Wednesday, January 2, 2013

එක් කක්කා කතාවක් | සිත්තර ඇතුලත්ය

                       අවතාරයට පොඩි අවුලක් තියනවා කෑම පැත්තෙන්.කරන ගොන් වැඩ වලටද මන්දා ගොන් කිරි නිෂ්පාදන මොනවත් කටේ තියන්න බෑ.වැරදිලා වත් කෑවොත් දිවට දැනුණ රහ යන්නත් කලින් පස්ස දොරෙන් සේරම එලියට දාන්ඩ ඕනේ.ඒ කියන්නේ අවතාර්ගේ බඩ කිරි වර්ජනය කොරනවා.
                                ලියන්න යන සීන් එක අවතාර්ගේ සුන්දර ඕ ලෙවල් කාලේ එකක්.හවුස් මීට් එහෙම තිබුන කාලේ තරඟ තිබුන දවසක්.හවුස් මීට් දවසට මාර්ච් එකට එහෙම කස්ටිය තෝරන කොට අවතාර් ඇතුළු කීප දෙනෙක් ලොවෙත් නෑ.පන්ති වලින් එලියට බහින්නේ නෑ.ගිනි ගහන අව්වේ කර වෙවී ආමි කාරයෙක්ගෙන් බැනුම් අහ අහ රූකඩ වගේ ඇවිදින්න කාටද දෙයියෝ පුළුවන්?
                 ඒ අවාසනාවන්ත දුක්ඛිත දවසෙත් අවතාර් මාර්ච් විරෝදී සෙට් එකත් එක්ක පන්තියට වෙලා කයියක් දාගෙන හිටියා.ටික වෙලාවකින් තමා අවතාර්ගේ කරුමෙට එකෙක් හවුස් එකේ වැඩ වලට ගෙනාපු යෝගට් ටිකක් උස්සගෙන ආවේ.අවතාර් එක්ක ඉන්න එවුන් දන්නවා අවතාර්ට මෙව්වා ඇලජික් විත්තිය.මුන් අවතාර්ට පේන්නම යෝගට් ටික බෙදාගෙන ඒ මදිවට

   “ඒ මචන් අවතාර්ගේ එක මම කනවා .ඌට මේවා ඇලජික් නේ “
                 යකෝ කන්දෝ නොකම්දෝ කියල හිතන්නත් කලින් මේ ගෝතයා මගේ යෝගට් එකට ඇරපු ලස්සන.බඩගින්නයි ආසාවයි හිතේ තද කරගෙන මම වටපිට බලනවා.අර කෑමදාස මගේ යෝගට් එක දිහාට අත යවනවා.මේ වෙලේ අවතාර්ගේ හිත දැඩි උනා කඳ කෙලින් උනා.



 “ කෝ මෙහෙට දිය .තොපි හිතන් ඉන්නේ අපි හාවෝ කියලා .යෝගට් එකක් කන්න බැරිවෙන්න මට අහවල් ලෙඩක්ද  “

                   හිතේ තද උන අවංක බඩගින්නයි යෝගට් එක ඉල්ලපු එකා ගැන ඇති වෙච්ච සහෝදර ප්‍රේමයයි එක්ක අවතාර් එක හුස්මට යෝගට් එක කටේ හලා ගත්තා.අනිත් එවුනුත් පාඩුවේ යෝගට් රහ විඳිනවා.විනාඩි තුන හතරක් යන්න ඉස්සර මගේ පියකරු බඩ ගෙඩියත් යෝගට් රහ විඳින බව තේරෙන්න ගත්තා.හීනි කැක්කුමක් වගේ මෙව්වා එකක් එක්ක බඩ කුරු කුරු ගානවා.
  “ ඕනෑවට වඩා හිතන්ඩ එපා කොල්ලෝ .වැඩිය හිතන හින්දා තමයි බොගෙ බඩ පොඩ්ඩ ඇත්නම් ඇති.ඒ වෙලාවට වෙන දෙයක් ගැන හිතහන් “
 
            අවතාර්ට එක දවසක් කවුද කිව්ව එකක් මතක් උනා.ඒ එක්කම හුන්ඩං යෝගට් කප් එකකට අවතාර්ගේ පෞරුෂය නැති කරන්ඩ පුළුවන්ද කියලා හිත ධෛර්යමත් කරගෙන වෙනවෙන ඒවා ගැන හිතන්ඩ ගත්තා.මොනව ගැනද හිතන්නේ කලින් දා බලපු මෙව්වා එකක්.යන්තම් ඩීවිඩී ප්ලේයරේට තැටිය දාද්දිම උදරාන්ත කලාපයෙන් ආවා අනතුරු ඇඟවීමක්.වෙලාවේ හැටියට වැසිකිලියක සුව විඳින්න ඕනේ බව දැනගෙන අවතාර් මූණ අකුලගෙන අතින් ලාවට බඩ අල්ලගෙන එලියට බැස්සා.
පන දෙන්න ඉන්න එකෙක්ටවත් අවතාර් ගැන හාන්කවිසියක් නෑ.ඒකත් ජයසිරි මංගලං කියලා අවතාර් හීන් සැරේ එතනින් ලෙස්සුවා.අවතාර් වැසිකිලියේ වෙන දේවල් හිතින් මව මවා දෙයියෝ බලන්නඩ දේවාලෙට යන එකෙක් වගේ බඩත් අල්ලගෙන හැම ඉන්ටර්වල් එකකම පිහිට වෙන ටිකක් දුරින් තිබුන ටොයිලට් එකට ගියා.
                   සියලු වත් පිලිවෙත් වලට ඉස්සර බොක සම්බන්ධ කර්තව්‍යන්ගේදී ඉස්සර වෙන පුරුද්ද දෙයියනේ කියලා ඉස්සර උනා.ඒ තමා ටැප් එක ඇරලා වතුර තියනවද බලන එක.(ඔන්න වැදගත් දෙයක් අවතාර්ගෙන් ඉගෙන ගන්නවනම්)හුටා වතුර කඳුලක් නෑ.එවෙලේ අවතාර්ගේ අහිංසක  මූණත් තහඩුව බොලා දැක්කනං....
                 දැන් මොන දෙයියන්ට කියන්ඩද?එක්කෝ මේක අවතාර්ගේ කරුමේ නැත්තං ඇඳං හිටපු කලිසමේ කරුමේ.මෙතන වතුර නෑ කියන්නේ ඉස්කෝලේ ටොයිලට් ක්ෂේත්‍රයේ තිබුන මනා දැනුම අනුව යන්න පුළුවන් එක වැසිකිලියයි තියෙන්නේ කියලා අමාරු අස්සෙන් අවතාර්ගේ මොල ගෙඩියේ විද්‍යාමාන උනා.ටැප් වලින් ප්‍රශ්නයක් නැති ඔන්ලයින් පිරෙන ටැංකියක් තිබුන මේ වගේ හදිසි අවස්තාවලදී පාවිච්චි කොරන්ඩ පුළුවන් උසස් පෙල ලැට් එක.මෙතන ඉඳන් එතෙන්ට දුරම කොච්චරක් ද? හිතෙන කොට ඔන් ද වේ තිබුන ඒවත් වේලිලා යන තරං.ආයෙත් බටර් ටිකක් වගේ දිය උන දහිරිය යන්තම් එකතු කරගෙන පුරුස සක්තිය අරගෙන ඇවිද්ද උසස් පෙල පැත්තට.ඇවිද්දා කිව්වට මේක නිකන් දුවනවා වගේ එකක්ද මන්දා.
ටොයිලට් එකට ගිහින් ඇඳගෙන හිටපුවා එච්චර ඉක්මනට ගලෝපු හැටි අවතාර්ට තාමත් පුදුමයි.ඒ මදිවට ඕපන් ඩෝර්.කවුරු හරි ආවනං විලි ලැජ්ජාවයි.තමන්ගේ අතේ න්‍යෂ්ටික බෝම්බයක් තිබිලා ඒක නිෂ්ක්‍රිය උනා වගේ දැනුණ සනීපේ ඒ වෙලාවේ තාමත් දැනෙනවා වගේ.පස්සේ අවසාන වත් පිලිවෙත් ටික ඉෂ්ට කොරලා අවතාර් පන්තියට ගියේ ෆුල් හැපි එකේ.

55 comments:

  1. හප්පේ මචන් ඔන්න ඔයවගේ කෙස් එකක් මටත් වෙලා තියෙනවා. හප්පේ වැඩේ කරන එද්දී නිකන් එන්නේ රටක් රාජ්‍යයක් දිනලා එනවා වගේ නේද? මේ පහුගිය සතියේ මම ඉස්පිරිතාලේ හිටියෙත් ඔය ලේදෙටම තමයි. උනත් එක්ක. :D

    ReplyDelete
    Replies
    1. හෆොයි කෝරලේ මලයණ්ඩි ඉස්පිටිතාලෙත් ගෑටුවය, දැන් ලෙඩ සනීපය ඉතිං.

      මේ ඒක නෙවි බං, ඔය ලෙඩේ හැදිච්චි වෙලාවට අර සැර ඒව සූට්ටක් පාවිච්චි කළාට කිසි ගුණයක් නැත්ද හැබෑට, මේ දැන ගන්න ඇහැව්වෙ. ඔය සමහරු කියන්නෙ ඒක දිව්‍ය ඖෂධයක්ය කියල. :)

      Delete
    2. /// හප්පේ වැඩේ කරන එද්දී නිකන් එන්නේ රටක් රාජ්‍යයක් දිනලා එනවා වගේ නේද?///
      ඒ ගැන මොන කතාද කෝරලේ ආයි ඉතින් මාර සනීපයක් තියෙන්නේ
      එවෙලේ ඕවා පාවිච්චි කොරානම් DDT අයියේ ගෙදර යන්න වෙන්නේ කලිසමක් නැතුව

      Delete
    3. @ DDT අයියා ඔව් අප්පා..... සසර කලකිරිලා වනගත වෙන්න හිතිලා හිටියේ. වෙච්ච දේ හොයාගන්න ඩොකාට වත් බැහැ. ටෙස්ට් බරගානක් කළා. තව සේලයින් 3ක් දුන්නා. නින්ද යන්නේ නැති තැන එයින් ෂොට් දෙකක් දාලා නිදාගත්තේ අඩු උනෙම නැහැ.

      Delete
  2. හප්පුච්චියේ .... කොළුවො ඒක නම් හොඳ ලෙඩක් නෙවි ඕං. (එකාතකට හොඳ ලෙඩ කොහේද තියෙන්නෙ, නේද. ඔක්කොම ලෙඩ නරකයි නොවැ). අනේ බං මමත් ඔය අවුවෙ කරවෙන සෙල්ලම්වලට හරිම අකමැතියි, මොන වදයක් ද? මාර්ච් එක ඔක්කොටම හපන්, දවස් කීයක් කියල පුරුදු කරන එවුන් අර අහිංසකයො ටික මඩවනවද, ඇඬෙනව.

    හැබැයි උඹ අඳින්න තිබුනෙ සීන් එකේ ඔතන නෙවි, අර වැදගත්ම තැන. :)

    ReplyDelete
    Replies
    1. අවතාර්ටත් මාර්ච් නයාට අඳුකොල වගේය
      ඒ සීන් එක අඳින්න බෑ බං ඕපන් ඩෝර් එවෙලේ

      Delete

  3. මන් පත්තරේක දැක්ක ඔය වගේම ලෙඩක් තියෙන ගෑනු ළමයෙක්
    ගැන එයා මැරුණා කියල මුළු ඇඟම නිල් පාට වෙලා ..
    කිව්වත් වගේ අඳින්න තිබ්බේ අර දුවන් යනවා හරි , න්‍යෂ්ටික
    බොම්බේ නිෂ්ක්‍රීය කරනවා හරි....දැනුත් පරක්කු නැහැ ..
    ඇඳලා දාන්න...

    ReplyDelete
    Replies
    1. මේකා මාව බය කරනවනේ අලුත් අවුරුද්දේ
      දැන් නම් අඳින්න වෙලා මදි බං

      Delete
    2. ඒ ළමයට තියෙන්නේ ජාන හරි වෙන මොකක් හරි
      මට තේරෙන්නේ නැති සීන් එකක්.එහා ගෙදරින් කැවුම්
      පිඟානක් එවල, ඒක වහල තිබුණ කොලේ කිරි පිටි තිබිල.
      ඒ කිරිපිටි කැවුම් වල ගෑවිලා.ඒ ගැවුන දෙයක් තමයි ළමයට
      කැවිලා තියෙන්නේ..පැය කීපයක් ඇතුලත ජීවිතෙන් සමු අරන්.
      නලින් දන්නවා ඇති විස්තරේ..
      බය වෙන්න එපා උබ මැරෙන්නේ නැහැ ..

      තව දෙයක් මචන් උබට තවත් එක මිහිරි අද්දැකීමක් ලබන්න
      බැරි වෙනවා මේ දේ නිසා..
      ( අනේ මන්ද මේකට අවොත් මගේ කුප්ප හිත ඇවිස්සෙනව නෙව )

      Delete
    3. ඇයි යකෝව් උඹ හිතුවද මන් එලවැස්සියෙක්ව බඳිනවා කියලා.අනික මම පොඩි කාලේ අම්මගෙන් කිරි බීලා තියනවා කිසිම ඇලජික් එකක් නෑ

      Delete
    4. ඔය පැන්නේ බළලා:P

      Delete
    5. බුහ්හා.......... අඩේ අවතාර් උබට සොරිම තමා.. සමහර ආසාත්මික තා පහුකාලෙදි ඇතිවෙනවළු

      Delete
    6. කොමඩ් එක සහිත රෝද පුටුවක් සොයා ගනිමි

      Delete
  4. මට මේක දැක්ක ගමන් මතක් උනේ වරකාපොල... කෑවා නියම කට්ටක් ... නුවර ඉඳලා එන ගමන්...

    ReplyDelete
    Replies
    1. තව පෝස්ට් එකක් වගේ

      Delete
  5. මගෙත් යාලුවෙක් ඉන්නවා කිරි ආහාර පේන්න බැරි. මිනිහා පුංචි කාලේ අම්මගෙන් කිරි බිව්වට පස්සේ වෙන කිසිම කිරි ජාතියක් බීල නෑ. කිරි සම්බන්ධ කිසිම කෑමක් කන්නෙත් නෑ.

    ඔය අමාරුව තද කරන් ඉන්න එක ගැන නම් කතා කරලා මොකටද?? හොදම දේ කොච්චර වෙලා ඉවසුවත් ටොයිලට් එකට ගිහින් කලිසම ගලවන කන් ටිකනේ ඉවසන්නම බැරි.

    ReplyDelete
    Replies
    1. වැඩක් නෑ බන් කියලා සමහර දාට යට ඇඳුම් උඩ ඇඳුම් එකටමයි ගැලවෙන්නේ

      Delete
  6. හොදා වැඩේ..වැඩ පෙන්නන්න බැරි ඒවා කනවට...හි හි හී...

    ඔය බඩේ අමාරි හැදුනම හිර කරගෙන ඉන්නවා බොරු..පුදුමයි මගදි ගිය නැති එක..:P

    ReplyDelete
    Replies
    1. ටයිම් මැනේජින්
      අනාගතේ මැනේජර් කෙනෙක් වෙන ලකුණු

      Delete
  7. හිකිස් :)

    හැපි 2013ක් ඈ....

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. රජාව දැක්ක කල්
      අලුත් අවුරුද්ද බොටත් සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

      Delete
  8. Anonymous1/02/2013

    //ගිනි ගහන අව්වේ කර වෙවී ආමි කාරයෙක්ගෙන් බැනුම් අහ අහ රූකඩ වගේ ඇවිදින්න//
    //ටැප් වලින් ප්‍රශ්නයක් නැති ඔන්ලයින් පිරෙන ටැංකියක් තිබුන මේ වගේ හදිසි අවස්තාවලදී පාවිච්චි කොරන්ඩ පුළුවන් උසස් පෙල ලැට් එක//
    ඇදලා තියෙන පින්තූරෙ කොරිඩෝ එකේ පිහිටීම සහ පෙර පෝස්ට්වල ඇති කරුනු සලකා බැලීමෙන්....... CCK??????????
    ~Saji~

    ReplyDelete
    Replies
    1. CCK තමා
      එතකොට මේ CCK කොල්ලෙක්ද?අඳුන ගන්න ලැබීම සතුටක් ඈ

      Delete
    2. kuliyapitiya central collage

      Delete
  9. araliya1/02/2013

    :) matath oya kiri ledenam tikak withara thiyenawa appa. :)
    ayyatath wenne hoda hoda siddi tama.....neda? :D

    happy new year ayya.

    ReplyDelete
    Replies
    1. නංඟිටත් සුබ අලුත් අවුරුද්දක් !!!

      Delete
  10. උච්චතම අවස්තාවෙ චිත්‍රය මේක වෙන්ට බෑ‍.

    ReplyDelete
    Replies
    1. උච්චතම අවස්තාව ටිකක් විතර ඩේන්ජරස්ලු හිකිස්

      Delete
  11. මේ අවස්ථා ගැන විස්තර නොකරමි! මොකෝ මටත් ඕනේ තරම් අත්දැකීම් ඇත! මාර සැපක් නේ තියෙන්නේ!

    ReplyDelete
    Replies
    1. ගියාට පස්සේ පස්සට තියන සැප ආව් අම්මා.......

      Delete
  12. මෙන්න මේකත් ඔය වගේ කතාවක්

    "ඕල් ආ රේමන්ස්"

    ReplyDelete
    Replies
    1. මම නම් කියවලා තියේ. ඕල් ආ රේමන්ස් තමා බලන් ගියහම

      Delete
  13. හුටා...කාලා වරෙන්කෝ...

    ReplyDelete
    Replies
    1. කිරිද ? කතා කරන්න එපා බන් තරු පේනවා

      Delete
  14. ඔහොම සීන් එකක් උනාම නම් පට්ට යන්න දාඩිය දානවා තමා නේද අයියේ....?

    ReplyDelete
    Replies
    1. ඉහින් කනින් දාඩිය දාන්නේ බයට

      Delete
  15. ඔය අමාරුව ගැන නම් කියන්න වදන් නෑ බන්...මගේ පුරුද්ද තමයි ට්‍රිප් එකක් එහෙම ගියාම යන්තමට හරි අවශ්‍යතාව දැනෙනවා නම් තදකරගෙන ඉන්නෙ නැතුව බරෙන් නිදහස් වෙන එක. ඒ නිසාම වාහනේ නැවැත්තුවොත් නවත්තන්නෙ දොළපාරක්,අකුලක්,බඩවැටියක් තියෙන තැනක...

    මටත් ලියන්න බොක කථා කිපයක් තියෙනවා...ඉදිරි දිනයක ලියන්නම්....

    බොකෙන් නිදහස් උනාම තියෙන හැගීම තරම් ජයග්‍රාහී හැගීමක්...හම්...

    ReplyDelete
    Replies
    1. සිරාගෙන් බොක කතා සෙට් එකක් ළඟදීම....

      Delete
  16. ලෝකේ තියන ලොකුම සැනසීම ලැබෙන්නේ ඒ වගේ වෙලාවක වැසිකිලියක් දක්කමලු..හිහි

    ReplyDelete
    Replies
    1. හිතට දැනෙන නිදහස හෆ්ෆා...

      Delete
  17. කොහොමද අන්තිම මොහොතෙ සනීපෙ

    ReplyDelete
    Replies
    1. හෆ්ෆා සැප කනේ හිටන්

      Delete
  18. Rangana1/03/2013

    ඔයාට තියෙන්නේ ලැක්ටෝස් ඉන්ටෝලරන්ස් කියන තත්වය වෙන්න පුළුවනි. ආසියාතිකයින් ගෙන් 30% කට ඕක තියෙනවා. ජාන නිසයි එහෙම වෙන්නෙ. මටත් ඕක තියෙනවා. පරිස්සම් නොවුනොත් පෝෂණ අක්‍රමිකතා ඇති වෙන්න පුළුවන්. පරිස්සම් වෙන්න !!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි උපදේශයට සහ අහසට ආවට

      Delete
  19. දවසෙන් දවස තව තව ලිපි ලියවේවා
    ලිපියෙන් ලිපිය හිට්ස් වැඩි වැඩියෙන් ඒවා
    මසුරන් වගේ ප්‍රතිචාරත් හිමිවේවා
    ලැබූ නව වසරෙ බ්ලොග් ලෝකේ වැජඹේවා!

    ReplyDelete
    Replies
    1. Anonymous1/03/2013

      හැම තැනම එකම දේ කියා කියා පබ්ලිසිටි දාන අපේ කාලයේ ඇනෝ කමෙන්ට් වංචාකරු..

      Delete
    2. කක්කා කතා බලන්නට
      කකා ආවා මේ පැත්තට
      ආයෙත් එන්න අහසට
      ඇරයුම් තබමි මින් මත්තට

      Delete
  20. ඕක හෙන බයානක කේස් එකක් නේ අවතාරයෝ... ඔක්කොටම හපන් කට ළඟට ගෙනත් දෙන එක කාගන්න බැරි උනාම.... හිනා වෙන්න හිතෙන්නෙත් නෑ මේක කියෝලා..

    ReplyDelete
    Replies
    1. හිරුවට විතරයි මගේ දුක තේරුනේ

      Delete
  21. හෙහ් හෙහ් හෙහ්.... කියන්න සන්තෝසයි මචන් මාත් ඔය වගේ සීන් දෙක තුනකටම ෆේස් කරලා තියෙනවා. අන්තිම සීන් එක දැනට මාසෙකට විතර කලින්. පොළ දවසේ පොළ ඉස්සරහා තියෙන ටොයියට ගියා ඉවසන් ඉන්න බැරි තැන පෝලිමත් පැනලම. හුටා... එකේ දොරේ අගුල නෑ. දොර ගාව පෝලිම. මක් කොරන්නද අනික් එකේ එකා එනකන් ඉන්න බැරි නිසා රිංගුවා. එකේ දොර ටිකක් ඈතින් තියෙන්නෙත්. අත උපරිම දික් කරලා නියපොතු වලින් යාන්තමට ටච් එකක් දාගෙන හිටියා. එතකොටත් අඟල් තුන හතරක් දොර ඇරිලා. කෙළවුණේ වතුර එක ගන්න අත ගන්නකොට. පුදුම ගේමක් දීලා ජාමේ බේරාගත්තේ.

    ReplyDelete
    Replies
    1. යකෝ මේකනේ අඳිනවනං සීන් එක

      Delete
  22. ...තමන්ගේ අතේ න්‍යෂ්ටික බෝම්බයක් තිබිලා ඒක නිෂ්ක්‍රිය උනා වගේ දැනුණ සනීපේ ඒ වෙලාවේ තාමත් දැනෙනවා වගේ....//
    පට්ටම වදන...
    මං දන්න ගෑණු ළමයෙකුත් ඉන්නව.කිරි නිශ්පාදන ඇලජික්.....ඔහොම එක්ක නම් දන්නේ නෑ.ඒත් ඇස් වලින් කඳුළු ඇවිත් හෙන කෙලියක් වෙනව කියලයි කියන්නේ....

    ReplyDelete
    Replies
    1. ඇත්ත සිද්ධිය ඕක වෙන්නැති කියාගන්න බැරුවට

      Delete
  23. කරුමෙට ඒ ලැට් එකෙත් වතුර නැතිලු.. ඊට පස්සෙ අවතාර් මොනව කරන්න ඇතිද හැබෑටන ??? :P

    ReplyDelete

හිතට දැනෙන දේ ලියලා යන්න