Sunday, February 26, 2012

E-bay ගැන මේ ටිකත් දැන ගන්න l E-bay සහ මම



අද වෙනකොට  e-bay එක්ක ගොඩක් අය ගණුදෙනු කරන නිසා ඒ අයගේ දැනගැනීමටයි මේ පොස්ට් එක දාන්න හිතුවේ.මුලින්ම e-bay ගැන නොදන්න කට්ටියට දැනගන්න e-bay ගැන පොඩි හැඳින්වීමක් කරන්නම්. e-bay කියන්නේ අන්තර්ජාලය හරහා වාණිජමය ගණුදෙනු සිදු කල හැකි වෙබ් අඩවියක්.ඒ කියන්නේ භාණ්ඩ මිලදී ගැනීම සහ විකිණීම. e-bay තුල ගිණුමක් හිමි ඕනම කෙනෙක්ට e-bay තුලට ඇතුලත් කර ඇති භාණ්ඩ අන්තර්ජාලය හරහා තෝරා ගෙන තැපැල් සේවාව මඟින් තමන්ගේ ගෙදරට ම ගෙන්වා ගන්න පුලුවන්.සමහර භාණ්ඩ වලට bid කරන්න ඒ කියන්නේ ලන්සු තියලා අඩු ගානට ගන්න පුලුවන් අවස්ථාත් තියෙනවා.ඒ වගේ දේවල් වලට පොඩි tricks  තියෙනවා. e-bay ගැන කියනවනම් ලංකාවේ වෙළඳ පොලේ නැති ගොඩක් දේවල් e-bay හරහා ගන්න පුලුවන්. 

                                   ඔය කියපු ටික ඔය විදිහට දැකලා e-bay පාවිච්චි කරන තව සහෝදරකේගේ අනුදැනුම මත මාත් e-bay එක්ක ගණුදෙනු පටන් ගන්න හිතුවා. e-bay වලට ඕන කරන වෙබ් කාඩ් එක සම්පත් බැංකුවෙන් අරගෙන paypal account එකක් එහෙම එදාගෙන වැඩේ පටන් ගත්තා.මට මතක විදිහට මම මුලින්ම ගෙන්නුවේ LED ටෝච් එක්ක තියෙන key tag එකක්.
                              රු.120 විතර වුනේ.කියල තිබුන විදිහටම දවස්  12න් වගේ ගෙදරට ම ආවා. ඊට ප්සසේ mini mouse  ,අත් ඔරලෝසු ,web cam ,mouse mat , handsfree kit , Bluetooth headset , 3d glasses, Bluetooth adapters, USb hub, card readers , usb cables , mobile phone screen protectors  වගේ දේවල් e-bay පාවිච්චි කරල ගෙන්න ගත්තා.කෙටින්ම කියනවනම් මම පහලින් දාලා තියෙන මගේ Vodafone මෝඩම් එක ගෙන්නුවෙත් e-bay හරහා.

                                අර මම කලින් කියපු අයියගේ account එකෙන්.ඔය කිසිම එකක delivery අවුලක් නෑ.දවසක් දෙකක් එහෙ මෙහෙ වුනත් සතුටුදායකයි.ඔය අතරෙ අර මම කියපු usb hub එක order කරල කියල තිබුන දවස් පහුවුනත් බඩු ලැබුනේ නෑ.පස්සේ seller ව contact කර ගත්තට පස්සේ මෑන් කිව්වේ ගංවතුර ප්‍රශ්න නිසා එන ගමනේ කාලේ පොඩ්ඩක් වෙනස් වෙයි කියලා.ඒ කාලේ ඇත්තටම වහින කාලෙ නිසා මමත් ඉවසගෙන හිටියා.ඊට මාසෙකට විතර පස්සේ item එක ගෙදරට ආවා.පැකින් එක කඩල බලපුවමයි මට තරු පෙනුනේ.මම  e-bay පාවිච්චි කරල ගොඩක් දේවල් ගෙන්නුවේ බිස්නස් එකට.ඒ නිසා මට ඒවායේ කොලිටිය කියන එක ගොඩාක් වටිනවා.usb hub එක එවල තිබුනේ කඩදාසි පැකින් එකක. ඒකේ එක පැත්තක් කුඩු වෙලා තිබුනා.හැබැයි පාවිච්චි කරන්න පුලුවන් තත්වේ තිබුනා.ඒක නිසා අදාල පුද්ගලයට ඒක කොහොමහරි දෙන්න පුලුවන් වුනා.හැබැයි ඔතනින් පස්සේ මට e-bay ගැන තිබුන විශ්වාසවන්ත බව අඩු වුනා.
                                 ඔය සිද්ධියෙන් ටික කාලෙකට පස්සේ මම අඳුරන කෙනෙක් ට nokia N8 එකක් ගන්න ඕන වුනා.ඒ කාලේ ඕක softlogic එකෙන් ගන්නවනම් රු.67000 ක් වුනා. 
e-bay එකේ බලපුවහම  රු .49000 ට විතර ගන්න තියෙනවා.ඉතින් අර මෑන් මට කිව්වා phone එක e-bay එකෙන් දාමු කියලා.ටිකක් ලොකු deal  එකක් නිසා මම වැඩේට කලින් ඒ ගැන හොයලා බැලුවා.මේ වගේ දේවල් e-bay හරහා මිලදී ගත්ත අය ඉන්නවද කියලා net එකේ search කරල බැලුවා.බලනකොට රු.100,000 ක විතර බිස්නස් කරපු අයත් ඉන්නවා.ඒ නිසා ඒකේ අවුලකුත් නෑ.හැබැයි තව පොඩි අවුලක් තිබුනා.ලංකාවේ රේගුව හරහා පිටරටකින් එන ඕනම සන්නිවේදන උපකරනයකට විදුලි සන්දේශන නියාමන කොමිෂන් සභාවේ අවසරයක් අරගන්න එක අත්‍යවශ්‍යයි.එහෙම නැත්තම් ඒක නීති විරෝධි විදියටයි සලකන්නේ.ඔය වගේ දේවල් නෙට් එක හරහා ගෙන්නන්න හිතාගෙන ඉන්න අයට මේක ගොඩාක් වැදගත්.හැබැයි ඔය ප්‍රශ්නෙට විසඳුමක් තියෙනවා.ඒ කියන්නේ broken item ,dummy  කියල tag කරල එවපුහම ප්‍රශ්නයක් නෑ කියල දැනගත්තම මම seller කැමති කරගත්තා ඒ විදිහට deliver  කරන්න.මිනිහ වැඩේට කැමති නිසා මම මුදල් ගෙවලා item එක ship කර ගත්තා.මේ වෙලාවෙදි කියන්න ඕන දෙයක් තමයි අපි ඕනම දෙයක් order කරද්දි ඒක කරන්න ඕන අන්වාර්යෙන්ම top rated seller කෙනෙක්ගෙන්.ඒ වගේ කෙනෙක් e-bay තුල විශ්වාසයක් ගොඩ නඟා ගත්තු කෙනෙක්.අපිට ඔහුගෙන් අසාධාරණයක් වෙලා අපි ඔහු ගැන e-bay එකට රිපෝර්ට් කරා කියන්නේ ඒක එයාගේ ගණුදෙනු වලට අයහපත් විදිහට බලපානවා.ඒ නිසා එහෙම කෙනෙක්ගෙන් item එක අපට නොලැබුනොත් සල්ලි return කර ගන්න එක සුළු දෙයක්.
                                                        මම කලින් කියපු විදිහට රු 50000 විතර ගෙවලා phone එක ship කරානේ.මගේ deliver time එක දාලා තිබුනේ දවස 20 ක්.ඔය විදිහට වෙද්දි දවස් 20න් පස්සේ මම ටාගට් කරගෙන හිටපු දවසට බඩු ලැබුනෙ නැති නිසා මම ඉක්මනට seller ව E-mail හරහා contact කර ගත්තා.මෑන් කිව්වා නිවාඩුවකට දවස් කීපයකට එලියට ගිහිල්ලා ඉන්නේ දවස් දෙක තුනක් දෙන්න කියලා.තව සතියක් විතර බලා ගෙන ඉඳලා බැරි ම තැන delivery report එක බලන්න ක්‍රමයක් හොයා ගත්තා.අපට එන shipping report E mail  එකේ අංකෙකින් ඕක බලන්න පුළුවන්.delivery report එක බලපුහම පිටරට වරායවල් 2කින් විතර  ship  වෙලා අපේ custom එක වෙනකල් ඇවිල්ලා තිබුනා.  custom එකෙන් තැපැල් දෙපාර්තුමේන්තුවට බාර දීලා තිබුනේ නෑ.ඒ වෙනකොට මට සිද්ධ වුන දේ තේරුනා.එතකොට මට දෙලෝ රත් වුනා.ඇයි ඉතින් රු 50000 කට විතර ස්වීප් එක ඇදෙයි වගේ.අනික සල්ලි මගෙත් නෙවේ.එතකොට තමා top rated seller කෙනෙක්ගෙන් ගත්තු එකේ වටිනාකම මට තේරුනේ. 
                                                             මගේ ගණදෙවි නුවනට පින්සිද්ධ වෙන්න කියල සල්ලි ආපහු ගන්න මෙහෙයුමට බැස්සා.ඕන දෙයක් වෙච්චදෙන් කියලා මම seller ට  E-mail එකක් දැම්මා කියපු දිනයට වඩා කල් ගත වුනා මට deal එක ගැන තිබුන විශ්වාසය නැති වුනා ඒ නිසා මගේ සල්ලි මට ආපහු ලැබෙන්න සලස්වන්න කියලා.මගේ mail එක ලැබුන ගමන් මට reply එක ආවා.වෙච්ච දේ ගැන කනගාටුව ප්‍රකාශ කරනවා.ඉක්මනින් සල්ලි ලැබෙන්න සලස්වන්නම් කියලා.එතකොට තමා ඇඟට ලේ ටිකක් ඉනුවේ.පස්සේ දවස් කීපයකින් මගේ සල්ලි දැම්මා කියලා mail එකක් ලැබුනා.හැබැයි එතකොට ඩොලර් එක්ක රුපියලේ ගාන අඩුවෙලා තිබුනා.ඒකෙන් මට රු 3000 ක් විතර අඩු වෙලා තිබුනා.මේ වැඩේදි seller ට සල්ලි return කරන්න අවශ්‍යතාවයක් නෑ.ඒත් මෑන් නිදහසට කරුණු කියන්න කලින් මම ක්‍රියාත්මක වුන නිසා මට සල්ලි ආපහු ගන්න පුළුවන් වුනා.සමරහවිට seller delivery report එක බලලා සල්ලි  return කරන්න බෑ කිව්වා නම් මට සෑහෙන්න පාඩු වෙනවා.මම ඒකයි මුලින්ම කිව්වේ මේ විදිහේ බිස්නස් එකක් කරන්න කලින් හොඳට හිතලා බලන්න කියලා.
                              ඔය සිද්ධියෙන් පස්සේ මම e-bay එක්ක තියෙන ගණුදෙනු අඩු කරා.සෑහෙන කාලෙකට පස්සේ ආයේ e-bay එක්ක deal එකක් කරේ මගේ phone එකේ හවුසින් එකට.මගේ phone එක  nokia e66 මෙහෙන් හවුසින් එකක් බලපුවහම සෙට් කරන්නත් එක්ක රු 3000 ක් විතර යනවා.හවුසින් එක සෙට් කරන එක මට කරන්න පුළුවන් නිසා ඒ සඳහා අවශ්‍ය කරන tool set එකත් මගේ ලඟ තියෙන නිසා මම නිකමට වගේ   e-bay එකෙන් බැලුවා.බලපුහම full hosing set එක තිබුනා රු 900 කට විතර ඒකත් top rated seller කෙනෙක්ගෙන්. quality එක ගැන බලපුහම  ඒකත් උපරිම තත්වයෙන් තියෙනවා කියලා දාලා තිබුනා.
                          රු 3000 ක් යන වැඩේ 900 ට කරගන්න පුළුවන් නිසා web card එකට සල්ලි දාලා item එක order කරා.හැබැයි මේකනම්  අදාල දිනයට කලට වෙලාවට ලැබුනා.ඊට පස්සේ  phone  එක පාවිච්චි කරද්දි මාසයක් විතර යද්දි hosing එකේ කෑල්ලෙන් කෑල්ල ගැලවෙන්න ගත්තා.අවසානෙට phone  එක පාවිච්චි කරන්න බැරි තත්වයටම පත් වුනා.ඊට පස්සේ ඉතින් අර කලින් කියපු ගාන දීලා ආය පාරක් හව්සින් එකක් දැම්මා.ඔය සිද්ධියෙන් පස්සේ මට e-bay ගැන තිබුන විශ්වාසය සම්පූර්ණයෙන්ම නැති වුනා.
                                           අපි e-bay හරි වෙන වෙබ් සයිට් එකක් හරහා හරි බිස්නස් එකක් කරද්දි අනිවාර්යෙන්ම ඒකෙ quality ය ගැන risk එකක් තියාගන්නම වෙනවා.යම් දෙයක හැඳින්වීමෙන් quality එක ගැන ස්ථීර වුනාට ඒ ගැන වගකීමක්  seller ගෙන් අපිට ලැබෙන්නේ නෑ. අන්තර්ජාලය හරහා කරන ගණුදෙනු වලදී ඒක ලොකු අඩුපාඩුවක්.ඒ නිසා මගේ මතය නම්  quality එක ගැන ස්ථිර නිගමනයකට එන්න බැරි  item එකක් e-bay හරහා නොගෙන්වන එක හොඳයි කියන එක.කොහොම වෙතත් මුදලින් වැඩි වටිනාකමක් තියෙන දේවල් අන්තර්ජාලය හරහා ගෙන්වද්දි ඒ ගැන හොඳට හොයල බලල තීරණයක් ගන්න එක හොඳයි.නැත්තම් වෙන්නේ අපේ කාලයයි මුදලයි දෙකම අපතේ යන එක.

12 comments:

  1. aiye math phone ekak genna ine.. mata udawa karananna plwanada? mata email ekkak danwada... madukaperera77@gmail.com

    ReplyDelete
    Replies
    1. අන්තර්ජාලයෙ තුලදි තමන්ගේ වත්කමි අනුව ලොකු ගනන් කියල හිතෙන දේවල් කෙහොමවත් මිල අඩු උනත් ගනුදෙනු කරන්න හොද නැ කොයිතරමි ව්හ්වාස වන්ත උනත් අවධනමත් තයෙනවා

      http://virazonic.blogspot.com/

      Delete
  2. මමත් E-bay පැත්තට සෙට් වෙන්න කියල බැලුවෙ..අවු 18ට අඩු අයට වෙබ් කාඩ් ගන්න බැරිද

    ReplyDelete
  3. අපට එන shipping report E mail එකේ අංකෙකින් Delivery Report එක බලන ක්‍රමය මොකක්ද ?

    ReplyDelete
  4. ubala wage gon yaku nisa thamay lankawata samahara ebay sellers la badu ewanne natheth, paypal lankawata support karanneth nathhe. Uba hodakarawama dannawa seller item eka delivery kara kiyala. ehema thiyedhith uba ugen salli iluwa. ohoma wenakota kauda ban lankaavata badu ewanne.

    ReplyDelete
    Replies
    1. Anonymous11/19/2012

      sira ban.... tax gewala badu hariyata ganillako.... tax gewwat lankaawata wada adu ne ban.......

      Delete
  5. @abilash mama sellergen apahu salli illuwa eka aththa .e illuwe sadarana hethu uda.mokada seller mata porondu una reguwen kisi prashnayak nowenna waga balagannawa kiyala.e de hariyata une nathi nisai me wage prashnayak awe.anika methanadi seller mata salli return karanna ekaparinma kamathi une eyagen ethanadi mokakhari adupaduwak una nisai.nathuwa echchara loku ganak return karanna tharam miniha modayak newe kiyalai mama hithanne.ebay gana hariyata dannawanam samahara items lankawata shipping nathi ekata hethu danaganna thibuna.seller badu ship kara kiyala ena atharamagadi ekata monawahari unoth e paduwa api widaganna oneda?mage post eken dakwala thiyena samahara dewal waradiyata therum ganeema gana mama duk wenawa.

    ReplyDelete
  6. hi Dilush ayya..oyage blog eka dakeema sathutak..man oyalage jonior batch eke.mata ahamben hambune me blog eka. shipping report eka ganna vidiya podak kiyanawada plz?

    ReplyDelete
  7. අනේ යාළුවනේ මට ලොකු උදවුවක් ඕනේ..
    මට රට ඉදල Phone එකක් ආවා. Fedex ප්‍රවාහන සේවයෙන් තමයි ආවේ. ඒ ත් phone එකක් නිසා රේගුවෙන් එවන්නේ නැ... විදුලි සංදේශ නියාමක කොමිසන් සභාවෙන් ලියුම් එහෙමත් ඕනෙලු. මට මේ පිළිබද ලොකු අවබෝදයක් නැ.. දන්න කෙනෙක් ඉන්නවා නම්, මේ විදියට ආපු phone ගත්ත කෙනෙක් ඉන්නවා නම් මට උදව් කරන්නකෝ...... මේ ගැන පලවෙච්චි ලිපි පිළිබද link එහෙම තියෙනවා නම් ඒවත් එවන්න. (මට comment කරන්න විදියක් නැ, මගේ කොමන්ට් බ්ලොක් කරලා; ඔයාලට පුළුවන් විදියට මට උදව් කරන්න)

    ReplyDelete
  8. Anonymous11/06/2016

    මචෝ tab එකක් ගෙන්නුවොත් එකකටත් trcඅනුමැතිය ඕනිද? ඕක මග හැරලා ගෙන්වන්න හොද විදිහක් කියන්නකෝ:::49ඩේටා කාර්ඩි එකක් දෙනවා td7684702@gmail.com emailකරන්න

    ReplyDelete
  9. Anonymous1/03/2017

    මාත් phone එකක් ebay එකෙන් ගෙන්නන්න හිතාගෙන ඉන්නේ /අර t.r.c එකේ පටලැවිල්ල ගැන සාර්ථක ලියවිල්ලක් මට එවන්න මචෝ.නිකන් නෙවෙයි උදවුවට කීයක් හරි සලකමී

    Td7684702@gmail.com

    ReplyDelete

හිතට දැනෙන දේ ලියලා යන්න