Sunday, November 10, 2013

චුයින්ගම් වෙයිද චෝගම්???? කාටුන් ටොක්ක

                       

                    එක අතකට බලන විට චුයින්ගම් කියන්නේ ද අමුතුම කෑමකි.කොච්චර කෑවත් බඩ පිරෙන්නේ නැත.ඒ උනත් කම්මැලි වෙලාවට බඩගිනි වෙලාවට ඔහේ හප හපා ඉන්නට නියම කෑමක්ය.චුයින්ගම් එකේ රස ඇති තුරු තලු මර මර හපන්නේය.ටික වෙලාවක් යන්නට මතෙන් රස නැති වී මෙලෝ රහක් නැති කොහොල්ලෑ ගුලියක් බවට පත් වෙන්නේය.ඊට පසු කරන්නේ ඒ කොහොල්ලෑ ගුලිය කොහේ හරි අලවන එකය.අවසානෙට බලන විට ඒ චුයින්ගම් එකෙන් කාපු එකාට පලක් නැත.ඒ අලවපු කොහොල්ලෑ ගුලිය කාගේ හරි ඇඟේ ඇලුනොත් ඌටද කරදරයකි.

9 comments:

  1. බේස් ලයින් පාර ආරම්භයදී, කොස්ගස් හන්දියට පෙර, පාරේ අයිනේ ඉඩම් වල තිබ්බ කැත පාට යවන්න නිල් තහඩු ගහල තියෙන අපූරුව..

    වෙඩින් දවසට විතරක් මේකප් එකක් දැමීම හා සමානයි !

    ReplyDelete
  2. චෝගම් නම් මහ විකාරයකි.... කියන්නට දෙයක් නැත... කිවුවොත් දත් නැතුව බත් කා හැක... නැතහොත් සුදු වෑන් එකක යා හැක... මම එයට කැමති නැත....

    ReplyDelete
  3. චෝගම් විකාරයක් නොවේ.. එය අප ඉන්න තත්වය අනුව දැං විකාරයකි...

    ReplyDelete
  4. පරණ වාහනයක් අරගෙන මතුපිටින් ලස්සන කලා වගේ තමා මේකත්.. !

    ReplyDelete
  5. මට නම් පෙන්නේ ඔය සරසන සැරසිල්ල නිකන් ඉටිකොළ සිවිලිමක් ගහනවා වගේ වැඩක් කියල අඩුවියදම් මවාපෑම

    ReplyDelete
  6. ඔය චෝගං කියන්නෙ අර කැරකෙන හුලං පෙත්තට ද?

    ReplyDelete
  7. අපේ ගෙවල් වලත් උත්සවයක් තියෙනකොට ගේ හදන්න සල්ලි නැත්තන් අපි හුනු ටිකක් ගාල, ඉටිකොල සිවිලිමක් ගහල, වටෙ පිටෙ සුද්ද කරල, දොර ජනෙල් රෙදි හෝදල එහෙම සූදානම් වෙනවනෙ නැතිව අපි දුප්පත් කියල පෙරේතයෝ වගේ ඉන්නෙ නෑනෙ

    අනික මේ වගේ රාජ්‍ය නායකයො අපේ රටට එන්නෙ මේ වගේ අවස්තාවක විතරයිනෙ. ඉතින් මේක අපේ රටේ ප්‍රතිරූපය හදාගන්න හොද අවස්තාවක් කියලයි මටනම් හිතෙන්නෙ

    ReplyDelete
  8. චුයිංගම් වැඩියෙන් කද්දී බඩේ ගෑස් එනවා කියනවනේ..

    ReplyDelete
  9. අපිට ඇති වැඩකුත් නැත. තාවකාලික ආතල් එකක් දීල ඇත.

    ReplyDelete

හිතට දැනෙන දේ ලියලා යන්න