සති අන්තේ ගෙදර ආපු වෙලාවේ නිවාඩුපාඩුවේ බ්ලොග් පැත්තේ රවුමක් දාන්න පටන් ගත්තා.සෑහෙන දවසක ඉඳන් කොම්පීතරේ ඇතුලේ ෆෑන් එකක් එහෙන් මෙහෙන් කෑ ගගහා තිබුනා.ඒක ඉතින් කොම්පීතරේට වැඩි ඉෆෙක්ට් එකක් නැති හින්දා සති තුන හතරක්ම ඉවසගෙන හිටියා.ඔය අන්තර්ජාංජාලේ එහාට මෙහාට කැරකි කැරකි ඉඳලා 12 ජාමෙත් පහු කොර ගත්තා.මෙන්න යකෝ එක පාරටම එලාම් එකක් ඇහෙනවා.හරියට නිකන් අවතාර් ඒ කාලේ ප්ලේ කොරපු IGI 2 ගේම් එකේ සතුරු හමුදාවේ වෝනින් එලාම් එක වගේ.
ඇහෙන්නේ කොම්පීතරේ සී පී යූ එක හරියෙන්.කල යුතුව තිබූ වැඩක් නිසා සද්දේ නෑහෙන ගානට හිටියා.පහුවදා වෙනකොට අවතාර් ට ඕවා මතක නෑ.ඇයි ඉතින් අන්තර්ජංජාලේ කරක් ගහන එක ඉවර කලේ පාන්දර 3ට විතරනේ.පහුවදත් ජාලගත වෙන්න හිතා ගෙන මෝඩම් කෑල්ලත් කොනෙක් කරලා ටික වෙලාවකින් mobile partner ජනේලෙත් තිරේට ආවා කියමුකෝ.ඒකෙන් connect කරා කරාමයි මුකුත් නෑ.ඒ කියන්නේ කොම්පීතරේ වර්ජනය කරනවා.