Sunday, May 6, 2012

රු.28 න් දවසට 2GB+ ඩවුන්ලෝඩ් කිරීම.(අවතාර්ගේ අන්තර්ජාල විත්ති 2 )

අවතාර් අන්තර්ජාල කෙරුවාව පටන් ගත්තු හැටි ඩයොලොග් උන්දල අවතාර්ට සලකපු හැටි ගැන කලින් පෝස්ට් එකක කිව්වානේ.අද කොටන්න බලාපොරොත්තු ව ඒකෙ දෙවනි කොටස.කලින් එක බලලම මේක බලන්න ඕනේ කියලා හිතෙනව නම් මෙතනින් ගිහිල්ලා ඒක බලලම එන්න.
අවතාර්ගේ අන්තර්ජාල විත්ති 1
                     පස්සේ අවතාර් සියල්ල අතෑරලා දාලා අන්තර්ජාල ගත වෙන්න අලුත් ක්‍රමයක් සොයමින් හිටියා.අවතාර්ගේ නෑදෑ වෙන අයිය කෙනෙක් ඉන්නවා රුහුණු කැම්පසියේ.මිනිහට තියෙන්නෙත් මගේ ප්‍රශ්නෙම තමා ජාල ගත වෙන්න.මිනිහ ටිකක් වැඩ කාරයා.මොකක් හරි මීටර් වුනොත් එහෙම ඉතින් ඒක මිනිහ හොයා ගෙන තමා නවතින්නේ.මේකත් ඒ අයියා ගවේෂණය කරලා හොයා ගත්තු දෙයක්.මේ සීන් එක මෙතන ඉඳලා යන්නේත් ඩයලොග් එක්කම තමා.කියවලා අවහර වෙලා කියන්න එපා ඕන් අවතාර් මහ වංචාකාරයෙක්ය කියලා.මේක හොරකම් කිරීමක් එහෙම නෙවි සල්ලි දීල ගිය අන්ලිමිටඩ් ඉන්ටර්නෙට්.

                        මම කලින් කියපු අයියගෙන් දවසක් කෝල් එකක් එනවා.ඉන්ටර්නෙට් යන්න පොඩි ට්‍රික් එක් හොයා ගත්තා කියලා.ජාල ගතවෙන්න ක්‍රමයක් නැතිව වේලි වේලි හිටපු අවතාර්ට මේක වියලි කතරට පැන් පොදක් වගේ.කියපු විදිහට මෙහෙමයි විස්තරේ.රු 28 පැකේජය ක්‍රියාත්මක කරලා දෙන කාලය අවහර වේගෙන එද්දි පැකේජය අවලංගු කරන්න මැසේජ් එකක් ගහනවා.එතකොට වැඩේ හරියන්න ඕනා.මොඩම් කටුවත් අරගෙන සෙට් උනා වැඩේට කියපු විදිහටම කරත් ප්‍රතිඵලයක් නෑ.පස්සේ අවතාර් අර අයියගේ සිම් එකට විතරක් පෑදිච්ච පිනක් වෙන්න ඇති කියලා හිතාගෙන අයියට විස්තරේ කිව්වා.
                        එහෙම ඉඳලා ආයෙත් කෝල් එකක් එනවා තව මොඩම් එකකින් ට්‍රයි කලා වැඩේ හරි කියලා.අවතාරුත් අතෑරියේ නෑ ප්‍රෙන්ඩෙක්ගේ මෝඩම් රාජයෙක් ඉල්ලගෙන ඇවිත් නමෝ විත්තියෙන් ක්‍රියා පටිපාටිය අනුගමනය කොලා.අර කියපු විදිහට මැසේජ් එක යවලා 30 වෙනි මිනිත්තුවෙදි පපුව ගැහි ගැහී බලාගෙන හිටියා කට් වෙයිද කියලා.මෙන්න බොලේ 30 වෙනි මිනිත්තුව පැන්නා.කිරි අප්පට බල්ලෝ පැනපි.මෙන්න බොලේ විනාඩි 30 ඉවර වෙලත් තාමත් ඉන්ටනෙට්.අවතාර්ට දැන් මාර හැපි.ඊට පස්සේ තමා නොනවතින අන්තර්ජාල කෙරුවාව පටන් ගන්නේ.
 මෝඩම් එක අයිති මලයට  කතා කරලා පොර අන්තර්ජාලයට වැඩි ඇල්මක් නොදක්වන හින්දා මගෙ මොඩමයාට උගේ මොඩමයා මාරුවක් දා ගත්තා.රු 28 න් පටන් ගන්න එක මෝඩමේ ගලවනකන් එක දිගට සම්බන්ධතාවය.වේගය එහෙමමයි.දැන් අවතාර් අන්තර්ජාල කෙරුවාව පටන් ගන්නේ අද ඊයේ ආපු උණු උණු පිලිම් එකක් ටොරන්ට් ගත කරලා.පැයකට  දෙකකට පස්සේ ඒක බෑවිලා අවහරයි.ඉන් පස්සේ තවත් එකක්.ජාල ගමනට වාඩි වෙන්නේ හැන්දෑවේ හතට විතර.මධ්‍යම රාත්‍රිය පහු වුනාට පස්සේ බෑමේ වේගය  වැඩි වෙන බව දන්නවනේ.ඊට පස්සේ තමා ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් පටන් ගත්තේ.ඒ දවස් වල අවතාර්ගේ අන්තර්ජංජාල සැරිසැරීම  උඩින්ම දාලා තියෙන පික්චර් එකට නියෙමට  ගැළපෙනවා ලෝකේ පෙරළුනත් දන්නේ නෑ.ඔය පහතින් දාලා තියෙන්නේ ඒ දවස් වල වේගය ගත්තු ස්කිරින් ෂොට් එකක්.
                        මධ්‍යම රාත්‍රිය පහු කොරලා පාන්දර 2 විතර වෙනකොට භාවිතය ගිගා 2 ට වැඩියි.ඒ  කරලා තව බාන්න හිතෙන දෙයක් තියේ නම් ඒවා දෙකක් විතරත් ටොරන්ට් පොතේ දානවා.උදේ වෙනකොට බෑවිලා සීඩ් එකේ උපරිමයත් වෙලා.ඒ දවස් වල බ්ලොග් ලියවිල්ල පටන් අරන් තිබුනේ නෑ.ටොරන්ට් බෑමට අතරව කලේ පේස් බුකි යන එක ,බ්ලොග් බලන්න සිංඩි වල රවුම් ගහන එක,අනෙකුත් ඩවුන්ලෝඩ් .
                            ඔහොම ටික කාලයක් යද්දි අවතාර්ගේ කොම්පීතරේ හාඩි දෙක රතු වෙලා.තවත් දාන්න ඉඩ නෑ.නිදි මරාගෙන බාපු පිලිම් බලලා ඉවර වුනත් කොමිපීතරෙන් පන්නලා දාන්න දුකයි.ඩීවීඩී තැටි කීපයක් ගෙනල්ලා පුලු පූලූවන් විදිහට තැටි ගත කොලා.අවතාර්ගේ මතකේ විදිහට බාපු ලොකු සයිස් දෙක තුනක් මෙහෙමයි.
              prototype ගේම් එක  7.42 GB
              adobe Photoshop tutorial compress පැක් එකක්              12 GB
             
                  american pie 1 සිට 8 දක්වා චිත්‍රපටි ඇතුලත් compress පැක් එකක්            8 GB

  ඒ දවස් වල ගෙදරට ආපු කරන්ට් බිල නම් වෙනදට වඩා වැඩි වුනා.ඒ වුනාට කරන්ට් බිලකින් පුළුවන්ද අන්තර්ජාල අයිතිවාසිකම් උල්ලංඝනය කරන්න.ඒ දවස් වල ගමේම කොල්ලෝ කුරුට්ටෝ පිලිම් ගෙනියන්න ආවේ අවතාර්ගේ ගෙදර.පිලිම් හෝල් වලට කලියෙන් රට ඉඳන් චිත්‍රපටි එන්නේ අවතාර්ගේ කොම්පීතර හාඩියට.ඔය දවස් වල බ්ලොග් කියවලා ඇති වුන ආසාව නිසා තමා අවතාර් තීරණය කලේ බ්ලොගියක් පටන් ගන්න.එහෙම හිතලා බ්ලොගියක් පටන් අරන් ටික කාලෙකට පස්සේ ඒ කියන්නේ හරියටම දෙසැම්බර් 31 වෙනිදා දුක ජාලයේ ඇති කරපු අප්ඩේටයකින් අවතාර් ඇතුළු කීප දෙනෙකුගේ බලාපොරොත්තු සුන් කරමින් රු28න් දුන්න අන්ලිමිටඩ් ඩේලි ඉන්ටනෙට් පැකේජය අවලංගු වුනා.ඒ වෙනකොට අවතාර් බාගත කරපු ප්‍රමාණය       ගිගා 400 ට වැඩියි.
                        එහෙම ගියපු අවතාර් දැන් ජාල ගතවෙන්නේ 100MB පැකේජ් එකෙන් බොහොම අරපිරිමැස්මෙන්.චිත්‍රපටයක් එහෙම බාපු කාලයක් මතක නෑ.හැබැයි දැන් ඒ වගේ එකක් පාලනය කරන්න තියෙන කාල වේලාවත් මදි.
                                                     

26 comments:

  1. මචන් එයාර් ටෙල් වල ඔය වගේ සීන් එකක් දන්නේ නෑද්ද???

    ReplyDelete
    Replies
    1. එයාටෙල් වලදි රෑ 12 පහු වෙනකම් ඩව්න්ලෝඩ් දාලා තියන කොට ස්පීඩ් අඩු නොවී එනවලු.හැබැයි වැඩි විස්තර දන්නේ නෑ.මම එයාටෙල් යූස් කරන් නෑ

      Delete
  2. මදැයි වෙච්චි දේ
    හිකිස්‌

    ReplyDelete
    Replies
    1. අවතාර් දැන් ඉන්නේ විදුලි බිල අඩු කිරීමේ මහා ප්‍රයන්තයේ.රට ගැන හිතන්නත් එපැයි ...හික් හික්

      Delete
  3. එයාටෙල් තියනවා මාසෙකට 1200 unlimited තමයි

    ReplyDelete
    Replies
    1. එයාටෙල් උන්දලා ලංකාවට සිග්නල් දෙන එක ගැන තව ටිකක් හොඳින් හිතුවොත් ගොඩක් අය එයාර්ටෙල් වලින් ඉන්ටනෙට් යයි.3g කෙසේ වෙතත් තියෙන gsm වලින් වත් යන්න බෑ

      Delete
  4. ඔන්න ඔය වගේ දේවල් කොල්ලෝ වේලි වේලි ඉන්න කාලේ දෙන්නයි තිබ්බේ.. පව් ඉතින්.. ඩයලොග් කාරයොන්ට නම් ඉතින් ඔහොම වෙන එකත් හොඳයි ..

    ReplyDelete
    Replies
    1. වැඩක් නෑ කියලා.තාමත් ඩයොලොග් වෙලාවකට අවුල්.

      Delete
  5. පොඩ්ඩක් පරිස්සමෙන් හිටපං. ඩයලොග් එවුන් උඹව හොයාගෙන එයි. :)

    ReplyDelete
    Replies
    1. ඩයලොග් පොරක් මේක දැක්කොත් නම් ඉතින් අවුල තමා.

      Delete
  6. එල පොස්ටුවක්

    ReplyDelete
  7. අර චෆිල්ම්ස් ටික බලන්න පැය දහයක් දොලහක් යන්න ඇතිනේ?
    අපරාදේ කාලේ!

    ReplyDelete
    Replies
    1. ඒ දවස් වල මට ලොකු වැඩක් තිබුනේ නෑ.කලේ ඔය දේවල් ම තමා .

      Delete
  8. Anonymous5/17/2012

    ඔහොම මොකක් හරි එකක් හොයාගන්න ඔන

    ReplyDelete
  9. Anonymous5/17/2012

    මේ රටේ එක isp කෙනෙක්වත් නැද්ද 1gbps ස්පීඩ් එකක් දෙන එවුන්?මට නම් ඩයලොග් ඉන්ටනෙට් වේගය හොඳටම මදි

    ReplyDelete
    Replies
    1. ඩයලොග් ගැන නම් කතා කරන්න දෙයක් නෑ. මහා ලොකුවට අප්ඩේට් දැම්මට ලෙඩ තවම එහෙමයි.

      Delete
    2. ලංකාවේ ඔය කියන ස්පීඩ් පැහැදිලිවම දෙන්න බෑ. ඒ දේවල් වලට ගොඩක් යටිතල පහසුකම් ඕනේ. මේ ගොල්ල විකුණන් කන්නේ. SLT ඒකත් එහමයි. අර 8 mbps කතාව පට්ට බොරුවක්..

      Delete
  10. අයියෝ අවතාර්... මමත් ඉස්සර Airtel 45 පැකේජය දාගනෙ අම්බානෙට බෑවා.. පස්සේ එකටත් කෙලියා.. 100 MB වලින් මට දවස් කාලක් යන්න බෑ... හික්ස්... අපි මොකක් හරි කරන්න ගියොත් පුවක් ගහෙත් දෙබලයක්

    ReplyDelete
    Replies
    1. එයාටෙල් යන්නේ කොහොමද සිග්නල් නගර සදහා පමණයි නේ.

      Delete
  11. Anonymous6/10/2012

    මට නම් fiber optic කනෙක්ෂන් එකක් තියනවා USA වල මගේ ගෙදර.Verizon එකෙන් තමයි දෙන්නේ.මේ තමයි මගේ ස්පීඩ් එක. 4.1gbps download 950mbps upload.මේකෙන් 15gb වලට වැඩි ගේම් 8 ක් එකවැර ඩවුන්ලෝඩ් කරන්න පුලුවන්.

    ReplyDelete
  12. Anonymous7/26/2012

    ඉන්ටනෙට් වේගය අඩු වෙනවට tcp optimizer පාව්ච්චි කරන්න:-)

    ReplyDelete
  13. Anonymous9/18/2012

    අපරාදෙ :( 2014 විතර වෙන‍කොට අපිටත් ලාබදායි ක්‍රිමයක් ලැබෙයි

    ReplyDelete
  14. Anonymous11/05/2012

    අඩුම ගානේ 1Mbps ස්පීඩ් එකක්වත් තියනවනම් නියමයි.ඒත් මේ කාලේ හැටියට ඇත්තටම ඒ වේගයත් මදි.

    ReplyDelete
  15. Anonymous11/05/2012

    මෙන්න පිටරට නියම ඉන්ටනෙට් වේගය [im]http://billibala.com/images/557.png[/im]

    ReplyDelete
  16. 2012 පස්සේ මොකුත්ම නෑ නේ. මම මේක ලියන්නේ 2014/08/19. අලුත් දෙයක් තිබුනොත් කවුරු හරි thilankawm@gmail.com එකට e mail එකක් එව්වොත් ගොඩාක් ස්තුති වෙනවා.

    ReplyDelete

හිතට දැනෙන දේ ලියලා යන්න