අවතාර් මූණු පොතේ ගිණුමක් එහෙම හදා ගෙන අන්තර්ජාලයට පළමු පියවර තියන කාලෙදි අවතාර්ගේ දුක සේවාදායකයා වුනේ මොබිටෙල්.ඒ කාලෙදි අන්තර්ජාලෙට පියමැන්නේ ඕකෙ තියෙන මෙගාබයිට් 50/100 පැකේජ වලින්.ඊට පස්සේ අවතාර්ගේ දුක සේවාදායකයා ඩයලොග් වලට මාරු වෙනවා.ඊට පස්සේ ඩයලොග් වල තියෙන පැය ගානට අය කරන පැකේජ පාවිච්චි කලා.ඔය විදිහට යද්දි අවතාර්ට වැටහෙනවා ඒ වැඩේ ගැලපෙන්නේ නෑ කියලා.පැය 2කට අන්තර්ජාලෙ ඉඳලා මොනවා කරන්නද?ඒ කාලේ දැන් වගේ නොවුන නිසා අන්තර්ජාල ක්‍රියාන්විතයට වෙලාව හොඳට තිබුනා.පස්සේ අවතාර් තීරණය කලා ඩයලොග් 2GB පසු ගෙවුම් සම්බන්ධතාවයක් ගන්න.
Sunday, April 29, 2012
widget නැතිව blogger වලින්ම බ්ලොග් එකේ වැඩ දාමු
අවතාර් නොනිමි අහස පිලියෙල කරන කොට වැදගත් වුන දේවල් ටිකක් කොටන්න හිතුනා.වරතමානයේ බ්ලොගි වල මේ ස්වරූපය ගොඩක් දුරට අන්තර්ගත වෙලා තියෙනවා.කැමති අය ඉන්නවනම් තම තමන්ගේ බ්ලොගි වලටත් මේ දේවල් ඇඩ් කොරගන්න පුළුවන්.
Saturday, April 21, 2012
අන්ධ නොවූ සෙනෙහස........(එක් සත්‍ය කතාවක්)
අවතාර්
අද කොටන්න ලක ලෑස්ති වෙන්නේ වෙනස්ම විදිහේ
මාතෘකාවක් ගැන.ඇත්තටම මේක අවතාර් ගේ නිර්මල හද පතුලටම කිඳා බැහැපු නිසා තමා කොටන්න
හිතුවේ.තමන්ගේ බඩින් වදපු දරුවා පළවෙනි හුස්ම ගන්නත් කලින් ඒ දරුවගේ බෙල්ල මිරිකල
දාන එහෙමත් නැත්තම් ළඟ තියෙන ඇලට කාණුවට විසික්කරල දාලා යන හය හතරක් නොතේරෙන කිරි
සප්පයින්ව මහ මඟ දාලා යන උදවිය ඉන්න අපේ රටේ මෙහෙම අයත් ඉන්න බව අපි මතක තියා ගන්න
ඕනෙ කියලයි අවතාර් නම් කියන්නේ.මේ සිද්ධිය වෙන කාගෙන් හරි අහල දැනගත් දෙයක් වත්
කොහෙ හරි තිබිලා දැකපු දෙයක් වත් නෙවෙයි අවතාර්ගේ දෑස් ඉදිරියේම සිද්ධ වුණ දෙයක්.
ලේබලය
මතක විත්ති
Tuesday, April 17, 2012
බසයක් තුල නිදි වර්ජිතව
හා හා පුරා කියල අලුත් අවුරුද්දට පස්සේ ඕං අවතාර් නොනිමි අහසත් වෙනස් කොලා.දැං කස්ටිය බලයි යකෝ මූ අහස වෙනස් කරන්න දෙයියොද කියලා.අවතාර්ට හිතුන අඳුරෙන් එළියට යන්න.අඳුරෙන් එළියට විතරක් නෙවි ඔය “අවතාර්“ කල එළි බහින්නෙත් මේ පෝස්ටුවත් එක්කම තමා.නොනිමි අහස කලින් අඳුරු තේමාවක තිබුන බව මේ පැත්තට ගොඩ වුන අය දන්නව.ටික දවසකට කලින් අවතාරුත් පුරුද්දට වගේ අන්තර්ජංජාලේ කරනම් ගහන අතරෙ ගොඩවැදුනා බ්ලොගියකට.ඒකත් අඳුරු තේමාවක තිබුන බ්ලොගියක්.එතකොට තමා අවතාර්ගෙ පොඩි මොලේට වැටහුනේ මේක ටිකක් ඇහැට අමාරු විත්තිය.ඊට පස්සේ ඉතින් තව පොඩි පොඩි වෙනස්කම් ඩිංගකුත් කරලා අවතාර් අඳුරෙන් එළියට ආවා.එහෙම ඇවිල්ලා නමෝ විත්තියෙන් මංගල පොස්ට්ටුව කොටන්නයි මේ ලක ලෑස්තිය.
බස් එකක ගමනක් යනව කියන්නේ ඉතින් එපා වෙන සීන් එකක් කියලා කවුරුත් දන්නවනේ .අවතාරුත් කලින් බස් එකේ ජොබට ගියපු නිසා ඉතින් බස් ගමන් කියන්නේ අවතාර් කැමති නැති මාතෘකාවක්.ඒ කාලේ අවතාර්ගේ ගමන් කාලයත් පැය 2කට වැඩියි.කිලෝ මීටර වලින් කිව්වොත් ඉතින් 75කට ආසන්නයි.යන්න තියෙන්නේ අගනගරය කරා යන බස් එකේ.
ලේබලය
මතක විත්ති
Friday, April 13, 2012
සුභ අලුත් අවුරුද්දක් වේවා!
රතිඤ්ඤා වල පට පට සද්දෙත් එක්කම තවත් අලුත් අවුරුද්දක් උදා වුනා.සෑහෙන කාලෙකට පස්සේ අලුත් අවුරුදු නැකැත් රෑ කාලේ යෙදිල තියෙන නිසා මේ අවුරුද්දේ පොඩි වෙනසකුත් තියෙනවා වගේ දැනෙනවා.හැබැයි ඉතින් මට දැනෙන විදිහට අපි පොඩි කාලේදි අලුත් අවුරුද්දේ අපිට දැනුන සතුට දැන් නෑ.අපි පොඩි කාලේ ගැන මතක් කරද්දි කාලය කොයි තරම් ඉක්මනට ගෙවිලා ගිහිල්ලද කියල හිතෙනවා.ආයේ එන්නේ නැති ඒ කාලේ මතක් කරන කොටත් සතුටක් දැනෙනවා.
ලේබලය
මතක විත්ති
Thursday, April 12, 2012
වර්ණ වලට ඇස රැවටෙන දෘෂ්ටි මායා
හැමෝටම සාමය සතුට පිරි කිරි ඉතිරෙන අලුත් අවුරුද්දක් වෙන්න කියල ප්‍රාර්ථනා කරනව මුලින්ම.බ්ලොගිය පැත්තට ආවේ සෑහෙන දවසකින්.ළඟදි දවසක පේස් බුකියට ගොඩවැදුනේ අඳුරන කෙනෙක්ගෙන් මිත්‍ර ඇරයුමක් වත් තියනවද බලන්න.ඒ ගියාම පේස් බුකියට අප්ලෝඩ් කරල තිබුන පොටෝ එකක් දැක්කමයි මේ පෝස්ට් එක දාන්න අදහසක් ආවේ.තිබුන picture එක භාවිතා කරල ගූගල් දෙයියන්ට පින්සිද්ද වෙන්න අදාල විස්තරෙයි තව පොටෝ ටිකකුයි හොයා ගත්තා.දෘෂ්ටි මායා ගැන ගොඩක් අය අහල ඇති.මේවත් දෘෂ්ටි මායා ඝණයට වැටෙන පින්තූර ටිකක්.ඇත්තටම මෙතන වෙන්නේ අදාළ වර්ණයට අපේ මොලයේ යම් නියුරෝනයකට අදාළ සැකැස්මක් නිර්මාණය වෙන එක.ඊට පස්සේ අපේ මොලය විසින් ඊට අදාල පින්තූරය නිර්මාණය කරනවා. වැඩි විස්තර ඕනෙ නෑ.මෙන්න අදාල pictures ටික.
ලේබලය
ලේබල් නැති ඒවා
Sunday, March 25, 2012
වර්ණවත් අකුරු වලින් මූණු පොතේ චැට් කරමු
බ්ලොගිය පැත්තේ ආවේ සෑහෙන දවසකින්.බ්ලොගියෙ ලියන්න දේවල් එමට තිබුනත් කාලය පිළිබඳව ඇති ප්‍රශ්න නිසා අකමැත්තෙන් වුනත් කොම්පීටරේට නිවාඩුවක් දීලයි තිබුනේ.වෙනත් වුවමනාවකට අන්තර්ජංජාලෙට ගොඩවැදුන වෙලාවක හම්බ වුන වැදගත් දෙයක් බ්ලොගියේ කොටන්න හිතුනා.
මම මේක බ්ලොගියට දාන්නේ කාටහරි වැදගත් වෙයි කියල හිතල මගේ කාල චක්කරෙන් සැලකිය යුතු කාලයක් මිඩංගු කරගෙන.ඒ නිසා කාට හරි මේක වැදගත් වුනානම් ස්තුතියක් වත් දීල යන්න.ඒක මගේ හිතට දහිරියක් වෙයි.
ගොඩක් අය අන්තර්ජංජාලේ පැටලෙන්නේ පේස් බුකියට යන්නනේ.එහෙම නැත්තම් වෙන වුවමනාවන් වලට යන ගොඩක් අය අවසානෙට නවතින්නේ එතනනේ.ඔහොම පේස් බුකියට ගොඩ වැදිල කරන්න තියෙන විසේස දේ තමා චැට් කොටන එක.එහෙම චැට් කොටද්දි අපි සිංහල ,ඉංගිරිසි වගේ එව්වුගෙන් කොටනවනේ.
ඔය අතරේ මට හම්බ වුනා චැට් කොටන්න අලුත් විදිහක්.
මම මේක බ්ලොගියට දාන්නේ කාටහරි වැදගත් වෙයි කියල හිතල මගේ කාල චක්කරෙන් සැලකිය යුතු කාලයක් මිඩංගු කරගෙන.ඒ නිසා කාට හරි මේක වැදගත් වුනානම් ස්තුතියක් වත් දීල යන්න.ඒක මගේ හිතට දහිරියක් වෙයි.
ගොඩක් අය අන්තර්ජංජාලේ පැටලෙන්නේ පේස් බුකියට යන්නනේ.එහෙම නැත්තම් වෙන වුවමනාවන් වලට යන ගොඩක් අය අවසානෙට නවතින්නේ එතනනේ.ඔහොම පේස් බුකියට ගොඩ වැදිල කරන්න තියෙන විසේස දේ තමා චැට් කොටන එක.එහෙම චැට් කොටද්දි අපි සිංහල ,ඉංගිරිසි වගේ එව්වුගෙන් කොටනවනේ.
ඔය අතරේ මට හම්බ වුනා චැට් කොටන්න අලුත් විදිහක්.
Saturday, March 10, 2012
කොත්තුවක රස බැලුවෙමු
“ඒග් 130යි චිකන් 180 යි “
“ ඒග් ෆුල් එක දෙන්නෙකුට ඇතිවෙයිනේ? “
“ කී දෙනෙක්ද ඉන්නේ ?“
“ හතර දෙනයි “
“ එහෙනම් ප්ලේට් ගානට ගන්න එක ලාබයි. ප්ලේට් එකක් 60යි“
“ හරි එහෙනම් ගේන්න “
කොත්තු තැටි එකට වදින හඬ කන් දෙදරා යන තරම් විය.ඇණවුම් කල කොත්තුව ලැබෙන විනාඩි කිහිපය තුල මා අතීතය මෙනෙහි කලෙමි.වෙනදා මෙන්ම රාත්‍රී 7.20ට පමණ අප සිව් දෙනා නවාතැනින් පිටව ආවේ රාත්‍රී ආහාරය සඳහා මාතර කඩයට ගොඩවදින අදහසිනි.
ලේබලය
මතක විත්ති
Sunday, February 26, 2012
E-bay ගැන මේ ටිකත් දැන ගන්න l E-bay සහ මම
අද වෙනකොට e-bay එක්ක ගොඩක් අය ගණුදෙනු කරන නිසා ඒ අයගේ දැනගැනීමටයි මේ පොස්ට් එක දාන්න හිතුවේ.මුලින්ම e-bay ගැන නොදන්න කට්ටියට දැනගන්න e-bay ගැන පොඩි හැඳින්වීමක් කරන්නම්. e-bay කියන්නේ අන්තර්ජාලය හරහා වාණිජමය ගණුදෙනු සිදු කල හැකි වෙබ් අඩවියක්.ඒ කියන්නේ භාණ්ඩ මිලදී ගැනීම සහ විකිණීම. e-bay තුල ගිණුමක් හිමි ඕනම කෙනෙක්ට e-bay තුලට ඇතුලත් කර ඇති භාණ්ඩ අන්තර්ජාලය හරහා තෝරා ගෙන තැපැල් සේවාව මඟින් තමන්ගේ ගෙදරට ම ගෙන්වා ගන්න පුලුවන්.සමහර භාණ්ඩ වලට bid කරන්න ඒ කියන්නේ ලන්සු තියලා අඩු ගානට ගන්න පුලුවන් අවස්ථාත් තියෙනවා.ඒ වගේ දේවල් වලට පොඩි tricks තියෙනවා. e-bay ගැන කියනවනම් ලංකාවේ වෙළඳ පොලේ නැති ගොඩක් දේවල් e-bay හරහා ගන්න පුලුවන්.
ලේබලය
මතක විත්ති
Tuesday, February 7, 2012
කාලෙට තාලෙට ගැළපෙන නව නිපැයුම්
මෙන්න මට හම්බ වුන නියම නව නිපැයුම් ටිකක්.සමහර ඒවා දැකපුවහම නම් හිනාත් යනවා.කට්ටියට මොකද හිතෙන්නෙ කියල බලලම කියමු.
Friday, February 3, 2012
Torrent වේගය අඩු ද? මෙන්න විසඳුම
ටොරන්ට් යනු වර්තමායේ අන්තර්ජාලය භාවිතා කරන බොහෝ දෙනෙක් දන්නා හඳුනන කාරණයක්.අන්තර්ජාලය සඳහා දුරකථන සේවා සපයන්නන් විසින් සීමිත සේවා ලබා දෙන ලංකාව වැනි රටකට torrent ඉතා වැදගත් ක්රමවේදයකි.මන්ද දැනට පවතින අන්තර්ජාල පැකේජ භාවිතා කරමින් ප්‍රමාණයෙන් විශාල මෘදුකාංග,චිත්‍රපට,පරිඝණක ක්‍රීඩා වැනි බාගත කිරීම් සිදු කරන විට දී ඒවා direct download කිරීම අපහසු කාරණයකි.එවන් අවස්ථාවක torrent වලින් මහගු සේවයක් ඉටු වන බව කිව හැකිය. torrent හි ඇති විශේෂත්වය මෙයයි.එනම් ඕනෑම අවස්ථාවක ඩවුන්ලෝඩ් වෙමින් පවතින භාගත කිරීමක් නවත්වා නැවත ආරම්භ කිරීමට හැකි වීම,සමහර ඩවුන්ලෝඩ් වෙමින් පවතින ගොනු විවෘත කර බැලීමේ හැකියාව විශේෂ වේ.
torrent මඟින් සේවය ලබා ගැනීම සඳහා torrent සේවය ලබා දෙන මෘදුකාංගයක් ගරිඝණකයේ ස්ථාපනය කල යුතු වේ.මෙහිදී bit-torrent සහ Utorrent ප්‍රම්‍රඛස්ථානයක් ගනු ලබයි.
Tuesday, January 31, 2012
කුසගින්න සහ ආහාර අතර ඇති පරතරය
internet එකේ එහාට මෙහාට රවුම් ගහද්දි මට හම්බ වුනා ලෝකෙ පුරා රටවල් කීපයක ආහාර රටාව ගැන හදපු වාර්ථාවක්.
මෙක්සිකෝව
මෙක්සිකෝව
Saturday, January 28, 2012
මතකයෙන් පැය 6 ක් නැති කල අකුරු තුනේ brand එක! ගාල්ලට ගිය විනෝද ගමන
බ්ලොග් එක පැත්තට ආවේ සති දෙකකින් විතර.HNDE එකට select වුන නිසා පහුගිය සති දෙකේ බ්ලොග් එකක් ලියන්න තියා හරියට නිදා ගන්නවත් වෙලාවක් තිබ්බේ නෑ.සේරම හොඳයි කොළඹ රටේ අපට හරියන බෝඩිමක් හොයා ගන්න එක පිදුරු ගොඩේ ඉඳිකට්ටක් හොයනව වගේ අමාරුයි.දවස් ගාණක් බලන් ඉඳලා කොම්පියුටරේ ඉස්සරහින් ඉඳ ගත්තේ මගේ ජීවිතේ කවමදාකවත් අමතක වෙන්නෙ නැති ඒ කියන්නේ අමතක කරන්න try කලත් අමතක වෙන්නේ නැති සිද්ධියක් ගැන ලියන්න.හැබැයි ඔය කතාවේ පැය කීපයක් මට තාමත් මතක නෑ.මේක කියවගෙන යද්දි මම කියන්නෙ මොකද්ද කියන එක ඔයාලට තේරේවි.
.මම කලින් වැඩ කරපු ඒ කියන්නේ hnde යන්න කලින් වැඩ කරපු company එකේ financial year එක අවසන් වෙන්නේ මාර්තු මාසෙන්.මූල්‍ය සමාගම් ගැන දන්න උදවිය ඒක ගැන දන්නවා ඇතිනේ.2011 මාර්තු වලින් අවසන් වුන financial year එකේදි අපෙන් company එකට ලැබුණ සේවාව අගයලා company එකේ ප්‍රධානීන් ව්සින් ගාල්ලට දවස් දෙකක විනෝද ගමනක් අපි වෙනුවෙන් සංවිධානය කරලා තිබුනා.හැබැයි මේ එක්කම ගාල්ල branch එකේදි company එකේ DGM කෙනෙකුගෙ meeting එකකුත් organize කරලා තිබුනා.කුරුනෑගල branch එකේ 11 දෙනෙකුයි city branch එකෙන් එක්කෙනෙකුයි සේරම 12 දෙනෙක් ගමනට ලෑස්ති වෙලා හිටිය අපේ මැනේජරුත් එක්ක.අපිට එකපාරටම ගමනට එකතු වෙන්න දුර ප්රශ්නය බලපාන නිසා මමයි හලාවත සහෝදරයෙකුයි කලින් දවසෙ මීගමුවේ ඉන්න කෙනෙකුගේ ගෙදර නැවතිලා ඉඳලා පාන්දර ගම්පහ ඉන්න තවත් සහෝදරයෙක්ගෙ ගෙදරින් බයික් ටික දාලා ගම්පහින් කුරුණෑගලින් එන කට්ටියට එකතු වෙන්නයි බලාපොරොත්තු වෙලා තිබුනේ.
ලේබලය
මතක විත්ති
Thursday, January 12, 2012
පොලිස් අණෙන් බල්ලෙකුගේ අවසන් කටයුතු සිදු කලෙමු.
මේ සිද්ධිය වුනේ දැනට අවුරුදු කීපයකට කලින් නෑදෑ හිතමිතුරන් පිරිසක් එක්ක අනුරාධපුරයට අපි ගියපු වන්දනා ගමනකදි.මේ ගමනෙ අරමුණ වෙලා තිබ්බේ ශ්‍රී මහා බෝධිය ළඟදී කිරි බාරයක් ඔප්පු කරන එක.ඊට පස්සේ ඉතින් වැවකින් එහෙම නාලා උයාගෙන කාලා එහෙම එන්න තමයි කස්ටිය ප්ලෑන් කරලා තිබුනෙ.
ඔන්න නමෝ විත්තියෙන් අපි පාන්දර 4 ට විතර ගමන ආරම්භ කරලා නිකවැරටිය හරියෙන් තව යාලුවෙකුත් අරගෙන 6.30 විතර වෙද්දි අනුරාධපුරේට කිට්ටු කලා.අනුරාධපුරේ ළං වෙලා මට මතක විදිහට තලාව හරියෙන් පොලිස් මුරපොලක් හම්බ වුනා.එතකොට එළිය වැටෙන්න ඔන්න මෙන්න.ඒ කාලේ යුද්ධ කලබල හොඳටම තිබුන කාලේ.අපේ රියදුරාගෙන් ප්‍රශ්න කීපයක් අහල ආයේ වාහනේ ස්ටාට් කරල ටික දුරක් යද්දිම බල්ලො රෑනකට බයේ දුවගෙන ආපු බල්ලෙක් අපේ වෑන් එක යටට රිංගුවා.අපේ වාහනේ ඩ්‍රයිවින් සීට් එකේ හිටපු මෑන් ඒක දැක්කේ නෑ.මිනිහ වෑන් එක ඉස්සරහට ගද්දි බල්ලව අහුවුනා.අපි මෑන්ට වාහනේ නවත්වන්න කියද්දි බල්ලගේ අවසන් හුස්ම පිටවෙලා ඉවරයි.දැන් කට්ටියට මාර අප්සට්.ඇයි ඉතින් කිසිම අවුලක් නැතුව ආපු ගමනට බාධාවක් වුනාවත්ද කියලා කට්ටියම කතා කරනවා.
ඔය විදිහට වැඩ සිද්ධ වෙද්දි අර පොලිස් නිලධාරීන් අතර හිටපු ලොක්ක කියල හිතන්න පුළුවන් කෙනා ඉක්මන් ගමනින් අපි ළඟට එනව අපි දැක්කා.
“ඇස් පියාගෙනද ඕයි වාහනේ ඇද්දුවේ ? “
මෑන් අපේ ඩ්‍රයිවර්ට කඩාපැන්නේ හරියට අපි උවමනාවෙන් බල්ලව හප්පල මැරුව වගේ.
“නෑ සර් මේකා එකපාරටම ඇවිල්ලා වාහනේ යටට රිංගුවා “
“කොහොම හරි දැන් බල්ලා මැරිලනේ.යන තැන කොහෙ උනත් කමක් නෑ මූව වලළල මිසක් යන්ඩ හිතන්න එපා“
ඔය විදිහට පොලිස් ලොක්කා ගෝරනාඩු කරද්දි අපේ දෙතුන් දෙනෙක් වාහනෙන් බැහැලා.හිටපු පොලිස් නිළධාරීන් දෙතුන් දෙනෙකුත් එතනට ආවා.
“ මාර වැඩේ මේකව වලළ වලළ හිටියොත් නම් අපිට වෙලාවට යාගන්න බැරි වෙනවා.“
අපේ කෙනෙක් කිව්වා.අපේ අවාසනාවට ඕක අර පොලිස් ලොක්කට ශ්‍රවණය වුනා.
“ එතකොට තමුසෙල මරල දාලා යන බල්ලොත් වලළලන්න ඕනෙ අපිද?බල්ලව වලළලා මිසක් වාහනේ හොල්ලන්ඩ හිතන්ඩ එපා “
මෑන්ට නිකන් යකෙක් ආරූඩ වෙලා වගේ.ඔය අතරෙදි අපේ කෙනෙක්ට මළ පැනලා.
“සර් අපි බල්ලව හිතල හැප්පුවෙ නෑ.අපි යන්නේ ශ්‍රී මහා බෝධිය ළඟ කිරි බාරයක් ඔප්පු කරන්න.ඒකට වෙලාවට යන්ඩ ඔනේ හින්දයි එහෙම කිව්වේ.අනික සර් හරියට කතා කරන්නේ අපි මනුස්සයෙක්ව හැප්පුව වගේනෙ “
“තමුසෙල මිනිහෙක්ව හප්පල දාලා යන්නෙත් ඔහොම තමයි ඕයි“
දැන් අපේ කට්ටියට හොඳටම තද වෙලා.අර පොලිස් ලොක්කට ඇහෙන් නැකිවෙන්න වාහනේ ඇතුලේ ඉඳන් මිනිහගේ ගුණ වර්ණනා කරනවා.ඇයි ඉතින් මෑන් නිදිමරපු පළිය අපෙන් ගන්න හදනවා වගේ නේ .මේ අස්සේ එතන හිටපු කෙනෙක් නියම කතාවක් කියනව පොලිස් ලොක්කගේ ඉහ මොල රත්වෙන්න.
“මුන්ගෙ මහ එවුන්ට කෙළලා යනව දන්නේවත් නෑ බල්ලෙක් හැපුනම තමා බලන්න ඕනේ රාජකාරියෙ තරම “
මේක කිව්වේ ලොක්කට ඇහෙන නෑහෙන ගානට වුනත් මෑන්ට ඒක හොඳට ඇහුනා.ඔන්න එතකොට තමා මිනිහගේ සැර බාල වුනේ.
“මොනාද අයිසේ කුටු කුටු ගාන්නේ? මේකව මෙතන කුණු වුනහම ඒකේ රඟේ අපිනේ දන්නේ “
එහෙම කියල මෑන් එතනින් එහාට වුනා.පස්සේ ටිකක් තරුණ පෙනුමක් තියෙන පොලිස් නිළධාරියෙක් අපිට කිට්ටු කළා.
“ගනන් ගන්න එපා අයියේ සර්ට පොඩ්ඩක් තරහ ගිහිල්ලා.ඔයාලට වෙලා යනවනම් දෙන්නෙක් ව දාලා යන්න මේ වැඩේට.අපි අපේ වාහනේකින් අනුරාධපුරේට ගෙනල්ල දාන්නම්. “
ඒ කියපු වචන ටික ඇහුව අපිට තවත් තර්ක කරන්න ඕනේ වුනේ නෑ.ළඟ ගෙදරකින් උදැල්ලක් ඉල්ල ගත්තු අපි බල්ලගේ අවසන් කටයුතු සිදු කරා.ඒ කරලා එන ටිකටත් ආවේ අර පොලිස් ලොක්කගෙ මවු දෙමවුපියො මතක් කර කර.
ප.ලි :ඔය බල්ලගේ අවසන් කටයුතු කරා කිව්වට ගිහිල්ල වළක් කපන්න උදැල්ල ගහල බැලින්නම් පොලොවෙ වැදිලා උදැල්ල අඩි 2ක් විතර උඩට විසික් වෙනවා.ඒ හොඳට පායන කාලේ.පස්සේ බල්ලව අගලකට දාලා වැහෙන්න රොඩු ටිකක් දාලයි අවසන් කටයුතු කලේ.ඒක හින්දා දවස් ගාණක් යනකන් එතන රාජකාරි කරපු අය අපිව නිතරම මතක් කරන්න ඇති.හැබැයි අපේ හොඳ කියන්න නම් එහෙම නෙමේ.
ලේබලය
මතක විත්ති
Tuesday, January 3, 2012
ලැබූ 2012 වසර සහ ශ්‍රී ලාංකික අප
ලොව දසත සැණකෙළි සිරි නංවමින් 2012 නව වසර උදා විය.ශ්‍රී ලාංකිකයන් වශයෙන් අපද 2011 වසර ගෙවී 2012 වසර උදා වන තුරු මහත් උද්යෝගයෙන් බලා සිටියහ.මන්ද 2012 නව වසරේදී රටේ ආර්ථීක /සමාජයීය සංවර්ධනයක් ඇතිවේ යයි අප කවුරුත් විශ්වාස කරමු.
තිස් තුන් වසරක දරුණූ යුද්ධයක අඳුරු සෙවණැලි වලට තවත් එක් වසරකින් සමුදී අප නව වසර පිළිගනු ලබන්නේ ආර්ථික හා සමාජයීය සංවර්ධනයක් සඳහා ඇති අභියෝග රැසක්ද සමඟිනි.මන්ද සංවර්ධනය වෙමින් පවතින රටක් වශයෙන් විසඳා ගත යුතු ප්‍රශ්න රැසක් 2012 නව වසරට ඉතිරි කරමින් 2011 වසර අවසන් වී ඇත.
සංවර්ධිත රටක වැදගත් අංගයක් වන අධ්‍යාපන ක්ෂේත්රයේ උසස් පෙළ ප්‍රතිඵල ඉතිහාසයට විශාල කලු පැල්ලමක් එක් කරමින් අර්බුදකාරී ලෙස පසුගියදා 2011 උසස් පෙළ ප්‍රතිඵල නිකුත් විය.එමෙන්ම නව වසරේදී මුහුණ දීමට සිදුවන 2011 දී නොවිසඳුනු ගැටලු රාශීයකි.ප්ලාස්ටික් එළවළු ඇසුරුම් ප්රශ්නය ඉන් ප්‍රධාන වේ.කිහිප වතාවක් එකම ක්‍රමයකට නොවිසඳුනු මේ ප්‍රශ්නයට ලංකා රජය කෙසේ මුහුණ දෙයිදෝ අප නොදනී.
තැපැල් දෙපාර්තුමේන්තුවේ සේවකයන්ගේ වැටුප් විෂමතා , විදුලි බල මණ්ඩලයට පසු ගිය වසරේ දී සිදුවී ඇති අලාභය පිළිබඳ ගැටළුව තවමත් අලු යට ඇති ගිනි පුපුරු මෙන් යට ගොස් ඇත.නව වසරේදී ඒවා කුමන ආකාරයට දැල්වේදැයි නොදනිමු.සංවර්ධිත රටකට අත්‍යාවශ්‍ය කරුණක් වන ප්‍රබල විපක්ෂයක් අප රටේ නොමැතිවීම ඉදිරි වසරේදී ශ්‍රී ලාංකිකයින්ට මැනවින් දැනෙනු ඇත.
2012 වසර සඳහා අප කරපින්නාගෙන යන තවත් දැවැන්ත හා භයානක ප්‍රශ්නයක් නම් මත්ද්‍රව්‍ය පිළිබඳ ප්රශ්නයයි.රටේ පවතින මත්ද්‍රව්‍ය භාවිතය ඉහළ යාමට පිළියමක් වශයෙන් “මතට තිත“ සංකල්පය ක්‍රියාවට නැංවුවද එයින් වැට බැන්දේ නීතියෙන් පිට අරක්කු එසේත් නැතිනම් කසිප්පු වලට පමණක් බව පහත දක්වා ඇති අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය විසින් නිකුත් කර ඇති වාර්තාවෙන් මනාව පැහැදිලි වේ.
එම වාර්තාවට අනුව අපේ රටේ දිනකට බියර් ලීටර් එක්ලක්ෂ පනස් හතර දහසක් (154,000),අරක්කු ලීටර් එක්ලක්ෂ විසි හතර දහසක් (124,000) ,ගංජා කිලෝ තුන් දහස් එකසියයක් (3,100) ,හෙරොයින් කිලෝ දෙකක් පමණ භාවිතා වේ.ඒ අනුව ඔප්පු වන්නේ ලාංකාවේ දෛනික බියර් අවශ්‍යතාවය ලීටර් 154000 ක් ද,දෛනික අරක්කු අවශ්‍යතාවය ලීටර් 124000 ක් ද වන බවයි.දිවයින පුරා ඝන කැලෑ ප්‍රදේශවල හෙක්ටයාර 500 ක පමණ දැනටමත් ගංජා වගාව සිදුවන බව මෙම වාර්තා වලින් අනාවරණය කරයි.හෙක්ටයාරයකින් අවම වශයෙන් ලබා ගත හැකි වන ගංජා ප්‍රමාණය කිලෝ 2 300 වන අතර ඒ අනුව දළ වාර්ෂික ගංජා නිෂ්පාදනයේ අවමය කිලෝ 11.5 කි.මින් 10% ක පමණ ප්‍රමාණයක් නීතියේ රැහැනට අසුවී විනාශ වීමද වර්ෂයක් පුරා සිදු වන්නකි.
මේ අනුව 2010 වසරේදී අත් අඩංගුවට ගෙන ඇති ගංජා ප්‍රමාණය කිලෝ 114390 කි.මේ අනුව දිනකට වෙළඳපොළට එන ගංජා ප්‍රමාණය කිලෝ 3100 ක් බව හෙළි වී තිබේ.නමුත් සතුටු විය හැකි කරුණ නම් 2010 දී අත්අඩංගුවට පත් වුනු ගංජා ප්‍රමාණය 2009 හා සසඳා බලන විට 52% ක ප්‍රතිශතයකින් ඉහළ යාමයි.නමුත් ඒ හා සමඟම ගංජා නිෂ්පාදනය ද ඉහළ යන බව කාටත් නොරහසකි.දැනට ලංකාවේ හෙරොයින් භාවිතා කරන 45000 ක් දෙනාට දිනකට අවශ්‍ය හෙරොයින් ප්‍රමාණය කිලෝ 2 ක් පමණ වීම අතිශය භයානක කරුණකි.
ඒ අනුව පෙනී යන්නේ මත්ද්‍රව්‍ය දුරලීම සඳහා ක්‍රියාත්මක වූ මතට තිත සංකල්පයෙහි තිත(.) වෙනුවට කොමාවක්(,) වැටී ඇති ආකාරයයි.
සැණකෙළි උත්සව පවත්වා නව වසර පිළිගත් අපි දැන් කළ යුත්තේ ගිය වසරේදී අපෙන් මග හැරුන දේ ගැන සිතා බලා ලැබුවා වූ නව වසර අපට සහ රටට සුබ නව වසරක් කර ගැනීම යි.
ලේබලය
මට හිතෙන හැටි
Saturday, December 31, 2011
mobile phone එකෙන් නොමිලේ internet යමු.
මම අන්තර්ජාලය පාවිච්චි කරන්න මුල්ම පියවර තිබ්බෙ e-mail වලින්.ඒ කාලෙදි මට computer නෑ.phone එකෙන් තමයි සියලු වැඩ කිඩ.මගේ ඥාති සහෝදරකේ හදල දුන්න email address එකක් තමයි මගේ email address එක වුනේ.ඊට පසසේ facebook ,download වගේ දේවල්.හැබැයි ඉතින් download බොහෝම සුලුවෙන්.මොකද ඒ කාලේ internet බොහෝම ගණන් විත්තිය කවුරුත් දන්නවනේ.
මම ඔය කාලෙදි පාවිච්චි කලේ මොබිටෙල් සිම් එකයි nokia 6070 phone එකයි.දැන් ඔය පෝන් එක රු.4000ක් 5000ක් වුනාට මම ඕක ගත්තේ 12500 කට.හිතාගන්න පුලුවන්නේ මම ඒක ගත්තු කාලෙ.මම අර කලින් කියපු අයිය තමයි මට නොමිලේ gprs යන මේ ක්‍රමේ කියල දුන්නේ.
මුලින්ම කියන්න ඖනේ මේකට අත්‍යාවශ්‍ය කරුණු 2ක් තියෙනවා.
* මොබිටෙල් කනෙක්ශන් එකක්
අනිත් ඒවට ත් මේ වැඩද දන්නේ නෑ.මට මතකයි එයාර්ටෙල් ආපුම කාලෙ මේ ක්‍රමේ හරි ගියා.
* ගැළපෙන ජංගම දුරකථනයක්
මේක හොයා ගන්න තමා ටිකක් අමාරු වෙන්නේ.nokia 6070,c3110 වගේ phone වලින් gprs යද්දි ඒවායේ තිරය උඩින්
වගේ icon එකක් වැටෙනවාඑහෙම browser එකේ ඉද්දි close button එක ඒ කියන්නේ රතු පාට button එක එකපාරක් press කරාම browser එක close වෙන්නේ නැතුව conection එක විතරක් close වෙනවා.ගොඩක් smart phone නොවන nokia phone වලදි මෙහෙම වෙනවා.sony ericsson ගැන කතා කලොත් සමහර phone වල shortcut button එකෙන් මුල් තිරයට ගිහිල්ලා මේ විදිහට connection එක close කර ගන්න පුලුවන්.අන්න ඒ විදිහේ phone එකක් මේ වැඩේට හරියනවා.
අපි දැන් බලමු මේක කරන්නේ කොහොමද කියල.
මුලින්ම mobitel එකට connection එකක් හදා ගන්න ඕනා.phone එකෙන් settings වලට ගිහින් මේ සඳහා අලුත් profile එකක් හදා ගන්න. ඒකේ apn කියන තැනට mobitel3g දෙන්න.අනෙක් කිසිම තැනක් fill කරන්නේ නැතුව එය save කර activate කරගන්න.
ඉන් පසුව ජංගම දුරකතනයේ web browser එකෙන් අදාල url එක වෙත පිවිසෙන්න.බැවත ඊළඟ page එකට ගමන් කිරීමට පෙර ඉහත මා සඳහන් කල පරිදි connection එක close කරන්න.නව web page එකකට පිවිසීමට ප්‍රථම මේ ආකාරයට කිරීමට මතක තබා ගන්න.දැන් ඔබට ඔබේ ගිණුමෙන් මුදල් අඩු නොවන බව බලා ගත හැකියි.
සමහර වෙලාවට දැන් මේක හරි යන්නේ නැති වෙන්න පුලුවන් මොකද try කරල බලන්න මට මොබිටෙල් එකක් නෑ.ඔයාල ගාව අවශ්‍ය අංග2ම තියෙනව නම් try කරලා බලන්න.වැඩේ හරි ගියොත් මට තැන්කූ එකක් දාන්නත් අමතක කරන්න එපා.
පලි:මේකෙන් ගොඩක් download එහෙම බෑ.500kb වගේ තමා පුලුවන්.facebook වගේ ඒවා mobile phone එකෙන් use කරන යාලුවො ඉන්න නිසයි මේක දාන්න හිතුනේ.
ලේබලය
ලේබල් නැති ඒවා
Subscribe to:
Posts (Atom)