Wednesday, May 23, 2012
ගූගල් දෙයියගෙන් වරමක්.ඉක්මන් කරන්න අහවල් දින දක්වා පමණයි.
ඔන්න අවතාර් ලක ලෑස්ති වෙන්නේ මෙතෙක් කල් කොටපු කෙටිලි වලින් කුඩාම එක කොටන්න.බ්ලොගියේ සයින් ඉන් වෙලා ඉන්න ගමන් සර්චියක් දාන්න ගූගල් දෙය්යගේ අඩවියට ගොඩ වැදුනා.මෙන්න බොලේ දෙය්යා පියානෝ පන්තියක් දාල.හිතේ හැටියට පියානෝ ගහතහැකි..කැමති ආකාරයට ඔය තියෙන නොබ් උඩට මවුස් එක අරන් ගිහින් කරකවල තමන්ගේ පිච් එක හදා ගන්න.තමා කොච්චර වැඩ්ඩෙක්ද කියල තනුවක් වයල පටිගත කරලා ආය ප්ලේ කොරලා බලන්නත් පුළුවන්.මෙතනින් ගිහින් ගුගල් ලොගි වෙලා බලන්න.
Monday, May 21, 2012
වෙස් මුනට හු** කියා කෙලව ගත් හැටි .(18+ අයට පාඩමක්)
අවතාර්ට ඒ කාලේ හිටියා මිත්තරයෙක් විරිදු කියන්න එහම හැකියාවක් තියෙන එකෙක්.හැබැයි මිනිහගේ එක දුර්වලතාවයක් තමා කටට ලිමිට් නැති එක.සිංහලෙන් කිව්වොත් ඉතින් කට හොද නෑ.කා එක්ක කතා කලත් අවසානෙට කතාව අවසන් කරන්නේ අහන් ඉන්න එකාව හිනා ගස්සලා.ඒ තරම් ආතල් එකේ ඉන්න පොරක්.හැබැයි දවසක් මූ කට හින්දම හොද හැටි නා ගෙන.කට්ටිය එකතු වෙලා මතින් තොර සාදයක් දාන ගමන් තමා මූ විස්තරේ එලියට දැම්මේ.ඒ වෙලාවට ඉතින් බොක්කේ තියෙන දේවලුත් එලියට එනවලුනේ.හදුනා ගැනීමේ පහසුව තකා අපි මුට x කියල කියමුකෝ.
ලේබලය
මතක විත්ති
Wednesday, May 16, 2012
කොම්පියුටරේ ලෙඩට පිළියම් කලෙමි
සති අන්තේ ගෙදර ආපු වෙලාවේ නිවාඩුපාඩුවේ බ්ලොග් පැත්තේ රවුමක් දාන්න පටන් ගත්තා.සෑහෙන දවසක ඉඳන් කොම්පීතරේ ඇතුලේ ෆෑන් එකක් එහෙන් මෙහෙන් කෑ ගගහා තිබුනා.ඒක ඉතින් කොම්පීතරේට වැඩි ඉෆෙක්ට් එකක් නැති හින්දා සති තුන හතරක්ම ඉවසගෙන හිටියා.ඔය අන්තර්ජාංජාලේ එහාට මෙහාට කැරකි කැරකි ඉඳලා 12 ජාමෙත් පහු කොර ගත්තා.මෙන්න යකෝ එක පාරටම එලාම් එකක් ඇහෙනවා.හරියට නිකන් අවතාර් ඒ කාලේ ප්ලේ කොරපු IGI 2 ගේම් එකේ සතුරු හමුදාවේ වෝනින් එලාම් එක වගේ.
ඇහෙන්නේ කොම්පීතරේ සී පී යූ එක හරියෙන්.කල යුතුව තිබූ වැඩක් නිසා සද්දේ නෑහෙන ගානට හිටියා.පහුවදා වෙනකොට අවතාර් ට ඕවා මතක නෑ.ඇයි ඉතින් අන්තර්ජංජාලේ කරක් ගහන එක ඉවර කලේ පාන්දර 3ට විතරනේ.පහුවදත් ජාලගත වෙන්න හිතා ගෙන මෝඩම් කෑල්ලත් කොනෙක් කරලා ටික වෙලාවකින් mobile partner ජනේලෙත් තිරේට ආවා කියමුකෝ.ඒකෙන් connect කරා කරාමයි මුකුත් නෑ.ඒ කියන්නේ කොම්පීතරේ වර්ජනය කරනවා.
ඇහෙන්නේ කොම්පීතරේ සී පී යූ එක හරියෙන්.කල යුතුව තිබූ වැඩක් නිසා සද්දේ නෑහෙන ගානට හිටියා.පහුවදා වෙනකොට අවතාර් ට ඕවා මතක නෑ.ඇයි ඉතින් අන්තර්ජංජාලේ කරක් ගහන එක ඉවර කලේ පාන්දර 3ට විතරනේ.පහුවදත් ජාලගත වෙන්න හිතා ගෙන මෝඩම් කෑල්ලත් කොනෙක් කරලා ටික වෙලාවකින් mobile partner ජනේලෙත් තිරේට ආවා කියමුකෝ.ඒකෙන් connect කරා කරාමයි මුකුත් නෑ.ඒ කියන්නේ කොම්පීතරේ වර්ජනය කරනවා.
ලේබලය
මතක විත්ති
Sunday, May 13, 2012
ඔබ මගේ සිහිනයයි මා සිතින් ප්‍රේම කල
සිප් කිරෙන් වැඩෙනු වස්
ප්‍රාථමිකයට සමු දී
නගරයේ සිප් මවගෙ
තුරුල්ලට පැමිණියෙමු
නව විදු මව පිළිගන්නට
කුහුලින් බලා සිටි පිරිස අතර
ඔබත් එක් මිතුරියක් විය
ලේබලය
කවිද මන්දා
Wednesday, May 9, 2012
ගූගල් එක්ක මැජික් කරමු
අන්තර්ජංජාලේ ජරමරේ ඉන්නකොට අවතාර්ට හම්බවුනා ගූගල් එක්ක කරන මැජික් ටිකක්.මොලේ කොලොප්පම් වෙන බ්ලොග් කියවන අතරේ මේ වගේ දෙයකින් මොලේට පොඩි ඉස්පාසුවක් ලැබෙයි.වැඩි විස්තර මොනාටද පහල තියෙන එව්වා ඒ විදිහටම කොරලා බලන්න.
Sunday, May 6, 2012
රු.28 න් දවසට 2GB+ ඩවුන්ලෝඩ් කිරීම.(අවතාර්ගේ අන්තර්ජාල විත්ති 2 )
අවතාර් අන්තර්ජාල කෙරුවාව පටන් ගත්තු හැටි ඩයොලොග් උන්දල අවතාර්ට සලකපු හැටි ගැන කලින් පෝස්ට් එකක කිව්වානේ.අද කොටන්න බලාපොරොත්තු ව ඒකෙ දෙවනි කොටස.කලින් එක බලලම මේක බලන්න ඕනේ කියලා හිතෙනව නම් මෙතනින් ගිහිල්ලා ඒක බලලම එන්න.
අවතාර්ගේ අන්තර්ජාල විත්ති 1
පස්සේ අවතාර් සියල්ල අතෑරලා දාලා අන්තර්ජාල ගත වෙන්න අලුත් ක්‍රමයක් සොයමින් හිටියා.අවතාර්ගේ නෑදෑ වෙන අයිය කෙනෙක් ඉන්නවා රුහුණු කැම්පසියේ.මිනිහට තියෙන්නෙත් මගේ ප්‍රශ්නෙම තමා ජාල ගත වෙන්න.මිනිහ ටිකක් වැඩ කාරයා.මොකක් හරි මීටර් වුනොත් එහෙම ඉතින් ඒක මිනිහ හොයා ගෙන තමා නවතින්නේ.මේකත් ඒ අයියා ගවේෂණය කරලා හොයා ගත්තු දෙයක්.මේ සීන් එක මෙතන ඉඳලා යන්නේත් ඩයලොග් එක්කම තමා.කියවලා අවහර වෙලා කියන්න එපා ඕන් අවතාර් මහ වංචාකාරයෙක්ය කියලා.මේක හොරකම් කිරීමක් එහෙම නෙවි සල්ලි දීල ගිය අන්ලිමිටඩ් ඉන්ටර්නෙට්.
අවතාර්ගේ අන්තර්ජාල විත්ති 1
පස්සේ අවතාර් සියල්ල අතෑරලා දාලා අන්තර්ජාල ගත වෙන්න අලුත් ක්‍රමයක් සොයමින් හිටියා.අවතාර්ගේ නෑදෑ වෙන අයිය කෙනෙක් ඉන්නවා රුහුණු කැම්පසියේ.මිනිහට තියෙන්නෙත් මගේ ප්‍රශ්නෙම තමා ජාල ගත වෙන්න.මිනිහ ටිකක් වැඩ කාරයා.මොකක් හරි මීටර් වුනොත් එහෙම ඉතින් ඒක මිනිහ හොයා ගෙන තමා නවතින්නේ.මේකත් ඒ අයියා ගවේෂණය කරලා හොයා ගත්තු දෙයක්.මේ සීන් එක මෙතන ඉඳලා යන්නේත් ඩයලොග් එක්කම තමා.කියවලා අවහර වෙලා කියන්න එපා ඕන් අවතාර් මහ වංචාකාරයෙක්ය කියලා.මේක හොරකම් කිරීමක් එහෙම නෙවි සල්ලි දීල ගිය අන්ලිමිටඩ් ඉන්ටර්නෙට්.
ලේබලය
මතක විත්ති
Tuesday, May 1, 2012
Sunday, April 29, 2012
මාසයකට සීමා වුන අන්තර්ජාල සම්බන්ධතාවය (අවතාර්ගේ අන්තර්ජාල විත්ති 1 )
අවතාර් මූණු පොතේ ගිණුමක් එහෙම හදා ගෙන අන්තර්ජාලයට පළමු පියවර තියන කාලෙදි අවතාර්ගේ දුක සේවාදායකයා වුනේ මොබිටෙල්.ඒ කාලෙදි අන්තර්ජාලෙට පියමැන්නේ ඕකෙ තියෙන මෙගාබයිට් 50/100 පැකේජ වලින්.ඊට පස්සේ අවතාර්ගේ දුක සේවාදායකයා ඩයලොග් වලට මාරු වෙනවා.ඊට පස්සේ ඩයලොග් වල තියෙන පැය ගානට අය කරන පැකේජ පාවිච්චි කලා.ඔය විදිහට යද්දි අවතාර්ට වැටහෙනවා ඒ වැඩේ ගැලපෙන්නේ නෑ කියලා.පැය 2කට අන්තර්ජාලෙ ඉඳලා මොනවා කරන්නද?ඒ කාලේ දැන් වගේ නොවුන නිසා අන්තර්ජාල ක්‍රියාන්විතයට වෙලාව හොඳට තිබුනා.පස්සේ අවතාර් තීරණය කලා ඩයලොග් 2GB පසු ගෙවුම් සම්බන්ධතාවයක් ගන්න.
widget නැතිව blogger වලින්ම බ්ලොග් එකේ වැඩ දාමු
අවතාර් නොනිමි අහස පිලියෙල කරන කොට වැදගත් වුන දේවල් ටිකක් කොටන්න හිතුනා.වරතමානයේ බ්ලොගි වල මේ ස්වරූපය ගොඩක් දුරට අන්තර්ගත වෙලා තියෙනවා.කැමති අය ඉන්නවනම් තම තමන්ගේ බ්ලොගි වලටත් මේ දේවල් ඇඩ් කොරගන්න පුළුවන්.
Saturday, April 21, 2012
අන්ධ නොවූ සෙනෙහස........(එක් සත්‍ය කතාවක්)
අවතාර්
අද කොටන්න ලක ලෑස්ති වෙන්නේ වෙනස්ම විදිහේ
මාතෘකාවක් ගැන.ඇත්තටම මේක අවතාර් ගේ නිර්මල හද පතුලටම කිඳා බැහැපු නිසා තමා කොටන්න
හිතුවේ.තමන්ගේ බඩින් වදපු දරුවා පළවෙනි හුස්ම ගන්නත් කලින් ඒ දරුවගේ බෙල්ල මිරිකල
දාන එහෙමත් නැත්තම් ළඟ තියෙන ඇලට කාණුවට විසික්කරල දාලා යන හය හතරක් නොතේරෙන කිරි
සප්පයින්ව මහ මඟ දාලා යන උදවිය ඉන්න අපේ රටේ මෙහෙම අයත් ඉන්න බව අපි මතක තියා ගන්න
ඕනෙ කියලයි අවතාර් නම් කියන්නේ.මේ සිද්ධිය වෙන කාගෙන් හරි අහල දැනගත් දෙයක් වත්
කොහෙ හරි තිබිලා දැකපු දෙයක් වත් නෙවෙයි අවතාර්ගේ දෑස් ඉදිරියේම සිද්ධ වුණ දෙයක්.
ලේබලය
මතක විත්ති
Tuesday, April 17, 2012
බසයක් තුල නිදි වර්ජිතව
හා හා පුරා කියල අලුත් අවුරුද්දට පස්සේ ඕං අවතාර් නොනිමි අහසත් වෙනස් කොලා.දැං කස්ටිය බලයි යකෝ මූ අහස වෙනස් කරන්න දෙයියොද කියලා.අවතාර්ට හිතුන අඳුරෙන් එළියට යන්න.අඳුරෙන් එළියට විතරක් නෙවි ඔය “අවතාර්“ කල එළි බහින්නෙත් මේ පෝස්ටුවත් එක්කම තමා.නොනිමි අහස කලින් අඳුරු තේමාවක තිබුන බව මේ පැත්තට ගොඩ වුන අය දන්නව.ටික දවසකට කලින් අවතාරුත් පුරුද්දට වගේ අන්තර්ජංජාලේ කරනම් ගහන අතරෙ ගොඩවැදුනා බ්ලොගියකට.ඒකත් අඳුරු තේමාවක තිබුන බ්ලොගියක්.එතකොට තමා අවතාර්ගෙ පොඩි මොලේට වැටහුනේ මේක ටිකක් ඇහැට අමාරු විත්තිය.ඊට පස්සේ ඉතින් තව පොඩි පොඩි වෙනස්කම් ඩිංගකුත් කරලා අවතාර් අඳුරෙන් එළියට ආවා.එහෙම ඇවිල්ලා නමෝ විත්තියෙන් මංගල පොස්ට්ටුව කොටන්නයි මේ ලක ලෑස්තිය.
බස් එකක ගමනක් යනව කියන්නේ ඉතින් එපා වෙන සීන් එකක් කියලා කවුරුත් දන්නවනේ .අවතාරුත් කලින් බස් එකේ ජොබට ගියපු නිසා ඉතින් බස් ගමන් කියන්නේ අවතාර් කැමති නැති මාතෘකාවක්.ඒ කාලේ අවතාර්ගේ ගමන් කාලයත් පැය 2කට වැඩියි.කිලෝ මීටර වලින් කිව්වොත් ඉතින් 75කට ආසන්නයි.යන්න තියෙන්නේ අගනගරය කරා යන බස් එකේ.
ලේබලය
මතක විත්ති
Friday, April 13, 2012
සුභ අලුත් අවුරුද්දක් වේවා!
රතිඤ්ඤා වල පට පට සද්දෙත් එක්කම තවත් අලුත් අවුරුද්දක් උදා වුනා.සෑහෙන කාලෙකට පස්සේ අලුත් අවුරුදු නැකැත් රෑ කාලේ යෙදිල තියෙන නිසා මේ අවුරුද්දේ පොඩි වෙනසකුත් තියෙනවා වගේ දැනෙනවා.හැබැයි ඉතින් මට දැනෙන විදිහට අපි පොඩි කාලේදි අලුත් අවුරුද්දේ අපිට දැනුන සතුට දැන් නෑ.අපි පොඩි කාලේ ගැන මතක් කරද්දි කාලය කොයි තරම් ඉක්මනට ගෙවිලා ගිහිල්ලද කියල හිතෙනවා.ආයේ එන්නේ නැති ඒ කාලේ මතක් කරන කොටත් සතුටක් දැනෙනවා.
ලේබලය
මතක විත්ති
Thursday, April 12, 2012
වර්ණ වලට ඇස රැවටෙන දෘෂ්ටි මායා
හැමෝටම සාමය සතුට පිරි කිරි ඉතිරෙන අලුත් අවුරුද්දක් වෙන්න කියල ප්‍රාර්ථනා කරනව මුලින්ම.බ්ලොගිය පැත්තට ආවේ සෑහෙන දවසකින්.ළඟදි දවසක පේස් බුකියට ගොඩවැදුනේ අඳුරන කෙනෙක්ගෙන් මිත්‍ර ඇරයුමක් වත් තියනවද බලන්න.ඒ ගියාම පේස් බුකියට අප්ලෝඩ් කරල තිබුන පොටෝ එකක් දැක්කමයි මේ පෝස්ට් එක දාන්න අදහසක් ආවේ.තිබුන picture එක භාවිතා කරල ගූගල් දෙයියන්ට පින්සිද්ද වෙන්න අදාල විස්තරෙයි තව පොටෝ ටිකකුයි හොයා ගත්තා.දෘෂ්ටි මායා ගැන ගොඩක් අය අහල ඇති.මේවත් දෘෂ්ටි මායා ඝණයට වැටෙන පින්තූර ටිකක්.ඇත්තටම මෙතන වෙන්නේ අදාළ වර්ණයට අපේ මොලයේ යම් නියුරෝනයකට අදාළ සැකැස්මක් නිර්මාණය වෙන එක.ඊට පස්සේ අපේ මොලය විසින් ඊට අදාල පින්තූරය නිර්මාණය කරනවා. වැඩි විස්තර ඕනෙ නෑ.මෙන්න අදාල pictures ටික.
ලේබලය
ලේබල් නැති ඒවා
Sunday, March 25, 2012
වර්ණවත් අකුරු වලින් මූණු පොතේ චැට් කරමු
බ්ලොගිය පැත්තේ ආවේ සෑහෙන දවසකින්.බ්ලොගියෙ ලියන්න දේවල් එමට තිබුනත් කාලය පිළිබඳව ඇති ප්‍රශ්න නිසා අකමැත්තෙන් වුනත් කොම්පීටරේට නිවාඩුවක් දීලයි තිබුනේ.වෙනත් වුවමනාවකට අන්තර්ජංජාලෙට ගොඩවැදුන වෙලාවක හම්බ වුන වැදගත් දෙයක් බ්ලොගියේ කොටන්න හිතුනා.
මම මේක බ්ලොගියට දාන්නේ කාටහරි වැදගත් වෙයි කියල හිතල මගේ කාල චක්කරෙන් සැලකිය යුතු කාලයක් මිඩංගු කරගෙන.ඒ නිසා කාට හරි මේක වැදගත් වුනානම් ස්තුතියක් වත් දීල යන්න.ඒක මගේ හිතට දහිරියක් වෙයි.
ගොඩක් අය අන්තර්ජංජාලේ පැටලෙන්නේ පේස් බුකියට යන්නනේ.එහෙම නැත්තම් වෙන වුවමනාවන් වලට යන ගොඩක් අය අවසානෙට නවතින්නේ එතනනේ.ඔහොම පේස් බුකියට ගොඩ වැදිල කරන්න තියෙන විසේස දේ තමා චැට් කොටන එක.එහෙම චැට් කොටද්දි අපි සිංහල ,ඉංගිරිසි වගේ එව්වුගෙන් කොටනවනේ.
ඔය අතරේ මට හම්බ වුනා චැට් කොටන්න අලුත් විදිහක්.
මම මේක බ්ලොගියට දාන්නේ කාටහරි වැදගත් වෙයි කියල හිතල මගේ කාල චක්කරෙන් සැලකිය යුතු කාලයක් මිඩංගු කරගෙන.ඒ නිසා කාට හරි මේක වැදගත් වුනානම් ස්තුතියක් වත් දීල යන්න.ඒක මගේ හිතට දහිරියක් වෙයි.
ගොඩක් අය අන්තර්ජංජාලේ පැටලෙන්නේ පේස් බුකියට යන්නනේ.එහෙම නැත්තම් වෙන වුවමනාවන් වලට යන ගොඩක් අය අවසානෙට නවතින්නේ එතනනේ.ඔහොම පේස් බුකියට ගොඩ වැදිල කරන්න තියෙන විසේස දේ තමා චැට් කොටන එක.එහෙම චැට් කොටද්දි අපි සිංහල ,ඉංගිරිසි වගේ එව්වුගෙන් කොටනවනේ.
ඔය අතරේ මට හම්බ වුනා චැට් කොටන්න අලුත් විදිහක්.
Saturday, March 10, 2012
කොත්තුවක රස බැලුවෙමු
“ඒග් 130යි චිකන් 180 යි “
“ ඒග් ෆුල් එක දෙන්නෙකුට ඇතිවෙයිනේ? “
“ කී දෙනෙක්ද ඉන්නේ ?“
“ හතර දෙනයි “
“ එහෙනම් ප්ලේට් ගානට ගන්න එක ලාබයි. ප්ලේට් එකක් 60යි“
“ හරි එහෙනම් ගේන්න “
කොත්තු තැටි එකට වදින හඬ කන් දෙදරා යන තරම් විය.ඇණවුම් කල කොත්තුව ලැබෙන විනාඩි කිහිපය තුල මා අතීතය මෙනෙහි කලෙමි.වෙනදා මෙන්ම රාත්‍රී 7.20ට පමණ අප සිව් දෙනා නවාතැනින් පිටව ආවේ රාත්‍රී ආහාරය සඳහා මාතර කඩයට ගොඩවදින අදහසිනි.
ලේබලය
මතක විත්ති
Sunday, February 26, 2012
E-bay ගැන මේ ටිකත් දැන ගන්න l E-bay සහ මම
අද වෙනකොට e-bay එක්ක ගොඩක් අය ගණුදෙනු කරන නිසා ඒ අයගේ දැනගැනීමටයි මේ පොස්ට් එක දාන්න හිතුවේ.මුලින්ම e-bay ගැන නොදන්න කට්ටියට දැනගන්න e-bay ගැන පොඩි හැඳින්වීමක් කරන්නම්. e-bay කියන්නේ අන්තර්ජාලය හරහා වාණිජමය ගණුදෙනු සිදු කල හැකි වෙබ් අඩවියක්.ඒ කියන්නේ භාණ්ඩ මිලදී ගැනීම සහ විකිණීම. e-bay තුල ගිණුමක් හිමි ඕනම කෙනෙක්ට e-bay තුලට ඇතුලත් කර ඇති භාණ්ඩ අන්තර්ජාලය හරහා තෝරා ගෙන තැපැල් සේවාව මඟින් තමන්ගේ ගෙදරට ම ගෙන්වා ගන්න පුලුවන්.සමහර භාණ්ඩ වලට bid කරන්න ඒ කියන්නේ ලන්සු තියලා අඩු ගානට ගන්න පුලුවන් අවස්ථාත් තියෙනවා.ඒ වගේ දේවල් වලට පොඩි tricks තියෙනවා. e-bay ගැන කියනවනම් ලංකාවේ වෙළඳ පොලේ නැති ගොඩක් දේවල් e-bay හරහා ගන්න පුලුවන්.
ලේබලය
මතක විත්ති
Subscribe to:
Posts (Atom)