Sunday, January 6, 2013

අජන්තා වල ලොකු වට්ටක්කා සීගිරියේ මිනි වට්ටක්කා

                                   

කලින් ලියවුනු ඒ ලෙවල් සෙමිනා මතක
සරුවට පොල් කඩන්න තියන ගහෙන් ඇට්ටි කඩනවද ?

                                        මේ කතාව චිත්‍ර සෙමිනා එක ගැන.දැන් අහන්න එපා චිත්‍ර නොකරපු උදවිය චිත්‍ර වලට අහවල් සෙමිනද කියලා.ප්හු ඒවාටත් පාඩම් කරන්න දේවල් එමටයි ඈ.අපේ පන්තියේ චිත්‍ර කරපු කස්ටිය ගැන කිව්වොත් මුල්ම දවස්වල හිටියේ තුන් හතර දෙනයි.පන්තියේ සේරම වගේ හිටියේ සංගීත කාමරේ.ඇයි මුන්දලා හිතන් ඉන්නේ සංගීත තමා ලේසිම විෂයය ඔය රාගයක් එහෙම පාඩම් කරලා ආතල් එකේ හිටියැහැකි කියලා.සංගීතයට බුරුතු පිටින්.මුල් දවස් වල සංගීත කාමරේ ඉඩත් නැහැල්ලු ඉන්න ප්‍රමාණෙට.ඒ උනාට අපේ හිටිය සංගීත සර් පොඩ්ඩක් වත් සැලෙන්නේ නෑ.එතුමා දන්නවා මේ ජනගහනය පවතින්නේ සති දෙකයි එහෙමත් නැත්තම් තුනයි කියලා.
                                  සති දෙකක් විතර යනකොට මෙන්න පොර කකා ගියපු සංගීතඥවරු එකා දෙන්නා අපෙන් අහනවා “ ඒ මචං චිත්‍ර ලේසිද බන් ? “ , “ උඹලට එච්චර කේස් එකක් නැද්ද බන් ? “
 උන්ගෙන් ප්‍රශ්න පත්තරයයි.

      දැන් අපිට මාර ප්‍රශ්නේ පොරකකා සංගීත හොයන් ගියපු උන්දලාට මොකද එකපාරටම මේක එපා උනේ.බැලින්නම් මේ සති දෙක තුනට දීලා තියෙන නෝට් පොතක් පිරෙන්නත් ලංවෙලා.සංගීත සර් සිලබස් එක ගැන කියන ඒවා අහනකොට සිංදුවක් වත් අහන්න හිතෙන්නේ නැහැල්ලු.ජනගහනය පාලනය කරන්න සර් දියත් කරපු මෙහෙයුමක්ද දන්නේ නෑ .කොහොම හරි චිත්‍ර කාමරේ හිස් වෙලා තිබුන පුටු සේරම ටික දවසකින් පිරෙනවා.ජීවිතේට පින්සලක් අල්ලපු නැති උන් චිත්‍ර කාමරෙන් එලියට එන්නේ ඇඟ පුරා පාට ගාගෙන.
                     හරි දැන් සෙමිනා එකට යමුකෝ.කොහොමහරි මේ සෙමිනා එකටත් හිටියේ මැදි වයසේ සර් කෙනෙක්.හෝල් එකේ ඉස්සරහින්ම ගුරුවරු ඉන්නවා ඉන් පස්සේ ලමයි.සර් එක එක ඒවා ගැන කතා කරලා සීගිරි චිත්‍ර මාතෘකාවට ආවා.සීගිරි චිත්‍රයක් එහෙම දිගඇරගෙන විස්තර කරලා ළමයින්ට ප්‍රශ්න අහන්න චාන්ස් එක දුන්නා.
    ටිකක් ඉස්සරහින් හිටපු එකෙක් නැඟිටලා “ සර් සීගිරි චිත්‍ර වලයි අජන්තා චිත්‍ර වලයි තියෙන්නේ එකම ආභාෂයද ?“

සර් පොඩි හිනාවක් එහෙම දාලා ඇදලා පැදලා
          “ කොහෙත්ම නෑ පුතා අජන්තා වල තියෙන්නේ ලොකු වට්ටක්කා සීගිරියේ තියෙන්නේ මිනි වට්ටක්කා.එතනින්ම තේරුම් ගන්න පුළුවන් ඔය දෙකේ වෙනස “
         කොල්ලෝ බඩවල් අල්ලගෙන හිනා වෙනවා.ටියුබ් ලයිට් උන සමහරු කටවල් ඇරගෙන බලං ඉන්නවා.සෙමිනා එක ඉවර වෙලා යන ගමන් සමහර ගෑල්ලමයි  අහනවා
     “ ඒ හලෝ මොකද්ද අර සර් කියපු වට්ටක්කා කතාව ?“

මේ තියෙන්නේ සීගිරි චිත්‍රයි අජන්තා චිත්‍රයි .මොකද කියන්නේ කතාව ඇත්තද?


       


56 comments:

  1. ඉන්දියාවේ උන් කොහොමත් ඕවා ලොකුවට තමයි අඳින්නේ.උන්ගේ දේවරූප උනත් බලපං.අනික දැන්නං ටිකක් ෂේප් අවුරුදු කීපෙකට කළිං දෙමළ නිළියෝ උනත් උන් තෝර ගත්තේ ලොකු වට්ටක්කා තමයි.

    ReplyDelete
    Replies
    1. කස්ටිය පෝලිමට පරන දෙමල ෆිල්ම් හොයයිද?

      Delete
  2. හැක් හැක්... චිත්‍ර සර් මරුවට වෙනස විග්‍රහ කරලා....

    ReplyDelete
    Replies
    1. කියන්න පුළුවන් හොඳම ක්‍රමේ වෙන්ඩැති නෙහ්

      Delete
  3. එළ සර් කෙනෙක්නෙ බොලේ... ඔය වගේ සෑර්ලා එක්ක කොල්ලො සෑහෙන්න ෆිට් වෙන බව මම දන්නවා.... අපේ පාසලේ නම් ගීත ගායනා කරන්න පුලුවන් අය තමයි සංගීතයට තෝර ගත්තෙ...

    ReplyDelete
    Replies
    1. ඇයි බං එතකොට ප්‍රායෝගික පැත්තට වාදනය කරපු එවුන් හිටියෙ නැත්ද? මට ඕලෙවල් සංගීතෙට (පෙරදිග) D එකක් තිබුනා, ඒත් ඉස්කෝලෙ සංගීතෙ කරපු අවුරුදු 6 ටම මම එක සිංදුවක් කවියක් කියල නෑ. මම ප්‍රායෝගික පරීක්‍ෂණයට කළේ වයලීන් වාදනය, අනිත් ඔක්කොම ළමයි ගායනය කළේ.

      Delete
    2. සංගීතෙන් චිත්‍ර වලට ආපු උන් අඳින බලි දැක්කහම හිනාත් යනව ඒ කාලේ

      Delete
    3. මමත් සංගිතයට D ලාභියෙක්... සිරා ඉතිං ගායන හැකියාව තියෙන එකෙක් නිසා විද්‍යාලයේ ගායනා කණ්ඩායම සමස්ත ලංකා තරග වලදිත් නියෝජනය කලා. සංගීත හැකියාව තියෙන අය පමණක් සංගීතයට ගැනීම තමයි අපේ පාසල සමස්ත ලංකා මට්ටමෙන් අදත් ලබාගන්නා ජයග්‍ර‍හණ වල රහස...

      Delete
  4. ඔය චිත්තර වැරදිලාවත් ඇමෙරිකාවේ ඇන්දා නම් තමා වැඩේ.....
    එහෙනම් ජම්බෝ වට්ටක්කා....:D

    ReplyDelete
    Replies
    1. අවතාරයා ඇඳලා තියෙන්නෙත් ජම්බෝ වට්ටක්කාද එතකොට??
      ඇමෙරිකන් කාරයෙක් ඉන්දියාව පැතතේ ගියාද දන්නේ නෑ

      Delete
  5. Anonymous1/06/2013

    ළමයි ටික හොඳට චිත්‍ර ඉගෙන ගන්න ඇති....

    ReplyDelete
    Replies
    1. පෝස්ට් එකට ලියන්න බැරි උන කෑල්ලක් දැන් මතක් උනා ඒ ටික මෙතන දාන්නම්.දවසක් අවතාර් ඔට්ටු වෙවී වැල්ලේ ධීවර ලියන් චිත්‍රයට නඟනවා.පැන්සලෙන් ඇඳ ඇඳ හිටියේ.එක පාරටම චිත්‍ර මිස් ඇවිල්ලා “ පුතේ චිච්චිය ඔය තරම් ලොකුවට අඳින්න ඕනේ නෑ “ කියලා මකලා පොඩියට ඇන්දේ නැතෙයි.විලි ලැජ්ජාවයි සන්තෝසයි හිටපු සේරටම කතාව ඇහිලා.උන් නෝන්ඩි කරා සෑහෙන කාලයක් යනතකල්

      Delete
    2. චිච්චිය.. ?? හි හි හි

      Delete
  6. හි හි..ඔයිට හොඳ කතා කිව්වා ඒ කාලේ... හි හි

    ReplyDelete
    Replies
    1. දානවකෝ හිරුවෝ පෝස්ට් එක් අපිටත් කියවන්න

      Delete
  7. කට්ට වට්ටක්කද ? ඩුබායි වට්ටක්කද ? :P:P:P

    ReplyDelete
    Replies
    1. හික්ස් ....මිනි වට්ටක්කා

      Delete
  8. ඉන්දියාවේ වට්ටක්කා ලොකු උනත් වැඩක් නෑ බං ලංකාවේ ඒවා තරම්!

    ReplyDelete
    Replies
    1. ම් ...... උඹ කවද්ද බං ඉන්දියාව පැත්තෙ ගිහින් ආවෙ. හංගන්නෙ නැතුව කියපන් අපිටත්, ඉන්දියන් වට්ටක්ක ගැන.

      Delete
    2. ඉන්දියාවේ වට්ටක්කා වලට නාඩි වැටිලා වගේ

      Delete
  9. අනේ මන්දා :P

    ReplyDelete
    Replies
    1. ඒ කිව්වේ වට්ටක් වෙනස අඳුරන්න බැරිද??

      Delete
  10. හෙහ් හෙහ්!
    ආතල් ඕයි :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. වට්ටක්කද?? සීගිරි අක්කද??

      Delete
  11. Anonymous1/06/2013

    ඔන්න වෙනස.. :)

    ReplyDelete
  12. හෙහ් හෙහ් හෙහ් ..... සර්ට වට්ටක්කා ගැන හොඳට අත්දැකීම් තියෙනව වගේ.

    මම නම් කරේ ඕකෙ අනිත් පැත්ත බං. මම ඉස්සෙල්ල චිත්‍ර කරන්න ගියා, දවස් දෙක තුනකින් සංගීතෙට බැස්සා. අපේ පන්තියෙ හිටපු ළමයිගෙන් සාමාන්‍යයෙන් හොඳට චිත්‍රයක් ඇඳගන්න පුළුවන් වුනු ළමයි දෙතුන් දෙනාගෙන් එක් කෙනක් මම, ඒත් මම ආපහු කැමැත්තෙන්ම සංගීතය තෝරගත්ත.

    ReplyDelete
    Replies
    1. මේක දැක්කහම මතක් උනේ .අපේ පන්තියේ හිටියා පොරක් ඕලෙවල් ඒ7 සී 3 යි.පට්ට ගායකයා.මේ යකා ආර්ට්නේ තෝරගත්තේ.අපි කිව්වා සයන්ස් කරන ගමන් මියුසික් පැත්ත ඇදගනින් කියලා .මූ ඇහුවෙම නෑ

      Delete
  13. වට්ටක්කා...හි හී

    ReplyDelete
    Replies
    1. අපි නම් දන්නේ නෑ හරිය මේ සර් තමා කිව්වේ

      Delete
  14. හික් හික් හික් මට කතාවක් මතක් උනා

    ReplyDelete
    Replies
    1. අඩේ අපිටත් කියහලකෝ

      Delete
    2. පෙට්ටගමට දාහන්කෝ අපිටත් කියවන්න

      Delete
  15. සර් කියලා තියෙන කතාව ඇත්ත බව චිත්‍ර දෙක බලද්දී තේරුනා...හික් , එත් අපේ ඒවා තරම් අරවා කොලිටි නැහැ වගේ...

    ReplyDelete
    Replies
    1. හ්ම් හ්ම් අපේ ඒවා කොලිටි තමා

      Delete
  16. මාර සර් කෙනෙක් නෙ. ඉතින් ලමයි කොහොමට ඇත්ද? කියල හිතා ගත්තෑකි නොවැ.D;

    ReplyDelete
    Replies
    1. අපෝ ළමයි හොඳයි ඇල් වතුරත් නිවලා බොන්නේ
      මේ සර් සෙමිනා එකට පිටින් ආවේ අක්කේ

      Delete
  17. සහතික ඇත්ත කතාව. ඒත් උඹේ පොටෝ වල වට්ටක්කේ පේන්නේ නෑ.. අනික අපි නම් වට්ටක්කා කියන්නේ වෙන දේකට...

    ReplyDelete
    Replies
    1. සීගිරි චිතු ඇඳපු අයට කේස් නැති උනාට අවතාරයා ඕනෑවට වඩා අඳින්න ගිහින් කේස් එක ඇද්දොත් හෙම ඇඩල්ට්ස් ඔන්ලි කියලා.අනික බන් ඉස්සර අන්තපුර වලට කේස් නැතුවට දැන් ඒවත් තහනම් නේ බන්.රජකාලේ වගේද දැන්

      Delete
  18. රන් තැඹිලි සහ කුරුම්බැට්ටි ;)

    ReplyDelete
    Replies
    1. මඩයා කියපු එක තමා හරි !

      Delete
    2. මඩයා හදන්නේ කාන්තා පාර්ශවයේ දෝෂාභියෝගයට අහු වෙන්නද?

      Delete
  19. පංති භාර ගුරුතුමියගෙන්ද මා ආදර සිසු සිසුවියන්ගෙන්ද අවසරයි. මා මෙතනය පැමිණියේ කවියක් ගායනා කිරීමටයි.

    දෙහි දොඩම් රැක්කා…
    අලිගැට පේර වික්කා…
    දිනක වට්ටක්කා…
    වැලක එල්ලී තිබෙනු දැක්කා…

    මගේ කවිය අවසානයි. අසා සිටි ඔබ සැමට ස්තුතියි.

    ReplyDelete
  20. හික්ස්..... මරු විග්‍රහය.....

    ReplyDelete
  21. හහ්..! ඔය වගක් කලින් වැටහුනේ නෑනේව...වට්ටක්කා.. හෙහ් හෙහ් හෙහ් මං කන්ඩ කැමති එළවළුවක් බං

    ReplyDelete
    Replies
    1. පරස්සමින් කොල්ලෝ කන්න ගිහිල්ලා කන්න වෙයි හොඳේ

      Delete
  22. වට්ටක්කා ඇතුළු කහ එළවලු කෑමෙන් සම පැහැපත් වේ.

    ReplyDelete
    Replies
    1. මොකක් මොකක් වැරදි උපදේශ දෙන්න එපා හරිය. අවසානෙට ඕවා ඉතුරු වෙන එකක් නෑ

      Delete
  23. මම හිතුවේ කැකිරි පළුව කියලා.. ;)

    ReplyDelete
    Replies
    1. අජන්ත ද? සීගිරි ද?

      Delete
  24. හි හි.. නියම ගුරෙක් නෙව.. ඔය සෙමිනා ඒකට ගුරුවරිෙයා් හිටියෙ නැද්ද??

    ReplyDelete
    Replies
    1. නැතුව බං මොනව කරන්නද සර්ගේ කුප්ප කතා වලට කට වහගෙන හිනා වෙනවා ඇරෙන්න

      Delete
  25. මරු සර් කෙනෙක්නේ හිකිස්..
    අපි ඉතින් කොහේදෝ අමාරුවක් සුව කරන්න ඉංගිරිසී සාහිත්‍යනේ කොලේ :D

    ReplyDelete
    Replies
    1. අවතාරුත් අවුරුද්දක් කොලා ඕක ඇඟේ පතේ අමාරු යන්න අතිරේක විෂයයට

      Delete

හිතට දැනෙන දේ ලියලා යන්න