Monday, June 11, 2012

මීළඟ ඇරිල්ල කනේ පාරක් වෙයිද?

                                        මේ ළඟකදී ඉඳන් රාජ සභාවෙන් අරින ඇරිල්ලේ ඉවරයක් නැත.දැන් නම් ඇරපු උන්ටත් කාපු අපිටත් හොඳටම රිදිලාය.ඒත් ඇරිල්ල නවතින පාටක් පේන්න නැත.අවුරුදු 3 කට කලින් රටේ දහස් ගනන් අම්මලා කඳුළු බීපු දහස් ගනන් කොල්ලො කෙල්ලෝ ජීවිත දීපු විනාසකාරී යුද්දයක් අවසන් කරාගෙන් පසුව රාජ සභාවෙන් සංවර්ධනයේ ස්ටේසමක් අපිට පෙන්නා කෝච්චි පාරද පෙන්නුවේය.කලින් කියූ ස්ටේෂමට යන කෝච්චිය එක්කෝ පීලි පැනලාය එක්කෝ මඟ නතර වෙලාය නැත්තම් ගමන අත්හිටුවලාය.උසස් තත්වයේ එන්ජින් වලට බිල් හදා බාල තත්වයේ එන්ජින් ගෙනවන හින්දා සමහර විට පීලි පැනිය හැක.මේ ළඟකදී ඉඳන් කෝච්චි ඩ්‍රයිවර්ලාට ඇති ප්‍රශ්න නිසා කෝච්චිය මඟින් නතර කර යයි.ඒ හිනදා දෙවන එක වීමටද ඉඩ ඇත.සමහර විට මේ ගමන තම තමන්ගේ මල්ල තර නොකරන ගමනක් බව එක්කෝ නිලධාරීන්ට හිතෙන්නට ඇත.එහෙනම් ගමන අත් හිටුවලාය.මොන විදියකින් ඇරියත් අපිට කරන්නට දෙයක් නැත.අපි තාමත් අර කියූ ස්ටේසම මනසින් හදාගෙන කෝච්චිය එනතුරු කට බලියාගෙන ඉන්නෙමු.නමුත් එන පාටක් පේන්න නැත.
                                     
     රටේ පාරවල් වල වාහන වැඩිය.වාහන වලට හැප්පිලා සිද්දවෙන අනතුරු වැඩිය.ඒ හින්දා වාහන බද්ද ඇරියේය.ඒත් රාජ සභවේ උන්ට නම් හෙනයක්වත් නැත.ලක්ස220 කට අපි ගන්න ප්‍රාඩෝ එක ට උන්ට වෙන්නේ ලක්ස 40 කි.ඒකට තෙල් ගහන්නට වෙනම රු.50000 ක් හම්බවෙනවාය  .ඒ වුනාට වී ගනන් නැති කොට වවන එක අතෑරපු හයර්  කරන්න හිතාගෙන වෙල් විකුනලා වීල් එකක් ගන්න හිටි සොමේ අයියාට පාර වැදුනේය.බස් ගාස්තු වැඩි නිසා වැඩට යන්න හිතාගෙන ස්කූටරයක් ගන්න ලෝන් එකක් ඇප්ලයි කර හිටි සුබා අක්කාටද වැදුනි.පෙට්‍රල් ගනන් නිසා පෙට්‍රල් කාර් එක විකුනා ඩීසල් එකක් ගන්න හිටි පෙරේරා අංකල්ටද වැදුනි.බද්දට කලින් තෙල් මිලද ඇරියේය.ලෝක වෙළඳපොලේ බැරල් එක ගනන් වැඩය. අපිට පාඩුකන්න බැරිය.ඒ හින්දා ඔන්න ඇරියා.ලෝක වෙළඳපොලේ බැහැපු ගමන් අපිත් බස්සෝනවා.ඒ කියපු වෙළඳපොලේ බැරල් එක අද බැහැලාය.ඒත් අපේ ලීටරේ තවමත් නැග්ග ගමන්ය.ප්‍රශ්න ඇති නොවෙන්න හීන් නූලෙන් ඇරපු ඇරිල්ලට තවමත් අපි උනේ මොකද්දැයි හිතාගත නොහැකිය.
                                     කිරි ගන්නට අපේ රටේ කිරි හරක් ඕනේ තරම් සිටී.උන්ට කෑමට දෙන්න ඕන තරම් තණකොලද ඇත.රට කිරෙන් සශ්‍රික කිරීමට කිරි පිටි මිලද ඇරියේය.උදේ වේල බත් නොකා යන්තම් ටී එකෙන් ෂේප් කරගත් උන්ගේ බඩටම වැදුනි.පාන් කෑමෙන් ලෙඩ හැදෙනවාය.පාන් පිටි කෑම නැවැත්වීම සදහා පාන් පිටි මිලද ඇරියේය.ඒ කොහොම ඇරියත් පාන් පිටි කන එක අතාරින්නට බැරිය.ඒ පාන් පිටි කෑමේ අසාවක් නිසා නොව පාන් පිටි කෑම ඇර  රු.25 කට බඩ පිරෙන්නට කන්නට වෙන දෙයක් නැති නිසාය.හාල් පිටි වලින් ෂෝටීස් හදන ක්‍රමයක් කියා දී ඒ ඇරිල්ල වහ ගත හැකිය.අපේ රටේ ගස් කොලන් ඕන තරම් ඇත.ඒ නිසා ලිප් පත්තු කරන්නට දරද ඕන තරම් ඇත.ගෑස් භාවිතය අඩු කිරීමට ගෑස්ද ඇරියේය.අවාසනාවට ටවුන් වල ඉන්න අයට දර  අහුලන්නට අක්කර ගනන් ඉඩ වතු නැත.තියෙන පර්චස් 20සේ ගස් හිටවන්නට තියා පොඩි එකෙකුට වැලි පාගන්නට වත් මිදුලක් නැත.ඒ ඇරිල්ලෙන් ටවුන් එකේ අයගේ පර්ස් එකට වැදුනාය.මීට අමතරව පොඩියට ඇරපු ඒවා ඕන තරම්ය.තව අරින්නට තියෙන ඒවාත් ඔන තරම්ය.
                                මේ ලගදී  හැන්දෑවක අවතාර් ගමනක් ගිහින් කැළණි ගඟ අයිනේ පාරේ ඇවිදගෙන ආපහු බෝඩිමට එමින් හිටියේය.ඉවසගන්න බැරි ගින්නෙන් බඩ පණුවො දඟලද්දී ප්ලේන්ටියක් බොන්නට හිතාගෙන  කඩේකට ගොඩ වැදුනාය.අද විතරනේ කියලා පරාට දෙක තුනකුත් ඕඩර් කලා කියමු.වේලිච්ච පරාට දිය රහ පරිප්පු හොද්දෙන් පොඟවන්න ට්‍රයි කරන අස්සේ කොත්තු තැටි වදින සද්දේ අස්සෙන් ඉර fm එකේ නිවුස් සද්දේ කනට වැදුනා.කට හඬේ හැටියට රාජ සභාවේ කොයි කවුරුත් දන්න කෙනෙක්ය.“ගෙදර පස් දෙනයි.අම්මට එකයි ,තාත්තට එකයි, දුවට එකයි, පුතාට එකයි.හොඳ වෙලාවට ගෙදර  බල්ලට කතා කරන්න බෑ නැත්තම් ඌත් එකක් ඉල්ලනවා.ජිවත් වෙන්නේ ඉතියෝපියාවේ ඒ උනාට ඉන්නේ සින්ගප්පූරුවෙ ඉන්න විදිහට“.
                                                       පරාට කෑල්ල කටේ තියෙද්දිම රාජ සභාවේ අහවල් අදිකාරම් අවසානයට කියූ දේ ගැන කල්පනා කොලා.ලංකාව දැන් ඉන්නේ ඉතියෝපියාවේ තත්වෙද.එහෙම්  ඒක පුද්ගල  ඉහල ගියාය විරැකියාව අඩු උනාය දැන් ඉන්නේ සංවර්ධනය වෙමින් ඉන්න රටවල් ඉන්න ලිස්ට් එකේය අහවල් එක අඩු උනාය අහවල් එක වැඩි උනාය කියලා සුවාධීන ටීවි එක හරහා රජ මැදුරෙන් එන නිවුස් බොරුද?නැත්තම් ඉතියෝපියාව කාටත් හොරෙන් සංවර්ධික රටක් වෙලාද?ඒක අතෑරලා දාමු.රජතුමා රට ගන්න කලින් නම් ලංකාව අප්‍රිකානු රටක තත්වයේවත් සිටියේය.එහෙනම් දැන් ඉන්නවා කියපු තත්වෙට වග කියන්න ඕන කවුද? හප හප හිටිය පරාටා කෑල්ල ගිලලා ඊළඟට කල්පනා කොලේ රාජ සභාවේ උන්දැ කියපු කතාව ගැන. මෙතුමා මේ කියන්නේ මොබයිල් පෝන් එක ගැනය .ළඟකදීඉඳන් අරින ඒවා ගැන කල් තියා හින්ට් එකක් ගහන පුරුද්දක් රජ සභාවේ උන්දලට ඇත.ඒ කියන්නේ ඊලඟට අරින්න යන්නේ කනේ තියන එකටය.එහෙම නැත්තම් ඊළග ඇරිල්ල කනේ පාරකි.

                                 
                                    ලංකාවේ ඉන්න කොටි 2න් එක් කෝටි අනූ ලක්ෂයකටම ජංගම දුකෙක් සිටී.එතරම් පිරිසක් අතර ජංගම දුකා ප්‍රසිද්ධ වී ඇත්තේ දුරින් ඉන්න තමන්ගේ හිතවතෙකුට කතා කිරීමට හැකි නිසයි.තවදුරටත් ජංගම දුකා පැෂන් එකක් යයි සිතන්නට අපේ කොල්ලෝ කෙල්ලෝ මොඩයින් වන්නේ නැත.එහෙනම් අපේ අදිකාරම් තුමා හරි අපුරු තර්කයක් ගෙනෙයි.පවුලේ හතර දෙනාගෙන් අම්මා තාත්තා වෙන වෙනම රැකියා කරන විට පුතා දුව වෙන වෙනම ටියුෂන්  පන්ති යනකොට හතර දෙනාට පෝන් හතරක් ඕනේ නැද්ද?මාසේ අවසානෙට උන්දලට ටෙලිපෝන් බිලට හරියන්න ඊටත් වැඩියෙන් මාළිගාවේ භාණඩාගාරෙන් ගෙවන හින්දා සමහර විට උන්නැහේ හිතන්න ඇති ඒ බිලෙන් භාගයක්වත් සාමාන්‍ය ජනතාව මාසෙට වියදම් කරන වය කියලා.ඒ කොහොම වෙතත් මෙදා ඇරිල්ල ඇරියොත් වදින්නේ ආදරේ සුව විඳින පෙම්වතුන්ගේ මල් කැඩිල්ලටය.මේ ළඟදී එක පාරටම ජංගම දුකෙක් ඇතුලෙන් මයිටාවෙක් මතු උනේය.ඉතිරි එක් කෝටි අසූ නව ලක්ස නමසිය අනූ නවයෙන් එකකවත් මයිටා ඉන්න බව වාර්තා උනේ නැත.අපේ රටේ ඇත්තෝ ඒ නිවුස් එකෙන් හොඳටම බයවුන බවනම් සුවර්ය.දුකා මයිටා පෝන් එකට ගියේ ඉබේටම ද එහෙම නැත්තම් කවුරු හරි යැව්වාද කියා සිතා බැලිය යුතු තත්වයක් දැන් උදාවී ඇත.අපේ රටේ මිනිස්සුන්ගේ ප්‍රශ්න අමතක කරන කුස පබා,අයි පී එල් ,සරත් පොන්සේකා මැද්දට මයිටාවෙක් පැමිණ ඇත.
                                   
                                   අවසානේට රජ මැදුරෙන් අහන්නට තියෙන්නේ මේ යන විදිහ හරිද කියාය.රජතුමනි අපේ රටද සංවර්ධනය වෙනවාට රටේ ජීවත් වන ඇත්තන් හැටියට අපිත්  අකමැති නැත.ඒත් ලෝකෙට පේන්න එක එක ව්‍යාපෘති පටන් ගන්නට කලියෙන් රටේ මිනිස්සු කෑවද බඩගින්නේ ද කියන එක හොයලා බලන එක වැදගත් නැද්ද?
                       

19 comments:

  1. ගණන් ගන්න එපා බන් හැමදේම අපේ යහපතටනේ :)

    ReplyDelete
    Replies
    1. දැන් වෙලා තියෙන්නේ කල හොඳ පස්සෙන් එන එක

      Delete
  2. WHY THEY WANT TO BUY BARRELS.

    PLS TELL THEM TO SEND BY SHOPPING BAGS.

    ReplyDelete
    Replies
    1. near future we have to limit our monthly goods bag to a shopping bag.

      Delete
  3. අම්මපා ඒකත් හැබෑව......

    ReplyDelete
  4. Anonymous6/11/2012

    අපියෑ පැනල ඡන්දෙ දුන්නෙ හොක් හොක් !

    ReplyDelete
    Replies
    1. api dunneth na onna....
      Kawuda danne me aya oluwata atha hodai kiyala

      Delete
    2. දීපු එකෙක් හොයනත් නෑලු ඔන්න.. හැට ලක්ෂෙම හොර චන්දද කොහෙද

      Delete
  5. කුම්බලා මාළු කැවානම් විදවපන් බලලෝ කිව්වලු ...

    ReplyDelete
    Replies
    1. ඇඟේ මාළු නටනවා රජ පවුලේ අයගේ වැඩ දැක්කාම

      Delete
  6. Anonymous6/11/2012

    eli wena jameta hoda hoda sellam........ohoma yamuko thawa issarahata

    ReplyDelete
    Replies
    1. Balan innawa arenna wena karanna deyak nane dan.

      Delete
  7. කිරි ගොයිය නග්ගන්න පිටි මිල වැඩි කෙරුවා
    මැටි වැඩ නග්ගන්න සිමෙන්ති වැඩි කෙරුවා
    දර නග්ගලා ගන්න ගෑසුත් වැඩිකෙරුවා
    බඩගිනි අඩුවෙන්න අපි පටි තදකෙරුවා.

    තාලයට ගායනා කරන්න.

    ReplyDelete
    Replies
    1. හිකිස් රාජ් අයියට නම් තාලේ අහුවෙලා තියන පාටයි.අපේ සමහරුන්ට මේක තාමත් නොතේරෙන එකයි දුක.

      Delete
  8. ඒ බං තව කී කාලයක් මේ රාජ සභාව තියනවද? ලංකාවට පරක්කු වෙලා එන තරමට හොඳයි වගේ.

    ReplyDelete
    Replies
    1. මෙදා රාජ සභාව ස්ථීරයි.රජ පරම්පරාවක ආරම්භය.

      Delete
  9. අනේ මන්දා බං ඕවා...

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. මේවා ඉතින් කොයි රජාටත් පොදුයි.මුන්දත් රජෙක්නේ

      Delete
  10. ඔය ඔක්කොම නග්ගල තියෙන්නේ මේ රටේ දුප්පත් ගොවියෝ නගා හිටුවන්ටනේ.හැබයි ඉතින් දැන් කාට කාටත්‍ හොඳට නැගල ඇත්තේ.

    ReplyDelete

හිතට දැනෙන දේ ලියලා යන්න