවට නම් ඉතින් සැප පහසුව කෙසේ වෙතත් ගෙදරට යන්න තමා ට්‍රයි කරන්නේ.ගොඩක් අයගේ හොස්ස ළඟින් මැස්සා යන්න බැරි වෙලාව.පොඩ්ඩක් එහාට යන්න කිව්වත් ඇඟට ගොඩවෙනවා.ඒ වෙලාවට බස් එකේ යන කාගෙත් පොදු හතුරා වෙන්නේ කොන්ඩොක්ටර් අයියා.බස් එකේ අවසාන ගමන් වාරේ හින්ද දවසේ ටාගට් එක ගහන්න තියෙන අවසාන චාන්ස් එකේදි පොරත් ට්‍රයි කරන්නේ එක ටිකට් එකක් හරි වැඩියෙන් කඩාගන්න.ඌ හොඳ කට තියෙන එකෙක් උනොත් එහෙම බස් එක ඇතුලේ එකම යුද්ධයයි.අඩුම ගානේ තුන් හතර දෙනෙක්වත් බහිද්දි පොරගේ ගුණ වයාගෙන බහින්නේ.මෙහෙම ගියපු කොන්ඩොක්ටර් අයියෙක් මීගමුව පෙරියමුල්ල හංදිය අයිති අයියගෙන් කනේ පාරවල් දෙකක් වනා ගත්තු හැටිත් අවතාර් දැකල තියෙනව.
මේ වෙලාවට පොඩි එකෙක් වඩාගෙන බස් එකට නැග්ගොත් එහෙම ඉවරයි.සමහරුන්ට එවෙලෙට ඇහැ පියවෙනවා.සමහරු ළඟම ඉන්න කෙනාව දැකලත් නොදැක්කා වගේ අහක බලාගෙන.මේ වගේ වෙලාවට තමන්ගේ සීට් එක පරිත්‍යාග කරන්නේ වැඩිපුරම පිරිමි අය.සමහර තරුණ කෙල්ලෝ තමන්ටත් මේ වගේ දවසක් උදාවෙනව නේද කියන එක අමතක වෙලා වගේ අහක බලාගෙන ඉන්නවා.ඔය වෙලාවට තමා කොන්දොස්තර අයියගේ අගේ තේරෙන්නේ.“මේ අම්මට සීට් එකක් දෙන්න කවුරුත් නැද්ද?,මේ ළමය අතේම ලොකු වෙනකල් සීට් එකක් දෙන්නේ නෑ වගේ“.ඔහොම දෙතුන් පාරක් වචනෙ දාලා හරි ගියෙ නැත්තම් ළඟ ඉන්න කෙල්ලෙක් බලලා “නංඟි කවදාහරි අම්ම කෙනෙක් වෙයි නේද?මේ අම්මට සීට් එක දුන්නොත් නරකද?“ එතකොට කෙල්ල නැඟිටින්නේ මූණ පුළුටු කරගෙන.ඇයි ඉතින් පොර සීට් එක විතරක් ගන්නවම් බැරියැ යන බස් එකෙන් එළියට පනින්න හිතෙන නොන්ඩියකුත් කරනවනේ.
මෙහෙම යන ගමනේ අවසාන හරියෙදි බස් දෙක තුනක් එකට සෙට් උනොත් ඉතින් ඉඳගෙන යන උන්ට දෙයියන්ගේ පිහිටයි.එතකොට හිතෙනවා හිටගෙන යන එක කොයිතරම් සැපද කියලා.ඔය ආපහු යන ගමනේදී අවතාර්ට සමහර දවස් වල ඇහැ පියවුනත් බහින තැනන නම් පහු වෙන්නෑ.ඒ මොකද කියනවනම් අවතාර් ගමන් කරන රූඩ් එකේ කා අතරත් ජනප්‍රිය ස්වාභාවික මාර්ග ගැට්ටක් අවතාර්ගේ නැවතුමට පොඩියකට කලින් තියන
හින්දා
අවතාරයක් උනත් හරියට බලං ඉඳල තියනවා. මම ඇහෙන් දැකල තියනවා සමහර කාන්තාවෝ ගැබිණි මවක් බස් එකකට නැග්ගම අහක බලාන යනවා. පිරිමි තමයි ගොඩක් වෙලාවට සීට් එක දෙන්නේ. මෙහෙම කිව්වම කාට හරි හිතෙයි අප්පෝ මු මේ හරියට කියන්නේ පිරිමින්ට සීට් දෙන්න හොඳ නෑ වගේ නේ කියල. නෑ ඒක නෙවෙයි මම කියන්නේ. කාන්තාවක් වෙලත් අර අම්මට ලඟම සීට් එකක ඉඳලත් නැගිටින්නේ නැතුව අහක බලාන යන එක ගැන තමයි මම මේ කිව්වේ.
ReplyDelete