Thursday, December 27, 2012

එතකොට කවුද අවතාර්ට කියලා මඩ ගා ගත්තේ ???

                             මඩ කියලා දැක්ක ගමන් කස්ටිය බලන්න ඇති ඒ පාර අවතාරයත් කාට හරි මඩක් ගහලද කියලා නෙහ්.මේ කියන්න යන්නේ අවතාර්ගේ සිත්තර තෑගි ප්‍රශ්නේ ජයග්‍රාහකයෝ ගැන.අවතාර් අහපු ප්‍රශ්නේ මතකයිනේ .

      අවතාර් බලාපොරොත්තු වූ පිළිතුර
                  මම විමලගේ පහේ කාසිය වැටෙන තැන දැක්කා.එයා යනකම් මම ඒක කකුලෙන් පාගගෙන හිටියා සර් .
           
              දැන් කවුද එතකොට ජයග්‍රාහකයෝ ??
---------------------------------------------------------------------------------
              බලාපොරොත්තු උන උත්තරේ නම් කවුරුවත් දුන්නේ නෑ.හැබැයි අවතාර් ප්‍රශ්නේ අහද්දි කිව්වා ළඟින් ගියත් ඒ කියන්නේ ගිනි ගිනි වගේ නම් අවතාර් තෑගි දෙනවා කියලා .
එතකොට කවුරු හරි ළඟින් ගියාද ???

             ගියා නේන්නම් .මේ තියෙන්නේ ගියපු හැටි




                                                 ඒ විදිහට සිත්තර තෑගි ප්‍රශ්නෙට උත්තර දීලා අවතාර්ගෙන් සිත්තරයක් තෑගි ගන්නේ 

      ඇවිද්ද පය ලියන රාජකාරි ගවේෂකයා සුදීක අයියා
                   

                                 ඊළඟට අවතාර්ට  ආවා ප්‍රශ්නයක් .මොනවද මේ දෙන්නට දෙන තෑගි?අවතාර් කොහොමත් දෙන්නේ සිත්තරනේ.නිකන්ම නිකන් සිත්තර නෙවේ හීනියට ගහන මල් මඩක්.(හා නැත්තම් අහපල්ලකෝ මඩිස්සලේ නිශානයගෙන්, අඩවි රජා ගෙන් , තරියගෙන් එහෙම)වැඩේ කියන්නේ මම මේ දෙන්නගෙම බ්ලොග් වලට ගොඩ වදින්න පටන් ගත්තේ ළඟක ඉඳන්.අඳින්න කෝ බොල එහෙම පෝස්ට්.එහෙම එකක් හොයාගෙන අවතාර් මේ බ්ලොග් දෙකේ ගැඹුරටම ගියා හරියට නිකන් කැමරන් ලොක්කා මරියානා අගාධේ ගැඹුරට ගියා වගේ.එතකොට තමා හොඳ හොඳ පෝසට් ටික දැක්කේ ඒවායේ .සෑහෙන්න  කියෙව්වා දෙන්නගෙම.කමෙන්ට් කරන්න නම් වෙලා මදි උනා ඈ.

                 සුදීක අයියා ඒ කාලේ ඒ කියන්නේ ඒ ලෙවල් කොරන කාලේ පන්තියක කාඩ් කපන අක්කෙක්ව ඇඬෙව්වා.
   
පව් අසරණී ඔය ඉන්නේ කොටි වලිගේ අල්ලගෙන අතාරින්න බැරුව වගේ කොරගන්න දෙයක් නැතුව කටත් ඇරගෙන.වැඩි විස්තර මගෙන් අහන්න එපා ගිහින්ම බලහල්ලකෝ කොරලා තියෙන හරිය.

                           

                                 සයුරි අක්කා උයන පිහින වැඩ වලට දස්සයි ලු.අලුත් අලුත් කෑම එහෙම හදලා බලනවා.දවසක් හැදුවා ඇපල් කේක් එකක්.
                                 දැන් මේක බලන අයට අවතාර්ගෙන් ප්‍රශ්න දෙකක් අහන එක තහනම්
   1.අවන් එකෙන් දුම් දාන්නේ කේක් එක බේක් වෙලා ඉවරද?
   2.සයුරි අක්කා ගිනි නිවන සිලින්ඩරයක් අතේ තියාගෙන ඉන්නේ ඇයි?

                 ඔන්න පොරොන්දු උන විදිහටම අවතාර් තෑගි දුන්නා දිනපු අයට.එකක් නෙවෙයි දෙකක්ම.ඒ කියන්නේ දිනපු අයගේ බ්ලොග් වල ලින්ක් අහසේ උඩින්ම එල්ලෙනවා අහසට එන අයට දකින්න.ඊළඟ සිත්තර තෑඟි ප්‍රශ්නේ ජයග්‍රාහකයෝ තෝරනකල්.

48 comments:

  1. මරු මල් මඩ....
    සිරාවට අති විසිස්ට ගනයේ කලා කෘති දෙකක් නොවැ..
    කොහෙන්ද ඔච්චර ලස්සනට චිත්‍ර අඳින්න ෛගෙන ගත්තේ?? ස්ව්‍යං මෙව්වා එකෙන්මද??

    ReplyDelete
    Replies
    1. හ්ම් හ්ම් සොයං මෙව්වා එකෙන් තමා හොයලා හොයලා අඳින්න මෙව්වා එක ගත්තේ

      Delete
  2. අනෙ අම්මේ ජීවිතේ පළවෙනි වතාවට මොකක් හරි දේකින් "එක" උනාමයි.... :)

    ReplyDelete
  3. ආ... ඉල්ලන් කාපු අය නේ... හි හි...

    ReplyDelete
    Replies
    1. හිරුවගේ ආකල්පේ වෙනස් වෙන්නේම නෑනේ බොල මේ ගැන

      Delete
  4. Anonymous12/27/2012

    හප්පච්චියේ. වෙලාවට උත්තරේ දුන්නෙ නැත්තේ. ජය..!

    ReplyDelete
    Replies
    1. ඊළඟ පාර වත් ට්‍රයි එකක් දෙමු එහෙනම්

      Delete
  5. හප්පේ සයුරි අක්ක කේක් එක ගිනි තියලා. හප්පේ මගේ සුදු අක්කේ මමනම් එන්නේ නැතෝ ඔය අඟුරු උන කේක් කන්න. උවැක්කා......... කොහොම හරි අපේ ගවේෂක ලොක්කත් අක්කට දීල තියෙන්නේ පට්ට ටොපියක්නේ. :) හුදී ජනයාගේ දැනගැනීම පිණිසයි. මේ අවතාරයා මොන පුරස්නේ ඇහුවත් උත්තරේ දැනගත්තත් කියන්න නම් එපා බොලව්. ඕන මම කිව්වා.
    කෝරලේ වලව්ව

    ReplyDelete
    Replies
    1. එහෙම කරන්න එපා යකෝව් මම හරි අහිංසකයි
      මේ දැනුත් නිවපු ඇල් වතුර එකක් බොන ගමන්

      Delete

  6. හිකිස් සුබ පැතුම් සයුරි ... උණුසුම් සුබ පැතුම් ....:)))

    ReplyDelete
    Replies
    1. එතකොට සුදීක අයියට විෂ් කොරන්නේ නැතෙයි

      Delete
  7. අහ් චිත්තරකාරයෙක්
    දැක්කමයි මෙහෙම එකෙක්
    අගය කරනවා
    ජයවේවා !

    ReplyDelete
    Replies
    1. බොගේ කමෙන්ට් එකත් ස්පෑම් ගොඩට ගිහින් නේ
      තැන්කූ වේවා ඈ

      Delete
  8. සුභ පතුම් සුභ පතුම්

    ReplyDelete
    Replies
    1. කවුද බන් පතුම් මේ සුදීකයනේ

      Delete
  9. හරිම නම් සිරාගේ උත්තරේ තමා හරිම උත්තරේ.

    ReplyDelete
    Replies
    1. කුජීතම කොමෙන්ට් එකට දෙනවනම් අනිවා තෑග්ග සිරාට

      Delete
  10. හරි! දෙන්නෙක්ම කාලා! යාන්තම් මං නෑ!

    ReplyDelete
    Replies
    1. සිත්තරයක් ගන්න ආස නැතෙයි ඊළඟ එකෙන් වත් ට්‍රයි කරමු

      Delete
  11. හම්බෝ.. යන්තම් උත්තරේ වැරදිලා. හි හි

    ReplyDelete
    Replies
    1. ඊළඟ පාර හරි උත්තරේ ඈ

      Delete
  12. ම්..අපූරු සිත්තර දෙක..අයිතිකාරයෝ දැක්කාම මොනවා වෙයිද දන්නෑ..

    ReplyDelete
    Replies
    1. කමෙන්ට් එක ස්පෑම් ගොඩේ තිබ්බේ ඔන්න පල කොලා

      Delete
  13. හික්.....කාල නේද මඩ.... :)

    ReplyDelete
    Replies
    1. කවුද සයුරි ඇපල් කේක් නම් කෑවා

      Delete
  14. වෙලාවට ඔහොම එකක් තිබුනද කියලා වත් මම දැනගෙන උන්නේ නැත්තේ අෆ්ෆා,,,,,

    ReplyDelete
    Replies
    1. බී කෙයාර් ෆුල් මචන් මෙහෙම ඒවාත් තියනවා

      Delete
  15. මනුතාපය පොතේ එන සිද්දියක් මතක් වුනා. ඒකේ ප්‍රධාන චරිතේ ඉන්න පුද්ගලයා මනු....(නම මතකෙට එන්නේ නෑ) අතින් කාසියක් වැටෙනවා මම හිතන්නේ ෆ්‍රෑන්ක් එකක්. ඒක නගරේ ඉන්න චන්ඩියෙක් පාගාගෙන ඉන්නවා. එතනින් ඉවත් වෙනවා හැර වෙන විකල්පයක් අර මනු... ට නෑ. බොහොම ස්තුතියි මං වෙනුවෙන් ත්‍යාග කරපු සිත්තරේට.

    ReplyDelete
    Replies
    1. ඒ නම මනු.... නොව ජනවර්ජන විය යුතුයි.

      Delete
    2. පොතක් ගැනත් ලියලා තියෙන්නේ
      යු ආ වෙල් කම් සුදීක අයියේ

      Delete
    3. සුදීක අයියා ඔය නම ගැන මමත් මීට ටික කාලෙකට කලින් කොහේ හරි කමෙන්ට් එකක් දැම්මා, ඒත් මට දැන් ඒ තැන මතක නෑ, මනුතාපය විදියට මුල්පොත සංක්‍ෂිප්ත පරිවර්තනයක් කරපු ඊරියගොල්ල මහත්තය ඒ නම ගැන කියන්නෙ මෙහෙමයි,

      ‘‘මුල් පොතෙහි එන නම් ගම් ද සිංහල දිවට හුරු පුරුදු විය හැකි පරිද්දෙන් පිළියෙල කොට මෙහි ඇතුළත් කළෙමි. ඇතැම් පුද්ගල නම් පිලිබඳව එබඳු වෙනසක් කළේ බොහෝ විට ඒ ඒ චරිතයේ ගති පැවතුම් අනුවය. මේ කතාවෙහි වීරයා වශයෙන් සැලකෙන්නාගේ නම ප්‍රංශයේදි නම් කියැවෙන්නේ “ෂාවාල්ෂා“ යනුවෙනි. Jean Valjeen යන අකුරින් එන මේ නම ඉංගිරිසි අනුවාදය කියවන බොහෝ දෙන උච්ඡාරණය කරන්නේ “ජීන් වැල්ජින්“ කියායි. මේ පුද්ගලයා මුලදී ජනයා විසින් වර්ජනය කරන ලද්දෙකි. එහෙයින් ඉංගිරිසි නමෙහි උච්ඡාරණය ද ආශ්‍රිත “ජනවර්ජන“ යන නම “මනුතාපයෙහි“ ඔහුට යෙදේ. සෙසු බොහෝ නම් පිළිබඳව ද කිව යුත්තේ ඒම ය.‘‘

      ඉතිං ඔය ජනවර්ජන කියන නමට මම නම් එකඟ නෑ. මම හිතන හැටියට ඊරියගොල්ල මහත්තය පරිවර්තකයෙක් විසින් නොකළ යුතුම දෙයක් කරන්නෙ.


      Delete
    4. DDT ට පොත් වල පෙරවදනවල් කට පාඩම් වගේ :)

      Delete
  16. අප්පටසිරි මේ ඩිංගට වෙලා තියන දෙයක්. මං ඒත් බැලුවා මේ ගිනි ගන්න කතාව ආවේ කොහෙන්ද කියලා..හිහි...බොහොම ස්තුති අවතාර් මඩ සිත්තරේට හොඳේ...වැඩි වැඩියෙන් මඩ ගහන්න ලැබේවා...:)))

    ReplyDelete
    Replies
    1. හිකිස් මම නම් හිතුවේ සයුරියා මට හොඳටම දෙසයි කියලා මේකට

      Delete
  17. හෙහ් හෙහ් මල් මඩ.....මේ උඹ මෙව්වා පේන්ට් කරන්නේ මොකෙන්ද බං. ඉලස්ට්‍රේටර් නම් වෙන්න බෑ.

    ReplyDelete
    Replies
    1. කෝරල් පේන්ටර් අල්ලලා ගියා බන්

      Delete
  18. එන්ඩ එන්ඩ උඹේ හැකියාව වර්ධනය වෙනවා මචං.මරු මරු ඔහොම යං....

    ReplyDelete
  19. ඇත්තම කියන්නම් අපේ ඒවා තරම් කුජීත මදි බන්.සුදීක් අයියගෙන් අර පොඩි කෙල්ලෙක් චූ කරන තැන කොහෙද කියලා අහපු එක ඇන්දා නම් ඉවරයි :)

    ReplyDelete
    Replies
    1. හෑහ් එහෙම එකකුත් තියනවද?බලපන්කෝ අවතාර්ගේ මඩ ඇහැට ඒක මිස් උන හැටි

      Delete
  20. බොලා සුදීක කියලා ඇදලා තියෙන්නෙ ටික්කියක්නෙ...ඒක නාකයි...සුදීක තමා අදින්න ඕනෙ...

    ReplyDelete
    Replies
    1. හොයලා හොයලා ඇන්ද එක බන් මඩියා කියනව වගේ ඒවත් තිබිලා මිස් උනානේ මට

      Delete
  21. මචන් අවතාර් මගේ කුප්ප හිතට පුරස්නයක් ආවනේ
    බන් ඔය එක පින්තුරයක් දකිද්දී.( ඒකට වැරදි
    කාරය උබ හැබැයි,උබට තිබ්බ එහෙම නො ඇඳ ඉන්න:( )

    ReplyDelete
    Replies
    1. අහපන් බලන්න. කුප්ප උත්තරයක් දෙන්නම්

      Delete
  22. අවතාරේ උඹ නම් හැබෑ දක්ෂයෙක් කොල්ලෝ. ඔබේ තරගයත් නිර්මාණාත්මකයි. තැගි දෙකත් නිර්මාණාත්මකයි.අවංකවම උඹට පළමුවත් ජය ගත් දෙදෙනාටම දෙවනුවත් සුබ පතනවා.

    ReplyDelete
  23. හි හි ... ජයග්‍රාහකයින්ට මාගේ උණුසුම් සුබ පැතුම් !

    ReplyDelete

හිතට දැනෙන දේ ලියලා යන්න