Sunday, December 23, 2012

උත්තර දීලා සිත්තරයක් තෑගි ගමු (අවතාර්ගේ සිත්තර තෑගි ප්‍රශ්නය 01)

                                     අවතාර් කලින් සිංහල බොලොක්ක වලට සිත්තර ඇන්දා කියලා කවුරුත් දන්නව ඇතිනේ .දන්නේ නැත්තන් රජාගෙන්, නිශානයගෙන් සිරාගෙන් එහෙම  අහලා බලහල්ලකෝ.ආසාවෙන් මතක් කරයි.ඒ දවස් වල සිත්තර ඇන්දේ අහසේ කමෙන්ට් ලිස්ට් එකට.ඊට පස්සේ අවතාර් හිතුවා බ්ලොග් ලෝකේ හැමෝටම චාන්ස් එකක් දෙන්න තමන්ගේ ලස්සනම පෝස්ට් එකකට අවතාර්ට කියලා සිත්තරයක් ඇඳගන්න.(ලස්සන = කුජීතම වෙන්න පුළුවන් ඈ)ඔන්න එහෙනම් අවතාර් වැඩ පටන් ගත්තා.මේ අහන්න යන්නේ කැල්කියුලේටර් අතට අරගෙන ආවර්තිතා වගු දිගෑරගෙන උත්තර දෙන ප්‍රශ්න නෙමේ.ගෙස් කරලා උත්තරයක් දෙමු එහෙනම් .අවතාර් හිතන් ඉන්න උත්තරේ ළඟින් යන උත්තරයක් දෙන දෙනේනෙකුට අවතාර් සිත්තරයක් තෑගි දෙනවා.


         මෙන්න ඔබට ලැබෙන ප්‍රශ්නය .ප්‍රශ්නය අසන දිනයේ සිට දවස් තුනක් යන තුරු ලැබෙන පිළිතුරු තරඟය සඳහා වලංගු වේ.උපකාරක අවස්ථා නැත.

                            විමලයි කමලයි කියන්නේ හොඳ යාළුවෝ.හරියට නිකන් භාතිය සන්තුෂ් වගේ රොමේෂ් ලක්ෂාන් වගේ ( ලක්ෂාන් නෑනේ දැන් රොමේෂ් විතරයි)හරි කොහොම උනත් කමක් නෑ මේ දෙක මාර ෆිට්.ඉස්කෝලේ යන්නේ එකට . ඔය එව්වා මෙව්වා ගොඩක් කරන්නේ එකට.මේ දෙන්නගේ ඉස්කොලේ තියෙන්නේ ගෙවල් වල ඉඳලා ටිකක් දුරින්.පයින් තමා යන්න තියෙන්නේ.දවසක් විමලා ඉස්කෝලෙට යන්නේ දවල් වෙලා.පන්තියට යද්දි සර් උගන්නනවා.

සර් -         විමලා දැන්ද එන්නේ ?ඇයි අද පරක්කු උනේ?
විමලා-      සර් මම කැන්ටිමෙන් ටොෆි කන්න ගෙනාපු රුපියල් පහේ කාසිය මඟදි නැති උනා.ඒක හොයන්න ගිහිනුයි වෙලා ගියේ.
සර් -         දැන් කාසිය හොයා ගත්තද?
විමලා-      නෑ සර් හොයලා හොයලා නැති තැන මම ආවා
සර් -         හ්ම් ගිහින් ඉඳ ගන්නවා
       
           ඒ වෙලාවෙම විමලාගේ අතිජාත යාළුවා වෙච්ච කමලත් එනවා.විමලගේ කමලගේ ෆිට් එක ගැන දන්න සර්
            “ විමලා කාසියක් හොයන්න ගියාලු.දැන් තමුන් මොකද පරක්කු උනේ කමලා???“

ප්‍රශ්නය 
              කමලා සර්ට දෙන උත්තරේ මොකද්ද??

           විමලා ෆිට් එකේ හිටියට කමලා එහෙම නොවෙන්නත් පුළුවන් ඈ.හිතට එකපාරටම එන උත්තරේ නැතුව පොඩ්ඩක් හිතල බලලා උත්තර දෙමු.තව ලේසි කරනවනම් කමලා දෙන්නේ ආතල් උත්තරයක්.එනෙම් උත්තර දෙමු.අපි ගියා

50 comments:

  1. ඕවා වලට හරි උත්තර දීලා අපි අමාරුවේ වැටෙන්න.......... හිතුවා මදි කොල්ලෝ... හි හි

    ReplyDelete
    Replies
    1. ඒ මට කියලා මඩ පාරක් කන්න කැමති නැතෙයි හිරුවෝ
      ට්‍රයි කරනවකෝ එක පාරක්

      Delete
  2. "සර්, මං එනකොට මඟඳි රුපියල් 5 කාසියක් ඇහින්දා. මං ඒකෙන් කැන්ටිමට ගිහින් ටොෆි කෑවා. ඒකයි පරක්කු උනේ "

    ලොල්.. මං හරි නේද ? තෑග්ග මට හලී. මගේ ලස්සන පින්තූරයක් ඇඳල ඕනා.

    ReplyDelete
    Replies
    1. හ්ම් බලමු බලමු විනිශ්ච මණ්ඩලේට දාලා

      Delete
  3. මට හිතාගන්න බැහැ....

    ReplyDelete
    Replies
    1. ට්‍රයි එකක්වත් දෙන්න හිතෙන්නේ නැද්ද?

      Delete
  4. බිම වැටිලා තිබුන කාසියක් අහුලගෙන කැන්ටිමට ගිහින් ටෙපි කන්න විමලා එනකන් බලාගෙන හිටියා

    ReplyDelete
    Replies
    1. ඔන්න නියම යාළුවෝ
      බලමු කමලා එච්චර හොඳද කියලා

      Delete
  5. හෆ්ෆේ කොලුවෝ මම හිතන්නේ කමල කියන්න ඇති මම කමලාගේ රුපියල් පහ අරන් තනියම ටොපි කෑවා කියලා

    ReplyDelete
    Replies
    1. කමලා කොහොමද කමලගෙම පහ අරගෙන ටොපි කන්නේ??
      කොරලේට ටැපලිලා වගේ

      Delete
    2. කමල කියන්න ඇති මම විමලාගේ රුපියල් පහ අරන් තනියම ටොපි කෑවා කියලා
      කෝරලේ වලව්ව

      Delete
  6. අන් අයට අවස්ථාවක් ලබාදෙමි :D

    ReplyDelete
    Replies
    1. හැම තැනම අනිත් අයට චාන්ස් දෙන්න එපා බොල

      Delete
    2. අප්පෝ නැහැ ලොකු මහත්තයා මේ අවස්ථාවේදී විතරයි :D

      Delete
  7. අනේ මන්දා හිතන්න බෑ...........

    ReplyDelete
    Replies
    1. මොනවත්ම හිතෙන්නේ නැතෙයි

      Delete
  8. හිතෙන් නැහැනේ මොකුත්ම .........

    ReplyDelete
    Replies
    1. හිතහන් මචන් හිතන්න බැරි නම් දීලා තියෙන උත්තර වලින් හරි ගෙස් කොරහන්

      Delete
  9. විමලා නවත්තපු තැන ඉදලා මම හොයන්න ගත්තා සෑර්.. කියයිද??

    හි හි..මම හරිය!!

    ReplyDelete
    Replies
    1. හ්ම් බලමු බලමු

      Delete
  10. "සර් විමලා ගේ රුපියල් පහ මට හම්බ උනා....මම මෙච්චර වෙලා ඒක දෙන්න විමලාව හෙව්වා! " :p

    ReplyDelete
    Replies
    1. නාඩි උත්තරයක් බලමු හරිද කියලා

      Delete
  11. සර් එක වැටුන තැන මම දැක්ක. ඒත් විමලා යනකම්ම ඉන්න වුනානේ.

    ReplyDelete
    Replies
    1. ළඟින් ගිහින් ඇහැක් නෑ බලමු සුදීක අයියේ

      Delete
  12. 01. dinelka kiwwa eka thama ban maath hithanne...

    ReplyDelete
    Replies
    1. කමලා එච්චරම හොඳ නෑ බන්

      Delete
  13. විමලා පාත්වෙලා රුපියල් 5 හොය හොයා ඉද්දි එයාගෙ ගවුම උඩ ගිහිල්ලා තිබුනා... මම ඉතිං රුපියල් 5 හොයනකං එයාගෙ ගවුම පාත් කරලා අල්ලන් හිටියා සෑර්....

    කොහොමද මචෝ මගේ උත්තරේ...

    ReplyDelete
    Replies
    1. ඇත්තටම සිරෝ සිරාම උත්තරයක් ඈ
      ඒ උනාට මේ කමල් නෙවෙයි කමලා

      Delete
    2. අපි පොඩි කාලේ ඇම්ඩගේ කතා අස්සේ ගිය කතාවක් මේකත් ..
      මට දැන් මතක නැහැ හරියටම සීන් එක ..සිරාගේ උත්තෙරේ
      දකිද්දී මතක් උනේ...

      Delete
  14. මන් රුපියල් පහක් ඇහින්දා ඒක දෙන්න හිගන්නෙක් හෙව්වා මෙච්චර වෙලා

    ReplyDelete
    Replies
    1. ඒ අස්සේ පිනකුත් කරගන්න හදලා එල එල

      Delete
  15. අනේ බං .. එකපාරකුත් කියවල උත්තරේ හිතන්න බැරුව කමෙන්ට් නොකරම දිව්වා...

    ''මමත් මෙච්චර වෙලා විමලව හෙව්වා කියන්න ඇති මයේ හිතේ..."

    ReplyDelete
  16. කමලා කියන්න ඇති "මං මේ විමලා මොනාද කරන්නේ කියල ඇහැ ගහගෙන ඉදලා ආවේ.... එයා හොයපු රුපියල් 5ක් නැහැ" යි කියලා.

    ReplyDelete
    Replies
    1. ඕන්න අපි නම් නෙවේ කියන්නේ පේනවනේ ගෑල්ලමයිම කියන දේවල්

      Delete
  17. "මම රුපියල් පහක් ඇහින්දා. ඒක කාගෙද කියලා හොයනකොට තමා වෙලා ගියෙ "
    මීට කමලා !

    ReplyDelete
  18. තරගයෙ කාල සීමාව පැනලද කොහෙද.කොහොම වෙතත් උත්තරේ දන්නවා කියන්නෑ.

    ReplyDelete
    Replies
    1. තව දවස් දෙකක්ම තියෙනවා බන්

      Delete
  19. කාසිය මග වැටෙද්දී මම දැක්කා. විමලත් එක්ක බොරුවට ඒක හොයලා විමලා ගියාට පස්සේ ගිහින් ඇහිඳගෙන ඒකෙන් ටොපිත් කාලා තමයි ආවේ.

    ReplyDelete
    Replies
    1. බලමු ගෙස් කිරිල්ල හරිද සිත්තරයක් ඇඳ ගන්න පුළුවන්ද කියලා

      Delete
  20. මචන් මේක ගැන හිතද්දී මතක් උනේ කාසිය නැති උන
    කෙනා නැවත හොයන්න ගියා නම් යන්නේ , ආපු පාරේමනේ ..
    එහෙනම් දෙවෙනියට ආපු යාලුවට, කාසිය හොයන යාලුවා මුණ
    ගැහෙන්න ඕනේ.එහෙම මුණ නොගහෙන්න නම් මේ 2න්න ඉස්කෝලෙට
    එන්නේ පාරවල් දෙහෙක වෙන්න ඕන.( අඩුම තරමේ කාසිය වැටෙන්න ඕනේ
    2න්නටම ස්වායක්ත නොවෙන තැනකදී, දෙන්නගේ ගෙවල් හා ඉස්කෝලේ
    තියෙන තැන් ගැන පැහැදිලි විස්තරයක් කරලා නැහැනේ උබ )

    ඔය කියන විදිහට මේ පාරේ එන්නේ විමලත් කමලත් විතරක්මත් වෙන්නත්
    බැහැ කියල හිතුවොත් , මට කියන්න තියෙන්නේ මේකට උත්තරේ
    දන්නේ උබ විතරයි! උබට ඕන එකක් කියතහැකි.

    ReplyDelete
    Replies
    1. ඔච්චර බර දාලා හිතන්න එපා බන්
      රිලැක්ස් එකේ හිතහන් මචන්

      Delete
  21. කුජීත තෑග්ගක් නොවැ දෙන්නෙ. උත්තර දෙන්නත් බයයි.
    "ස‍ර් මං පාරෙ තිබිලා රුපියල් 5ක් ඇහින්දා. ඒකෙ අයිතිකාරයා හෙව්වා හැමතැමන... ඒකයි වෙලා ගියෙ"

    ReplyDelete
    Replies
    1. කුජීත පෝස්ට් එකකට කුජීත තෑග්ගක්

      Delete
  22. අවා මට කලින්ම තෑගි දුන්න හින්දා අනෙක් අයට අවස්ථාව දෙමි

    ReplyDelete
  23. අනේ උඹ මාව ඇන්දනේ කලින්, මම උත්තර දීමෙන් වැලකී සිටිමි. (අනිත් අයත් ඇඳගන්න එපෑයැ. :))

    ReplyDelete
  24. araliya12/26/2012

    :) matanam itin blog ekak nane owa ellaganna avatar ayye...anika matath ekak adala dunnane...eka nisa mamath uththara denne nathooooooo......... :)

    ReplyDelete

හිතට දැනෙන දේ ලියලා යන්න