Wednesday, May 16, 2012

කොම්පියුටරේ ලෙඩට පිළියම් කලෙමි

සති අන්තේ ගෙදර ආපු වෙලාවේ නිවාඩුපාඩුවේ බ්ලොග් පැත්තේ රවුමක් දාන්න පටන් ගත්තා.සෑහෙන දවසක ඉඳන් කොම්පීතරේ ඇතුලේ ෆෑන් එකක් එහෙන් මෙහෙන් කෑ ගගහා තිබුනා.ඒක ඉතින් කොම්පීතරේට වැඩි ඉෆෙක්ට් එකක් නැති හින්දා සති තුන හතරක්ම ඉවසගෙන හිටියා.ඔය අන්තර්ජාංජාලේ එහාට මෙහාට කැරකි කැරකි ඉඳලා 12 ජාමෙත් පහු කොර ගත්තා.මෙන්න යකෝ එක පාරටම එලාම් එකක් ඇහෙනවා.හරියට නිකන් අවතාර් ඒ කාලේ ප්ලේ කොරපු IGI 2 ගේම් එකේ සතුරු හමුදාවේ වෝනින් එලාම් එක වගේ.
          ඇහෙන්නේ කොම්පීතරේ සී පී යූ එක හරියෙන්.කල යුතුව තිබූ වැඩක් නිසා සද්දේ නෑහෙන ගානට හිටියා.පහුවදා වෙනකොට අවතාර් ට ඕවා මතක නෑ.ඇයි ඉතින් අන්තර්ජංජාලේ කරක් ගහන එක ඉවර කලේ පාන්දර 3ට විතරනේ.පහුවදත් ජාලගත වෙන්න හිතා ගෙන මෝඩම් කෑල්ලත් කොනෙක් කරලා ටික වෙලාවකින් mobile partner ජනේලෙත් තිරේට ආවා කියමුකෝ.ඒකෙන් connect කරා කරාමයි මුකුත් නෑ.ඒ කියන්නේ කොම්පීතරේ වර්ජනය කරනවා.
දෙතුන් පාරක් ඔට්ටු වෙලා කොහොමහරි ප්‍රකෘති තත්වයට පත් කරගත්තා.පසසේ ආයෙම ලෙඩ දෙන්න ගත්තා.

                                  පස්සේ අවතාර් තීරණය කරලා අවතාර්ම සම්මත කර ගත්තා කොම්පීතරේ මස් කල යුතු බව.කලින් මේ වැඩේ ටික වෙන්න කරලා තිබුනත් දැන් අවතාර්ට ඉලක්ක ටිකක් තිබ්බ
                                     - ෆෑන් සියල්ල ගලවාසුද්ද පවිත්‍ර කිරීම
                                     - රැම් එක පිළිබඳව නිරීක්ෂණය
                                     - vga card එක ගලවා නිවැරදි ලෙස සවි කිරීම
                                     - port වලට සවි වී ඇති තිබෙන සියලු සම්බන්ධතා ගලවා සවි කිරීම
                 ඕවා ටික ඔය විදිහට හිතේ දරාගෙන  හා හා පුරා කියලා වැඩේ පටන් ගත්තා.පටන් ගත්තු තැනම ඇනයක්.වැඩේට ඕන කරන ටූල් ටික.ටිකක් වෙලා ගෙදර සර්ච් එන්ජින් එකෙන් සර්ච් කොරහම හම්බ වුනා තඩි ඉස්කුරුප්පු නියනක්.ඇණවලට ඇප්ලයි කරහම කිරිගහට ඇන්නා වගේ ගැලපෙනවා. ඒකත් අරගෙන පටන් ගත්තා තොම්පීතර මස් කිරීමේ මෙහෙයුම.
                  ගලවනවා කිව්වට ඉතින් ගලවන්නන් වාලේ ගැලෙව්වොත් පහුවදාට වෙන වැඩ අමතක කරලා කොම්පියුටර් කඩේකට ගාටන්න වෙන බව දැන හිටි හින්දා පරිස්සමට වැඩේ කරන් ගියා.වෙනදා පිවිසුන නැති ස්තාන වලට එන්ටර් වෙනකොට තමා දැක්කේ තියෙන දෙයක් පේන්නේ නැති ගානට දූවිලි වලින් වැහිලා තියෙන විත්තිය.රෙදි කෑල්ලකුත් අරගෙන හිමීට පිහන ගමන් පළුවෙන් පළුව අයින් කොලා.

                                         හාඩි දෙක   විතරක් ඉතුරු වෙන්න සම්පූර්ණයෙන් ම වගේ  ගලවලා අවහර වුනාම අවතාර්ට හිතුනා කාගෙ කාගෙත් දැනගැනීම පිනිස බ්ලොග් එකේ කෙටුවනන් කියලා.එහෙම හිතාගෙන ඩිජි කැමාව අරගෙන වද්දගත්තා පොටෝ දෙක තුනක්.ඔය තියෙන්නේ පහලින්. නොදන්න ඇත්තෝ කොම්පියුටරයක අංග ටික බලාගන්නඩකො එහෙනම්.






                   
                                              පිරිසිදු කිරීමත් එක්කම සවි කිරීම ආරම්භ කරා.ගලවද්දි වගේ නෙවේ ගේම තියෙන්නේ තිබුන විදිහට හයි කරන්න ගියහම.ගලවද්දි මීටරේ ඇතිව ගලවපු නිසා අවතාර්ට නම් ඉතින් අවුලක් වුන් නෑ හයි කරන එක.සේරම කෑලි බෑලි  වල ඇන ටික තද කරලා මොනිටරේ දිහා බලාගෙන තද කොලා පවර් බොත්තම.ඔය තියෙන්නේ නිසිම සද්දයක් නැතිව බබා වගේ.කලින් තිබුන එක එක සද්ද හිරවීම් මොකුත් නෑ.දැන් ඉතින් හිතටත් සැටිස්.    
          කොම්පීතරේ කඩේකට අරගෙන ගිහින් විස්තරේ කිව්වනම් උන්දල කරන්නෙත් මම කරපු දේම තමා.වැඩියෙන් ඕන්නම් මට වඩා ඉක්මනට වැඩේ ඉවර කරයි.

ප.ලි.  
  මේක කියවපුහම මට වගේ ප්‍රශ්න තියෙන කෙනෙක්ට තමන්ගේ කොම්පීතරයාත් මස් කිරීමට සිතක් පහල වේ නම් අවතාර් මල්ලිගෙන් උපදෙසක් කියලා හිතාගන්න.
                 ක්‍රියාන්විතය සඳහා ඔබ භාවිතා කරන උපකරණයෙන් පරිඝණකයේ සියුම් ඉලෙක්ට්‍රොනික් උපාංග වලට හානි වීමට ඉඩ ඇති නිසා ඉතාම සැලකිලිලෙන් යුතුව කිරියා කරන්න.එහෙම නැත්තම් වෙළඳසලෙන් නව උපාංග ගෙනවිත් අලුත් පරිඝනකයක් එකලස් කිරීමට සිදු වන බව මතක ලබා ගන්න.

5 comments:

  1. "ඉතාම සැලකිලිලෙන් යුතුව කිරියා කරන්න.එහෙම නැත්තම් වෙළඳසලෙන් නව උපාංග ගෙනවිත් අලුත් පරිඝනකයක් එකලස් කිරීමට සිදු වන බව මතක ලබා ගන්න." මේක නම් හොඳම හොඳ උපදෙසක්.. හි හි...

    ReplyDelete
    Replies
    1. එහෙම නැත්නම් තාරා අක්කේ කට්ටිය මේක දැකලා ගලවන්න හිතිලා වැඩේ අනාගෙන මාව මතක්කලොත් එහෙම

      Delete
  2. Pc එකේ හවුසින් එක බැලුවාම Agc එකක් වගේ. මගේ හවුසින් එකත් ඔය වගේ Agc තමයි. මමත් කිහිප වතාවක් මස්කරලා තියෙනවා. හි.හි

    ReplyDelete
  3. Anonymous5/16/2012

    මමත් කිහිප වතාවක් කලා

    ReplyDelete
  4. මගේ එකාව නම් මං තාම මස් කරේ නැහැ එහෙම වුවමනාවක් ආවේ නැහැ තාම .

    ReplyDelete

හිතට දැනෙන දේ ලියලා යන්න