Wednesday, June 20, 2012

මෝඩයෙක් වෙන්න කලින් දෙපාරක් හිතමුද? (Facebook අයට විශේෂයි)

                                      පේස් බුක්.මම කතාකරන්න ටිකක් අකමැති මාතෘකාවක්.ඒ කාලේ ඒ කියන්නේ පේස් බුක් යන්න පටන් ගත්තු කාලෙම පිස්සු හැදිලා වගේ ප්‍රෙන්ඩ් ලා ඇඩ් කොරාට මොකද ඒ වගේ ආනිසංස දැන් තමා ලැබෙන්නේ.කවුරු හරි කෙනෙක් එක්ක අදහසක් හුවමාරු කරගන්න පේස් බුක් ගිහාම මෙන්න එනවා කට්ටිය හායි බායි කියාගෙන.බුකියේ ඉන්න කෙනෙක්ව අඳුර ගන්නවනේ කියලා අරයගේ චැටට පොඩි වේට් පාරක් දීලා හායි කියලා යවපු ගමන් මෙන්න අර හිත හොඳ යාලුවා එහා පැත්තෙන් එවනවා අනේ මචං මේක මගේ පේජ් එක මේකට ලයික් එකක් දාපං / මෙන්න සුපිරි පිල්ම් තියෙන සුපිරි පේජ් එකක් / මේකට ලයික් එකක් දීලා උදව්වක් කරන්න .      
                                   මල පනිනවානේ.ටිකක් චැට් කරලා එහෙම එහෙම ඉල්ලුවනම් හිත හදා ගත්තැහැකි.ඒ කරලා හා කියලා චැට් එකෙන් ඇවිල්ලා කරගන්න තියෙන වැඩේ කරද්දි ආය එනව.
         hi....................
           ow
         ko thama dala nane?
           mona magulakda @#!$%&$!@$#........
               
                      කියන්න හිතුනත් සද්ද නැතුව ඉන්නවා.එක දවසක් නම් එකෙක්ට කියලා දුන්නා පේස් බුක් තියලා ඉඳගන්න හැටි.මූ දෙපාරක් තුන්පාරක් ලයික් හිඟා කාලා මම සද්ද නැතුව ඉද්දි මට සද්දෙ දාගෙන ආවා. ඇයි යකෝ අපි පේස් බුක් රිංගන්නෙත් ඕනම වැඩකට විතරයි.ඒ යන්නෙත් ඩයොලොග් අයියලගෙන් ගත්තු මෙගා බයිටෙ කොයි වෙලාවේ බයිට් වෙයිද කියලා බයෙන්.එහෙම එකේ අපි ගිහින් මුංගේ පේජ් වලට ලයික් දදා ඉඳපන්කෝ ආපු වැඩේ කොරගන්නේ නැතුව.
                         පේස් බුක් සමහරුන්ට ලයික් මේනියාව ඔහොම තියෙද්දි දැන් බෝවෙලා තියෙන ලෙඩේ තමා ෂෙයාර් මේනියාව.මොකක් හරි අටමඟලයක් පෝටෝ කඩෙන් අටවගෙන අතාරිනවා බුකියට.
         ඔබත් අහවල් කෙනෙක් නම් මෙය share කරන්න
         ඔබත් අහවල් එකට කැමති නම් මෙය share කරන්න
        ඔබ අහවල් කෙනා ගැන හිතනවනම් මේක  share කරන්න
                                  බොක්කටම වදින්න දෙන්නේ බලන එකාගේ පපුව පත්තු වෙලා ඇඹරිලා යන විදිහට තමන්ගේ නම වෙන තැනක දා ගන්න.
----------------------------------------------------------------------------------------------------------------------
                   සෑහෙන්න ලිව්වා උනත් අද එකපාරටම පෝස්ට් එකක් ලියන හේතුවෙච්ච දේට මම තාම ආවේ නෑ.මෙච්චර කල් පේස් බුකි ඉන්න කොට දැකපු සමහර ඔය වගේ ගොන් ආතල් කාරයින් ට හිතින් විතරක් බැන ලා නිකන්  හිටියා ඒ අතර වැදගත් කියන සමහර ඒවත් තිබුන හින්දා.අද අහම්බෙන් බුකියට ආපු වෙලේ දැක්ක පොටෝ එකක් හින්දා තොප්පිය හරියන සේරම දා ගනිල්ලා කියලා මේ පෝස්ට් එක ලියන්න හිතුවා.
                 
                            මේ තියෙන්නේ අවතාර්ට මල පැන්න පෝටෝ එක බුකියේ තිබුනු.ඊට කලින්  සියලු බෞද්ධයන්ගෙන් ඉල්ලනවා මේ විදිහේ දෙයක් මගේ බ්ලොගේ දාන්න වෙච්ච එක ගැන.මොකද බෞද්ධයෙක් හැටියට අවතාරුත්  දන්නවා මේ වගේ දෙයකින් බෞද්ධ ආගමට නිග්‍රහයක් වෙන එක.හොඳට හිතලා වෙන ගැලපෙන විදිහක් නැතිම තැනයි මේ පොටෝ එක ඇඩ් කලේ.
                            දැන් හිතමු කවුරුහරි මෙහෙම වැඩක් කරන එක හරිද?මේ කියන කෙනා උතුම් පරමාර්ථයකින්නේ මේක කරල තියෙන්නේ   අවතාර් නැට්ට පාග ගෙන දඟලනවා කියලා කස්ටියකට හිතෙන්න පුළුවන්.එහෙනම් මම අහන්නේ මුන්දගේ උතුම් පරමාර්ථය මොකද්ද ?මේක දැකපු වහම ලේ රත් වෙන අයගෙන් කමෙන්ට් එකක් අරගෙන මේක උන් ලවා ෂෙයාර් කරගෙන තමන්ගේ නම පේස් බුකියේ ප්‍රසිද්ද කරගන්න එකද? 
                      මේ කස්ටිය මුලින්ම වැඩේට බැස්සේ ආදර පින්තූර වලින්,ඊට පස්සේ දැක්කහම හිත උණුවෙලා යන පින්තූර වලින්.මවු ගූණ පිය ගුණ ගුරු සැලකිලි වලින් පස්සෙත් වෙන ෂෙයාර් කිරීම් මදි වගේ . ටිකක් කල්පනා කරහම උන්දලට ට්‍රික් එක අහුවෙනවා.ලංකාවේ ඉන්නේ වැඩිපුරම බෞද්ධයෝ යනවනම් යන්න ඕනා ඒ පැත්තෙන්.එහෙම කියලා ධර්මය ගැන පිං අතේ වැඩ ගැන තියෙන ඒවා දානවද?එහෙම එකක් දැම්මොත් කියවලා නිකන් ඉඳී.කරන්නේ නියම බෞද්ධයන්ගේ  ලේ රත් වෙලා යන වැඩක්.  කොහෙන් හරි හොයා ගන්නවා එක්කෝ බුදු පිලිමයක් ළඟ කෙල්ලෙක් හෙලිවැල්ලෙන් ඉන්න එක්කකෝ නැත්තම් මේ වගේ අවජාතක වැඩක් පිළිබිඹු වෙන පොටෝ එකක්.දාපු ගමන් අපේ පේස් බුකියේ ඉන්න ඈයොත් මේ පෝස්ට් කරලා තියෙන්නේ ඇත්තම පොටෝ එකක්ද නැත්තම් හදපු එකක් ද කියලවත් බලන් නැතිව මෙමා නියම බෞද්ධයෙක් කියලා පෙන්නන්න පොටෝ එකේ ඉන්න එකාට අමු කුණුහරුපෙන් බැනලා  කමෙන්ට් කරලා එතනින් නැවතෙන් නැතුව තව ෂෙයාර්ත් කරනවා.      
                                   හරි ඇත්තටම මොකෙක් හරි මොලේ හොඳ නැති එකෙක් එහෙම පොටෝ එකකට හිටියා කියමු.  දැන් අර විදිහට කරපුවහම බුද්ධාගමට වෙලා තියෙන නිග්‍රහය නැති වෙනවද?ඔය පොටෝ එක කවුරුත් දකින්නැතිව හිටියනම් කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නෑ.මේ විදිහේ පොටෝ එකක් පේස් බුක් එකේ පල කරලා දන්නෙම නැතුව පවක් කරගෙන නේද?ඒ කියන්නේ අර විදිහට කරන කෙනා පොටෝ එක ඇඩ් කරපු කෙනාගේ ගැටේට අහුවෙලා  පවක් කරගන්න ගමන් මොඩයෙකුත් වෙලා නෙමේද?  
                     කරන්න ඕනකරන්නේ ඒකද ?පොටෝ එක ඇඩ් කරපු පොරට  කරලා තියෙන වැරැද්ද පෙන්නලා දීලා අහන් නැත්තන්  අනිත් විදිහටත් කියලා පොටෝ එක ගැන රිපෝට් කරන එක නෙමේද?      

                  ආයෙත් උඩට ගිහින් පොඩ්ඩක් අර පින්තූරේ බලල ඉන්න.
                                        මේ වගේ කාලකන්නි  ....ස බල්ලො 
                                        මේ ලෝකෙන් හැඳිගෑවිලා යනවට
                                            කැමති නම් share කරමුද?





                                     එහෙම නැතිනම් ඔයත් මූ යන  තැනකට
                                                යන්න ලෑස්ති වෙන්න.
      ඒක ඇත්තටම කවුරු හරි ගත්ත පොටෝ එකක්ද නැත්තම් තමන්ගේ අදහස ඉෂ්ට කරගන්න කවුරු හරි පවුකාරයෙක් හදපු එකක්ද කියලා හිතන්න .මේක පල කරපු කෙනාට ඕනා කරන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න  ඔය වචන ටික මදිද?.අද වෙන කොට තමන්ගේ පොටෝ එකක් ඒකෙ අයිතිකාරයටවත් අඳුරගන්න බැරි විදිහට වෙනස් කරන්න පුළුවන් ක්‍රම තියෙද්දී මේ වගේ සිම්පල් පොටෝ එකක් හදන එක මහ කජ්ජක් ද?
                    
                   පොස්ට් එක අවසානෙට අවතාර්ට කියාගන්න ඕනෙ වෙලා තිබුන එක කියන්නම්
         
                         පින්තූරයක් තමන්ගේ නමින් පේස් බුකියේ පල කර යම් තෘප්තියක් ලැබුවාට කමක් නැත.එසේ හෝ පේස් බුකිය වැදගත් තැනක් කර ගැනීම වටී.නමුත් එසේ කිරීමට හොඳම ක්‍රමය මෙය යයි සිතා මෙවන් දෙයක් පල කර හෝ නිර්මාණය කොට පල කර කාපු පතේ පහරන එකෙකු නොවන්න.ඔබ වටිනා දෙයක් පල කරොත් එය ඉබේම පේස් බුක් තුල ෂෙයාර් වනු ඇත.එසේ කිරීමට පවසා සිටීම අවශ්‍ය නොවේ.
           පේස් බුක්හි ගැවසෙන ඔබලාට.............යමකට කමෙන්ට් කරන්න  ලයික් එකක් දාන්න ඒක ෂෙයාර් කරන්න කලින් ඒක කරපුවහම මොකද්ද වෙන්නේ කියලා හිතන්න.නැත්තම් වෙන්නේ අනිත් අයට කඩේ ගිහින් අමාරුවේ වැටෙන්නටය.

ප.ලි මෙය අවතාර්ට හිතෙන හැටිය.පේස් බුකියේ ඉන්න අයගේ දැනගැනීම පිණිස පේස් බුකියේ ද පල කිරීමට බලාපොරොත්තු වෙමි.ප්‍රධාන අරමුණ පේස් බුකිය දැනුවත් කිරීමයි.ඒ සඳහා කරන උපකාරයක් ලෙස පේස් බුකියට යොමු කරන්නේ නම් මැනවි.මෙහි අදහස වැරදි ද නැද්ද යන්න ප්‍රකාශ කිරීමේ අයිතිය ඔබ සතුව ඇත.ලිපිය මෙතැන් පටන් විචාරයට විවෘත වේ.

23 comments:

  1. මම නම් ෆේස්බුක් එකෙන් චුත වෙලා අවුරුදු 3ක් වෙනවා... මම නම් ආයේ කවදාවත් ඕකට යන්නේ නෑ ...

    ReplyDelete
  2. ඉතිං ඔයත් දාලනේ පික් එක හික් හික්...

    ReplyDelete
    Replies
    1. mama ekata hethuwa sadahan karala tiyenawa yalu.pic eka natuwa adahasak denna barima nisai add kale.me wage karana 1 kenek hari thaman karana de nawaththuwoth mage uthsahaye prathipalayak thiyeyi.

      Delete
  3. Anonymous6/20/2012

    hoda lipiyak... mole thiyena kattiya fb yanne na.. wisesayenma ganu daruwo, man eyeth kenekgen storyak ahagaththa.. ganu lamai karadare watila athi ananthawath fb nisa.. deiyane kiya internet aran awurudu 5k unath oya una nam hadune na.. thamanta ona de epadee thaman thiraanya karanna ona, thakshane ona.. eth anawashya dewal epa.samaharu fb pavichchi karanne show ekata , hodata pavichchi karana ayath athi...habai fb inna bahuthare me loke newe inne.. un arayage araka, meyage meka hama magulama dannawa.. katha karanna giyama apita epa wenawa..mokatada oya okkama danagena? owa oluwe purawan innawata wada thamange yahapathata wadak karoth narakada... onama deyak hoda widiyata pavichchi karoth hodai, nathnam thamanta labena prathipale bayanakai..

    ReplyDelete
    Replies
    1. nama danne nathi unath ano watina adahasak deela thiyenawa.

      Delete
    2. Anonymous6/21/2012

      anoge kathawata 100% ekagai.godak aya fb enne anunge photo like kara kara share kara kara inna.

      Delete
  4. සහතික ඇත්ත.

    ReplyDelete
  5. සහතික ඇත්ත.

    ReplyDelete
  6. පේස්බුකිය ෆේස් බුකිය යනුවෙන් නිවැරදි විය යුතුයි.

    ReplyDelete
  7. මටත් ඔය පින්තුරේම හම්බ වුනා. ඒත් මමත් ඔහොමම කල්පනා කරලා ඒක අතැරලා දැම්ම. මම ශෙයා කරා කියලා මිනිහෙක්ට හෙන ගහනවානම් මොකද්ද මගේ බෞද්ධ කම? එහෙම කලේ නෑ කියල මට වෙන විපතකුත් නැති එකේ මම ඒක ස්පෑම් කියල බ්ලොක් කළා.

    බ්ලොග් එක සඳහා බුකිය භාවිතා කලත් සැබවින්ම මගේ එකවුන්ට් එක ඩිලීට් කර දැන් වසරක් පමණ වෙනවා.

    ReplyDelete
  8. Anonymous6/21/2012

    Never ever get tricked by the racist posts by people like Ranga Jayawardhana. He's one of the pretending buddhists who degrades all other religions and spread racism and hatred. Why our foolish people even share his ideas or articles on FB without thinking about the outcome? Once I read a comment by him which he wrote 'Ekkenek kiyanawa muslim ayata adaraya karannalu' as a reply to another person. What kind of a sick bastard is he?

    ReplyDelete
  9. Anonymous6/21/2012

    හොඳ ලිපියක්.
    මේකත් බලන්න (මම ලියපු එකක් නෙවේ)
    http://onezerozerowords.blogspot.com/2012/06/blog-post_18.html

    ReplyDelete
  10. මාත් ෆේස් බුක් යනවා මහගොඩක් ෆ්‍රෙන්ඩ්ස් ලා නෑ දන්නා කියන අය විතරය්, ඔය ලයික් කතාව නම් ඇත්ත සමහර එඋන් අපේ බ්ලොග් ලියන එඋන් ගේ නිර්මාණත් උස්සල දාගන්නවනේ උන්ගේ වගේ ලයික් දාගන්න ප්‍රාථමික මට්ටමේ මිනිස්සු..

    ReplyDelete
    Replies
    1. facebook inna ayata hadila thiyena ledak meka thamange pic ekakata page ekakata like daganna eka.dan inne fb eke sahena pirisak fake prfle walin ekath thawa ledak.

      Delete
  11. අපෝ මං නම් ලගම එවුන් විතරක් දාල ලිස්ට් එකක් හදලා තියෙන්නේ එතකොට උන්ට විතරක් චැට් කරන්න පුළුවන් නේ.

    අනික ඔය වගේ ෆොටෝ 1ක් දැක්කම share කරන්න නෙමේ එක රිපෝට් කරන්නයි ඕනේ :)
    හොද පොස්ට් එකක් මචං :)

    ReplyDelete
  12. godak fb inna ayata notherenne deyak oka.thanks madayo.

    ReplyDelete

හිතට දැනෙන දේ ලියලා යන්න