Monday, December 31, 2012
ආයිබෝං 2012 | කාටුන් ටොක්ක
ලැම්බොගිනියක යන්න ගමනක්
තියන අවුරුද්දක්
නොසිත තව මොහොතක්
දෙන්න රජ දෑතට සවියක්
සැමට සුබ නව වසරක් වේවා!!!!!!!
ලේබලය
කාටුන් අදහස්,
මට හිතෙන හැටි
Saturday, December 29, 2012
හනේ නොදකින් මෙහෙමත් තාත්තලා පුතාලා
බාර් එකක බොමින් සිටි එකෙක් හොඳටම ඩෝප් වූවාට පසු ළඟම මේසයක සිටි එකෙක් වෙත ගොස් කතාවට වැටුනේය.
ම...චා..න් මම කීප දවසක්...ම ලාවට දැකලා....තියනවා උඹ මෙහෙ ඉන්න....වා.මම ටිකක්........ලාවට කතා කරලා උඹත් එක්ක ෆිට් උනාට ..........අවුලක් නෑනේ
පිස්සුද මචන්............අන්න..........බලපන් කවුරු මොනව කිව්වත් .............බොන එකා ළඟ නෙමෙයිද..........මනුස්සකම තියෙන්නෙ.උඹම ඇහුවා මිසක්........මම මෙතන ඉඳලා ගෙදර යන ටිකට .......එකෙක් ඇවිල්ලා මගෙන් අහයිද.........උඹ ඇහුවා වගේ ෆිට් වෙන්න
ඒ උනාට ..........මචන් මට පොඩි .........ප්‍රශ්නයක් ...........තියනවා.
බොක්...........ක තමා ඉතින් හරි.ඕ......න දෙයක් .......අහපන්
ම...චා..න් මම කීප දවසක්...ම ලාවට දැකලා....තියනවා උඹ මෙහෙ ඉන්න....වා.මම ටිකක්........ලාවට කතා කරලා උඹත් එක්ක ෆිට් උනාට ..........අවුලක් නෑනේ
පිස්සුද මචන්............අන්න..........බලපන් කවුරු මොනව කිව්වත් .............බොන එකා ළඟ නෙමෙයිද..........මනුස්සකම තියෙන්නෙ.උඹම ඇහුවා මිසක්........මම මෙතන ඉඳලා ගෙදර යන ටිකට .......එකෙක් ඇවිල්ලා මගෙන් අහයිද.........උඹ ඇහුවා වගේ ෆිට් වෙන්න
ඒ උනාට ..........මචන් මට පොඩි .........ප්‍රශ්නයක් ...........තියනවා.
බොක්...........ක තමා ඉතින් හරි.ඕ......න දෙයක් .......අහපන්
ලේබලය
මට හිතෙන හැටි,
හිනා යයිද මන්දා
Thursday, December 27, 2012
එතකොට කවුද අවතාර්ට කියලා මඩ ගා ගත්තේ ???
මඩ කියලා දැක්ක ගමන් කස්ටිය බලන්න ඇති ඒ පාර අවතාරයත් කාට හරි මඩක් ගහලද කියලා නෙහ්.මේ කියන්න යන්නේ අවතාර්ගේ සිත්තර තෑගි ප්‍රශ්නේ ජයග්‍රාහකයෝ ගැන.අවතාර් අහපු ප්‍රශ්නේ මතකයිනේ .
අවතාර් බලාපොරොත්තු වූ පිළිතුර
මම විමලගේ පහේ කාසිය වැටෙන තැන දැක්කා.එයා යනකම් මම ඒක කකුලෙන් පාගගෙන හිටියා සර් .
දැන් කවුද එතකොට ජයග්‍රාහකයෝ ??
---------------------------------------------------------------------------------
බලාපොරොත්තු උන උත්තරේ නම් කවුරුවත් දුන්නේ නෑ.හැබැයි අවතාර් ප්‍රශ්නේ අහද්දි කිව්වා ළඟින් ගියත් ඒ කියන්නේ ගිනි ගිනි වගේ නම් අවතාර් තෑගි දෙනවා කියලා .
එතකොට කවුරු හරි ළඟින් ගියාද ???
ගියා නේන්නම් .මේ තියෙන්නේ ගියපු හැටි
ඒ විදිහට සිත්තර තෑගි ප්‍රශ්නෙට උත්තර දීලා අවතාර්ගෙන් සිත්තරයක් තෑගි ගන්නේ
ලේබලය
කාටුන් අදහස්,
මල් මඩ
Tuesday, December 25, 2012
නත්තල් සීයේ අත්තටගේ සර්ට පින්සිද්ද වෙන්ට විද්‍යාව ගොඩ ( කාටූන් ටොක්ක)
ආගම් බේදයක් නැතුව අද අනිත් හැමෝටම වඩා සතුටෙන් ඉන්න පිරිසක් ඇත.ඒ ඕලෙවල් ලියපු ලමයිනුත් ඒ අයගේ අම්මලාත්ය.තම තමන්ගේ පේපර් වල මුල් ප්‍රශ්න පත්තරයේ ප්‍රශ්න දහනවයකට ලකුණු දැනටමත් ලැබී ඇත.ප්‍රශ්න වලට අත තියාවත් නැති උනත් මේ ප්‍රශ්න 19යේ ලකුණු විබාගේ ලියපු සේරටම ලැබෙන්නේ අද එක උත්තමයෙක් නිසාය.ඒ අත් වැරදීමකින් ප්‍රශ්න ඉස්සරහින් එතුමාගේ මූණ දක්වමින් හෙම්බිරිස්සාව වදින්නම නාගත් සම්පත් අත්තටගේ සර් නිසාය.ඒ කොහොම වෙතත් පේපර් එක පැන්නුවා කියමින් උන්දගේ පලු ඇරි ගම්පහින් බැහැර ඕලෙවල් ලියූ ළමයින්ගේ අම්මලා මේ වන විට සම්පත් සර්ට පින් දෙනවා නිසැකය.මේ ලැබුනු චාන්ස් එක ඕන ඔලමොට්ටයෙක්ට ගොඩ යන්නට හොඳටම ප්‍රමාණවත්ය.මේ සැරේ ඕලෙවල් ලියපු උන්ගෙන් වැඩි දෙනා දැන් කන්නන්ගර මහත්තයට වඩා අත්තටගේ අදහනවා නිසැකය.
ලේබලය
කාටුන් අදහස්,
සතියේ ටොක්ක
Sunday, December 23, 2012
උත්තර දීලා සිත්තරයක් තෑගි ගමු (අවතාර්ගේ සිත්තර තෑගි ප්‍රශ්නය 01)
අවතාර් කලින් සිංහල බොලොක්ක වලට සිත්තර ඇන්දා කියලා කවුරුත් දන්නව ඇතිනේ .දන්නේ නැත්තන් රජාගෙන්, නිශානයගෙන් සිරාගෙන් එහෙම අහලා බලහල්ලකෝ.ආසාවෙන් මතක් කරයි.ඒ දවස් වල සිත්තර ඇන්දේ අහසේ කමෙන්ට් ලිස්ට් එකට.ඊට පස්සේ අවතාර් හිතුවා බ්ලොග් ලෝකේ හැමෝටම චාන්ස් එකක් දෙන්න තමන්ගේ ලස්සනම පෝස්ට් එකකට අවතාර්ට කියලා සිත්තරයක් ඇඳගන්න.(ලස්සන = කුජීතම වෙන්න පුළුවන් ඈ)ඔන්න එහෙනම් අවතාර් වැඩ පටන් ගත්තා.මේ අහන්න යන්නේ කැල්කියුලේටර් අතට අරගෙන ආවර්තිතා වගු දිගෑරගෙන උත්තර දෙන ප්‍රශ්න නෙමේ.ගෙස් කරලා උත්තරයක් දෙමු එහෙනම් .අවතාර් හිතන් ඉන්න උත්තරේ ළඟින් යන උත්තරයක් දෙන දෙනේනෙකුට අවතාර් සිත්තරයක් තෑගි දෙනවා.
ලේබලය
කාටුන් අදහස්,
මල් මඩ
Thursday, December 20, 2012
සරුවට පොල් කඩන්න තියන ගහෙන් ඇට්ටි කඩනවද? 16++
දවස් ෙදක තුනක ෙවෙලේ ඉඳන් කොමා ලෙඩ දෙන්න ගත්තා.ගලවලා බැලින්නම් ඇතුලේ කෑලි බෑලි ටිකක් දාන්න වෙලා.කොහෙද මේවා පට්ට ගගහා වැඩ ගත්තට රෙපෙයාර් එකක් දෙන්නවත් ගලවල බලන එකක්යැ.කම්මැලිකමේ උනත් කොමා හදාගන්න ටවුන් එකට ගිහින් එහාට මෙහෙට ඇවිදිද්දි පරණ යාලුවෙක් හමුබුනා අවතාර්ට.ළඟට ගිහින් කතා කරපුවහම මේකා කන්න වගේ මගෙ දිහා බලන් ඉන්නවා.බැලින්නම් මූට මාව අඳුරගන්න බැරි වෙලා.දැනට කවුරුවත් කියලා නැති මූ මට කියනවා.මම මහත් වෙලාලු.අර කැන්ටිමේ රුපියල් තිස් පහේ බත් එකට වෙන්නැති . ගෙදර ඇවිල්ලා කල්පනා කර කර ඉද්දි මතක් උනා ඕලෙවල් කාලේ නියම සිද්දි ටිකක්.කස්ටියටම බලන්න එහෙනම් දැම්මා අහසේ.
ඕලෙවල් කිට්ටු වෙනකොට අපිට ඉස්කෝලෙන් සෙමිනා ලෑස්ති කලා.කෙල්ලෝ කෙසේ වෙතත් කොල්ලෝ නම් බලන් ඉන්නේ ඔය දවස එනකම්.අපේ ඉස්කෝලේ පැත්තේ තිබුන ටිකක් ලොකු ඉස්කෝලයක් හින්දා වටේපිටේ තියන ගම්බද ඉස්කෝලවලින් ලමයි එනවා අපේ සෙමිනා එකට.දැන් ඉතින් ඒවයෙන් එන ගෑනූ ලමයි ටික දිහා තමා කොල්ලෝ ටික වැඩර්ලා වගේ ඇහැ දාගෙන හිටියේ.මොනව උනත් ගණන් විද්‍යාව සෙමිනා නම් තාමත් මතක් වෙද්දි විකාර වගේ.එදාට වැඩිපුරම කරේ නිදා ගන්න එක සෙමිනා එකේ.
ඕලෙවල් කිට්ටු වෙනකොට අපිට ඉස්කෝලෙන් සෙමිනා ලෑස්ති කලා.කෙල්ලෝ කෙසේ වෙතත් කොල්ලෝ නම් බලන් ඉන්නේ ඔය දවස එනකම්.අපේ ඉස්කෝලේ පැත්තේ තිබුන ටිකක් ලොකු ඉස්කෝලයක් හින්දා වටේපිටේ තියන ගම්බද ඉස්කෝලවලින් ලමයි එනවා අපේ සෙමිනා එකට.දැන් ඉතින් ඒවයෙන් එන ගෑනූ ලමයි ටික දිහා තමා කොල්ලෝ ටික වැඩර්ලා වගේ ඇහැ දාගෙන හිටියේ.මොනව උනත් ගණන් විද්‍යාව සෙමිනා නම් තාමත් මතක් වෙද්දි විකාර වගේ.එදාට වැඩිපුරම කරේ නිදා ගන්න එක සෙමිනා එකේ.
ලේබලය
+ ගොඩේ තියන ඒවා,
මතක විත්ති
Saturday, December 15, 2012
අනේ පින්ඇති අයියේ අක්කේ .......පින වචනෙට ද???
අගනුවර සිට කොළඹ හලාවත පාරේ ඉදිරියට ඇදෙන ලේලන්ඩ් බස් රථය මධ්‍යහ්න වෙලාව නිසා දෝ වැඩි මඟීන්ගෙන් පිරී නොතිබුනි.ප්‍රධාන මාර්ගයද මගීන්ගෙන් පිරී නොතුබුන නිසා කාර්යාල වෙලාවේදී මෙන් නොව රියදුරු බස් නැවතුම්පල වල සිටි මඟීන් එකා දෙන්නා අහුලා ගනිමින් මන්දගාමී අයුරින් රථය පදවන්නට විය.
කොටුව බස් නැවතුම් පලෙන් බසයට ගොඩවී පිටුපසම සීට් එකෙහි වාඩි වී සිටි අවතාර් එවෙලේ පටන්ම ජංගම දුරකථනයට හෙඩ්සෙට් එක සම්බන්ධ කර කනේ රුවාගෙන සිටියේය.ධාවනය වන ගීතයේ තාලයට මෙන් විටක තම කලවා වලට තට්ටු කර ගනිමින් බසයේ ගමන ආරම්භයේ දී මහත් ප්‍රබෝධයෙන් සිටි ඔහු මඳ දුරක් යනවිට නිදිබර ගතියෙන් යුතුව ජනේලයෙන් එපිට බලමින් බස් රියේ මන්දගාමී ගමනට අනුගත වූවාක් මෙන් ගමන් කරන්නට විය.බස් රථය මීගමුව පොලිස් ස්ථානය පසු කරමින් ගමන් කරමින් තිබුනි.පැය දෙකක් පමණ මෙතෙක් පටන් ගමනේදී මඟීන් කීප දෙනෙක් පිටුපස අසුනේ වාඩි වෙමින් නැවතත් තම ගමනාන්ත වලින් බසිමින් යන ගමනේදී ඒ ගැන වැඩි සැලකිල්ලක් නොදැක්වූ අවතාර් මඳක් හිස හරවා බැලුවේ පිටුපස අසුනේ සිටි මඟීන් දෙසය.
කොටුව බස් නැවතුම් පලෙන් බසයට ගොඩවී පිටුපසම සීට් එකෙහි වාඩි වී සිටි අවතාර් එවෙලේ පටන්ම ජංගම දුරකථනයට හෙඩ්සෙට් එක සම්බන්ධ කර කනේ රුවාගෙන සිටියේය.ධාවනය වන ගීතයේ තාලයට මෙන් විටක තම කලවා වලට තට්ටු කර ගනිමින් බසයේ ගමන ආරම්භයේ දී මහත් ප්‍රබෝධයෙන් සිටි ඔහු මඳ දුරක් යනවිට නිදිබර ගතියෙන් යුතුව ජනේලයෙන් එපිට බලමින් බස් රියේ මන්දගාමී ගමනට අනුගත වූවාක් මෙන් ගමන් කරන්නට විය.බස් රථය මීගමුව පොලිස් ස්ථානය පසු කරමින් ගමන් කරමින් තිබුනි.පැය දෙකක් පමණ මෙතෙක් පටන් ගමනේදී මඟීන් කීප දෙනෙක් පිටුපස අසුනේ වාඩි වෙමින් නැවතත් තම ගමනාන්ත වලින් බසිමින් යන ගමනේදී ඒ ගැන වැඩි සැලකිල්ලක් නොදැක්වූ අවතාර් මඳක් හිස හරවා බැලුවේ පිටුපස අසුනේ සිටි මඟීන් දෙසය.
ලේබලය
කෙටි කතා,
මතක විත්ති,
ලේබල් නැති ඒවා
Thursday, December 13, 2012
මාසෙකට පස්සේ ..I'm back..
ඔන්න අවතාර් සෑහෙන දවසකට පස්සේ ආයෙත් නොනිමි අහස පැත්තට ආවා.නොනිමි අහසෙන් ගිහින් අදට හරියටම මාසයයි.ඉස්සරලම කියන්න ඕනේ අවතාර් හිටියේ නැතත් අහස පැත්තට ඇවිල්ලා පෝස්ට් කියවලා කමෙන්ට් එකක් දාලා ගිහිල්ලා තිබුනා ගොඩක් අය.ඊයේ දවසට විතරක් අහසට 34 දෙනෙක් ඇවිල්ලා .සති දෙකක් විතර යනකල්ම සීය පැනලා ලිබුනා දවසට ගොඩවෙන ගාන.මාසයක් තිස්සේ කිසිම පෝස්ට් එකක් දාන්නේ නැතුව මාසෙකට පස්සෙත් ඒ වගේ පිරිසක් එනවා කියන්නේ සිංහල බ්ලොග් ලියන කෙනෙක් හැටියට මට නම් ඉහටත් උඩින් ඈ.ඒ තරම් සතුටක් තියනවා.අවතාර්ව අමතක වෙලා නෑ කියන්න ඒ ඇතිනේ .ඉතින් හෙට ඉඳන් අවතාර් සුපුරුදු විදිහට වැඩ පටන් ගන්නවා .පුරුදු විදිහට අර මල්මඩ සිත්තරයි ඒකට තෑගි ප්‍රශ්නෙයි ,තව පොඩි නවකතාවකටත් අදහසක් තියනවා.බලමු වෙලා තියන විදිහට.ඉස්සර කාඩ් දදා ප්‍රීපේඩ් පැකේජ් වලින් ජාල ගතවෙන එක වදයක් හින්දා අවතාරුත් බැස්සා ඩයලොග්ලගේ 3GB පැකේජ් එකට.එහෙනම් හෙටම අලුත් පොස්ට් එකකින් හම්බවෙමු.එතකන් ගිහින් එන්නම් කිව්වා හැමෝටම.
ලේබලය
ලේබල් නැති ඒවා
Tuesday, November 13, 2012
අවතාර්ගේ බ්ලොග් සිත්තර 03
සිරාගේ කාමරේ සිරා දවසක් දෙවෙනි මනමාලයට ඇන්දා.එදා වැරදි වෙලාවේ ආපු මුත්‍රා බරෙන් අන්ත අසරණ උන සිරා යටි බඩ තද කර ගෙන යටි තොල හපාගෙන තම මුත්‍රාසය ආරක්ෂා කරගැනීමේ වෑයමින් ෆොටෝවට පෙනී සිටි අයුරු.ඔය අත තියා ගෙන ඉන්නේ ලස්සනට එහෙම නෙවේ ඈ.
ලේබලය
කාටුන් අදහස්,
මල් මඩ,
හිනා යයිද මන්දා
Sunday, November 4, 2012
ආදරය මේ තරම් විරහද? | මා දුටු ලව් බූට්
මේ ලියන්න යන එකේ ප්‍රධාන චරිතේ අවතාර්ගේ හයේ
පන්තියේ ඉඳලම යාළුවා.ගමේ ඉස්කෝලෙන් ශිෂ්‍යත්වේ පාස්වෙලා ටවුන් එකේ ඉස්කෝලේට ගිය
මගේ පලවෙනි යාළුවා උනේ ඌ.හය වසර හත වසර ගෙවිලා යද්දි ඔන්න කාටත් වදින ඊතලේ අපේ
උන්ටත් වදින්න ගත්තා.පන්තියේ හිටිය කොල්ලෝ ගාණයි කෙල්ලෝ ගාණයි වෙනස් උනේ පොඩි
ගාණකින් .මතක විදිහට කෙල්ලෝ දෙන්නෙක් වැඩියෙන් හිටියද කොහෙද.අට වසරේ දී පන්තියේ
කොල්ලෝ බොහොමයකට හිටපු කෙල්ලන්ගේ නම් කියලා නෝන්ඩි කරන්න ගත්තා.පුදුම කියන්නේ මේ
තේරීම හරියට හරි ගියපු තැන් බාගෙට බාගයක් තිබුනා.අවතාර්ගේ හිතේ හිටිය ගෑනූ ලමයා ගේ නම
කියලා අවතාර්ව නෝන්ඩි කලේ කස්ටිය.ඒ ප්‍රේමේ ගැන ඉතින් වැඩක් නෑ.නොදන්න කස්ටිය
ඉන්නවනම් ගිහින් බලන්නකෝ මෙතනින්.
ඉතින් මම මේ කියන බුවාටත් නම වැටුනා ඌ ට්‍රයි කරපු කෙල්ලගේ.ඒ දවස් වල උගේ
අඹ යාළුවා විදිහට සේරම කියන්නේ මට.මම ඒකිව කොහොම හරි යාළු කරගන්නවා මට සපෝට් එක
දියන් කියලා කෙල්ලව දකින දකින සැරේට මූ මාත් එක්ක කියනවා.අඹ යාළුවා විදිහට ඉතින්
යාළුවාගේ දුකේදීත් සැපේදීත් උදව් කරන්න එපැයි.මගෙන් ඉතින් ෆුල් සපෝට්.මට මතක
විදිහට මූ අට වසරේදී කෙල්ලගේ පස්සෙන් යන්න ගත්තා.කෙල්ල කියලා මහ ලොකු ලස්සනක්
නෑ.මේකි අරූට ගනන් ඉස්සුවා.ඔහොම අවුරුද්දක් පුරාම ට්‍රයි කරලා අපි නවය වසරට ආවා.මේ
වෙන කොට පන්තියේ ලෙවල් කෙල්ලෝ සෙට් එකකුයි කෙල්ලෝ සෙට් එකකුයි හැදුනා.බොහෝම පොඩි
ගාණක්.උන්ගේ මොනවා ලෙවල් උනාද කියලා අවතාර් තාම දන්නේ නෑ.ඒ උනාට ලෙවල් ඈ.මේ කියන
කෙල්ලත් මුලින් ආශ්‍රය කලේ ඔය කියන ලෙවල් කෙල්ලන්ව.අපේ බුවාත් අතෑරියේ නෑ.නවය වසරේ
පුරාවටමත් ට්‍රයි කරා.
ලේබලය
මතක විත්ති,
ලේබල් නැති ඒවා
Sunday, October 28, 2012
බඳින්න හිතෙනවානේ මිස් ඔයාව මට දැකපු ගමන් | විරිඳු සුරල්
කලු කර ගෙන එන වැස්සට කලින් ගෙදර පිටවෙන්නට
හවස ලෙකට තිත තියලා පැන්නා මම මහ පාරට
කොටන එකේ හොඳම එකෙන් බස් එක කොට කොට යනකොට
හැමදා එන නිදි දෙව්දුව ආවා මගේ දෑස ළඟට
ලේබලය
කවිද මන්දා,
සතියේ ටොක්ක
Thursday, October 25, 2012
අඩු ගානට එළිය දෙන බල්බ් මාරයා ( CFL දාන්න කලින් දෙපාරක් හිතමු)
කියුබානු වැසියෙකු තම කාමරයේ දැවී ගිය CFL බල්බයක් එය සිසිල් වන්නට පලමු නොසැලකිල්ලෙන් ඉවත් කරන්නට යාමේදී රත් වී තිබූ බල්බය බිම වැටී පුපුරා ගිය අතර ,බල්බයේ තිබුණු රසදිය වාෂ්පය තැවරී තිබුණු වීදුරු කැබැල්ලකට ඔහුගේ පාදයක් කැපිණ.අනතුරුව රෝහල් ගත කෙරුණු ඔහු හට සති කිහිපයක් ම යන තෙක් දැඩි සත්කාර ඒකකයේ තබා ප්‍රතිකාර ගන්නට සිදුවූ අතර ,ඉනුත් මාස කිහිපයක් යන තුරුම මේ අසරණයාගේ පාදාය් ඇතිවූ තිබූ තුවාලයෙන් මස් කුණු වී ,දියවී යන්නට වූයෙන් දීර්ඝ කාලයක් යන තුරුම ඔහුට රෝහලේ සිටින්නට සිදු විය.
බලශක්තිය සංරක්ෂණය කර ගැනිමේ ,විදුලි බලය ඉතිරි කර ගැනීමේ සහ පරිසර හිතකාමී හරිත නිෂ්පාදනයක් ලෙස මෙම CFL බල්බ ලොව පුරා ප්‍රචලිත වෙමින් පවතින අතර .ලොව ඇතැම් රටවල් සාම්ප්‍රදායික බල්බ භාවිතය තහනම් කරමින් , CFL බල්බ භාවිතය අනිවාර්ය කරමින් නීති රෙගුලාසි පනවමින් ද සිටී.
ලේබලය
ලේබල් නැති ඒවා
Tuesday, October 23, 2012
සූටි කාලේ කතරගම මතකය
කරන්න දෙයක් නැතුව මනෝ
පාරක් දාගෙන ඉන්න වෙලාවක හිත ඉබේටම පොඩි කාලෙට ගියා.පෙර පිනකටද කොහෙද මතක් කරලා
සතුටු වෙන්න පුළුවන් ලමා කාලයක් අපිටත් තිබුනා.දැන් ඉන්න ළමයි වගේ කීබෝඩ් එක හපා
ගෙන කම්පියුටර් ගේම් ගහන කාලයක් අපිට තිබුනේ නෑ.ඒ දවස් වල ඒවා හීන තමයි.දැන් ඉන්න
පොඩි උන්ගෙයි අපේ පොඩි කාලේයි ගැන ලියන්න ගියොත් ඒකට පෝස්ට් එකකුත් මදි.ඒ හින්දා
ඒක පැත්තකට දාලා අද ලියන්න ආපු දේට බහිමු.
ලේබලය
මතක විත්ති,
සූටි කාලේ
Sunday, October 21, 2012
Sunday, October 14, 2012
අවතාර්ගේ කුජීත කාටූන් ඇහෙන් දකින මීළඟ බ්ලොග් හතර
තහනම් අඩවියේ රජා ඇතුලු පිරිස අමුතු සයිට් විසිට් එක ගිය වෙලේ අඩවි රජා රාජ තේජසින් කක්කා කරද්දී කොලොප්පම් කල එවුන්ට රාජකීය පොල්ල දිගු කිරීම.(රජාගේ සහජ ඉන්ජිනේරු මොලය පාවිච්චි කර හබරල කොලයකින් රාජකීය අහවල් තැන වසාගෙන සිටී)
ලේබලය
කාටුන් අදහස්,
මල් මඩ,
හිනා යයිද මන්දා
Thursday, October 11, 2012
අධ්‍යාපනය,ක්‍රිකට් මැදි උන මගෝඩිස්තුමාගේ නාඩගම
වේදිකාවේ තිරය ඇරේ.සුදු පැහැති ජාතික ඇඳුමක් ඇඳගත් පුදගලයෙක් යමක් කල්පනා කරන අයුරින් වේදිකාව මත ඔබ මොබ ගමන් කරයි.ශරීර හැඩයෙන් ඔහු දේශපාලඥයෙකු බව අනුමාන කල හැකි ය.එනම් ඉදිරියට නෙරා ආ මහත් වූ උදරයෙනි.මද වෙලාවකින් පසුව එවැනිම ඇඳුමකින් සැරසුනු පුද්ගලයෙක් කලබලයෙන් වේදිකාවට පැමිණේ.එතැන් පටන් ඔවුන් දෙදෙනාගේ දෙබස් වලින් ඉදිරිපත් කිරීම මැනවි යයි සිතේ.
ලේබලය
කාටුන් අදහස්,
සතියේ ටොක්ක,
හිනා යයිද මන්දා
Subscribe to:
Posts (Atom)