Saturday, January 28, 2012

මතකයෙන් පැය 6 ක් නැති කල අකුරු තුනේ brand එක! ගාල්ලට ගිය විනෝද ගමන

                                                       බ්ලොග් එක පැත්තට ආවේ සති දෙකකින් විතර.HNDE එකට select වුන නිසා පහුගිය සති දෙකේ බ්ලොග් එකක් ලියන්න තියා හරියට නිදා ගන්නවත් වෙලාවක් තිබ්බේ නෑ.සේරම හොඳයි කොළඹ රටේ අපට හරියන බෝඩිමක් හොයා ගන්න එක පිදුරු ගොඩේ ඉඳිකට්ටක් හොයනව වගේ අමාරුයි.දවස් ගාණක් බලන් ඉඳලා කොම්පියුටරේ ඉස්සරහින් ඉඳ ගත්තේ මගේ ජීවිතේ කවමදාකවත් අමතක වෙන්නෙ නැති ඒ කියන්නේ අමතක කරන්න try කලත් අමතක වෙන්නේ නැති සිද්ධියක් ගැන ලියන්න.හැබැයි ඔය කතාවේ පැය කීපයක් මට තාමත් මතක නෑ.මේක කියවගෙන යද්දි මම කියන්නෙ මොකද්ද කියන එක ඔයාලට තේරේවි.
                               .මම කලින් වැඩ කරපු ඒ කියන්නේ hnde යන්න කලින් වැඩ කරපු company එකේ financial year එක අවසන් වෙන්නේ මාර්තු මාසෙන්.මූල්‍ය සමාගම් ගැන දන්න උදවිය ඒක ගැන දන්නවා ඇතිනේ.2011 මාර්තු වලින් අවසන් වුන financial year එකේදි අපෙන් company එකට ලැබුණ සේවාව අගයලා company එකේ ප්‍රධානීන් ව්සින් ගාල්ලට දවස් දෙකක විනෝද ගමනක් අපි වෙනුවෙන් සංවිධානය කරලා තිබුනා.හැබැයි මේ එක්කම  ගාල්ල branch එකේදි company එකේ DGM කෙනෙකුගෙ meeting එකකුත් organize කරලා තිබුනා.කුරුනෑගල branch එකේ 11 දෙනෙකුයි city branch එකෙන් එක්කෙනෙකුයි සේරම 12 දෙනෙක් ගමනට ලෑස්ති වෙලා හිටිය අපේ මැනේජරුත් එක්ක.අපිට එකපාරටම ගමනට එකතු වෙන්න දුර ප්‍රශ්නය බලපාන නිසා මමයි හලාවත සහෝදරයෙකුයි කලින් දවසෙ මීගමුවේ ඉන්න කෙනෙකුගේ ගෙදර නැවතිලා ඉඳලා පාන්දර ගම්පහ ඉන්න තවත් සහෝදරයෙක්ගෙ ගෙදරින් බයික් ටික  දාලා ගම්පහින් කුරුණෑගලින් එන කට්ටියට එකතු වෙන්නයි බලාපොරොත්තු වෙලා තිබුනේ.
                   අපි අදහස් කරගෙන තිබුන විදිහට එදා පාන්දර අපි 5.30 ට විතර  තුන් දෙනා ගම්පහට පිටත් වුනා.එහෙට ගිහිල්ලා බලන් හිටියත් අපිට එන්න කියලා නඩයෙන් කිසිම ඇමතුමක් නෑ.බැරිම තැන අපි ඇමතුමක් ගත්තා.එතකොට තමා පුමාද වෙන්න හේතුව දැන ගත්තේ. එහෙන් ආපු වාහනේ බ්රේක් නැතිවෙලා ලු.හෑන්ඩ් බ්රේක් ඇද ඇද හෙමීට එනවලු අපට මෙහෙන් වාහනයක් හොයන්නලු.දැන් මාර සීන් එක.ඇයි ඉතින් මේ උදේ පාන්දර අපි කොහෙන් බස් එකක් හොයන්නද?නිකන් බස් එකක්නම් බැරියැයි a/c තියෙන්නත් එපැයි.ඔන්න දැන් අපේ ගම්පහ හිටිය නලීන් අයිය හතර වටේට කතා කර කර ඒසී බස් එකක් බලනවා.සෑහෙන ට්‍රයි එකක් දීලා වාහනයක් කැමති කරවගෙන අපි හතර දෙනා අදාළ තැනට ගියා.ගිහිල්ලා බලපුහම දවසේ ගමන් ආරම්භය ට යන්න හිටපු එකක්.තව ටිකෙන් අපිට ඒකත් නැකි වෙනවා.හිතපු තරම් condition නැති වුනාට වෙලාවෙ හැටියට රත්තරන් වටින වාහනේ.
                   වාහනෙත් ලෑස්ති කරගෙන කුරුණෑගලින් ආපු පිරිසත් ගම්පහින් අරගෙන ඔන්න දැන් ගමන ආරම්භ කරන්න කියලා හිතාගෙන7.15ට විතර  ගාලු පාරට සේන්දු වුනා.ඒ වගේ වෙලාවක තමයි ඕනෙම කෙනෙක්ට highway එකක වටිනාකම ඇඟටම දැනෙන්නෙ.අපි නියම වෙලාවට තමා ගාලු පාරට enter වුනේ.සමහර විට අර බ්රේක් නැති වාහනෙන් ආවත් ගමන යන්න තිබ්බා.ඒ තරම් හෙමින් අපි යන්නේ.ඒ මදිවට අපිට හම්බ වෙලා තිබුන ඩ්‍රයිවරුත් නියමයි.overtake කරන්න චාන්ස් එකක් ආවත් පාඩුවේ යනවා නීතිය අකුරටම පිලිපදිනවා.ඔහොම යන අතරෙ 10.00 ට විතර ඒ කියන්නේ අපි ගාලු branch එකට යන්න හිතන් හිටපු වෙලාව පහු වුනා විතරයි අපේ මැනේජර්ට ගාල්ලෙන් එකසිය ගානට කෝල් එනවා.මොනව කරන්නද උඩින් යන්නැයි පාරෙන්ම යන්න එපැයි කියල හිත හදාගෙන අවට සිරි නරඹ නරඹ කට්ටියම ගියා.
                අපි ගාලු branch එකට යද්දි 1.00 විතර වුනා.එතන ගිහිල්ලා DGM සර් එනකන් තව ටික වෙලාවක් හිටියා.අපි එච්චර තදට එවෙලේ බැනුම් ඇහුවෙ නෑ.මොකද කියන්න ඕන ඒවා ඔක්කොම අපේ මැනෙජර්ට phone එකෙන් කියලා තිබුනා.ඔය විදිහට meeting එකත් ඉවර වුනා. අපි කලින් අදහස් කරගෙන තිබුන විදිහට උණවටුන beach එකට පිටත් වෙලා මුහුද අයිනටම වෙන්න තියෙන අපේ DGM දන්න කෙනෙක්ගේ හොටෙල් එකකින් ඇනෙක්ස් එකක් ගත්තා නවාතැන් ගන්න.පිරිමි පාර්ශවයට කාමර 4ක් තියෙන ඇනෙක්ස් එකයි කාන්තා පාර්ශවයේ දෙන්නට වෙනම රූම් එකක් ඇණවුම් කරලා තිබුනා.මම පහලින් දාලා තියෙන්නේ අපි නැවතිලා හිටිය ඇනෙක්ස් එක.
                                 අදාල තැන් වලින් බඩු බාහිර ආදිය තැන්පත් කරලා ඊළඟ විශේෂ වැඩේට සූදානම් වුනා.ඒ තමා අපේ දිවා ආහාරය.එතකොට වෙලාව 3.00 ට විතර ඇති කවුරුවත් නොකියා හිටියට බඩට දැනෙන ගින්න උපරිම වෙලයි තිබුනේ.මුහුද අයිනෙම වාඩි වෙලා දිවා ආහාරය භුක්ති වින්දා.මෙතනදි කියන්න ඕන දෙයක් තමයි හොටෙල් එක කොච්චර සැප පහසුකම් තිබුන එකක් වුනත් කෑම නම් අන්තිමයි.පස්සේ දැන ගත්ත විදිහට මේ පැත්තේ ගොඩක් නිවාඩු නිකේතන වල තත්වය ඔය විදිහලු.සමහර විට දේශීය සංචාරකයට මේ වගේ තැන් වලින් ලැබෙන සැළකිල්ල අඩුද දන්නේ නෑ.කොච්චර බඩගින්නකින් හිටියත් කෑම වල තත්වය සතුටුදායක නැති බව ගොඩක් අයගෙ මූණු වලින් පෙනුනා.කොහොමහරි කෑම ගැන මාතෘකාව පැත්තකට දාල ඊළඟට අපේ සැලැස්ම ගැන කට්ටිය එකතු වෙලා සාකච්ඡා කරා.එතනදී ලැබුන හොඳම යෝජනාවට අනුව අපේ ඊළඟ සැලැස්ම වුනේ පොඩි වෙලාවක් beach එකේ ක්‍රිකට් සෙල්ලම් කරලා(මේක මුල ඉඳලම තිබ්බ බලාපොරොත්තුවක් හින්දා අවශ්‍ය අංගෝපාංග අපි අරගෙන ගිහිල්ලයි තිබුනෙ) කලුවර වැටෙනකන් මුහුදෙ ගත කරලා රෑට පොඩි පහේ පාටියක් දාන්න.
                             බොහොම අමාරුවෙන් සෙල්ලම් කරන්න තැනක් හොයාගෙන ක්‍රීඩාව නැගලා යන තත්වයට පත්වෙද්දිම වගේ අපේ වැඩේට අකමැති වුන  දෙතුන් දෙනෙක්  වැඩේට උදැල්ල දැම්මා.සමහර විට මේ කට්ටිය මෙතන  අයිති කාරයොද දන්නේ නෑ.තව දවසක් උණවටුනේ ගත කරන්න ඕන නිසා ඔවුන්ගේ අණින් අපි ක්‍රිකට් සෙල්ලම් කිරිල්ල එතනින් අවසන් කලා.සෙල්ලම් කරන්න මුල ඉඳලම අකමැති වුන පිරිසක් නම් හැන්දෑ වේගන එන හින්දා අර අයියලාට පින් දිදී අපිත් එක්ක මුහුදට බැස්සා.දේශීය විදේශීය ගොඩක් දෙනෙක් ඔය වෙලාවෙදි මුහුදට බැහැලා හිටියේ.අපි කට්ටියට බැහැලා පොඩි fun එකක් ගන්න නැති තරමට ඉඩ ඇහිරිලා තිබුනා.ටික වෙලාවක් යද්දි ඉඩක් හැදී ගෙන එන තැනක් දැකලාඅපි ඉක්මනට එතන ආධිපත්‍ය  ගත්තා.මුහුදෙ ගත කරපු ඔය කාලය අතරතුර බෝට්ටු සවාරියක් යන්නත් අපි අමතක කලේ නෑ.උණවටුන ඇවිල්ලා බෝට්ටුවකින් රවුමක් දාන්නැතුව ගෙදර ගිහිල්ලා වැවේ බොට්ටුවෙන් යන්නද කියල කට්ටිය බොහොම උනන්දුවෙන් මේකට සහභාගි වුනා.මුහුදේ පැය 3 ක් විතර ඉඳලා තව දුරටත් මුහුදෙ ඉන්න බැරි තරමට කලුවර වැඩි උනාට පස්සේ අපි මුහුදට සමු දීල ඇනෙක්ස් එකට ගියා.ඔය වෙනකොට මමත් ඇතුලුව සෑහෙන දෙනෙක්ට හොඳහැටි මුහුදු වතුර පෙවිලා තිබුනා.මුහුදෙන් ගොඩ ආවට පස්සේ තමා ඒකේ අමාරුව තේරුනේ.ගිය ගිය පිලිවලට බාත්රූම් වලට රිංගල දැවිල්ල යනකන් නා ගත්තා.
                                   කලින් නා කියා ගත්තු කස්ටිය පාටියට අවශ්‍ය අඩුම කුඩුම ටික ලෑස්ති කරනවා.මස් ඩෙවල් දාලා මාලු බැදලා තව ඉතින් ඔය bites ගණයට වැටෙන ජාති ගොඩයි.ඔන්න අපේ එක සහෝදරයෙක් දොඩම් රහ තියෙන අකුරු තුනේ සැර ජාතියකින් බෝතල් 3ක් ගෙනත් තියනවා.( නම දන්නෝ දනිති)සේරම නාලා කරලා ලෑස්ති වෙලා ටේබල් එක වටේට වාඩි වුනා.අපිත් එක්ක ආපු ඩ්‍රයිවර් අයියත් එක්ක පිරිස 13 දෙනයි.ඒකෙන් දෙන්නෙක් කාන්තා පාර්ශවය.ඩ්‍රයිවර් අයියායි තව අපේ කෙනෙකුයි මතින් තොරයි.එතකොට ඉතිරි 9 දෙනයි.මේකෙනුත් දෙන්නෙක් එකෙන් දෙකෙන් කර අරින්නයි හිතාගෙන ඉන්නේ.හිතා ගන්න පුලුවන්නේ ඉතිරි අයට කොච්චර ප්‍රමාණයක් බෙදිල යනවද කියලා. ඔන්න හිමීට වැඩේ පටන් ගන්නවා.මතින් තොර අය බයිට් රස බලමින් කෝක් බොනවා.අනිත් අය වීදුරු බෝතල් තුනට වග කියනවා.
                                       වැඩේ පටන් ගන්න කලින් මට මතක විදිහට 8.30 ට විතර ඇති.පැයක් දෙකක් ඔය විදිහට බීම ජාති කෑම ජාති අඩු වේගෙන යද්දි මට පේන්නෙ ඇහෙන්නේ ලාවට.සැර ජාති පාවිච්චි කරපුහම ඇතිවෙන ත්තවයට ලිඛිත භාෂාවෙන් ඔහොම කියමුකෝ.ඔය විදිහට දැකීම ඇසීම අඩු වේගෙන ගිහිල්ලා එකපාරට කළුවර වෙනවා.


                    මට එකපාරටම සීතල හින්දා ඇහැරෙනවා.අපේ කාමර වල තිබුනේ ඩබල් රූම්ස්.මම හිටපු ඇඳේ මම විතරයි. a/c එක හොඳටම වැඩි කරලා.ඇදෙන් පහල කවුරු හරි නිදි.වුනේ මොකද්ද කියල මතක් කරන්න ට්‍රයි කලත් මතක් වෙන්නේ නෑ.ඒ මදිවට කැරකැවෙනව වගේ. a/c එකේ රිමෝට් කන්ට්‍රෝල් එක හෙව්වත් හොයාගන්න බෑ.පස්සේ මම අතට අහුවුණු රෙද්දක් පොරවගෙන නිදා ගන්නවා.
                                                                                             උදේ නැගිටලා බැලුවා මොකද වුනේ කියලා.අපි පාටිය දාපු ටේබල් එක එතනමයි.ඊයේ ඩිනර් එක තාම පිඟන් වල.කවුරුවත් අතවත් තියලා නෑ.දැන් කාරණාව ටික ටික තේරීගෙන එනවා.ඒ අස්සේ උඩ රූම්ස් වල හිටපු කට්ටිය රෙදි අස් කරගෙන පහලට යනවා.ටික වෙලාවකින් මටත් කරන්න වුනේ ඒක.උඩ බාත්රූම්ස් වලට නහයක් තියෙන ගඳ සුවඳ දැනෙන කාටවත් යන්න බෑ.එදා උදේ කෑම අරගෙන පිටත් වෙලා එන්නයි අපි හිටියේ.මම ගිහිල්ලා සිහියෙන් හිටියා කියල හිතෙන කෙනෙක් එක්ක කතාවට සෙට් වෙලා වෙච්ච සිද්ධිය අහගත්තා.මෑන් කතාව කිව්වේ හිනා වෙවී.බෝතල් වල තිබුන ඒවා අඩු වේගෙන යද්දී කට්ටියගේ සිහියත් අඩු වුනා ලු.සමහරු සැර බාල නොකරම පාවිච්චි කරලලු.ගොඩ දෙනෙක් කාපුවා එච්චර වෙලා බඩේ තියාගෙන ඉඳලා නෑ.                        
                                                              එදා උදේ ආයෙත් මුහුදෙ නාලා ඉක්මනට එතනින් පිටවෙලා ආවා.ඇයි ඉතින් හොටෙල් එකේ කව්රු හරි වැරදිලාවත් උඩට ගිහිල්ලා බැලුවනම් කපෝතියි.බාත්රූම්ස් ගැන කතා කරන්න දෙයක් නෑ.ඇඳන් උඩ මෙට්ටා උඩ ඔය අරවා මේවගෙන් වහලා ආපු තැන් එහෙම දැක්කොත් ආය කිසිම ශ්‍රී ලාංකිකයෙක්ට ඒ හෝටලේ නවාතැන් දෙන්නේ නෑ.මට පාන්දර ඇහැරෙද්දි4.30 ට විතර ඇති.a/c එකේ රිමෝට් එක හොයද්දි මගේ phone එක හම්බ වෙලා වෙලාව බැලුවා මතකයි.අර මෑන් කියපු විදිහට මම හිටගෙන සිටිය නොහැකි තත්වයට පත් වෙලා තියෙන්නේ රෑ 10.30 ට විතර.ඒ අතර තුර පැය 6 ක කාලයේදී වුන කිසිම දෙයක් අද වෙනතුරුත් මගේ මතකයේ නෑ.මගේ ජීවිතයේ ඒ විදිහේ අත්දැකීමක් ලබපු පළවෙනි දවස.මත්ද්‍රව්‍ය ප්‍රමාදයට හේතු වෙනවා කියලා බණ පොතේ තිබුනට අත්දකිනකන්ම ඕක තේරිලා තිබුනේ නෑ.









2 comments:

  1. යකෝ ඔව්වා ඔහොම තමයි බන්,ඒක නෙමෙයි උබලට හොස්ටල් තියනවාන්නේ ඉතින් එකට සෙටාර් වුනානම් හරිනේ කොල්ලෝ

    ReplyDelete
  2. හැගෝවර් පාට් 2 බලුවද.......හික් හික් ඔහොම නිදාගත්ත එකම ඇති මූදේ පනින්න යන්නේ නැතුව....

    ReplyDelete

හිතට දැනෙන දේ ලියලා යන්න