Thursday, June 14, 2012

ආතල් එකක් ගන්නට කි.මී 20 ක් පයින් ඇවිද්දෙමු

                                                   
                               අවතාර් ඇතුළු පිරිස රජ මාලිගාවෙන් බත් එකක් කන්න ගිහින් කර ගත්තු වින්නැහිය කස්ටිය දන්නවනේ.විස්තරේ දන්නේ නැති උදවිය මෙතනින් ගිහින් බලලා එන්න.මේ කියන්න යන්නේ එදා එකේ ඉතුරු ටිකය.
                                            එදා ලැබුනු සහනාධාර ඝණයේ ආහාර වේලත් අතේ තියාගෙන කල්පනා කලේ මොකද කරන්නේ කියලා.
මෙන්න යකෝ සුදු සර්ට් අයිය කෙනෙක් කන්න වගේ මූණ දිහා බලාගෙන ඉන්නවා.කන්ඩ හමබුනාට පස්සේ අහවල් එක කරන්නැතුව මෙතනින් පල කියන දේ මෑන් ගේ කරුනාවන්ත ඇස් වලින් පිලිබිඹු වුනා.දන්සල් වේල සෑහෙන පිරිසක් එක්ක මන්දිරේ ඉස්සරහ පාරේම වළඳලා ගෝල්පේස් පාර දිගේ ඉස්සරහට ඇදුනා.ඊළඟට  මොකද කරන්නේ කාගෙත් හිතේ ඇති වෙච්ච ප්‍රස්නයක්.“ඒ මචං ඔන්න ඔහෙ ආපු එකේ ගොල්පේස් එකේ සුට්ටක් ඉඳලා යන්ද?“සගාට ආසාවක් උපන්නා.මූටත් ගෝල් පේස් යන්න හිතෙන වෙලාව.කමක් නෑ පොඩි එකාගේ ආසාවනේ කියලා කස්ටිය වැඩේට කැමති වුනා දෙන්නෙක් ඇර.“උඹලා ගෝල්පේස් එකේ හැ$#@%!$%න යන්නේ තොපිට හෙට ලෙක්චර්ස් නැද්ද?“.අනේක විධ බැනුම් අහලා උන් දෙන්නවත් සේප් කොරන් ගෝල් පේස් එකට ඇද්දා.
                                             අනේ ගෝල්පේස් එක පරන කාලේ අම්බලමක් වගේය.බ්ලැන්කට් පැදුරු ඉටි කොල එලාගෙන පවුල් පිටින් ගෝපේ පිට්ටනියේ නිදිය.සමහරු බොන්ගෝ තල තල සින්දු කියයි.තව අපේ අයියලා දුමින් මතින් තොර පාටි දාලාය.නිදාගෙන ඉන්න එවුන්ව පාගන්නැතුව පිට්ටනිය මැද්දෙන් ගියේ අරූ කියපු සුට්ට වෙලාව ඉඳලා යන්නටය.එකා එකා එකට හැප්පෙන තරමට උඩ හරිය පිරී ඇත.බොහොම අමාරුවෙන් යුවලකගෙන් තොර ප්‍රදේසයක් තෝරා ගෙන ගෝල්පේස් ගැට්ටෙන් ඉඳ ගත්තේ හුලං ටිකක් වද්ද ගැනීමටය.උඩට ඉන්න ගානට වැඩියෙන් යට වෙරල පිරිලාය.සමහරු රැල්ල පාගයි.සමහරු වැල්ල විතරක් පාගගෙන සිටී.සමහරු වැල්ලේ බඩ ගායි.තව අය මුහුදේ නායි.ඒ අස්සේ එකෙක් (රට බීම බීපු එකෙක්ද මන්දා) වැලි නායි.

                                     තව පැය බාගයක් මේ ආතල් බල බල ඉඳලා තීරණය කලේ බෝඩිමට යායුතු බව.ඒ අරමුණෙන් රජාගේ වතුර බෝතලෙත් හිස් කර කර කොටුවේ බස් ගාලටත් ආවා කියමු.දැන් නැවතත් සුපුරුදු ප්‍රශ්නය. ඊළඟට මොකද කරන්නේ?.බස් ගාලේ නැවතිලා හෙට උදෙන්ම යමු.පාරේ යන වාහනෙකට අත දාලා තොට ළඟට යමු.හයර් එකට වීල් එකක් අරගෙන බෝඩිමට යමු.ඔන්න ඔහෙ පයින් බෝඩිමට යමු.ඉදිරිපත් වෙච්ච යෝජනා අතරින් කාගෙත් අවධානය යොමු උනේ අවසාන එකට.මතු දිනෙක බස් නැති වෙලාවක කොටුවට එන්න සිද්ද වුනොත් පයින් බෝඩිමට ඒමට පුරුදු වීමේ උදාර චේතනාවෙන් බස් ගාලෙන් එලියට ආවා.“දුර පාරෙන් යන්න ඕන් නෑ මම දන්න සෝට් කට් එකක් තියෙනවා.ඒකෙන් යමු“පොලා කියයි.“උඹට පාර හොඳටම සුවර්ද?පුතෝ මේ කු'ගල නෙමේ කොළඹ හරිද“තව එකෙක් සද්දේ දායි.මෙන්න මෙහෙන් වරෙල්ලා කියලා මෑන් ඉස්සර උනා.ටිකක් දුර ගිය පසු අපිව මේ පාරේ එක්කගෙන ඒම පිළිබඳව පොලාට නොසෑහෙන්න ඉස්තූති කලෙමු.ඒ වෙන එකක් හින්දා නොව දන්සලක් හින්දාය.දන්සලක් කිව්වට දන්සලක් නැත.දන්සලේ ඉන්න එවුනුත් ආපු නඩයකුත් සෙට් එකක් දාගෙන පිස්සුවෙන් වගේ නටයි.ඇඟට හිර වෙච්ච තුන් කාල් කලිසම් බස්ස ගත්ත ගෑල්ලමයි ටිකක්ද ඒ අතරේ විය.උන් අඹර අඹර නටන්නේ හරියට කලබ් එකක ඩීජේ එකකට නටනවා වගේය.එහා පැත්තෙන් දන්සලේ බුදු පිළිමය ඇත.අනේ අපොයි කලියුගේ වෙසක් කියලා මහන්සිය යන්නත් එක්ක තව ටිකක් බලන් ඉඳලා ආපහු ගමනට බැස්සාය.
                                           එකම තැන වට දෙකක් විතර කැරකිලා පොලාව මාර්ගෝපදේශන තනතුරෙන් පහ කරලා අවතාර් ඒ තනතුර බාර ගත්තට පස්සේ යන්තම් පාර හොයාගෙන බෝඩිමට එනකොට මතක විදිහට පාන්දර තුනත් පහු වෙලාද කොහෙද.නිදි මත කියන එක දැනෙන්න ඕන වුනත් ඒක නොදැනුනේ කකුල් දෙකට දැනුනු මනරම් සහනය නිසාය.
                                         

ප.ලි  : හයර් එකට වීල් එකක් ගත්තනම් එකාට වෙන්නේ රු 70ක්ය.නමුත් එසේ නොකර පයින් යාමට අපි තීරණය කලේ ඇඟට දැනෙන ආතල් එකක් ගැනීමටය.අවසානයේ පැය තුන හමාරක් තිස්සේ කිමී 20කට වැඩියෙන් පයින් ඇවිද ඇඟට කෙසේ වෙතත් කකුල් දෙකට දැනුනු ආතල් එකක් ගත්තෙමු.

17 comments:

  1. Anonymous6/14/2012

    අනේ අපොයි...ඕව්වා තමයි නියම දන්සල් වැදිම.. :D

    ReplyDelete
    Replies
    1. dansal kapu raga kohomada kiyanawanam akke dawas 2k gihillath kakul deken mathak kala.

      Delete
  2. //අවසානයේ පැය තුන හමාරක් තිස්සේ කිමී 20කට වැඩියෙන් පයින් ඇවිද//
    කැලරි බහින්න ඇති නේද!

    ReplyDelete
    Replies
    1. kapu ewa tikata wadipurath ekka bassa.

      Delete
  3. මාලිගාවෙන් කන්න ගියානං විඳවපං අවතාරෝ කියන්නෙ ඕකට තමයි.

    ReplyDelete
  4. බලන් ගිහාම ඉංජෝ වෙන්න ඉන්න උන් ඔක්කොම එකයි...
    දාපන් හොල්මන පහක්...

    සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. shike.....raja ehem pitinma savuththuwa dalane.ohoma kiwwama mona subada?

      Delete
  5. වෙසක් බලන්න පොසොන් බලන්න ඉස්සරනම් අපිත් පයින් ගියා දැන් ඉතින් අපි වයසයි නොවැ...

    ReplyDelete
    Replies
    1. heh.. ehenam api robin ayya kiyanne robin mamatada?

      Delete
  6. :D පයින් ඇවිදපු එක හොදයි
    කාපු ඒවා බහින්නත් එක්ක අර සහනාධාර

    ReplyDelete
  7. මේ තියෙන්නේ අපි ගහපු ට්‍රිපක් ගැන ලිව්ව කතාවක්.
    මෙතනට කොටන්නකො.

    ReplyDelete
    Replies
    1. xander ayyalata nil cab ekakin yanna wasanawa udawenawa ne.

      Delete
  8. පිස්සු හැදෙනවා.....නියම දන්සල

    ReplyDelete
  9. Anonymous6/15/2012

    :) :)

    ReplyDelete

හිතට දැනෙන දේ ලියලා යන්න