Friday, January 4, 2013

සරම.. මගේ සරම.. අයියෝ සරම....

                                         අද එකපාරටම සරම ගැන ලියන්න හිතුනේ මොකද කියා අවතාර්ටම හිතාගන්න බැරිය.අවතාර්ගේ ඇඳුම් අතර නම් සරමට හිමි වන්නේ ප්‍රධාන තැනකි.ඒ අනිත් ඇඳුම් සේරටම වඩා සරම අවතාර්ට සුවර් හින්දාය.සරමේ කතාව කොතනින් පටන් ගන්නද කියා කල්පනා කරන විට අවතාර්ගේ සූටි කාලය මතකයට නැගෙයි.මුලින්ම අවතාර් සරම් ඇන්දේ දහම් පාසල් යන්නටය.ඉස්කෝලේ අඳින නිල් කොට කලිසම ඇඳ එයට උඩින් සරම ඇන්දේ එහෙ මෙහෙ දුවන දිවිල්ලට සරම කැඩෙන බව දන්නා නිසාය.උදේට කිරි සුදු පාටින් දහම් පාසල් යන එකා හවස එද්දී සරම ගලවා බෑග් එකේ දාගෙන එන්නේ ඒ කාලයේ සරම වදයක් උනු නිසාමය.ඉන් පසු නිදාගන්නට යද්දී අවතාර් සරමට හුරු උනේ කලිසමට වඩා සරම සනීප නිසාය.පත සයිස් එකේ සරමක් ඉනෙන් දෙකට නවා සරම අඳිද්දී තව එකෙකුට ඒකට බහින්නටත් ඉඩ තිබුනාය.ඒ දිනවල උදේ නැගිටිනවිට අවතාර්ට තිබුන බලවත් ප්‍රශ්න අතර සරම හොයා ගැනීමේ ප්‍රශ්නයද ප්‍රධාන තැනක් ගත්තාය.කලාතුරකින් වළලුකර හරියේ රැඳෙන සරම බොහෝ අවස්ථාවලදී අහුලාගන්නේ ඇඳ යටින්ය.ඒ දවස් වල පොරවන රෙද්දට පින්සිද්ද වෙන්නට අවතාර්ගේ ලජ්ජා බය වැහී තිබුනාය.

                                          නිදාගද්දී සරම අඳින එකේ වැදගත්කමක් තිබුනත් එය කියන්නට ගියොත් කලිසම් අඳින උන්ගේ දෝශාරෝපනයට අවතාර් අනිවා අහුවෙනවාය.දැන් නම් අවතාර්ට සරම තරම් සුවර් ඇඳුමක් නැත.සරමක් නැතුව කලිසමක් ඇඳගෙන නිදාගත්තොත් හරියට නින්ද යන්නේ නැති තරමට අවතාර් සරමට අබ්බැහි වෙලාය.කොහේ ගියත් අඳින ඇඳුම් අස්සේ සරමක් බෑග් එකට ඔබාගෙන යන්නේ සරමට ඇති ඇල්ම හින්දාය.අවතාර්ට සරමට ඇති සුවර් එක ගැන කියන විට නියම කතාවක් මතක් වෙන්නේය.එක සැරයක් යාපනේ ට්‍රිප් එකක් ගිහින් නවතින්නට ගෙයක් ගත්තේ ගියපු සේරටමය.ගෑණු ලමයි ,බැඳපු අය කාමර වෙන් කරද්දී තනිකඩ කොල්ලෝ ටිකට උනේ කාමර වලින් එලියේ ඉස්තෝප්පුවක් වැනි කොටසේ වැටී නිදන්නටය.එදත් පුරුද්දට මෙන් සරම ඇඳ නිදාගෙන උදේට බලද්දී අනිත් හැම එකාම සරමට ඇති බයෙන් යටට ජොකෙක් ඇන්දලාය.අවතාර් නිව්ටල්ම නිදාගැනීම ගැන උන්ට පුදුම හිතිලාය.ගේ ඇතුලේ සිටි කස්ටියම යන්න ඕනෑ අවතාර්ලා නිදා ගත් තැනෙන්ය.එ වෙලේ කාගේ හෝ සරමක් කැඩී තිබුනානම් උන්ගේ පතිවත එතනම කෙලෙසෙනවාය.
                        දවසක් බැජාලා සෙට් එකත් එක්ක සරම ගැන කතාවකට වැටුන විට හිටපු එකෙක් ආතල් කතාවක් කිව්වාය.

    “ උඹලා සරම ගැන කියනවා යකෝ මම ජීවිතේට සරමක් ඇඳලා තියෙන්නේ එක පාරයි.ඒ ඉස්කෝලේ තිබුන පොළකට ඉන්න පොඩි කාලේ .ඒකත් ටික වෙලාවකින් කඩන් වැටුනනේ බන් “

                         උගේ කතාවට වටේ හිටපු උන්ට හිනා නොවී ඉන්නට බැරි උනාය.සමහරක්ට සරම එහෙම වාතයක් වෙන විට අද වන විට සරමට ඇති තැන ඉතා ඉහලය.කොටින්ම රටේ ලොක්කා පවා අඳින්නේ සරමය.

අවතාර් කලකට ඉහත ඇන්ද ලොක්කගේ කාටුන් එකක  සරම ඇති අයුරු
          ලොක්කගේ මේ වැඩෙන් ජීවිතේට සරම් නොඇඳපු මන්තිරී ගොල්ලකට සරමට බහින්නට උන එකනම් මහ අපරාදයක්ය.කොහොම උනත් දැන් දැන් සුද්දෝ පවා සරමට වැඩි කැමැත්තක් පෙන්වන බව දකින්නට තියෙන්නේය.




             

















                                       සරමේ යථාර්තය මෙසේ වෙද්දී අහිංසක අපේ ඇඳුම උන සරමටත් කෙලවෙන ලකුණු දැන් පෙනෙන්ට ඇත්තේය.අපේ ගැමි තාන්තාව ඉස්සර සරම පාවිච්චි කලේ නාන්නට පෙර තන මත්තට අඳින්නටය.දුකට කරුණ නම් ඇඟ වටේ රෙදි එතිය හැකි සියලුම ක්‍රම පාවිච්චි කර ඒවාට විලාසිතා යයි කියන විලාසිතා මවන උන්දලා සරමටත් වැඩේ දීලාය.ඔය යටින් තියෙන්නේ එහෙම සරමෙන් කරපු විලාසිතා ටිකක්ය.

                              මේවා දකින කොට සරමක් ඇඳගෙන පාරේ බැහැලා යන්න බැරිය.

56 comments:

  1. බලන්න හසන්ත මහත්තයෝ අපේ හෙළ සරම නේද මේ සුදු කඩන වල දැවටෙන්නේ....

    ReplyDelete
    Replies
    1. අඩේ කඩන නෙවේ "කදන්"

      මං මීගොදයටත් සරම හොඳට හුරුයි... ඒත් ඉතින් නින්දට වැඩි මනාපේ උපන් ඇඳුම තමා

      Delete
    2. ඒකනේ බන් මම බැලුවා මේ හරුපේ මොකද්ද කියලා
      සරම හුරු කවුරුත් කාලයක් උපන් ඇඳුමින් තමා

      Delete
  2. මමත් සරමට ලයික්ය.. ඒ නිවසේදී පමණය.. යාලු මිත්තරයන්ගේ ගෙවල් වල යදිදී ට්‍රිප් යද්දී සැහැල්ලු ෂෝටට ලයික් වෙමි..
    මොකද අපි හොද ලැජ්ජ බයට හැදුන කොල්ලොනේ..

    ReplyDelete
    Replies
    1. සරමට යටින් අන්ඩ වෙයා එකක් ඇන්දොත් ලැජ්ජා බයද වැහෙන්නේය

      Delete
  3. සරම කියන්නේ සුපිරිම ඇදුමය. පනින්ට ඕනැ නං එක විදියක්ය. ගරු සරුව යනවා නං එක විදියක්ය. කුඹුරට බහිනවා නං එක විදියක්ය. නානවා නං එක විදියක්ය. වාඩි වෙනවානං එක විදියක්ය. එහෙම බැලුවම මේ වගේ හතර අතට ගත හැකි ඇදුමක් නැත. මතකද 96 ලෝක කුසලාන අවසාන තරගෙන් පස්සේ තිබ්බ පාටියෙදි අර්ජුන ඇදපු සරම ට හිත ගිය ටේලර් කාරයා සරං මහගත්තය කියන කතාව

    ReplyDelete
    Replies
    1. ඇයි චන්ඩි කමට ?මතක නැද්ද ගාමිණී,ජෝ,රොබින්,ඇලෙක්ස් ල සරම ඇදන් දාපු පාට් ??

      Delete
    2. ඇත්ත ඇත්ත වලියට යනවානම් සරමෙන් දාන පාට් එක තරම් දෙයක් වෙන ඇඳුමකින් දාන්නට බැරිය

      Delete
  4. සරමක් ඇඳ ගෙන නිදිව්වම තමයි උදේට උනත් හිතෙ හැටියට බොහොම පහසුවෙන් ටෙන්ට් එකක් ගහ ගෙන නැගිටින්න පුළුවන්..කලිසම් අස්සෙ හිර වෙලා පොඩි වෙලා අපහසුවෙන් ඉන්නවට වඩා...

    ReplyDelete
    Replies
    1. සරම ඇඳගෙන නිදාගැනීමේ ප්‍රධාන සැප

      Delete
  5. සරම මරු ඇඳුමකි...
    මෙම ලිපියට තවත් අමතර යමක් එක් කිරීමට අදහස් කරමි...
    සරම යනු අපි සැම මහත් ගෞරවයෙන් භාවිතා කළ යුතු ඇඳුමකි.මන්ද යත් පොළවේ උපන් අපි පොළවට කිසිදු රහසක් තබා නොගත යුතු බව මගේ හැඟීමයි. ඉතින් සරම පමණක් ඇඳි කළ අපි සැමටම වාගේ වසන් කරන රහසක්, පොළවට නිරාවරණය කරමු.

    තවද නොමිලේ AC ලබා ගැනීමට සරම තරම් උචිත ඇඳුමක් නොමැත්තේමය.
    ඉතාමත් රස්නේ කාලෙට අවශ්‍ය ප්‍රමාණයට කොට කරගත හැකි වීම මෙහි විශේෂත්වයයි...ඒ ආකාරයෙන්ම වඩාත් සීත කාලයට සරම ඉතාමත් දිගු කරගෙන ඇඳිය හැකිය..
    උස 5' 4'' ක් වන මට සරම කකුල් දෙක වැසෙන අයුරින් ඇඳිය හැක.
    ඉතින් මදුරු දඟර පත්තු නොකර මදුරුවන්ගෙන් කකුල් ආරක්ෂා කර ගැනීමටත් සරම ඉවහල් වන්නේය...:D

    ReplyDelete
    Replies
    1. ඔය තියෙන්නේ සරමේ වාසි

      Delete
  6. සරම නියම ඇඳුමක්නෙ අවතාර්,මම නම් බොහොමයක් වැදගත් අවස්ථා වලදිත් සරම අඳින්නෙ.හැබැයි මගේ පුතාට තාම සරමක් අන්දවා ගන්න බැරිවුණා.ෂෝටම තමයි.

    ReplyDelete
    Replies
    1. ටික ටික පුරුදු කරමු
      ටික කාලයක් යනකොට පුරුද් වෙයි

      Delete
  7. ඒ දවස්වල ගොඩේ කියපු ඇඳුම දැන් විලාසිතාවක් වෙලා වගේ..:)

    ReplyDelete
  8. Anonymous1/04/2013

    සරම මාර නිදහස් ඇඳුම. පොඩි අවුලකට තියන්නේ දැන් කලිසමට පුරුදු වෙලා ෆෝන් එක පර්ස් එක එහෙම දා ගන්න තැනක් නැති එක. ඕකෙන් පොඩි එවුන් එහෙම පීනන්නත් පුරුදු වෙනවා හුලන් පුම්බල ගැටයක් දා ගෙන. ඒ වගේ පහසුකම් ගොඩයි. හැබැයි සරම ඝන්ටාර මාක් උනොත් නම් ලෙඩේ :)

    ReplyDelete
    Replies
    1. ඒ වෙලාවට තියලා තදකරලා ගැටයක් ගහගන්නවා හොඳයි

      Delete
  9. අපි නම් වැඩිය දන්නේ නැත සරම් ගැන...හික්....

    ReplyDelete
    Replies
    1. දැනගෙන ඉන්න එක හොඳයි අනාගතේ අන්දවන්න උනොත් එහෙම

      Delete
  10. සරමට එකෙක් වත් මක්කවත් කියන්නෙපා හරි
    ඒක පට්ට ඇදුම මං කොයි ලෝකෙ ගිහින් ආවත් මුලින්ම කරන්නේ සරමට බහින එක.ගෙදරට අදින්නෙත් එකමයි එක මාරම පහසු සනීප ඇදුමක්.ඇදලා ඇදලා එක දැන් පට්ට සුවර් බය වෙන්න දෙයක් නෑ :)

    ReplyDelete
  11. ඔය සරම ඇවිත් අපේ හුචක්කුව වගේ...

    ReplyDelete
    Replies
    1. ඒ මොකද්ද හුචක්කුව ??

      Delete
  12. සරම දිනේවා! මගෙත් ඉතිං ජාතික ඇඳුම සරම තමා!

    ReplyDelete
  13. මම නම් අඳින්නට දන්නේ නැත මක් නිසාද යත් කොතරම් ට්‍රයි කොලත් එය මගේ ඉනේ නොරඳනා බැවිනි.
    කෝරලේ වලව්ව

    ReplyDelete
    Replies
    1. ඕක තමා ගොඩක් අයට කේස් එක
      මුලින්ම බෙල්ට් එකකින් පටන් ගත්තට පස්සේ ඕක ගානක් නෑ බං

      Delete
  14. මං නම් සරමට අන්ලයික්. ෂෝට එළ

    ReplyDelete
    Replies
    1. නිදාගන්න ගියහම සරම සැපයි බං

      Delete
  15. මටත් ඔය සරමනම් පුරුදු නෑ බං. ඉස්කෝලේ කාලේ සිල් ගන්න ඕකි ඇදලා. බත් එකයි වතුර එකයි අත් දෙකේ තියාගෙන කෙල්ලො ටිකක් ගාවින් යද්දි ඕක කඩන් වැටිලා මට වෙච්ච අමාරුව මතක් වෙනවා. බත් එක අත අරින්නත් බෑ සරම අල්ලන්නත් බෑ. එහෙම්මම බිමට පාත් වෙලා කෑම එක පැත්තකින් තියලා බොහොම අමාරුවෙන් ලැජ්ජාව වහ ගත්තේ. එදයින් පස්සේ ඇන්දෙම නැද්ද කොහෙද මම ඕක...

    ReplyDelete
    Replies
    1. අප්පට සිරි.මට මැවිලා පේනවා බං සීන් එක

      Delete
  16. ලොක්ක අදින්නෙ සරම නෙවෙයි වේට්ටය නේද බං ??

    ReplyDelete
    Replies
    1. ජාතික ඇඳුම අඳිනවට කටවහරෙ කියන්නෙත් රෙද්ද බැනියම අඳිනව කියල නේ. මම හිතන්නෙත් ඒ අඳින්නෙ සාරියක් වගේ දිග රෙද්දක්, වේට්ටිය කියන්නෙත් ඒක වෙන්න ඕන. ඒක දෙමළ වචනයක්ද මන්ද. අපේ ගෙදරට අල්ලපු ගෙදර අන්කල් (ඉස්කෝලෙ මහත්තෙක්) අඳින්නෙත් ඔය වගේ දිග රෙද්දක්.

      කොහොම උනත් මුල් කාලෙ මොනව ඇන්දත් අපේ හිටපු ජනාධිපතිවරු සියළු දෙනාම (විධායක ජනාධිපති නොවුනත් ගොපල්ලව මහත්තයත් එක්ක) ධූරය දරද්දි වැඩිපුරම ඇන්දෙ රෙද්ද බැනියම තමා. කාටද ආඩම්බර.

      Delete
    2. ඉන්දියාවේ දෙමළ අය අඳින්නෙත් ඕක නේද යටට ෂෝටක් ගහලා

      Delete
  17. හරි හරි ඉතිං. සරොං අඳින උන් ඇඳපල්ලා. අපි නම් ෂෝටට. ෂෝට අපිට!

    මට හැමදාම තියෙන ප්‍රශ්නයක් තමයි, ගුරුත්වාකර්ෂණය ඝර්ෂනයට පැරදිලා සරම ඇ‍ඟේ තියෙන්නෙ කොහොමද කියන එක.

    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
  18. මමත් කැමතිම ඇඳුම සරම. ඒ තරම් පහසු ඇඳුමක් තවත් කොහේද. ගෙදරට විතරක් නෙවෙයි, මට ඕක ඇඳන් ලෝකෙ වටේ ගිහින් එන්නත් පුළුවන්, කිසි අවුලක් නෑ. පොඩිම කාලෙදි ඔය පොඩි පොඩි අවුල් තිබුණ හදිසියෙ ඕක කඩන් වැටෙයි කියල. දැන් නම් ඒ බය ගිහින්.

    ReplyDelete
    Replies
    1. ඇත්ත බං ගොඩක්ම ෂුවර් බතික් සරම ඇද්දත් කැඩෙන්නේ නෑ
      සිල්ක් වගේ ජාතියක් තියනවා කැඩෙන සම්භාවිතාව වැඩියි

      Delete
  19. අපේ කොල්ලො තුන් දෙනා අදටත් සරම අඳින්නේ නැතිය. දහම් පාසැල් යත්දි යටට කලිසම ඇඳ සරම ඇන්දා. එයාල ආසම නෑ. වදකරන්නටත් බැරිය.

    ReplyDelete
    Replies
    1. අපෝ අපෝ බලෙන් අන්දවන්න එපා චන්දි අක්කේ

      Delete
  20. බොහෝම ඉස්සර මමත් සරම ගැන ලිව්වා.සරමෙන් තොර ලොවෙන් පලක් නැත.

    අපි නිදහස් ද??

    ReplyDelete
    Replies
    1. කියවලා තියනවා එල!!

      Delete
  21. කෝ බං අවතාර් අර දිලිසි දිලිසි තිබ්බ මගේ කමෙන්ට් එක? ඒක ස්පෑම් වෙලා ඇති. මට කියන්න අමතක වෙච්ච දෙයක් තමයි අවතාර්ගෙ චිත්‍ර ඇඳීමේ හැකියාව නම් මරු කියන එක. දිගටම ඇඳපියෝ.
    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans .

    ReplyDelete
    Replies
    1. හප්පට සිරි ඩියුඩ් අයියේ ස්පෑම් වෙලා නෙන්නම්
      ඔන්න යතා තත්වයට පත් කොලා

      Delete
  22. සරමට ජය වේවා !!!!

    ReplyDelete
  23. සරමට මගේද මනාපය පළ කරමි :D

    ReplyDelete
  24. මම දැන් අඳින්නේ ෂෝර්ට් එකක්. පුරුදු වුනාට පස්සේ ගානක් නෑ.

    ReplyDelete
    Replies
    1. ෂෝට පිටින් නිදාගද්දි අවතාර්ට ඒසී මදි

      Delete
  25. ජොකා නැතුව සරම පිටින් ඉන්න තරම් සොමියක් තවත් කොහෙද බන්... මට නම් සරම නැතුව රාත්තිරියට නින්ද යන්නෙත් නෑ.... වෙන කොයි ඇදුමෙන්ද කියහන් සරමෙන් තරම් ප්‍රයෝජන ගන්න පුලුවන්... සරමට ජය වේවා !

    ReplyDelete
    Replies
    1. නැතුව, වෙලාවකට ඔලුවේ ඉඳලම පොරව ගන්න එක එහෙම

      Delete
  26. This comment has been removed by the author.

    ReplyDelete
  27. තනි කකුලෙන් ජීවත් වුනත් සරමේ තියෙන සනීපෙනං අඩුවක් නැතුව දැනෙනවා.... කොටින්ම කිව්වොත් මං ඕන තැනකට අඳන්නේ සරම...

    ReplyDelete
  28. This comment has been removed by the author.

    ReplyDelete
  29. මමත් සරමට ගොඩක් කැමතිය.. මට සරම් ඇන්දම හැඟීම් එනවා . මටත් සරම නැතුව නින්ද යන්නේ නැත.

    ReplyDelete

හිතට දැනෙන දේ ලියලා යන්න