Tuesday, December 25, 2012

නත්තල් සීයේ අත්තටගේ සර්ට පින්සිද්ද වෙන්ට විද්‍යාව ගොඩ ( කාටූන් ටොක්ක)

                                         
                                   
    ආගම් බේදයක් නැතුව අද අනිත් හැමෝටම වඩා සතුටෙන් ඉන්න පිරිසක් ඇත.ඒ  ඕලෙවල් ලියපු ලමයිනුත් ඒ අයගේ අම්මලාත්ය.තම තමන්ගේ පේපර් වල මුල් ප්‍රශ්න පත්තරයේ ප්‍රශ්න දහනවයකට ලකුණු දැනටමත් ලැබී ඇත.ප්‍රශ්න වලට අත තියාවත් නැති උනත් මේ ප්‍රශ්න 19යේ ලකුණු විබාගේ ලියපු සේරටම ලැබෙන්නේ අද එක උත්තමයෙක් නිසාය.ඒ අත් වැරදීමකින් ප්‍රශ්න ඉස්සරහින් එතුමාගේ මූණ දක්වමින් හෙම්බිරිස්සාව වදින්නම නාගත් සම්පත් අත්තටගේ සර් නිසාය.ඒ කොහොම වෙතත්  පේපර් එක පැන්නුවා කියමින් උන්දගේ පලු ඇරි ගම්පහින් බැහැර ඕලෙවල් ලියූ ළමයින්ගේ අම්මලා මේ වන විට සම්පත් සර්ට පින් දෙනවා නිසැකය.මේ ලැබුනු චාන්ස් එක ඕන ඔලමොට්ටයෙක්ට ගොඩ යන්නට හොඳටම ප්‍රමාණවත්ය.මේ සැරේ ඕලෙවල් ලියපු උන්ගෙන් වැඩි දෙනා දැන් කන්නන්ගර මහත්තයට වඩා අත්තටගේ අදහනවා නිසැකය.

                                නමුත් ප්‍රශ්නය ඒක නෙවේය.ලොකු දේසපාලු අත්තක හයිය තියෙන එතුමා ලබන වසරේ එලියට එන්නේය.ඒ වෙනුවට වෙනින් එකෙක් ආණ්ඩුවෙන් දෙන පින්බත් කනු ඇත.කරුමෙටවත් ඒ දේසපාලු අත්තට වෙඩි තියපුවා වගේ පරණ යාලුවොත් අමතක වෙලා තිබුනොත් නම් සම්පත් අත්තටගේට දෙයියන්ගේම පිහිටය.එය එසේ නොවන බව මේ සිරි ලංකාවේ පොඩි එකා පවා දන්නවාය.විභාග ප්‍රතිඵල අවුරුද්දෙන් අවුරුද්ද චාටර් වෙන ලාංකීය අධ්‍යාපන ක්‍රමයේ ප්‍රතිඵල ඉහල දමන්නට මේ ක්‍රමය අත්හදා බැලිය හැක.එය එච්චර අමාරු නොවන කාර්යයකි.ලංකාවේ නැඟී එන ඕලෙවල් ටියුෂන් ගුරුවරු ටිකක් සොයා උන්දලා මාර්ගයෙන් හිනා මූණු ආදර්ශ ප්‍රශ්න පත්තරයක් ගැස්සෙව්වා නම් වැඩේ ගොඩය.සති දෙකක් උගෙන් ප්‍රශ්න කර නිදහස් කල විට ඊට පස්සේ උන්දගේ පන්තිවලට ළමයි සූ ගාලා එනවාය.ඒ හින්දා කතා කලොත් මේ වැඩේට අකමැති වෙන ගුරුවරයෙක් මේ සිරි ලංකාවේ නැත.
                                    ඒ කොහොම වෙතත් නත්තල් උදා වෙන්නත් කලින් මේ නිවුස් එක දීපු එක නම් පින්අතේ වැඩකි.ගණිතය පේපර් එක ගැනද ලාවට එක එක ඒවා ඇහෙන්නේය.විබාගේ ලියපු නංඟියේ මල්ලියේ මේ සිරි ලංකාවේ අධ්‍යාපන රටාව මහ අමුතු එකකි.විශ්වාසේ තියන් ඉඳපල්ලා.හෙට අනිද්දට තව හිනා මූනූ පේපර් දෙක තුනක් එලියට ආවොත් උඹල ගොඩ.
             
                    පලි :- 
                  තෑගි ප්‍රශ්නෙට උත්තර දීලා සිත්තරයක් ඇඳගන්න තවම චාන්ස් එක තියනවා.මෙතනින් ගිහින් උත්තරයක් ගෙස් කරලා එමු.

                              සුභ නත්තලක් හැමෝටම !!  

46 comments:

  1. වැඩක් නෑ බං මේවා ගැන කතා කරලා. අධ්‍යාපන ඇමතියා අර ටියුශන්කාරයා ඕකා අනුන්ට වැරැද්ද දාලා හිමීන්සැරේ අත පිහදගත්තා. දැන් නිදහස් අධ්‍යාපනය චුට්ට චුට්ට යනවා වල පල්ලට.

    ReplyDelete
    Replies
    1. තව ටික දවසකින් ඔය නිදහස් කෑල්ල කියන්න වෙන්නේ නෑ බන් අපිට

      Delete
  2. ඕලෙවල් ලියපු උනට සීයා දීපු නත්තල් තෑග්ගක් බන්.. ලකුණු දහනවය

    ReplyDelete
    Replies
    1. හ්ම් ඒකනේ ඔය උඩ කොලුවා නත්තල් සීයාට තැන්කූ කොරන්නේ

      Delete
  3. අවතාර්ටත් සුබ නත්තලක් !

    කතාකරල වැඩක් නෑ බං, විභාගයක රහස්‍යභාවය රැකගන්න බැරි විභාග දෙපාර්තමේන්තුවක් අහවල් රෙද්දකටද? මුන්ට පිස්සුනේ, හොඳ වෙලාවට ප්‍රශ්න 19 ක් විතරක් ලීක් වෙලයි කියල හොයාගෙන තියෙන්නෙ, මුළු පේපර් එකම පිටවුනා නම් හැම ළමයටම විද්‍යාවට A එකක් දෙයි. මී හරක්.

    ReplyDelete
    Replies
    1. තව ගණන් එකත් එලියට ගිහිල්ලලුනේ බන් රු 8000කට විතර

      Delete
  4. කමක් නෑ. අද නත්තල්නේ.

    ReplyDelete
    Replies
    1. නත්තල් ප්‍රීතිමත් කොරන්න වෙන්නැති නේ

      Delete
  5. මමනම් කියන්නේ ඔය ලකුණු දහනමේ කාටවත් නොදී ඉන්න තිබුනේ. එහෙම උනානම් දක්ෂය කවුද අදක්ෂය කවුද කියල හොයාගන්න තිබුනා. අර බුල් ඩෝග් බන්දුලගේ ගොන් වැඩ තමයි බං ඔය.

    ReplyDelete
    Replies
    1. එහෙමත් කරන්න තිබ්බනේ ඒ ටිකට ලකුණු අයින් කරලා.පොඩි අසාධාරණයක් නම් වෙනවා.Z ජිල්මාට් දාපු අපේ උන්දලට ඕවා මොනවද

      Delete
  6. ළමයි ආයෙමත ්විභාගයට වාඩි නොකර ඇමතිතුමා බුද්ධිමත්ව ප්‍රශ්ණය විසඳලා තියෙනවා..ටියුෂන් සර් කෙනෙක් අධ්‍යාපන ඇමතිතුමා කරලා මීට වැඩි දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ...

    ReplyDelete
    Replies
    1. හෑහ් එහෙමද ටියුෂන් ක්‍රමෙත් ඕක තමයි හැබැයි

      Delete
  7. මචන් චන්දෙ දීපු කිසිම කෙනක් දැන් හොයාගන්න නැහැනේ...

    ReplyDelete
    Replies
    1. කොතනද වැරදුනේ කියලා තාමත් හොයනවා බන්

      Delete
  8. බලන්නකෝ අනේ මම විභාගේ කරන කාලේ කවුරුවත් මූණු පේපර් දුන්නෙ නෑනේ.. බලන්න එහෙම උනානම් බණ්ඩා මෙහෙම ඉන්නවද..

    බලන්න අපිට කොච්චර අසාධාරණයක්ද උනේ...

    ReplyDelete
    Replies
    1. වැඩක් නෑ බන් කියලා එහෙම උනානම් මමත් බී ඒ කොරගන්නවනේ

      Delete
  9. අපේ අධ්‍යාපනයට වෙලා තියන තත්වය ගැනනම් කතා කරලා වැඩක් නෑ. දවසින් දවස වල පල්ලට යනවා නෙමෙයි පාලකයන් හා බලධාරින් එකතු වෙලා ඒක වල පල්ලට තල්ලු කරනවා. ඒත් මේ වගේ වෙලාවක දී ලකුණු දෙන එක තමයි හොදම වැඩේ. ඒ 19 ම ලකුණු ඉවත් කලොත් සමහර විට අහිංසක ළමයෙක් විභාගය අසමත් වෙන්න පුළුවන්නේ. අන්න ඒකයි විභාග වලදී ගැටලු මතු වුනාම ඒ හැම එකටම ලකුණු දෙන්නේ. නැවත් විභාගයක් පවත්වනවා කියන එකත් ලේසි පහසු වැඩක් නෙමෙයි නේ. හැබැයි අපි මේවා ගැන කතා කරන්න ඕනේ. නැත්නම් මුන් මේවා ගැන තඹ සතේකට ගණන් ගන්නේ නෑ

    ReplyDelete
    Replies
    1. කරපු වැඩේ නම් සාධාරණයි කියලා මමත් පිළිගන්නවා.හැබැයි මෙහෙම ගියොත් විභාග ක්‍රෙමන් වැඩක් නෑනේ බන්.මුල්ම වැරැද්දයි වහන්න ඕනේ.ඒ ගැන වැඩක් කලොත් හොඳයි .නැත්තම් ඊළඟ පාර වෙන්නෙත් ඕකමනේ

      Delete
  10. අනේ අත්තටගේ! ! වරෙන් එලියට දෙන්නම් බොටු කැඩෙන්න තොගේ!

    ReplyDelete
    Replies
    1. මොකෑ බොල මෙච්චර තරහක් ඕලෙවල් එහෙකුටවත් නැති

      Delete
  11. මේවා ඔක්කොම ප්ලෑන් මචං.මේ අවුරුදු පහක විතර ඉඳං නේ මේ ඔක්කොම කේස්...

    ReplyDelete
    Replies
    1. අන්න එහෙම දෙයක් තියනවද කියලා තමයි අපි දැනන් ඉන්න ඕනේ.එකෙන් දෙකෙන් ඉවර වෙන්නේ නෑනේ මේ මඟුල්

      Delete
  12. අයියෝ....අපේ රටේ අධ්‍යාපනේ....

    ReplyDelete
    Replies
    1. හිතට දුකයි නේ කන්නන්ගර මහත්තයා හිටියනම් කොහොම හිතෙයිද?

      Delete
  13. මොනවා උනත් ලකුණු දෙන එක අනුමත කරන්න බැරි උනත් ආයේ විභාහගෙට ලියන්න නොතියා වැඩේ ඔහොම ෆිනිෂ් කරපු එක නම් හොදයි කියලා හිතෙනවා..... මොනවා උනත් කලින් පාර ඒ ලෙවල් ලියපු උන් කැම්පස් යන්න කලින් ඊට පස්සේ විභාග ලියපු ඈගේ රිසාල්ටුත් ඒවිද මන්දා....

    ReplyDelete
    Replies
    1. ඊළගට නාගන්න වැව සේරම රොත්ත පිටින්

      Delete
  14. සුභ නත්තලක් වේවා!

    ලංකාවෙ තරම් හොඳ අධ්‍යාපන ක්‍රමයක් මේ තුන් ලෝකෙම නෑ බොල..

    ReplyDelete
    Replies
    1. ආශ්චර්යට ලං වෙලා බොල දැන් ටික ටික

      Delete
  15. රුසියන් කැලි, ලැම්බොගිනි, නලු නිලියන්ගේ මගුල් අවුල්, චංගුමිල නිසා දැන් ලමයින්ගේ මොලවල් අවුල්වෙලා තියෙන්නේ.. එක නිසා පාඩම් කරන එවා මතක හිටින්නේ නැ.. මේ වගේ අය ඉදිරිපත් වෙලා ප්‍රශ්න පත්තරයක් හරි පන්නල දෙන එක ලමයින්ට ලොකු සහනයක්... හා නැද්ද.මේක ආසියාවෙ ආස්චර්යය නොවැ හසන්ත. අපේ මෙ දරුවො කොච්චර මහන්සි වෙලාද විභාගයකට සූදානම් වෙන්නෙ. එහෙව් එකේ ඒ දරුවන්ට පාඩම් නොකරම විභාගෙ පාස් වෙන්න පුලුවන් කලාට ඒ උත්තමයන්ට මල් තියල වදින්න ඕන නොවැ. අනික හැමෝම විභාගෙ පාස් වෙනකොට අපේ මහ රජතුමාට මොන තරම් සතුටු හිතෙයිද හසන්ත. අපි අධ්‍යාපනය නගා සිටුවපු නිසා හැමෝම විභාග පාස් වෙනව කියල ඊලග ඡන්දෙදිත් අපිට කියන්න පුලුවන් නොවැ. අනේ ඇත්තට...යකෝ ප්‍රශ්න 40 ම පිට වෙලානම් මුන් ලකුණු 40 ම දෙනවා... මොකටද යකෝ මෙහෙම විභාග තියලා....මම හිතුවා මෙහෙම කරාවි කියලා... අධ්‍යාපනය ගැන මෙලෝ හසරක් දන්න එකෙක් මේ බුරු වැඩේ කරන්නේ නැ...

    ReplyDelete
    Replies
    1. හසන්ත මහත්තයෝ අපි දැන් ආශ්චර්යට කිට්ටුද?

      Delete
  16. ෆේල් නං එස් එකක්... එස් එකක් නං සී එකක්.. සී එකක් නං බී එකක්.. බී එකක් නං ඒ එකක්... සුපිරියිනේ...:)

    ReplyDelete
    Replies
    1. ප්‍රතිඵල ඉහල දාන්න ගත්තු උත්සහයක් වෙන්නැති නේ

      Delete
  17. moko kiyanne aththatage ta demuda nathiwenna :D

    Ekkoth one na labana para mulu paper ekama denna kiyamu kalinma..

    Dan meka kujitha wela tiyenne hodatoma..

    Thaw tika kalekin lankawe adyapanaya rina wei...

    Idiri parampara walata dewiyangei,dewiynge malligei pihita thamaa...

    ReplyDelete
    Replies
    1. ඉගෙන ගන්න එවුන් එක්ක තරහද දන්නේ නෑ මුන්දලා
      කොහොම උනත් ළඟදීම ඉගෙන ගන්න එවුන් නැඟිටිනවා මේවට විරුද්ධව

      Delete
  18. Anonymous12/25/2012

    අධ්‍යාපනයත් විහිළුවක් වෙලා.. හරි ඉතින් එතකොට ඕන ඕන විදිහට කන්ට්‍රෝල් කල හැකි පිරිසක් බිහි වෙනවනේ.

    ReplyDelete
    Replies
    1. දැනටත් තරමක් දුරට වෙලා තියනවා බන්

      Delete
  19. බොහොම අගෙයි... මෙහෙම අය තමයි අද ඕන වෙලා තියෙන්නේ වහලා දානකල් අපි ලියමු ...

    ReplyDelete
    Replies
    1. අනිවා
      පාරට බැස්සොත් පොලු පාරවල් කඳුලු ගෑස් .බලන කෙනෙක් බලලා කියවන කෙනෙක් කියවලා අදහසක් ගන්නවා නම් එච්චරයි

      Delete
  20. සුබ නත්තලක් වේවා !

    ReplyDelete
  21. araliya12/26/2012

    ayyatath subama suba naththalak wewa !!! :)

    ReplyDelete
    Replies
    1. නංඟිටත් මෙරි ක්‍රිස්මස් ඈ

      Delete
  22. අවතාරෙටත් සුබ නත්තලක්. මේවා ගැන කතා නොකරන තරමට හොඳයි. ඒ තරම්ම පිරිහිලා.

    ReplyDelete
  23. මෙහෙව් රටක ඉපදීම වාසනාවක් බොලන්... ( මේ අවතාරයා.... උඹේ බ්ලොගේ පට්ට ස්ලෝව් බං...)

    ReplyDelete
    Replies
    1. එහෙමද බන් කෝඩ් කෑලි වැඩී වගේ බ්ලොගේ දැන්

      Delete
  24. ලකුණුත් හම්බවුන එකේ ආතල් එකේ ඉන්න තියෙන්නේ බන් :)

    ReplyDelete

හිතට දැනෙන දේ ලියලා යන්න