Saturday, December 29, 2012

හනේ නොදකින් මෙහෙමත් තාත්තලා පුතාලා

                                      බාර් එකක බොමින් සිටි එකෙක් හොඳටම ඩෝප් වූවාට පසු ළඟම මේසයක සිටි එකෙක් වෙත ගොස් කතාවට වැටුනේය.

 ම...චා..න්  මම කීප දවසක්...ම ලාවට දැකලා....තියනවා උඹ මෙහෙ ඉන්න....වා.මම ටිකක්........ලාවට කතා කරලා උඹත් එක්ක ෆිට් උනාට ..........අවුලක් නෑනේ

    පිස්සුද මචන්............අන්න..........බලපන් කවුරු මොනව කිව්වත් .............බොන එකා ළඟ නෙමෙයිද..........මනුස්සකම තියෙන්නෙ.උඹම  ඇහුවා මිසක්........මම මෙතන ඉඳලා ගෙදර යන ටිකට .......එකෙක් ඇවිල්ලා මගෙන් අහයිද.........උඹ ඇහුවා වගේ ෆිට් වෙන්න

        ඒ උනාට ..........මචන් මට පොඩි .........ප්‍රශ්නයක් ...........තියනවා.
  
බොක්...........ක තමා ඉතින් හරි.ඕ......න දෙයක් .......අහපන්


     මචන් මට උඹව ඇහෙන්......නේ ලාවට වගේ.පේන්නෙත් ලා..වට වගේ .මට වෙරිද බන්

 පිස්....සුද බන් උඹට වෙරි වෙන්න උඹ මොකද බිව්වද .මේ බොක්ක ෆිට් එකට ෆිට් තමයි හරි.යමන් මම උඹව ........ගෙදරට දාන්නම්.නැඟිටපන් හරි .....යමන්

   උඹ මාව ගෙදරට දාන්න නැඟිට්ටට.......... උඹවත් විසික් වෙනවනේ බන්........... උඹ බීලද ?

 පිස්සුද ඩෝ ..........මේ ඇඟේ අමාරුවට හරි.....යමන්
          දෙදෙනාම මේසයක් පෙරලගෙන ඇද වැටෙයි

 ගණන් ගන්න එපා මචන්............ මුන් අපිට වෙරිද බලන්න .....යන පාරේ මේස තියලා.නැඟිටපන් .........මම උඹව අල්ල ගන්නම්
  
   අන්න මචන්.....ත්‍රීවිල් එකක්ද කොහෙද....බැරි කමකට එහෙම නෙමේ කියන්නෙ ...අපි වීල් එකකම අදිමුද ගෙදරට.උඹව ගෙදරට දැම්මා ...........මම කැපුනා හරි

       හරි යමන් .උඹ ...ඉඳපන් මම ටෝක් කරන්නං .කකුල උස්..සලා අඩිය තියපන්......... කකුල පැටලිලා වැටෙයි .මුන් හිත...යි අපිට වෙරි කියලා.........

    මල්ලි මේක හයර් යන්ඩ...... වෙන්ඩ ඇති තියෙන්නේ ?

     නැතුව ඉතින් අපි ආසාවට පාර අයිනේ පාක් කරන් ඉන්නවයෑ.කොහෙටද යන්න ඕනේ?

       තුන්සිය......හතරෙන් එක .හරස් පාර .සමඟි වත්ත ඇඩ්‍රස් එකටයි යන්ඩ ......ඕනේ

 අන්න අන්න මචන් ..........උඹ මට ජෝක් කරනවා .උඹ මොකද මගෙ ගෙදර.....ඇඩ්‍රස් එක කිව්වේ?

       යකෝ......ව් ඒ මගේ ගෙදර ඇඩ්‍රස් එක.

එතකොට ..........උඹ කියන්නේ ඔය ඇඩ්‍රස් එක......... උඹෙ ගෙදර ඇඩ්‍රස් එක කියලා

 උඹට සුවර් නෑ නෙහ් ?යමන්....මම ගිහිල්ලම පෙන්නන්නං.

   මල්ලි........ඒ ඇඩ්‍රස් එකට යන්න තමුසෙගේ ගාන කීයද 

                සමඟි වත්ත නේ.එකසිය පනහක්වත් ඕනේ
     
       රුපියල් එකසිය පනහක් .............හිටු තොට මම......

 හිටපන් යකෝ,කලබල වෙන්ඩ එපා හරි මල්ලි ත් කලබල වෙන්ඩ එපා.මල්ලි එහෙම කරන එක..හරි නෑ නේද?

      එකසිය පනහ තමා ගාන ඊට වඩා නම් සතයක් වත් එහෙ මෙහෙ කරන්න බෑ මොකද කියන්නේ යනවද නැද්ද

 අයින් වෙයන් ඕකට ...දෙකක් අයින්ඩ මට....

    පිස්සුද යකෝ.......... පොඩ්ඩක් හිටපන්කෝ .මල්ලි ,මල්ලි හිතන්ඩ එපා ..........අපි මීට කලින් මේ පාරේ ගිහින් නෑ කියලා.අපි හැමදාම ගියේ .....දෙසීයට .මල්ලි විතරක් මොකද........ මේ එකසිය පනහක් ගැන කතා කරන්නේ.ගාන දෙසීයයි කැමතිද.......නැත්තං අපි වෙන එකක් බලන්නද......
  
 අපිත් මෙහෙ තමා ඩෝ හරි.එකසි..ය පනහ...ට යන්ඩ
     
         ත්‍රීවිල් රියදුරු හිතමින් ‘‘මුන් දෙන්නට මෝල්ද එකසිය පනහයි කිව්වම බෑ දෙසීයට යන් කියන්නේ.කොහොම උනත් දෙන්නම ඉන්නේ නෑති වෙන්න ගහලා .මුන්ගේ මොල දෙකත් වෙරි වෙලාද කොහෙද“

       හරි යමු මට පොඩ්ඩක් අමතක උනා

මට පෙන්නේ.....මල්ලි උදේ පා...න්දර බීලා වගේ.බොන්න එපා මල්ලි ඔය ජහ ජරාව .මොලේ...විකාර කොරනවා ඕවගෙන්

  හ්ම් හ්ම් ඒ බව පේනවා නගිනවලකෝ එහෙනං.නඟින්න පුළුවන් නේ

   ඇයි තමුසේ හිතුවද ....අපි අබ්බගාතයෝ කියලා.අපිට....නඟින්ඩත් පුළුවන් නග්ග...වන්ඩත් පුළුවන් හරි.ඩෝ...... උඹ නැඟපන් ඉස්සරලා

    ඒ මචන් .....මට පොඩි .....ප්‍රශ්නයක් තියනව බන්.මේකේ අල්ලන පොල්ල....නෑනේ බන්

  සුවර් එකටම..... මේකාගේ හුචැක්කුවේ....... ඕක නැතුව ඇති.එක...සිය පනහට ගෙනියන්න හදපු එකානේ
     
     මේ තියෙන්නේ ඕයි ,මට පවු නොදී නගිනවලකෝ

හරි හරි...... ඉතින් මල්ලි කලබල වෙනවනේ.......... මල්ලි.මේ තියෙන්නේ මචෝ.......ව්  මගේ නේත්තරා වලට මිස් උන පොල්ල

 උඹේ තුන් සක රියේ පොල්ල..... හින්දා උඹ බේරුනා ඩෝ........ නැත්තම් දෙනවා පොල්ලක් කඩාගෙන .එකසිය.... පනහට ගෙනියන්ඩ අපිව

 හරි හරි උඹ.......... කලබල වෙන්න එපා......... හරි මල්ලි...... යමන් .ඔන්න ගියා....... ඕ........න් ගියා ඕ..........න්න ගියා

හරි මචන් පරිස්...සමින් බැහැපන් .එහෙනම් මල්ලි...... පරිස්සමින් ගිහි.....න් එන්න හරි අපි ගියා බා....යි

  මම කොහෙ යන්නද අයිසේ සල්ලි නැතුව .මට සල්ලි දෙනව යන්න

හිටු.... මම දෙන්.....න තොට 

 ඉඳපන් පොඩ්.......ඩක් අපිනේ හයර් එකක් ආ.....වේ.ආ මල්ලි. සොරි....... හොඳේ මට මතක......... මල්ලි අපිට සල්ලි දෙන්ඩ ඕන කියලා හයර් එකට

මුන් දෙන්නගේ මොලේ ජොයින්ට් ගිහිල්ලද කොහෙද

මෙන්න බලපන් ෆිට් එක නොම්බරේ..... මගේ ගෙදර තුන්.....සිය හතරෙන් එක හරි.උඹට සුවර්.........තිබ්බෙම නෑ නෙහ්

ඒ උනාට බොක්......ක මේ......ක මගෙත් ගේනේ

ඔන්....න උඹට තා....ම සුවර් නෑ.වරෙන් බත් ටිකක් කා....ලා යන්ඩ ආපු එකේ.අපේ පවුලට රහට උයන්ඩ පුළුවන් වරෙ..න්

 ස්ස්සූ  උඹ පොඩ්ඩ..ක් මෙතන හිටපන්.බීලා ආ..වත් ගෙදර මිනිහා කෙලින් ඉන්ඩ ඕනා...... ගෙදරට ආ...පුහම.මෙන්න මේ වගේ පපුව ඉස්සරහට දාගෙන.මටත් කොල්ලෙක් ඉන්නවා...බන් අපි උන්ට ආදර්ශයක් වෙන්ඩ....... එපැයි

         සුදූ...........මයෙ මැණි....කේ  මම ආවා රත්...තරන් මේ දොර අරින්ඩ

 ආ මැණිකේ මෙන්න මම .....මගේ හොඳ...ම යාළුවෙකුත් එක්ක ආවා .අපි දෙන්න....ටම අද මැණිකේගේ අතින් උයාපු කෑ...ම කන්ඩ ඕනේ.දෙන්නටම බත් දෙකක් බෙදලා දෙන්ඩ මැණි....කේ

හනේ නොදකින් මෙහෙමත් තාත්තලා පුතාලා .අදත් බීලා එකටම ගෙදර ඇවිල්ලනේ

46 comments:

  1. කතන්දර දෙක තුනක් එකට අඹරවල, නරකමත් නෑ. හෙහ් හෙහ් .....

    ReplyDelete
    Replies
    1. ලුණු මිරිස වගේ තමා දෙක තුනක් එකට ඇඹරුවා

      Delete
  2. සැලට් එකක් වගේ... :)

    ReplyDelete
    Replies
    1. ඒ තරම් මඤ්ඤං උනාද?

      Delete
  3. සිකුරු හතේ චිත්‍රපටියෙත් මේවගේ සීන් එකක් තිබුනා මතකයි..

    ReplyDelete
    Replies
    1. හ්ම් සල්ලි වැඩියෙන් දෙන එක සිකුරු හතෙන්

      Delete
  4. හික්...නියමෙට ගලපලා තියෙනවා....හිනා කෝටියයි...... සිකුරු හතේ චිත්තරපටියත් මතක් වුනා.....හික්....

    ReplyDelete
  5. හික්.... ඔය දහජරාව බිව්වම ඔයිට හපන් ඒවනේ කරන්නේ...

    ReplyDelete
    Replies
    1. හ්ම් හ්ම් අපි නම් වැඩිය දන්නේ නැතෝ

      Delete
  6. අවතාරයෝ ලැජ්ජ නැද්ද තමන්ගෙ පුතා එක්ක අඩිය ගහන්න :P

    ReplyDelete
    Replies
    1. පුතා??? මගේ සරම් වලට පන නෑ යකෝව්

      Delete
  7. ඉතාම ලොල් සහගතයි

    ReplyDelete
  8. මේක රීමික්ස් එකක්දෝ...

    ReplyDelete
    Replies
    1. ඇල්කොහොල් රීමික්ස්

      Delete
  9. මේවට වෙන්ඩැති කොක්ටේල් කියන්නේ........

    ReplyDelete
    Replies
    1. වෙන්ඩැති වෙන්ඩැති

      Delete
  10. නියම කතාව. මේ වගේ අය කොච්චර ඇත්ද?
    මල්ලී, ඔයාටත් පවුලේ සැමටත් සියලු යස ඉසුරෙන් පිරි වාසනාවන්ත නව වසරක් වේවා! කියා සෙනෙහසින්ම පතනවා.

    ReplyDelete
    Replies
    1. අක්කටත් එසේම වේවා !!

      Delete
  11. මේ කතාව ඉශානයත් ලිව්වා බන් මේ ලඟකදී.එත් උඹ පොඩ්ඩක් වෙනස් කරලා සල්ලි වැඩියෙන් දීලා :).

    ReplyDelete
    Replies
    1. ඇත්තද බන් හිරු කොමඩියක් අහුවුනාට පස්සේ මට ලියන්න හිතුනේ

      Delete
  12. Anonymous12/29/2012

    මරු යාලුවෝ දෙන්න.. සිනා ලෝකයයි :) කරටිය කැඩෙන්න ගැහැව්වට පස්සේ හැම එකම මචං තමයි. එහෙම උන්ගේ ගෙවල් වල ඉන්න මිනිස්සුන්ට පිස්සු හැදෙනවා ඇති බීල කරන වැඩ වලට.

    ReplyDelete
    Replies
    1. මෙහෙම අයත් ඇති බන්

      Delete
  13. මල්ලි අපිව අන්දන්න ලේස්ති වෙන්න එපා අපි දකුණේ මිනිස්සු හරිය. මෙහෙම තිබ්බේ සිකුරු හතේ ෆිල්ම් එකේ. අපේ තාත්තා ඩෝප් නැති වෙලාවක මට මචං කියල තියෙනවා වැරදිලා.

    ReplyDelete
    Replies
    1. හිරු කොමඩියක් බැලුවට පස්සේ සිකුරු හතත් කල්පනා කරගෙන පොඩි කොත්තුවක් දැම්මා

      Delete
  14. පික්ෂු ඩබල් වෙනවා මේවා ඇහුවම...

    ReplyDelete
    Replies
    1. පික්ෂු නැත්තම් ෂෝක් නෙහ්

      Delete
  15. හත් ඉලව්වේ........... අපිට කොහෙද ඩො....... එහෙම පිණක්..... ඕවා කැතයි අවතාර්..........
    සුභ නව වසරක් වේවා.........

    ReplyDelete
    Replies
    1. කෝරලේටත් එසේම වේවා !!

      Delete
  16. තාත්තා පුතාලා අමතක වෙන තරමට බීලා වගේනේ. මාර සැරක්නේ තියෙන්නේ බලාගෙන ගියාම :D

    ReplyDelete
    Replies
    1. සැරයිලු සැරයිලු ඔය බොන අය කියන්නේ

      Delete
  17. මේකත් බීලද මන්ද....

    ReplyDelete
    Replies
    1. අමද්‍යප බොල දැන්

      Delete
  18. araliya12/30/2012

    :) shooi thaththai puthai........
    ayyata suba aluth avuruddak wewa!!!

    ReplyDelete
    Replies
    1. අරලියාව දැක්ක කල්
      සුභ අලුත් අවුරුද්දක් නංඟිටත්

      Delete
  19. පරණ කතා ටිකක්.පරණ අවුරුද්දට..

    ReplyDelete
    Replies
    1. පරණ අවුරුද්දෙන්ම මේවා දාලා යන්න

      Delete
  20. මරු කතාවක් !

    ReplyDelete
  21. එළ...එළ .. නියමයි< මේකත් බලපන් ඔයිට සමානව යන එකක්..

    අරුම පුදුම හමුවීමක්

    ReplyDelete
  22. හික් හික්. කතාවේ කෑල්ලක් අහල තිබුණා කලින්. මරු

    ReplyDelete

හිතට දැනෙන දේ ලියලා යන්න