Saturday, April 13, 2013

ලක්ෂපතියන් බිහිකිරීමේ ප්‍රයන්තය දියත් කල වගයි

                                            අවතාර් මාස ගානක් බ්ලොග් ලෝකෙන් වහන් වෙලා ඉඳලා සුනාමිය ආවා වගේ එකපාරටම කඩා බිඳගෙන ඇවිත් කස්ටියට පොරොන්දුවක් උනාලු.හැමෝටම මාසෙකට රු 10,000ක් හොයාගන්න තත්වයට පත් කරනවා කියලා.හැමෝම කිව්වට හැමෝටම බෑ මේක.මෙන්න මේ දේවල් තියන අයට විතරයි පුළුවන්
කැපවීම අනිවා ඕනේ
8 වසරේ වගේ ඉංග්‍රීසි දැනුම ප්‍රමාණවත්
නෙට් යන්න පුළුවන් කොම්පියුටරයක්
දවසින් පැය තුනක් පමණ(අවම)
ජාවා/වෙබ් ඩිසයිනින්/PHP දැනුම අනවශ්‍යයයි

                    ඔන්න ඔය ටික තියනවනම් අවතාර් කියලා දෙනවා කොහොමද ඩොලර් කුට්ටි කඩාගන්නේ කියලා පියවරෙන් පියවර.ඔය ලැප් ඉස්සරහ නිදි මරාගෙන ඇඩ් ක්ලික් කර කර කාලේ නාස්ති කරන උන්දලා ඉන්නවනම් විකාර අතෑරලා දාලා රියල් විදිහට හම්බ කරන්න පටන් ගමු.වැඩි විස්තර මෙතන කියන්න යන්නේ නෑ.සේරම විස්තර අලුතෙන් පටන් ගත්තු බ්ලොගේ ලියවෙනවා.වෙලාව ඇතිවිදිහට නොනිමි අහසේ පුරුදු ලට පට විහිළු තහළු ලියවෙයි.

එහෙනම් යටින් තියෙන පින්තූරේ උඩ කොටලා අලුත් අවුරුද්දට බිස්කට් පෙට්ටියක් එහෙම අරගෙන ගොඩ වෙන්න මගේ අලුත් බ්ලොගට.

හැමෝටම කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා !!!!

Sunday, March 31, 2013

පොන්* ඇනෝලගේ ලැජ්ජ නැති වැඩ | හිනා වීමට කැමති අයට

                         
  කාලෙකට පස්සේ ලියන දෙවෙනි පෝස්ට් එක.කස්ටියට අවතාර් කොලුවව අමතක වෙලා කියලා හිතුවට බැලින්නම් සෑහෙන දෙනෙක්ට එහෙම එකෙක් හිටියා කියලා මතකයිනේ.ඒ ගැන අවංකෙන්ම සතුටුයි.හැමදාම අවතාර් එක්ක හිටපු සැමා,DDT,තරුවා,නාඩියා,බංඩා ,කෝරලේ ,රූ අක්කා,රාජ් ...................තව කට්ටිය හිටියා ඈ.සේරටම තෑන්ක්ස් කොල්ලට හොඳ පිළිගැනීමක් දුන්නට.දැං ඉතින් ආයෙත් පෝස්ට් නොලියා ඉන්න පුළුවන් ද?වෙලාව ඇති විදිහට අනිවා ලියනවා.ඒ කොහොම වෙතත් අවතාර් කලින් පෝස්ට් එකේ කිව්වනේ කට්ටිය ගොඩ දාන්න අලුත් වැඩක් පටන් ගන්නවා කියලා.මේ කියන්න යන්නේ නම් ඒක ගැන නෙවේ.අවතාර් ඒකේ වැඩත් පටන් ගනිමින් ඉන්නේ.
                          මේ පෝස්ට් එක ලියන්නේ හිතේ තරහකුයි ඊට වඩා අනුකම්පාවකුයි එක්ක.කලින් පෝස්ට් එක දාලා දැන් ටිකකට කලින් ඇවිත් බලනකොට කවුද කමෙන්ට් කරලා තියෙන්නේ කියලා මුලින්ම මල පැන්නා.පහලට යනකොට තරහ වෙනුවට හිනා ගියා.පස්සේ අවංකවම දුක හිතුනා ඒ අසරණයා ගැන.බලලා ඉඳිල්ලකෝ මොකද උනේ කියලා.

ගොන් ආතල් එකේ පලවෙනි කොමෙන්ට් එක

Friday, March 29, 2013

අවතාර් කියලා එකෙක් ව මතකද?

                                මේ පෝස්ට් එක කොහොම පටන් ගන්නද කියලා හිතාගන්න බෑ.එකපාරටම අතුරුදහන් වෙලා කාලෙකින් තමා ආයෙත් පෝස්ට් එකක් ලියන්නේ.කේස් එක උනේ පොඩි වැඩ වගයකට අත ගහපු නිසා නොනිමි අහසේ පෝස්ට් එකක් දාන්න වෙලාවක් නැති වුන එක.ලියනවා කියලා විනාඩි පහකින් කුනුහරපයක් ලියලා දාලා යන්න බෑනේ.බොහොම අමාරුවෙන් හිත හදා ගෙන ආයෙත් පෝස්ට් එකක් ලිව්වා ඔන්න.
                 එහෙම ආයෙත් පෝස්ට් එකක් ලියන්නේ සිංහල බ්ලොග් ලෝකේ අමතක කරන්න බැරි හින්දා.ඒ හින්දා අවතාර් හිතුවා ඉස්සර ලියපු පෝස්ට් යටින් ;) ඔහොම හරි කමෙන්ට් එකක් දාලා ගියපු කොල්ලන්ව කෙල්ලන්ව ගොඩ දාන්න.ඒ කියන්නේ මාසෙකට අඩුම රු.10,000 ක ආදායමක් හදලා දෙන්න.(අවතාර් බයිලා කෙලිනවා කියලා හිතනවනම් දැන්මම වැඩේ අතෑරලා දාන්න.මම සේරම කියලා දෙන්නේ මගේ අත්දැකීමෙන් ඕන කෙනෙකුට මේදේ කරන්න පූළුවන් නිසා).මෙන්න මේ කියන ටික තියනවනම් අර ටාගට් එකට යන්න අවතාර් සපෝට් කරනවා ඒ හැමෝටම.

  • ලැප්ටොප් හෝ ඩෙස්ක්ටොප් පරිගණකයක්
  • යමක් කිරීමට ඇති උනන්දුව හා ආසාව
  • බිල ගෙවමින් සක්‍රියව පවතින අන්තර්ජාල සම්බන්ධතාවයක්
  • දිනකට අවම වශයෙන් පැය තුනක්(දවසේ ඕනෑම වෙලාවක)


                        මේ සුදුසුකම් සම්පූර්ණයි නම් කස්ටිය ලෑස්ති වෙලා ඉන්න.වැඩි විස්තර පසුවට.
මුලින් ම බලමු අවතාරයාව මතක එවුන් ඉන්නවද කියලා......

Friday, January 11, 2013

සිත්තර තෑගි ප්‍රශ්නය 2 | හොඳට බලලා උත්තර දෙමු

                                     

                  මේ සතියේ සිත්තරයක් තෑගි දෙන ප්‍රශ්නය

ඔය උඩ තියන පින්තූරේ මිනිස් මුණු කීයක් පේන්න තියනවද????

                          හොඳ ඇහැක් තියන අය බලලා උත්තරයක් දෙමු!!

Tuesday, January 8, 2013

යන්තං ඔන්න 100 යි

                     100 ගැන ලියනවද නැද්ද කියලා කල්පනා කරලා ඔන්න ඔහේ ලියන්න හිතුනා.අවතාර් නොනිමි අහස පටන් අරන් අවුරුද්දකුත් මාසයකුත් වෙද්දි යන්තම් පෝස්ට් 100ක් ලියා ගත්තා.
මේ 100 ඇතුලේ අවතාර් පස්සෙන් එන 159ක පිරිසක් ඉන්නවා.පේජ් විව්ස් 42000 ට වැඩියි.ලියපු ලිපි 99 ට ලැබුනු කමෙන්ට්ස් 1556 යි.

                   

Sunday, January 6, 2013

අජන්තා වල ලොකු වට්ටක්කා සීගිරියේ මිනි වට්ටක්කා

                                   

කලින් ලියවුනු ඒ ලෙවල් සෙමිනා මතක
සරුවට පොල් කඩන්න තියන ගහෙන් ඇට්ටි කඩනවද ?

                                        මේ කතාව චිත්‍ර සෙමිනා එක ගැන.දැන් අහන්න එපා චිත්‍ර නොකරපු උදවිය චිත්‍ර වලට අහවල් සෙමිනද කියලා.ප්හු ඒවාටත් පාඩම් කරන්න දේවල් එමටයි ඈ.අපේ පන්තියේ චිත්‍ර කරපු කස්ටිය ගැන කිව්වොත් මුල්ම දවස්වල හිටියේ තුන් හතර දෙනයි.පන්තියේ සේරම වගේ හිටියේ සංගීත කාමරේ.ඇයි මුන්දලා හිතන් ඉන්නේ සංගීත තමා ලේසිම විෂයය ඔය රාගයක් එහෙම පාඩම් කරලා ආතල් එකේ හිටියැහැකි කියලා.සංගීතයට බුරුතු පිටින්.මුල් දවස් වල සංගීත කාමරේ ඉඩත් නැහැල්ලු ඉන්න ප්‍රමාණෙට.ඒ උනාට අපේ හිටිය සංගීත සර් පොඩ්ඩක් වත් සැලෙන්නේ නෑ.එතුමා දන්නවා මේ ජනගහනය පවතින්නේ සති දෙකයි එහෙමත් නැත්තම් තුනයි කියලා.
                                  සති දෙකක් විතර යනකොට මෙන්න පොර කකා ගියපු සංගීතඥවරු එකා දෙන්නා අපෙන් අහනවා “ ඒ මචං චිත්‍ර ලේසිද බන් ? “ , “ උඹලට එච්චර කේස් එකක් නැද්ද බන් ? “
 උන්ගෙන් ප්‍රශ්න පත්තරයයි.

Friday, January 4, 2013

සරම.. මගේ සරම.. අයියෝ සරම....

                                         අද එකපාරටම සරම ගැන ලියන්න හිතුනේ මොකද කියා අවතාර්ටම හිතාගන්න බැරිය.අවතාර්ගේ ඇඳුම් අතර නම් සරමට හිමි වන්නේ ප්‍රධාන තැනකි.ඒ අනිත් ඇඳුම් සේරටම වඩා සරම අවතාර්ට සුවර් හින්දාය.සරමේ කතාව කොතනින් පටන් ගන්නද කියා කල්පනා කරන විට අවතාර්ගේ සූටි කාලය මතකයට නැගෙයි.මුලින්ම අවතාර් සරම් ඇන්දේ දහම් පාසල් යන්නටය.ඉස්කෝලේ අඳින නිල් කොට කලිසම ඇඳ එයට උඩින් සරම ඇන්දේ එහෙ මෙහෙ දුවන දිවිල්ලට සරම කැඩෙන බව දන්නා නිසාය.උදේට කිරි සුදු පාටින් දහම් පාසල් යන එකා හවස එද්දී සරම ගලවා බෑග් එකේ දාගෙන එන්නේ ඒ කාලයේ සරම වදයක් උනු නිසාමය.ඉන් පසු නිදාගන්නට යද්දී අවතාර් සරමට හුරු උනේ කලිසමට වඩා සරම සනීප නිසාය.පත සයිස් එකේ සරමක් ඉනෙන් දෙකට නවා සරම අඳිද්දී තව එකෙකුට ඒකට බහින්නටත් ඉඩ තිබුනාය.ඒ දිනවල උදේ නැගිටිනවිට අවතාර්ට තිබුන බලවත් ප්‍රශ්න අතර සරම හොයා ගැනීමේ ප්‍රශ්නයද ප්‍රධාන තැනක් ගත්තාය.කලාතුරකින් වළලුකර හරියේ රැඳෙන සරම බොහෝ අවස්ථාවලදී අහුලාගන්නේ ඇඳ යටින්ය.ඒ දවස් වල පොරවන රෙද්දට පින්සිද්ද වෙන්නට අවතාර්ගේ ලජ්ජා බය වැහී තිබුනාය.

Wednesday, January 2, 2013

එක් කක්කා කතාවක් | සිත්තර ඇතුලත්ය

                       අවතාරයට පොඩි අවුලක් තියනවා කෑම පැත්තෙන්.කරන ගොන් වැඩ වලටද මන්දා ගොන් කිරි නිෂ්පාදන මොනවත් කටේ තියන්න බෑ.වැරදිලා වත් කෑවොත් දිවට දැනුණ රහ යන්නත් කලින් පස්ස දොරෙන් සේරම එලියට දාන්ඩ ඕනේ.ඒ කියන්නේ අවතාර්ගේ බඩ කිරි වර්ජනය කොරනවා.
                                ලියන්න යන සීන් එක අවතාර්ගේ සුන්දර ඕ ලෙවල් කාලේ එකක්.හවුස් මීට් එහෙම තිබුන කාලේ තරඟ තිබුන දවසක්.හවුස් මීට් දවසට මාර්ච් එකට එහෙම කස්ටිය තෝරන කොට අවතාර් ඇතුළු කීප දෙනෙක් ලොවෙත් නෑ.පන්ති වලින් එලියට බහින්නේ නෑ.ගිනි ගහන අව්වේ කර වෙවී ආමි කාරයෙක්ගෙන් බැනුම් අහ අහ රූකඩ වගේ ඇවිදින්න කාටද දෙයියෝ පුළුවන්?
                 ඒ අවාසනාවන්ත දුක්ඛිත දවසෙත් අවතාර් මාර්ච් විරෝදී සෙට් එකත් එක්ක පන්තියට වෙලා කයියක් දාගෙන හිටියා.ටික වෙලාවකින් තමා අවතාර්ගේ කරුමෙට එකෙක් හවුස් එකේ වැඩ වලට ගෙනාපු යෝගට් ටිකක් උස්සගෙන ආවේ.අවතාර් එක්ක ඉන්න එවුන් දන්නවා අවතාර්ට මෙව්වා ඇලජික් විත්තිය.මුන් අවතාර්ට පේන්නම යෝගට් ටික බෙදාගෙන ඒ මදිවට

   “ඒ මචන් අවතාර්ගේ එක මම කනවා .ඌට මේවා ඇලජික් නේ “
                 යකෝ කන්දෝ නොකම්දෝ කියල හිතන්නත් කලින් මේ ගෝතයා මගේ යෝගට් එකට ඇරපු ලස්සන.බඩගින්නයි ආසාවයි හිතේ තද කරගෙන මම වටපිට බලනවා.අර කෑමදාස මගේ යෝගට් එක දිහාට අත යවනවා.මේ වෙලේ අවතාර්ගේ හිත දැඩි උනා කඳ කෙලින් උනා.

Monday, December 31, 2012

ආයිබෝං 2012 | කාටුන් ටොක්ක





ලැම්බොගිනියක යන්න ගමනක්
තියන අවුරුද්දක්
නොසිත තව මොහොතක්
දෙන්න රජ දෑතට සවියක්

                        සැමට සුබ නව වසරක් වේවා!!!!!!!

Saturday, December 29, 2012

හනේ නොදකින් මෙහෙමත් තාත්තලා පුතාලා

                                      බාර් එකක බොමින් සිටි එකෙක් හොඳටම ඩෝප් වූවාට පසු ළඟම මේසයක සිටි එකෙක් වෙත ගොස් කතාවට වැටුනේය.

 ම...චා..න්  මම කීප දවසක්...ම ලාවට දැකලා....තියනවා උඹ මෙහෙ ඉන්න....වා.මම ටිකක්........ලාවට කතා කරලා උඹත් එක්ක ෆිට් උනාට ..........අවුලක් නෑනේ

    පිස්සුද මචන්............අන්න..........බලපන් කවුරු මොනව කිව්වත් .............බොන එකා ළඟ නෙමෙයිද..........මනුස්සකම තියෙන්නෙ.උඹම  ඇහුවා මිසක්........මම මෙතන ඉඳලා ගෙදර යන ටිකට .......එකෙක් ඇවිල්ලා මගෙන් අහයිද.........උඹ ඇහුවා වගේ ෆිට් වෙන්න

        ඒ උනාට ..........මචන් මට පොඩි .........ප්‍රශ්නයක් ...........තියනවා.
  
බොක්...........ක තමා ඉතින් හරි.ඕ......න දෙයක් .......අහපන්

Thursday, December 27, 2012

එතකොට කවුද අවතාර්ට කියලා මඩ ගා ගත්තේ ???

                             මඩ කියලා දැක්ක ගමන් කස්ටිය බලන්න ඇති ඒ පාර අවතාරයත් කාට හරි මඩක් ගහලද කියලා නෙහ්.මේ කියන්න යන්නේ අවතාර්ගේ සිත්තර තෑගි ප්‍රශ්නේ ජයග්‍රාහකයෝ ගැන.අවතාර් අහපු ප්‍රශ්නේ මතකයිනේ .

      අවතාර් බලාපොරොත්තු වූ පිළිතුර
                  මම විමලගේ පහේ කාසිය වැටෙන තැන දැක්කා.එයා යනකම් මම ඒක කකුලෙන් පාගගෙන හිටියා සර් .
           
              දැන් කවුද එතකොට ජයග්‍රාහකයෝ ??
---------------------------------------------------------------------------------
              බලාපොරොත්තු උන උත්තරේ නම් කවුරුවත් දුන්නේ නෑ.හැබැයි අවතාර් ප්‍රශ්නේ අහද්දි කිව්වා ළඟින් ගියත් ඒ කියන්නේ ගිනි ගිනි වගේ නම් අවතාර් තෑගි දෙනවා කියලා .
එතකොට කවුරු හරි ළඟින් ගියාද ???

             ගියා නේන්නම් .මේ තියෙන්නේ ගියපු හැටි




                                                 ඒ විදිහට සිත්තර තෑගි ප්‍රශ්නෙට උත්තර දීලා අවතාර්ගෙන් සිත්තරයක් තෑගි ගන්නේ 

Tuesday, December 25, 2012

නත්තල් සීයේ අත්තටගේ සර්ට පින්සිද්ද වෙන්ට විද්‍යාව ගොඩ ( කාටූන් ටොක්ක)

                                         
                                   
    ආගම් බේදයක් නැතුව අද අනිත් හැමෝටම වඩා සතුටෙන් ඉන්න පිරිසක් ඇත.ඒ  ඕලෙවල් ලියපු ලමයිනුත් ඒ අයගේ අම්මලාත්ය.තම තමන්ගේ පේපර් වල මුල් ප්‍රශ්න පත්තරයේ ප්‍රශ්න දහනවයකට ලකුණු දැනටමත් ලැබී ඇත.ප්‍රශ්න වලට අත තියාවත් නැති උනත් මේ ප්‍රශ්න 19යේ ලකුණු විබාගේ ලියපු සේරටම ලැබෙන්නේ අද එක උත්තමයෙක් නිසාය.ඒ අත් වැරදීමකින් ප්‍රශ්න ඉස්සරහින් එතුමාගේ මූණ දක්වමින් හෙම්බිරිස්සාව වදින්නම නාගත් සම්පත් අත්තටගේ සර් නිසාය.ඒ කොහොම වෙතත්  පේපර් එක පැන්නුවා කියමින් උන්දගේ පලු ඇරි ගම්පහින් බැහැර ඕලෙවල් ලියූ ළමයින්ගේ අම්මලා මේ වන විට සම්පත් සර්ට පින් දෙනවා නිසැකය.මේ ලැබුනු චාන්ස් එක ඕන ඔලමොට්ටයෙක්ට ගොඩ යන්නට හොඳටම ප්‍රමාණවත්ය.මේ සැරේ ඕලෙවල් ලියපු උන්ගෙන් වැඩි දෙනා දැන් කන්නන්ගර මහත්තයට වඩා අත්තටගේ අදහනවා නිසැකය.

Sunday, December 23, 2012

උත්තර දීලා සිත්තරයක් තෑගි ගමු (අවතාර්ගේ සිත්තර තෑගි ප්‍රශ්නය 01)

                                     අවතාර් කලින් සිංහල බොලොක්ක වලට සිත්තර ඇන්දා කියලා කවුරුත් දන්නව ඇතිනේ .දන්නේ නැත්තන් රජාගෙන්, නිශානයගෙන් සිරාගෙන් එහෙම  අහලා බලහල්ලකෝ.ආසාවෙන් මතක් කරයි.ඒ දවස් වල සිත්තර ඇන්දේ අහසේ කමෙන්ට් ලිස්ට් එකට.ඊට පස්සේ අවතාර් හිතුවා බ්ලොග් ලෝකේ හැමෝටම චාන්ස් එකක් දෙන්න තමන්ගේ ලස්සනම පෝස්ට් එකකට අවතාර්ට කියලා සිත්තරයක් ඇඳගන්න.(ලස්සන = කුජීතම වෙන්න පුළුවන් ඈ)ඔන්න එහෙනම් අවතාර් වැඩ පටන් ගත්තා.මේ අහන්න යන්නේ කැල්කියුලේටර් අතට අරගෙන ආවර්තිතා වගු දිගෑරගෙන උත්තර දෙන ප්‍රශ්න නෙමේ.ගෙස් කරලා උත්තරයක් දෙමු එහෙනම් .අවතාර් හිතන් ඉන්න උත්තරේ ළඟින් යන උත්තරයක් දෙන දෙනේනෙකුට අවතාර් සිත්තරයක් තෑගි දෙනවා.

Thursday, December 20, 2012

සරුවට පොල් කඩන්න තියන ගහෙන් ඇට්ටි කඩනවද? 16++

                                දවස් ෙදක තුනක  ෙවෙලේ ඉඳන් කොමා ලෙඩ දෙන්න ගත්තා.ගලවලා බැලින්නම් ඇතුලේ කෑලි බෑලි ටිකක් දාන්න වෙලා.කොහෙද මේවා පට්ට ගගහා වැඩ ගත්තට රෙපෙයාර් එකක් දෙන්නවත් ගලවල බලන එකක්යැ.කම්මැලිකමේ උනත් කොමා හදාගන්න ටවුන් එකට ගිහින් එහාට මෙහෙට ඇවිදිද්දි පරණ යාලුවෙක් හමුබුනා අවතාර්ට.ළඟට ගිහින් කතා කරපුවහම මේකා කන්න වගේ මගෙ දිහා බලන් ඉන්නවා.බැලින්නම් මූට මාව අඳුරගන්න බැරි වෙලා.දැනට කවුරුවත් කියලා නැති මූ මට කියනවා.මම මහත් වෙලාලු.අර කැන්ටිමේ රුපියල් තිස් පහේ බත් එකට වෙන්නැති . ගෙදර ඇවිල්ලා කල්පනා කර කර ඉද්දි මතක් උනා ඕලෙවල් කාලේ නියම සිද්දි ටිකක්.කස්ටියටම බලන්න එහෙනම් දැම්මා අහසේ.
                     ඕලෙවල් කිට්ටු වෙනකොට අපිට ඉස්කෝලෙන් සෙමිනා ලෑස්ති කලා.කෙල්ලෝ කෙසේ වෙතත් කොල්ලෝ නම් බලන් ඉන්නේ ඔය දවස එනකම්.අපේ ඉස්කෝලේ පැත්තේ තිබුන ටිකක් ලොකු ඉස්කෝලයක් හින්දා වටේපිටේ තියන ගම්බද ඉස්කෝලවලින් ලමයි එනවා අපේ සෙමිනා එකට.දැන් ඉතින් ඒවයෙන් එන ගෑනූ ලමයි ටික දිහා තමා කොල්ලෝ ටික වැඩර්ලා වගේ ඇහැ දාගෙන හිටියේ.මොනව උනත් ගණන් විද්‍යාව සෙමිනා නම් තාමත් මතක් වෙද්දි විකාර වගේ.එදාට වැඩිපුරම කරේ නිදා ගන්න එක සෙමිනා එකේ.

Saturday, December 15, 2012

අනේ පින්ඇති අයියේ අක්කේ .......පින වචනෙට ද???

                          අගනුවර සිට කොළඹ හලාවත පාරේ ඉදිරියට ඇදෙන ලේලන්ඩ් බස් රථය මධ්‍යහ්න වෙලාව නිසා දෝ වැඩි මඟීන්ගෙන් පිරී නොතිබුනි.ප්‍රධාන මාර්ගයද මගීන්ගෙන් පිරී නොතුබුන  නිසා කාර්යාල වෙලාවේදී මෙන් නොව රියදුරු බස් නැවතුම්පල වල සිටි මඟීන් එකා දෙන්නා අහුලා ගනිමින් මන්දගාමී අයුරින් රථය පදවන්නට විය.
                     කොටුව බස් නැවතුම් පලෙන් බසයට ගොඩවී  පිටුපසම සීට් එකෙහි වාඩි වී සිටි අවතාර්  එවෙලේ පටන්ම ජංගම දුරකථනයට හෙඩ්සෙට් එක සම්බන්ධ කර කනේ රුවාගෙන සිටියේය.ධාවනය වන ගීතයේ තාලයට මෙන් විටක තම කලවා වලට තට්ටු කර ගනිමින් බසයේ ගමන ආරම්භයේ දී මහත් ප්‍රබෝධයෙන් සිටි ඔහු මඳ දුරක් යනවිට  නිදිබර ගතියෙන් යුතුව ජනේලයෙන් එපිට බලමින් බස් රියේ මන්දගාමී ගමනට  අනුගත වූවාක් මෙන් ගමන් කරන්නට විය.බස් රථය මීගමුව පොලිස් ස්ථානය පසු කරමින් ගමන් කරමින් තිබුනි.පැය දෙකක් පමණ මෙතෙක් පටන් ගමනේදී මඟීන් කීප දෙනෙක් පිටුපස අසුනේ වාඩි වෙමින් නැවතත් තම ගමනාන්ත වලින් බසිමින් යන ගමනේදී ඒ ගැන වැඩි සැලකිල්ලක් නොදැක්වූ අවතාර් මඳක් හිස හරවා බැලුවේ පිටුපස  අසුනේ සිටි මඟීන් දෙසය.