Sunday, April 29, 2012

widget නැතිව blogger වලින්ම බ්ලොග් එකේ වැඩ දාමු

අවතාර් නොනිමි අහස පිලියෙල කරන කොට වැදගත් වුන දේවල් ටිකක් කොටන්න හිතුනා.වරතමානයේ බ්ලොගි වල මේ ස්වරූපය ගොඩක් දුරට අන්තර්ගත වෙලා තියෙනවා.කැමති අය ඉන්නවනම් තම තමන්ගේ බ්ලොගි වලටත් මේ දේවල් ඇඩ් කොරගන්න පුළුවන්.


        පෝස්ටුව සම්පූර්ණයෙන් නොපෙන්වා read more ආකාරයට කුඩා කොටසක් පෙන්වීම
සාමාන්‍ය විදිහට බ්ලොග් එකට පොස්ට් එකක් දැම්මහම මුළු පොස්ට් එකම පෙන්නනවා.ඒ වෙලාවෙදි මුල් පිටුවේ තියෙන සේරම පොස්ට් මේ විදිහට නිසා අවශ්‍ය වෙනත් පෝස්ට් එකක් හොයාගන්න අපහසු වෙනවා.මේකට කරන්න තියෙන්නේ  read more බොත්තම එක්ක පෝස්ට් එකේ කොටසක් විතරක් මුල් පිටුවේ පෙන්වන එක.පෝස්ට් එක ලියලා වෙන් කරන්න ඕන තැනින්  මෙන්න මේ බොත්තම ක්ලික් කරලා පබිලිස් කරානම් වැඩේ හරි.


කමෙන්ට් බොක්ස් එක අසල තමන්ගේ අදහසක් ප්‍රකාශ කිරීම.
 
 පොස්ට් එක බලන අයට කමෙන්ට් එකක් දාන්න හිතෙන්න මොනවහරි කියන්න කැමතිද?පිටින් විජෙට් ගැනීම අන්‍යවශ්‍යයි.මේක බ්ලොගර් හරහාම කරන්න පුළුවන්.
dashboard > settings > comments
       Comment Form Message කියන තැනට පණිවිඩය ඇතුලත් කරන්න.

බ්ලොග් එකට තමන් තැමති ලෝගෝ එකක් දාගමු.
සාමාන්‍යය විදිහට බ්රවුසර් එකේ බ්ලොග් නම ඉස්සරහින් තියෙන්නේ බ්ලොගර් 
ලෝගෝ එක.ඒ වෙනුවට අපි කැමති ලෝගො එකක් දාගන්න පුළුවන්.
dashboard > design > page elements
 edit ගිහිල්ලා හදාගත්තු ලෝගෝ එක අප්ලෝඩ් කරගන්න.මේ හදාගන්න ලෝගො එක හරි හතරැස් විශාලත්වයෙන් අඩු එකක් වීම අනිවාර්යයයි.

අවතාර් විසින් නොනිමි අහස සඳහා නිර්මාණය කල ලෝගෝව

3 comments:

  1. ela.. ela.. logo eka wenas karana kramaya hoya hoya hitiye, bohoma sthuthiyi obata

    ReplyDelete
  2. Anonymous7/25/2012

    එල

    ReplyDelete

හිතට දැනෙන දේ ලියලා යන්න