Sunday, April 29, 2012

මාසයකට සීමා වුන අන්තර්ජාල සම්බන්ධතාවය (අවතාර්ගේ අන්තර්ජාල විත්ති 1 )

අවතාර් මූණු පොතේ ගිණුමක් එහෙම හදා ගෙන අන්තර්ජාලයට පළමු පියවර තියන කාලෙදි අවතාර්ගේ දුක සේවාදායකයා වුනේ මොබිටෙල්.ඒ කාලෙදි අන්තර්ජාලෙට පියමැන්නේ ඕකෙ තියෙන මෙගාබයිට් 50/100 පැකේජ වලින්.ඊට පස්සේ අවතාර්ගේ දුක සේවාදායකයා ඩයලොග් වලට මාරු වෙනවා.ඊට පස්සේ ඩයලොග් වල තියෙන පැය ගානට අය කරන පැකේජ පාවිච්චි කලා.ඔය විදිහට යද්දි අවතාර්ට වැටහෙනවා ඒ වැඩේ ගැලපෙන්නේ නෑ කියලා.පැය 2කට අන්තර්ජාලෙ ඉඳලා මොනවා කරන්නද?ඒ කාලේ දැන් වගේ නොවුන නිසා අන්තර්ජාල ක්‍රියාන්විතයට වෙලාව හොඳට තිබුනා.පස්සේ අවතාර් තීරණය කලා ඩයලොග් 2GB පසු ගෙවුම් සම්බන්ධතාවයක් ගන්න.
ඒකට අවශ්‍ය කරන වැඩ කටයුතු ටික අවහර කරලා සම්බන්ධතාවයේ සිම් කාඩ් එක ගෙදර ගෙනාවා.දවස් දෙකතුනක් අලුත් පැකෙජ් එකෙන් අන්තර්ජාල සුව වින්දා.එක දවසක් හැන්දෑ යාමේ වැඩ කිඩ ටික අවහර කරලා මූණු  පොතේ යාලුවෙක් එක්ක චැටක් දාන්න කියලා ඉඳ ගත්තා.(ඒ කාලේ දි අවතාර්ට මූණූ පොතෙන් එහාට ලෝකයක් තිබ්බේ නෑ.ඒකෙ ප්‍රතිඵලයක් විදිහට දැන් යාලු මිත්‍රාදින්ගේ උපරිම සීමාවටත් කිට්ටු කරලයි ඉන්නේ .අනුමැතිය දෙන්නත් ඉල්ලීම් සෑහෙන ප්‍රමාණයක් තියෙනවා)ඉතින් හා හා පුරා කියලා අන්තර්ජාල මෙහෙයුමට සැරසුනාට මෙන්න බොලේ එක වෙබ් පේජ් එකක් වත් ලෝඩ් වෙන්නේ නෑ. 2GB වලින් වේගය බාල වෙනවා කියලා දැනගෙන හිටියට තාම 1GB වත් සම්පූර්ණ කරලා තිබුනේ නෑ.කතා කලා පාරිභෝගික සේවයට.ඒ මලයා කියපි සිම් පතේ නම් වරදක් නැතිය අපේ ප්‍රදේශයේ සිග්නල් කණුවෙවත්  අවුලක් තියෙනවාද කියලා.ඊට පස්සේ කිව්වා ලඟම තියෙන පාරිභෝගික සේවා මධ්‍යස්ථානෙට ගිහින් බලන්න කියලා.උන්දලට විස්තරේ කිව්වාහම මොකක් හරි විසඳුමක් දේවිය කියලා.අවතාරුත් ඩයලොග් මලයා කියපු විදිහටම මෝඩම් කට්ටයි සිම් එකයි අරගෙන ගියා ඩයලොග්  නඟාලව  හම්බ වෙන්න .එතන බවලතාට ප්‍රශ්නේ කියලා මෝඩම් එක අතට දුන්නට පස්සේ මෝඩම් එක දෙපැත්ත හරෝ හරෝ බල බල ඉඳලා මගේ අතට දීල කියනවා සමාවෙන්න සර් මේ සම්බන්ධයෙන් අපිට කලහැකි දෙයක් නැතිය පාරිභෝගික සේවාමධ්‍යස්ථානෙට කතා කරන්න වෙනවය කියලා. පස්සේ මම එතුමියට කරුණු පැහැදිලි කරලා දුන්නා මම උන්දලට කතා කරලා තමා ආවේ .උන්දලා තමා මෙතනට එන්න කියලා කිව්වේ.
                එතනින් වැඩක් වෙන්නේ නැති බව දැනගෙන අවතාර් ගෙදර ආවේ පැනපු මල් ටිකත් එක්කහු කරගෙන.ඇයි යකෝ පෝන් එකෙන් එකයි හම්බ වුනාම එකයිනේ.ගෙදර ඇවිත් ඕන උලව්වක් වෙන්න කියලා පෝන් එකේ යූස් කරන සිම් එකෙන් අන්ත්ර්ජාලගත වෙලා ඩයලොග් පාරිභෝගික සේවෙට ඇරියා ඊ ලියුමක් ඔබ තුමන්ලාගේ සේවය ගැන මම ඉතාමත් කලකිරී ඇත.මට අසාධාරණයක් නොවන ආකාරයට මේ පැකේජ් එක අවලංගු කරගන්න ඕනය .අදාල පාරිභෝගික සේවා මධ්‍යස්තානේ නම සඳහන් කරලා උන්දල ගැනත් විස්තර කෙරුවා.තව තව විස්කර දාලා කියවන එකාගේ සරුවාංගෙම වෙව්ලන ආකාරයට ලියුම දැම්මා.   මෙන්න බොලේ පහුවෙනිදා බලනකොට ඇවිල්ලා රිප්ලයි.ඔබට ඇතිවුන ප්‍රමාදදෝශය ගැන කණගාටු වෙනවය.පද්ධතියේ අප්ඩේටයක් සිදු කිරීමට ඇති නිසා මෙවන් දෝශයක් සිදුවී ඇත.තවත් දිනකින් ඔබේ සම්බන්ධතාවය දෝශ ඉවත් වනු ඇත.ඕක ඉතින් කලින් කියන්න එපැයි.දැන් අවතාර්ට හිතුන විදිහට අර දෙන්නටම ඕක කියාගන්න බැරිව තමා ලත වුනේ.කෝක වුනත් මේලයේ තිබුන විදිහට පහුවදා සම්බන්ධතාවයෙන් ජාලගත වුනා.මේල් මලයා ඇත්ත නෙන්නම් කියලා තියෙන්නේ .පුල් ස්පීඩ් එක එහෙමම තියෙනවා.ඔය විදිහට 2GB පැන්නත් ස්පීඩ් එහෙමමයි.අවතාර්ට මතක විදිහට ඒ මාසෙදි යූස් කරපු ධාරිතාවය 17GB වලටත් වැඩියි.
ඔහොම ගිහින් අදාල සම්බන්ධාවේ බිලත් ගෙව්වය කියමුකෝ.බිල ගෙවලා දවස් දෙකකින් ආපහු මේලයක් ඇවිත් ඩයලොග්.සර් ඔබ අපේ සේවාව ගැන තෘප්තිමත්ද අහලා.ආයේ ඉතින් ඒ ගැන කියලා වැඩක් තියෙනවායැ.රිප්ලයි කරා උපරිම තෘප්තිමත් වෙනවය ස්තූතියි කියලා.මේලේ ගිහිල්ලා පැය ගානයි ගියේ ස්පිඩ් නැවතත් පෙර පරිදිමයි.ඒකනම් අවුලක් නෑ 2GB වලින් ස්පීඩ් අඩු කරනවා කියනවනේ.නමුත් ඒ කියන්නේ  වෙබ් පිටුවකට යන්න පුළුවන් වෙන විදිහේ වේගයකටනේ.නමුත් කිසිම වෙබ් පිටුවකට ලැබිලා තියෙන වේගයෙන් ගොඩවෙන්න බෑ.ඒ කියන්නේ මහ ලොකුවට කියන අන්ලිමිටඩ් නෑ. 2GB පසුගෙවුම් පැකේජ් එකට සමුදෙන්න අවතාර්ට මේ කරුණු ටික ප්‍රමාණවත් වුනා.ආයේ පාරිභෝගික සේවා මධ්‍යස්තානෙට ගිහින් සම්බන්ධතාවයට සමුදුන්නා. අර වේලාවෙදි උදවු කරන්න බෑ කියපු නඟාගෙන් ඇයි මේක අවලංගු කරන්නේ කියලා හරි ප්‍රශ්න.බැරිම තැන අවතාර් කියපි නැදෑ ගෙදරක නවතින්න යනවය එහාට 3G නැති නිසා මේකෙන් වැඩක් නැතිය.
                         සම්බන්ධතාවෙට සමු දුන්නට පස්සේ ටික කාලෙකින් අවතාර්ට නියම ක්‍රමයක් සෙට් වෙනවා අන්තර්ජාලගත වෙන්න.කොටින්ම කියනවනම් 100mb  සත 14 කට.1gb රුපියල් 14කට.රුපියල් 28න් අන්ලිමිටඩ් ඩවුන්ලෝඩ්.හැබැයි මෙහෙම පැකේජ් එකක් ලංකාවේ නම් නෑ.වැඩි විස්තරත් එක්ක ඊළග පෝසට් එකෙන් හමු වෙමු.

4 comments:

  1. මං පාවිච්චි කරන්නෙත් ඔය 2GB එකක් තමා. දැන් ඒ package එක අලුතෙන් දෙන්නෙත් නෑ .

    මාසේකට usage තියනවා 5GB විතර.

    බානවා නම් බෑවහෑකි මාසෙට 30GB විතර. හැබැයි ලයිට් බිලත් එක්ක බැලුවම ඒ වැඩේ පාඩුයි.

    ReplyDelete
    Replies
    1. මොකද්ද මේ අලුත් පෑකේජ් එක....ඒකනම් පට්ට ලාබයි වගේ නේද??

      Delete
  2. මේක පැකේජ් එකක් නෙමේ. අත්වැරදීමකින් අහුවෙච්ච හොර ක්‍රමයක්

    ReplyDelete
  3. hutch free data gannna widiya kiya dipankooooooo 3G wala

    ReplyDelete

හිතට දැනෙන දේ ලියලා යන්න