Thursday, August 16, 2012

අවතාර්ට කෝටි 20 ක මුදල් ත්‍යාගයක් !!!!

                                     උදේ කොමා ඉස්සරහ වාඩි උනේ ගෙදර ඉන්න දවසේ පෝස්ට් එකක් ඩ්‍රාෆ්ට් කරන්න හිතාගෙනය.අවතාර්  ගූගල් මේල් පෙන්නන පොඩි ගැජට් එකක් නෙට් යන ක්‍රෝමේ  දාගෙන ඇත්තේය .ක්‍රෝම් ඕපන් කරපු විගසින් නව ඊයක සළකුණු පෙනිණි.තර්ජනයක් ද මඩක්ද මලක්ද ගලක්දැයි බැලීමට මේල් වෙත ගියේය.

                               වැදගත් ඉංගිරිසි වචනයක් සමඟ ඊයකි

                                මොක උනත් ගණන් උස්සනවා වගේය.ඉදිරි පියවර සඳහා ඕපන් කලෙමි
-------------------------------------------------------------------------------------------------------------

Microsoft Award Team 
Baley House, Har Road 
Sutton, Greater London 
SM1 4te United A Kingdom. 
Batch: 12/25/0340



THE MICROSOFT  COMPANY OFFICIAL PRIZE NOTIFICATION  

We are pleased to inform you of the result of the just concluded annual final draws held on the (9th Of August 2012) by Microsoft Award Promtion, your email was among th 20 Lucky winners who won £ 1,000,000.00each on the THE MICROSOFT COMPANY PROMOTION
However the results were released on 31th  March 2012 and your email was attached to ticket number (7PWYZ2006) and ballot number (BT:12052006/20 The online draws was conducted by a random selection of email addresses from an exclusive list of 29,031 E-mail addresses of individuals and corporate bodies picked by an advanced automated random computer search from the  internet. However, no tickets were sold but all email addresses were assigned to different ticket numbers for representation and privacy.  

The selection process was carried out through random selection in our computerized email selection machine (TOPAZ) from a database of over  250,000 email addresses drawn from all the continents of the world. This Lottery is approved by the British Gaming Board and also Licensed  by the The International Association of Gaming Regulators (IAGR).This lottery is the 3rd of its kind and we intend to sensitize the public.  

In other to claim your£1,000,000.00 prize winning, which has been deposited in a designated bank. However,you will have to fill the form below and send it to the Promotion manager of THE MICROSOFT COMPANY for verification and then  
your winning cheque of  £ 1,000,000.00 has already been written  in your favour.
NAME   
SEX:      
ADDRESS 
EMAIL  
PHONE:.  
OCCUPATION:  
COMPANY:  
COUNTRY:.
AMOUNT WON. £ 1,000,000.00 

Please you are adviced to complete the form and send it immediately to our Promotion manager through email or fax for prompt collection of your fund from the designated bank.  

(CONTACT PROMOTION MANAGER) 
Name: Mr. Terry Martins 
Email: claims_dept@ozledim.net

You are to keep all lotto information away from the general public especially your ticket number and ballot number. (This is important as a case of double claims will not be entertained).  
.  

Accept my hearty congratulations once again!  

Yours faithfully,
Agent Mrs Rose Wood 
Management

 -------------------------------------------------------------------------------------------------------------    

             එකපාරක් බැලුවෙමි සුවර් නැත තව පාරක් බැලුවෙමි .ඇස් අදහා ගත නොහැක.මෙවන් දෙයක් දකින්නට මා දෑස පින් කර ඇත් ද?අවතාර්ට £ 1,000,000 ක තෑග්ගක්.ඊ මේල වලට අංකයක් ගලපා දෙලක්ෂ පනස්දාහක් අතරින් ස්වයංක්‍රීයව තෝරගත්තු වාසනාවන්ත ඊමේලේ අවතාර්ගේය.ස්ටර්ලිං පවුම් ලක්ස දහයක්ය.ලංකාවේ ඉන්  එකක් රු.208ක්ය.
                         1,000,000 * 208 = රු .208,000,000 /-
 මුළු මුදල කෝටි විස්සද ඉක්මවන්නේය.
අවතාර්ගේ  කට ඇරුනේය
                   ඇස් උඩ ගියේය
                   පපුව හිරඋනේය
                   ලේ ගමනාගමනය නතර උනේය
                   සකල සරීරාංග වෙව්ලන්නට විය
                   දෙපතුල් වල සිට පන නැතීවීගෙන එන සෙයක් දැනුණේය        
                                            අවතාර්ගේ නිවසේද මිනිස් පුළුටක් නැත.කෑ ගහන්නටද නොහැකි තරමට උගුර කට වේලිලාය.අමාරුවෙන් නැඟිට බිත්ති අල්ලමින් ගොස් වතුර එක්ක බ්ව්වේය.යන්තං ඇඟට පණක් ලැබුනා වගේය.හිසට වෝල්ට් 33000 ක කරන්ට් එකක් වැදුණා වගේය.වතුර වීදුරුව මදිය.තවත් එකක් දෙකක් මුළු වතුර ජෝගුවම කටේ තබාගෙන එක හුස්මට බී ගෙන ගියෙමි.
                       යන්තම් ප්‍රකෘති තත්වයට ආවායින් පසුව නැවත කොම්පීතරය දෙසට පියමැන්නෙමි.කල යුත්තක් සිතා ගන්නට බැරිය.dilushanuwanga@gmail.com  දැන් මේ ඉංගිරිසි අකුරු විසි දෙකේ වටිනාකම කෝටි  විස්සකි .කවුරු හරි අවතාර්ට දෙකක් ඇන අකුරු දහයේ පාස්වර්ඩ් එක ගත්තොත් කෝටි විස්ස ඌටය.ආයෙත් පපුව ගැහෙන්නේය.අනිත් ඒවා වන්නට පෙර නැවතත් වතුර ටිකක් බිව්වෙමි.මේ මුදලින් කුමක් කරමිද? කෝටි විස්ස ඕනෑවටත් වැඩිය.මුලින්ම ලැපියෙක් ගත යුතය.මිනි ලැපියෙක් සුදුසුය.කෝටි පතියෙක් මිනි ලැපක් .කවුරු හෝ දැන ගත්තොත් වස ලැජ්ජාවය.ඊට වඩා හොඳ එකක් ගනිමි .ලක්ස දහයක පමණ එකක් සුදුසුය.
ඊළඟට වාහනයක් ඕනෑ වෙනවාය.එතකොට වැඩ්ඩා වගේ කොළඹ යන්නට පුළුවන්ය.බයික් එකක් නෑ කාර් එකක් හොඳය .එයිනුත් බෙන්ස් එකක් හොඳය.
 -------------------------------------------------------------------------------------------------------------
                                                                      
                                                              එහෙනං මොකටත් කලින් ගත්තු හුස්ම පහලට දාලා ඉඳිමු.ගිලින් නැතුව කටේ තියන් හිටපු කෙල ටිකත් ගිල්ලනං හොඳා.අද උදේ මම දැකපු ඊයක් .ඔය උඩින් අවතාර්ට වෙලා තියනව කියපුවා මොකුත් උනේ නෑ ඈ.දැක්ක ගමන් නම් පොඩ්ඩක් විතර හීන්  දාඩියක් දැම්මා.මොන දෙයියද අපිට එකපාරටම කෝටි විස්සක් පුදන්නේ?ඒකත් මේ සුද්දගේ අකුරු ටිහකට.ජංජාලේ කරක් ගහනකොට ඔය වගේ පොඩි පොඩි දේවල් දැකලා තිබ්බ හින්දා   ඔය තරඟේ ලයිසන් කරල තියෙනවා කියන The International Association of Gaming Regulators (IAGR) එක ගූගල් කරලා බැලුවා.
ඒකට නම් යහපත් ප්‍රතිචාරයක්  හම්බුනා
පස්සේ ඔය ගෑණු පරාණයගේ නම ගූගල් කරලා බැලුවා.ඔය එන්නේ ප්‍රතිඵල පිටු පූරෝලා .
                    නියමයිනේ.ලණුව කාපු කට්ටිය බුරුතු පිටින්.අවතාර්ටත් හිතුනා මේකලා ඊළඟට කොරන වැඩේ බලන්න.ඔන්න ඔහේ මොනා හරි ටිකක් දාලා යැව්වා රිප්ලයි මේලක්.ආවා ඒකටත් ඊයක්

        චෙක් එක තියන පාර්සලේ ඩිලිවර් කරගන්න යන්නේ පවුම් 550 ක් 350 ක් විතර.ඒ කියන්නේ ලංකාවේ ගානෙන් රු.114,400 ක් 72,800 විතර.කෝටි විස්සක් ගන්න ලක්ෂයක් විතර වියදම් කරාම මොකද කියලා උන්දලා කියන එකවුන්ට් එකකට සල්ලි දැම්මොත් කොහොමද?මේ ගැන ජංජාලේ හොයාගෙන යන කොට සමහර සුදු නෝනලා සුදු මහත්තයලා මෙච්චර මෝඩද කියලා හිතුනා.සමහරු සල්ලි දාන්නත් ලෑස්ති වෙලා ඉඳලා තියෙන්නේ.ගූගලේ සර්ච් කරහම එහෙම ඒවා ඕන තරම්.

                හික්ස් ඔන්න එහෙනම් විනාඩි ගානකට හරි අවතාරුත්  කෝටිපතියෙක් උනා ඈ
පලි: අවතාර් කාලෙක ඉඳලා හිතේ තිබුන වැඩක් පටන් ගත්තා.අවතාර්ට ෆොටෝ උණක් තියනවා පොඩි කාලේ ඉඳලම .කොහේ ගියත් ඩිජියෙක් අරගන හතර අතේ වන වන යන්නේ.එහෙම යද්දි අහුවුන ලස්සන ෆොටෝ ටිකකුයි ඉස්සරහට ගන්න ඒවයි දාන්න හිතාගෙන අවතාරුත් හැදුවා ෆොටෝ  බ්ලොගක්.මෙතනින් ගියානම් යන්න පුළුවන් ඈ.වැඩේ හොඳයි නම් ෆලෝ පාරක් දාන්න අමතක කරන්න එපා හරිය

50 comments:

  1. ඕක ටිකක් පරණ කතන්දරයක් බං. දැන් ඕකට මිනිස්සු අහුවෙන්නෙ නෑ මම හිතන්නෙ. මගේ යාළුවෙක්ටත් අවුරුද්දකට විතර කලින් ඇවිත් තිබුණ. ඒක නම් ෆෝන් එකට එස්එම්එස් එකක් විදියට. ඇවිත් තිබුණෙත් කෙලින්ම යූකේ වලින්. මම නම් මුල ඉඳන්ම විශ්වාස කරේ නෑ, පස්සෙ ඌත් හොයල බලල වැඩේ අවබෝධකරගත්තා.

    ReplyDelete
    Replies
    1. ෆොටෝ බ්ලොග් එකටත් ගියා. මමත් ඡායාරූප කලාවටත් මනාපයි. වැඩේ හොඳයි දිගටම කරගෙන යන්න. ජය!

      Delete
    2. මචං, මේ පෝස්ට් එක අප්ඩේට් වෙන්නෙ නැති ප්‍රශ්නයක් තියෙනව නේද? පොඩ්ඩක් බලන්න.

      Delete
    3. පෝස්ට් එකේ අප්ඩේට් වෙන එකේ අවුලක් තිබුනා.ගෙදර ආපු ගමන් දුවන් ආවේ කොම් එක ළඟට.ගූගල්ගේ පිස්සු කෙලිල්ල හින්දා මේ පෝස්ට් එකට ආය එකක් දාන්න උනා.තෑන්ක්ස් මචං අවුල ගැන කිව්වට කමෙන්ට් එකෙන් පස්සේ තමා දැනගත්තේ මොකක් හරි අවුලක් කියලා.ආයෙත් තෑන්ක්ස් ඈ

      Delete
  2. ඔය වගේ මේල් මට තාමත් එනවා ඒත් එකක්වත් මම අද වෙනකන් ගණන් අරගෙන නැහැ.ඊයෙත් වයි මේල් එකට ආවා කව්ද එකෙක් මැරිලා උගේ අන්තිම කැමැත්ත අනුව මට බර ගානක් තියෙනවා ඒක ලබාගන්න ඒ උපදේශකවරයව මෙහෙ ගෙන්න ගන්න සල්ලි එවන්න කියලා :)

    ReplyDelete
    Replies
    1. ඇම් ඇනුත් එහෙනම් සුද්දෙකුගේ බූදලේකට උරුම කිව්වා :)

      Delete
  3. ඔය වගේ වෙන ආතල් එකක් මට සෙට් වුනා බුකියේ.

    එයා ඉන්නේ යු.ඇන් එකේ කෑම්ප් එකකලු. තාත්ත මැරුනලු. පිටරට එකෙක් ස්පොන්සර් කරල ඒ සල්ලි ගන්න පුලුවන්ලු. ඇවිත් මාත් එක්ක ඉන්නවලු. ඒ ඩොකියුමන්ට් වලට කීයක්ද මන්දා දාන්න කියලා ලස්සන මැසේජ් ගොඩක් ආව. ආතල් බං. මම ඒ දවස්වල ඇදල වගේ රිප්ලයි කලා.

    ReplyDelete
    Replies
    1. හෑ කවුද ගෑනු පරාණයක්ද?

      Delete
  4. පරණ කේස් එකකටනේ මචං එන්ටර් වෙලා තියෙන්නේ..

    ReplyDelete
    Replies
    1. සමහර අයට මේවා තාමත් අලුත් බං. ඒ අයගේ දැන ගැනීම පිණිස

      Delete
  5. අනේ උඹ එහෙනම් චුට්ටං වෙලාවකට හරි වාසනාවන්ත උනා නේ :ඩ්

    ReplyDelete
    Replies
    1. හාට් ඇටෑක් එහෙම තිබුන නම් එතනම ඉවරයි ^_^

      Delete
  6. කීයක් හරි ඉල්ලගන්න දුවගෙන ආවා.. කෝ ඉතින් :-(

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ඔය වල් රාජධානියේ වැඩ වලට සල්ලි නොදෙමි :)

      Delete
  7. මෙහෙ අලුත් සීන් එකක් යනවා. අපේ නම්බර් වලට එක එක අප්‍රිකන් රටවල් වල ඉඳල කෝල්ස් එනවා. 99% මිස්ඩ් කෝල්ස්. ඒවාට රිප්ලයි කලොත් උන් කතා කරනවා. එක්කෝ මිස්ඩ් කෝල්ස් දුන්නොත් බුරුතු පිටින් අපිට මිස්ඩ් කෝල්ස් දෙනවා.

    කතා කරාම කියන්නේ අපිට කෝටි ගානක් ඇවිල්ලා කියලයි. ඒත් ඒ ගැන දැනගන්න ඩොලර් කීපයක රීලෝඩ් එකක් දාන්න කියනවා. ඔන්න.

    අපේ එකෙක්ට ඔය කෝල් එකක් මාගේ ඉස්සරහම ආවා.. ඌ ඇහුවා ඇයි ඉතින් මගේ කෝටි 2 කෙන් රී ලෝඩ් දාලා මට කතා නොකරන්නේ කියාලා.. ඒ එක්කම අනිත් කොන කෝල් එක කට් කළා.

    ReplyDelete
    Replies
    1. ඒක අලුත් සීන් එකක් නේ .ගෙදර ඉඳන් සල්ලි හෙවිල්ල

      Delete
  8. මටත් මේ ලඟදි ආව. හෙව්වෙ බැලුවෙ නෑ. ගාන ලොකුයිනේ මට දරාගන්න බෑ. අත්හැරිය. :)

    ReplyDelete
    Replies
    1. ලොකු ඒවත් දරාගන්න ට්‍රයි කරමු රාජ් අයියේ පෙර පිනක් පලදීලා ලොතරැයියක් වත් ඇදුනොත්

      Delete
  9. පට්ට ගානක් නේ ලැබෙන්ඩ ගිහින් තියෙන්නේ. අම්ම්බෝ බලාගෙන ගියහම ලංකාවේ ඉන්නවට වඩා දාර හොරු නේ පිටරටවල ඉන්නේ !!!

    ReplyDelete
    Replies
    1. අර “නිවසේ සිටම මුදල් ඉපයීම“ අන්න ඒ වගේ දෙයක් ;)

      Delete
  10. මමත් ඔය වගේ එකක් එයි කියලා බලන් ඉන්නේ..තාම නෑනේ.බොරුවට හරි කෝටි විස්සක්.....සෙල්ලන්ද?

    ReplyDelete
    Replies
    1. ඒකත් හැබෑව තමා බලන් ගියාම

      Delete
  11. araliya8/18/2012

    ayyo.....ayyatath una wadak....:)madai mamath awe mata loku lassana teddiyek ganna kiyak hari illaganna.mona karannada da itin. :)kamakne itin kawada hari ayyata kotipatiyek wenna labewa kiyala prarthana karanawa!!! :):)

    ReplyDelete
    Replies
    1. මෙන්න ටෙඩියෙක් ඉල්ලපු නිසා මගෙන් ටෙඩියෙක්
      [im]http://www.goodlightscraps.com/content/teddy-bear/teddy-bear-7.jpg[/im]
      හැබැයි අප්සට් හිතෙන්නේ කවදා හරි අයියට කොටිපැටියෙක් වෙන්න ලැබේවා කියපු එකට :(

      Delete
    2. araliya8/18/2012

      ane shoi teddiyek..........tanku avatar ayya...... :) ane mama kiwwe ehema deyak neme ayya......mageth ekka tala wenna epo........man pawne....... :) koti patiyek wenna epa hoda patiyek wenna hode........ :)

      Delete
    3. ආහ් සොරි සොරි කෝට්පතියෙක් වෙන්න කියලානේ තියෙන්නේ .සිංහල බාසාව සුද්දගේ විදිහට කියන්න යනකොට මංඤ්ඤං වෙනවා [im]http://www.messengerfreak.com/emoticons/funny/e2283.gif[/im]

      Delete
  12. මටත් දෙතුන් පාරක්ම ඔය වගේ ‍මේල් ඇවිල්ල තිබ්බ.. ඒවගේම එකපාරක් ග්‍රීන් කාඩ් වගේ කේස් එකක් ඇවිත් ඒ මේල් එක ෆෝවර්ඩ් කලා ග්‍රීන් කාඩ් ඇත්තටම දෙන වෙබ් එකට.. ඒකෙන් හැරෙන තැපෑලෙන් උත්තරේ ආවා මේක බොරුවක් කියල.. මොනව කරන්නද... කොල කාඩ් නැතිවුනා.. !!!

    ReplyDelete
    Replies
    1. අපරාදේ කොල කාඩ්

      Delete
  13. මදැයි මාත් කීයක් හරි ඉල්ලගන්න කියල හිතුවා අපරාදේ නේ...

    ReplyDelete
    Replies
    1. [ma]කෝටි විස්සක් නේ අපරාදේද කියලත් අහනවා :)[/ma]

      Delete
  14. :D මගෙත් e ලිපි ගිනුමේ මේ ලොකෙ ඔක්කොම සල්ලි එකතු කලත් නැති තරමේ මුදල් ත්‍යාග තියෙනවා.
    මම නම් හිතන්නෙ 1000£ විතර දෙනවා කිව්ව නම් ඔයිට වැඩිය මිනිස්සු අල්ල ගන්න තිබ්බා ඔය ජාවාරම් කාරයින්ට. හැබැයි ඉතිං ඕවට අහුවෙලා සේසතම ඉවර කර ගන්න අයත් ඇති.

    ReplyDelete
    Replies
    1. උන්දලට වරදින තැන ඒක තමා කෝටි ගානක් නිකන් දෙනවා කියද්දි පුදුම වෙන්නැත්තේ කවුද?

      Delete
  15. Anonymous8/18/2012

    මම ඇත්තටම කියල අප්පා හිතුවේ..:( දැන් මොනා කරන්නද..දුකයි තමා :(

    ReplyDelete
    Replies
    1. හෑ ඇත්තටම කෝටි 20ක් ලැබුනා කියලා හිතුවද?

      Delete
  16. පණ කඩාගෙන කීයක් හරි ඉල්ලගන්න ආවේ....මහන්සියටවත් දැන් ඉතින් කීයක් හරි දෙන්න...

    ReplyDelete
    Replies
    1. [im]http://ecobike.files.wordpress.com/2010/04/wallet2.jpg[/im]
      ඔන්න ලෝභ නැතුව පර්ස් එක පිටින්ම දුන්නා දුවගෙන ආපු නිසා .සල්ලි ටික අරගෙන පර්ස් එක හැරෙන තැපෑලෙන් එවහං

      Delete
  17. එළ එළ මචං විනාඩා ගාණකට හරි කෝටිපතියෙක් උනා මදෑ

    ReplyDelete
  18. මේ වගේ මේල් එකක් මාස 2/3 කට පාරක්‌ ෂුවර් එකටම එනවා මටනම් ...

    ReplyDelete
    Replies
    1. මාසෙකට දෙතුන් පාරක් කෝටිපතියෙක් එහෙනම් ජය ජය!

      Delete
  19. පොඩි වෙලාවකට හරි ධන කුවේරයෙක් වුණා නොවැ :)

    ReplyDelete
    Replies
    1. මලයටත් මොනවහරි ඕනැයි

      Delete
    2. අප්පේ මෙහෙම ඇහුව එකම මදැයි :D

      Delete
  20. හයියෝ....අපරාදෙනේ.... ඔන්න අදමයි යාළු මම මේ බ්ලොග් එකට ආවේ එ නිසා කීයක්වත් ඉල්ලන්නෙ නෑ..හැබැයි ඇත්ත වුනා නම් ෂෝයිනෙ... :(

    ReplyDelete
    Replies
    1. ආයෙත් මේ පැත්තේ එන්න ඇරයුම් !!

      Delete
  21. සල්ලි සබන් පෙන කෙල්ලෝ කතන්දර කියන්නේ නිකමට නෙමේ

    ReplyDelete
    Replies
    1. බලන් ගියහම ඒකත් ඇත්ත තමා බන්

      Delete
  22. මටත් ඉස්සර සෑහෙන්න ඕව ආවා. පස්සේ මම ඒවා ෆිල්ටර් කරලා දැම්ම. මහා වදයක් උනා අන්තිමට.

    ReplyDelete
  23. ඔයවගේ ඒවා එන්නගත්තම එනවා වැල නොකැඩි. අපේ එකෙක් උක් ජොබ් එකට යන්නත් සෙට් උනා ලන්ඩන් එම්බසි එකේ පිහිටෙන් ගැලවුණා යන්තම්

    ReplyDelete
  24. මටත් ආව ඔය වගේම මේල් එකක් මම කිව්වා අර registration fee එක මගේ තෑගි මුදලින් අඩු කරලා ඉතුරු ටික එවන්න කියල ඊට පස්සේ නො මේල්

    ReplyDelete

හිතට දැනෙන දේ ලියලා යන්න