Tuesday, October 8, 2013

නොනිමි අහසේ ආයෙත් ලියන්න..........

                            අවතාර් නමින් නොනිමි අහස කියලා තැනක ලියපු එකෙක්ව මතකද දන්නේ නෑ කස්ටියට නේ?ගොඩක් අයට අමතක ඇති අවසාන පෝස්ට් එක දැම්මෙත් දැනට මාස 6කට කලින්ද කොහෙද.ඒකත් සුනාමි ආවා ගියා වගේ තමා.නිකමට අද ෆ්‍රී එකේ ඉන්න නිසා පරණ ඊ මේල් එකයි පාස්වර්ඩ් එකයි ගහලා බ්ලොගර් ලොග් උනා.(නොනිමි අහසේ මොන වගේද කියලවත් මට මතක නෑ කියහල්ලකෝ )
      එහෙම ඇවිත් බලපුවහම බ්ලොගර් අද දවසට පේජ් විව්ස් 50 ක් පෙන්වනවා.ඒ කියන්නේ තාමත් මගේ බ්ලොගට යන එන කට්ටිය ඉන්නවා.
             ඔහොම ඇවිත් නොනිමි අහසේ මම ලියපු ඒවම බල බල යන කොට වෙලාව නැති කමින් අතෑරලා දාපු බ්ලොග් එක ආයේ ලියන්න හිතට බල කරන විදිහේ කමෙන්ට් දෙකක් දැක්කා
                ඊට පස්සේ මට මතක් උනා ඒ දවස් වල රෑ නිදි මරාගෙන නොනිමි අහසේ පෝස්ට් ලියපු හැටි.එහෙම එකේ වැඩ අසසේ උනත් ඉඳලා හිටලා හරි පෝස්ට් එකක් දානව කියලා හිත හදා ගත්තා.නොනිමි අහස මෙහෙම අතාරින්න වෙයි කියලා නම් හිතුවේ නෑ.ඒත් අවතාර්ගේ ජීවිතේ සිද්ධ උන වෙනස් වීම් එක්ක පොඩ්ඩක් නොනිමි අහසෙන් ඈත් වෙලා ඉන්න උනා.

ඔන්න එහෙනම් අවතාර් ආයෙත් නොනිමි අහසේ කොටන්න පටන් ගන්නව ඈ
දැන් ඉතින් හිතේ තියෙන සේරම කියලා බනින්න තියෙනවනම් ඒවත් එක්ක බැනපල්ලා ඇති වෙන්න :)
         

21 comments:

  1. ලියපන් දැන් ඉතිං දිගටම! නැත්නම් ඉතිං මරනවා ඈ!

    ReplyDelete
  2. ඔන්න අපි අළුතින්ම ආවා.. දැන් ඉතින් ලියපං හොදේ..

    ReplyDelete
  3. $#$#%^$^& %*^(^)*+(+ &(%*^$%# %%^#%^$*^ &%*&^*(& &&*&%*&% ^%*&%^(*&)*
    (ඔන්න ඇති වෙන්න බැන්නා)

    ReplyDelete
  4. අඩේ...මේකා අයිත ඇවිල්ල..මොනා මොනා හරි ලියන්ඩෝ...මමත් යන්තම් එකක් දෙකක් ලියාගන්නවා හරි අමාරුවෙන් කොහොමහරි.

    ReplyDelete
  5. කොහේ අමතක වෙන්නද ඉතිං මේ අවතාර් ව....

    එහෙනම් පටාආආආආආන් ගමු...

    ReplyDelete
  6. තව ටිකක බලල බොලාගෙ ගෙදර එන්න තමා හිතන් හිටියෙ.....

    ReplyDelete
  7. yako enawa kiyala enawa yanawa kiyannewath nathiwa yanawa mona reddakda ban marum noka liyapan aawanam nathnam umbawa gahanawa dandukande

    ReplyDelete
  8. අවතාර් අවතාරයක් වෙලාද? :D

    ReplyDelete
  9. අවතාර උනාම ඔහොම තමයි

    ReplyDelete
  10. ම්.... ම්.... ම්...... කවුද මේ හොල්මන ...... බලමුකෝ ඉස්සරහට ...... මම ඉතින් අලුත්නේ කලින් දැකලා නැ අවතාර

    ReplyDelete
  11. මෙන්න ආයෙත් ඇවිල්ලා !

    ReplyDelete
  12. ප්‍රසන්න86 වගේ පෝස්ට් එකක්..

    ReplyDelete
  13. ඔහොම තමා අගේ කරන්න ටික කාලයක් හැංගෙනව නෙවැ ;)

    ජය වේවා !

    ReplyDelete
  14. දැන් අපිට අහන්න වෙලා තියෙන්නෙ DDT යො උඹ කොහෙද කියලා...ඒකා අපිත් එක්ක තරහා වෙලා දැන් බොග් කියවන්න එන්නෙ නෑ...නැවත පැමිණීම සතුටක්...දැන්වත් ගුටි නොකා දිගටම ලියපන්...

    ReplyDelete
    Replies
    1. හැබෑවටම DDT දැක්කේ නෑ තමා කාලෙකින්.

      Delete
    2. දැන් DDT නෑ... දැන් තියෙන්නේ BTT !

      Delete
    3. මේ ඉන්නෙ මං..

      අඩෝ සිරා, උඹ හැමදාම මාව අල්ල ගන්නෙ වැරදි කොනෙන්. මොකද බං ඒ. උඹලත් එක්ක තරහ වෙන්නෙ මට මොනව බෙදාගන්න බැරුවටද බං. මම එනව - කියවනව, ඒත් ඉස්සර වගේ පිළිවෙලකට කලාවකට නෙවි. සමහර විට මම පරණ එක කියවද්දි තවත් අළුත් පෝස්ට් දෙක තුනක් වැටිල. ඉතිං කමෙන්ට් කරන්නෙ නැති තරම්. ඒත් මම උඹල ලියන ඒව පුළු පුළුවන් හැටියට කියවනව බං. කොහොම උනත් මම දැන් මේ ට්‍රැක් එකට වැටිල, තව කාලෙකට ඔහොම තමා යන්න වෙන්නෙ.

      මේ ඉන්නෙ ඇපලො මම.

      අඩෝ මධුරංගයා, උඹ අහුවෙයන්කෝ.


      උඹ ආයෙ ලියන එකට සතුටුයි අවතාර්. පුළුවන් වෙලාවට උඹේ කාටුන් එකකුත් දාන්න අමතක කරන්න එපා. අපරාදෙ උඹ ඒක නැවැත්තුවෙ. දැන් උඹ ඉලස්ට්‍රේටර් වැඩ්ඩෙක් වෙලා ඇති නේ..

      Delete
    4. දැක්කනෙ නියම තැනට තමා සිරා ඇනේ ගැහුවෙ...මේ ඉන්නෙ DDT යා යහතින්...උඹව දකින එක කොච්චර සතුටක්ද ? මම මේ කියන කිසි දෙයක් සීරියස් නෙමෙයි බන් කියන්නෙ...විහිලුවට...සිරාගෙ කාමරේට ආරම්භයේ ඉදන්ම සහයෝගය දුන්න කෙනෙක් හැටියට මට උඹව ගොඩක් වටිනවා...

      Delete
    5. ස්තූතියි සිරා, මම දන්නව බං උඹ සත්ගුණවත් කොලුවෙක් කියල. මමත් ඉතිං විහිළුවට තමා කිව්වෙ. හරි .... දාපං මචං පහක්.

      Delete
  15. එලස් අවංකවම මට සතුටුයි.අවතාර්ව මතක අය මෙච්චර ඉන්නවා කියලා දැනෙද්දි.දැන් ඉතින් ආයෙ නොලිය ඉන්න බැරි වෙයි
    ඔක්කොටම තෑන්කූ ඈ

    ReplyDelete
  16. මාස ගානකට පස්සේ මටත් හරියට පටන් ගන්න හිතුනා ........ කලින් ලියපු ගොඩක්උන් විසි වෙලා ගිහිං හොයා ගන්න බැරිවෙන්නම . උඹවත් ආපු එක ගැන හැපී ....

    ReplyDelete

හිතට දැනෙන දේ ලියලා යන්න