Sunday, February 26, 2012

E-bay ගැන මේ ටිකත් දැන ගන්න l E-bay සහ මම



අද වෙනකොට  e-bay එක්ක ගොඩක් අය ගණුදෙනු කරන නිසා ඒ අයගේ දැනගැනීමටයි මේ පොස්ට් එක දාන්න හිතුවේ.මුලින්ම e-bay ගැන නොදන්න කට්ටියට දැනගන්න e-bay ගැන පොඩි හැඳින්වීමක් කරන්නම්. e-bay කියන්නේ අන්තර්ජාලය හරහා වාණිජමය ගණුදෙනු සිදු කල හැකි වෙබ් අඩවියක්.ඒ කියන්නේ භාණ්ඩ මිලදී ගැනීම සහ විකිණීම. e-bay තුල ගිණුමක් හිමි ඕනම කෙනෙක්ට e-bay තුලට ඇතුලත් කර ඇති භාණ්ඩ අන්තර්ජාලය හරහා තෝරා ගෙන තැපැල් සේවාව මඟින් තමන්ගේ ගෙදරට ම ගෙන්වා ගන්න පුලුවන්.සමහර භාණ්ඩ වලට bid කරන්න ඒ කියන්නේ ලන්සු තියලා අඩු ගානට ගන්න පුලුවන් අවස්ථාත් තියෙනවා.ඒ වගේ දේවල් වලට පොඩි tricks  තියෙනවා. e-bay ගැන කියනවනම් ලංකාවේ වෙළඳ පොලේ නැති ගොඩක් දේවල් e-bay හරහා ගන්න පුලුවන්. 

Tuesday, February 7, 2012

කාලෙට තාලෙට ගැළපෙන නව නිපැයුම්

                      මෙන්න මට හම්බ වුන නියම නව නිපැයුම් ටිකක්.සමහර ඒවා දැකපුවහම නම් හිනාත් යනවා.කට්ටියට මොකද හිතෙන්නෙ කියල බලලම කියමු.


Friday, February 3, 2012

Torrent වේගය අඩු ද? මෙන්න විසඳුම


                      ටොරන්ට් යනු වර්තමායේ අන්තර්ජාලය භාවිතා කරන බොහෝ දෙනෙක් දන්නා හඳුනන කාරණයක්.අන්තර්ජාලය සඳහා දුරකථන සේවා සපයන්නන් විසින් සීමිත සේවා ලබා දෙන ලංකාව වැනි රටකට torrent ඉතා වැදගත් ක්‍රමවේදයකි.මන්ද දැනට පවතින අන්තර්ජාල පැකේජ භාවිතා කරමින් ප්‍රමාණයෙන් විශාල මෘදුකාංග,චිත්‍රපට,පරිඝණක ක්‍රීඩා වැනි බාගත කිරීම් සිදු කරන විට දී ඒවා direct download කිරීම අපහසු කාරණයකි.එවන් අවස්ථාවක torrent වලින් මහගු සේවයක් ඉටු වන  බව කිව හැකිය. torrent හි ඇති විශේෂත්වය මෙයයි.එනම් ඕනෑම අවස්ථාවක ඩවුන්ලෝඩ් වෙමින් පවතින භාගත කිරීමක් නවත්වා නැවත ආරම්භ කිරීමට හැකි වීම,සමහර ඩවුන්ලෝඩ් වෙමින් පවතින ගොනු විවෘත කර බැලීමේ හැකියාව විශේෂ වේ.
                    torrent  මඟින් සේවය ලබා ගැනීම සඳහා torrent  සේවය ලබා දෙන මෘදුකාංගයක් ගරිඝණකයේ ස්ථාපනය කල යුතු වේ.මෙහිදී bit-torrent සහ Utorrent  ප්‍රම්‍රඛස්ථානයක් ගනු ලබයි.

Tuesday, January 31, 2012

කුසගින්න සහ ආහාර අතර ඇති පරතරය

                  internet එකේ එහාට මෙහාට රවුම් ගහද්දි  මට හම්බ වුනා  ලෝකෙ පුරා රටවල් කීපයක ආහාර රටාව ගැන හදපු වාර්ථාවක්.

මෙක්සිකෝව

Saturday, January 28, 2012

මතකයෙන් පැය 6 ක් නැති කල අකුරු තුනේ brand එක! ගාල්ලට ගිය විනෝද ගමන

                                                       බ්ලොග් එක පැත්තට ආවේ සති දෙකකින් විතර.HNDE එකට select වුන නිසා පහුගිය සති දෙකේ බ්ලොග් එකක් ලියන්න තියා හරියට නිදා ගන්නවත් වෙලාවක් තිබ්බේ නෑ.සේරම හොඳයි කොළඹ රටේ අපට හරියන බෝඩිමක් හොයා ගන්න එක පිදුරු ගොඩේ ඉඳිකට්ටක් හොයනව වගේ අමාරුයි.දවස් ගාණක් බලන් ඉඳලා කොම්පියුටරේ ඉස්සරහින් ඉඳ ගත්තේ මගේ ජීවිතේ කවමදාකවත් අමතක වෙන්නෙ නැති ඒ කියන්නේ අමතක කරන්න try කලත් අමතක වෙන්නේ නැති සිද්ධියක් ගැන ලියන්න.හැබැයි ඔය කතාවේ පැය කීපයක් මට තාමත් මතක නෑ.මේක කියවගෙන යද්දි මම කියන්නෙ මොකද්ද කියන එක ඔයාලට තේරේවි.
                               .මම කලින් වැඩ කරපු ඒ කියන්නේ hnde යන්න කලින් වැඩ කරපු company එකේ financial year එක අවසන් වෙන්නේ මාර්තු මාසෙන්.මූල්‍ය සමාගම් ගැන දන්න උදවිය ඒක ගැන දන්නවා ඇතිනේ.2011 මාර්තු වලින් අවසන් වුන financial year එකේදි අපෙන් company එකට ලැබුණ සේවාව අගයලා company එකේ ප්‍රධානීන් ව්සින් ගාල්ලට දවස් දෙකක විනෝද ගමනක් අපි වෙනුවෙන් සංවිධානය කරලා තිබුනා.හැබැයි මේ එක්කම  ගාල්ල branch එකේදි company එකේ DGM කෙනෙකුගෙ meeting එකකුත් organize කරලා තිබුනා.කුරුනෑගල branch එකේ 11 දෙනෙකුයි city branch එකෙන් එක්කෙනෙකුයි සේරම 12 දෙනෙක් ගමනට ලෑස්ති වෙලා හිටිය අපේ මැනේජරුත් එක්ක.අපිට එකපාරටම ගමනට එකතු වෙන්න දුර ප්‍රශ්නය බලපාන නිසා මමයි හලාවත සහෝදරයෙකුයි කලින් දවසෙ මීගමුවේ ඉන්න කෙනෙකුගේ ගෙදර නැවතිලා ඉඳලා පාන්දර ගම්පහ ඉන්න තවත් සහෝදරයෙක්ගෙ ගෙදරින් බයික් ටික  දාලා ගම්පහින් කුරුණෑගලින් එන කට්ටියට එකතු වෙන්නයි බලාපොරොත්තු වෙලා තිබුනේ.

Thursday, January 12, 2012

පොලිස් අණෙන් බල්ලෙකුගේ අවසන් කටයුතු සිදු කලෙමු.


මේ සිද්ධිය වුනේ දැනට අවුරුදු කීපයකට කලින් නෑදෑ හිතමිතුරන් පිරිසක් එක්ක අනුරාධපුරයට අපි ගියපු වන්දනා ගමනකදි.මේ ගමනෙ අරමුණ වෙලා තිබ්බේ ශ්‍රී මහා බෝධිය ළඟදී කිරි බාරයක් ඔප්පු කරන එක.ඊට පස්සේ ඉතින් වැවකින් එහෙම නාලා උයාගෙන කාලා එහෙම එන්න තමයි කස්ටිය ප්ලෑන් කරලා තිබුනෙ.
ඔන්න නමෝ විත්තියෙන් අපි පාන්දර 4 ට විතර ගමන ආරම්භ කරලා නිකවැරටිය හරියෙන් තව යාලුවෙකුත් අරගෙන 6.30 විතර වෙද්දි අනුරාධපුරේට කිට්ටු කලා.අනුරාධපුරේ ළං වෙලා මට මතක විදිහට තලාව හරියෙන් පොලිස් මුරපොලක් හම්බ වුනා.එතකොට එළිය වැටෙන්න ඔන්න මෙන්න.ඒ කාලේ යුද්ධ කලබල හොඳටම තිබුන කාලේ.අපේ රියදුරාගෙන් ප්‍රශ්න කීපයක් අහල ආයේ වාහනේ ස්ටාට් කරල ටික දුරක් යද්දිම බල්ලො රෑනකට බයේ දුවගෙන ආපු බල්ලෙක් අපේ වෑන් එක යටට රිංගුවා.අපේ වාහනේ ඩ්‍රයිවින් සීට් එකේ හිටපු මෑන් ඒක දැක්කේ නෑ.මිනිහ වෑන් එක ඉස්සරහට ගද්දි බල්ලව අහුවුනා.අපි මෑන්ට වාහනේ නවත්වන්න කියද්දි බල්ලගේ අවසන් හුස්ම පිටවෙලා ඉවරයි.දැන් කට්ටියට මාර අප්සට්.ඇයි ඉතින් කිසිම අවුලක් නැතුව ආපු ගමනට බාධාවක් වුනාවත්ද කියලා කට්ටියම කතා කරනවා.
ඔය විදිහට වැඩ සිද්ධ වෙද්දි අර පොලිස් නිලධාරීන් අතර හිටපු ලොක්ක කියල හිතන්න පුළුවන් කෙනා ඉක්මන් ගමනින් අපි ළඟට එනව අපි දැක්කා.
“ඇස් පියාගෙනද ඕයි වාහනේ ඇද්දුවේ ? “
මෑන් අපේ ඩ්‍රයිවර්ට කඩාපැන්නේ හරියට අපි උවමනාවෙන් බල්ලව හප්පල මැරුව වගේ.
“නෑ සර් මේකා එකපාරටම ඇවිල්ලා වාහනේ යටට රිංගුවා “
“කොහොම හරි දැන් බල්ලා මැරිලනේ.යන තැන කොහෙ උනත් කමක් නෑ මූව වලළල මිසක් යන්ඩ හිතන්න එපා“
ඔය විදිහට පොලිස් ලොක්කා ගෝරනාඩු කරද්දි අපේ දෙතුන් දෙනෙක් වාහනෙන් බැහැලා.හිටපු පොලිස් නිළධාරීන් දෙතුන් දෙනෙකුත් එතනට ආවා.
“ මාර වැඩේ මේකව වලළ වලළ හිටියොත් නම් අපිට වෙලාවට යාගන්න බැරි වෙනවා.“
අපේ කෙනෙක් කිව්වා.අපේ අවාසනාවට ඕක අර පොලිස් ලොක්කට ශ්‍රවණය වුනා.
“ එතකොට තමුසෙල මරල දාලා යන බල්ලොත් වලළලන්න ඕනෙ අපිද?බල්ලව වලළලා මිසක් වාහනේ හොල්ලන්ඩ හිතන්ඩ එපා “
මෑන්ට නිකන් යකෙක් ආරූඩ වෙලා වගේ.ඔය අතරෙදි අපේ කෙනෙක්ට මළ පැනලා.
“සර් අපි බල්ලව හිතල හැප්පුවෙ නෑ.අපි යන්නේ ශ්‍රී මහා බෝධිය ළඟ කිරි බාරයක් ඔප්පු කරන්න.ඒකට වෙලාවට යන්ඩ ඔනේ හින්දයි එහෙම කිව්වේ.අනික සර් හරියට කතා කරන්නේ අපි මනුස්සයෙක්ව හැප්පුව වගේනෙ “
“තමුසෙල මිනිහෙක්ව හප්පල දාලා යන්නෙත් ඔහොම තමයි ඕයි“
දැන් අපේ කට්ටියට හොඳටම තද වෙලා.අර පොලිස් ලොක්කට ඇහෙන් නැකිවෙන්න වාහනේ ඇතුලේ ඉඳන් මිනිහගේ ගුණ වර්ණනා කරනවා.ඇයි ඉතින් මෑන් නිදිමරපු පළිය අපෙන් ගන්න හදනවා වගේ නේ .මේ අස්සේ එතන හිටපු කෙනෙක් නියම කතාවක් කියනව පොලිස් ලොක්කගේ ඉහ මොල රත්වෙන්න.
“මුන්ගෙ මහ එවුන්ට කෙළලා යනව දන්නේවත් නෑ බල්ලෙක් හැපුනම තමා බලන්න ඕනේ රාජකාරියෙ තරම “
මේක කිව්වේ ලොක්කට ඇහෙන නෑහෙන ගානට වුනත් මෑන්ට ඒක හොඳට ඇහුනා.ඔන්න එතකොට තමා මිනිහගේ සැර බාල වුනේ.
“මොනාද අයිසේ කුටු කුටු ගාන්නේ? මේකව මෙතන කුණු වුනහම ඒකේ රඟේ අපිනේ දන්නේ “
එහෙම කියල මෑන් එතනින් එහාට වුනා.පස්සේ ටිකක් තරුණ පෙනුමක් තියෙන පොලිස් නිළධාරියෙක් අපිට කිට්ටු කළා.
“ගනන් ගන්න එපා අයියේ සර්ට පොඩ්ඩක් තරහ ගිහිල්ලා.ඔයාලට වෙලා යනවනම් දෙන්නෙක් ව දාලා යන්න මේ වැඩේට.අපි අපේ වාහනේකින් අනුරාධපුරේට ගෙනල්ල දාන්නම්. “
ඒ කියපු වචන ටික ඇහුව අපිට තවත් තර්ක කරන්න ඕනේ වුනේ නෑ.ළඟ ගෙදරකින් උදැල්ලක් ඉල්ල ගත්තු අපි බල්ලගේ අවසන් කටයුතු සිදු කරා.ඒ කරලා එන ටිකටත් ආවේ අර පොලිස් ලොක්කගෙ මවු දෙමවුපියො මතක් කර කර.
ප.ලි :ඔය බල්ලගේ අවසන් කටයුතු කරා කිව්වට ගිහිල්ල වළක් කපන්න උදැල්ල ගහල බැලින්නම් පොලොවෙ වැදිලා උදැල්ල අඩි 2ක් විතර උඩට විසික් වෙනවා.ඒ හොඳට පායන කාලේ.පස්සේ බල්ලව අගලකට දාලා වැහෙන්න රොඩු ටිකක් දාලයි අවසන් කටයුතු කලේ.ඒක හින්දා දවස් ගාණක් යනකන් එතන රාජකාරි කරපු අය අපිව නිතරම මතක් කරන්න ඇති.හැබැයි අපේ හොඳ කියන්න නම් එහෙම නෙමේ.

Tuesday, January 3, 2012

ලැබූ 2012 වසර සහ ශ්‍රී ලාංකික අප


ලොව දසත සැණකෙළි සිරි නංවමින් 2012 නව වසර උදා විය.ශ්‍රී ලාංකිකයන් වශයෙන් අපද 2011 වසර ගෙවී 2012 වසර උදා වන තුරු මහත් උද්යෝගයෙන් බලා සිටියහ.මන්ද 2012 නව වසරේදී රටේ ආර්ථීක /සමාජයීය සංවර්ධනයක් ඇතිවේ යයි අප කවුරුත් විශ්වාස කරමු.
තිස් තුන් වසරක දරුණූ යුද්ධයක අඳුරු සෙවණැලි වලට තවත් එක් වසරකින් සමුදී අප නව වසර පිළිගනු ලබන්නේ ආර්ථික හා සමාජයීය සංවර්ධනයක් සඳහා ඇති අභියෝග රැසක්ද සමඟිනි.මන්ද සංවර්ධනය වෙමින් පවතින රටක් වශයෙන් විසඳා ගත යුතු ප්‍රශ්න රැසක් 2012 නව වසරට ඉතිරි කරමින් 2011 වසර අවසන් වී ඇත.
සංවර්ධිත රටක වැදගත් අංගයක් වන අධ්‍යාපන ක්ෂේත්‍රයේ උසස් පෙළ ප්‍රතිඵල ඉතිහාසයට විශාල කලු පැල්ලමක් එක් කරමින් අර්බුදකාරී ලෙස පසුගියදා 2011 උසස් පෙළ ප්‍රතිඵල නිකුත් විය.එමෙන්ම නව වසරේදී මුහුණ දීමට සිදුවන 2011 දී නොවිසඳුනු ගැටලු රාශීයකි.ප්ලාස්ටික් එළවළු ඇසුරුම් ප්‍රශ්නය ඉන් ප්‍රධාන වේ.කිහිප වතාවක් එකම ක්‍රමයකට නොවිසඳුනු මේ ප්‍රශ්නයට ලංකා රජය කෙසේ මුහුණ දෙයිදෝ අප නොදනී.
තැපැල් දෙපාර්තුමේන්තුවේ සේවකයන්ගේ වැටුප් විෂමතා , විදුලි බල මණ්ඩලයට පසු ගිය වසරේ දී සිදුවී ඇති අලාභය පිළිබඳ ගැටළුව තවමත් අලු යට ඇති ගිනි පුපුරු මෙන් යට ගොස් ඇත.නව වසරේදී ඒවා කුමන ආකාරයට දැල්වේදැයි නොදනිමු.සංවර්ධිත රටකට අත්‍යාවශ්‍ය කරුණක් වන ප්‍රබල විපක්ෂයක් අප රටේ නොමැතිවීම ඉදිරි වසරේදී ශ්‍රී ලාංකිකයින්ට මැනවින් දැනෙනු ඇත.
2012 වසර සඳහා අප කරපින්නාගෙන යන තවත් දැවැන්ත හා භයානක ප්‍රශ්නයක් නම් මත්ද්‍රව්‍ය පිළිබඳ ප්‍රශ්නයයි.රටේ පවතින මත්ද්‍රව්‍ය භාවිතය ඉහළ යාමට පිළියමක් වශයෙන් “මතට තිත“ සංකල්පය ක්‍රියාවට නැංවුවද එයින් වැට බැන්දේ නීතියෙන් පිට අරක්කු එසේත් නැතිනම් කසිප්පු වලට පමණක් බව පහත දක්වා ඇති අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය විසින් නිකුත් කර ඇති වාර්තාවෙන් මනාව පැහැදිලි වේ.
එම වාර්තාවට අනුව අපේ රටේ දිනකට බියර් ලීටර් එක්ලක්ෂ පනස් හතර දහසක් (154,000),අරක්කු ලීටර් එක්ලක්ෂ විසි හතර දහසක් (124,000) ,ගංජා කිලෝ තුන් දහස් එකසියයක් (3,100) ,හෙරොයින් කිලෝ දෙකක් පමණ භාවිතා වේ.ඒ අනුව ඔප්පු වන්නේ ලාංකාවේ දෛනික බියර් අවශ්‍යතාවය ලීටර් 154000 ක් ද,දෛනික අරක්කු අවශ්‍යතාවය ලීටර් 124000 ක් ද වන බවයි.දිවයින පුරා ඝන කැලෑ ප්‍රදේශවල හෙක්ටයාර 500 ක පමණ දැනටමත් ගංජා වගාව සිදුවන බව මෙම වාර්තා වලින් අනාවරණය කරයි.හෙක්ටයාරයකින් අවම වශයෙන් ලබා ගත හැකි වන ගංජා ප්‍රමාණය කිලෝ 2 300 වන අතර ඒ අනුව දළ වාර්ෂික ගංජා නිෂ්පාදනයේ අවමය කිලෝ 11.5 කි.මින් 10% ක පමණ ප්‍රමාණයක් නීතියේ රැහැනට අසුවී විනාශ වීමද වර්ෂයක් පුරා සිදු වන්නකි.
මේ අනුව 2010 වසරේදී අත් අඩංගුවට ගෙන ඇති ගංජා ප්‍රමාණය කිලෝ 114390 කි.මේ අනුව දිනකට වෙළඳපොළට එන ගංජා ප්‍රමාණය කිලෝ 3100 ක් බව හෙළි වී තිබේ.නමුත් සතුටු විය හැකි කරුණ නම් 2010 දී අත්අඩංගුවට පත් වුනු ගංජා ප්‍රමාණය 2009 හා සසඳා බලන විට 52% ක ප්‍රතිශතයකින් ඉහළ යාමයි.නමුත් ඒ හා සමඟම ගංජා නිෂ්පාදනය ද ඉහළ යන බව කාටත් නොරහසකි.දැනට ලංකාවේ හෙරොයින් භාවිතා කරන 45000 ක් දෙනාට දිනකට අවශ්‍ය හෙරොයින් ප්‍රමාණය කිලෝ 2 ක් පමණ වීම අතිශය භයානක කරුණකි.
ඒ අනුව පෙනී යන්නේ මත්ද්‍රව්‍ය දුරලීම සඳහා ක්‍රියාත්මක වූ මතට තිත සංකල්පයෙහි තිත(.) වෙනුවට කොමාවක්(,) වැටී ඇති ආකාරයයි.
සැණකෙළි උත්සව පවත්වා නව වසර පිළිගත් අපි දැන් කළ යුත්තේ ගිය වසරේදී අපෙන් මග හැරුන දේ ගැන සිතා බලා ලැබුවා වූ නව වසර අපට සහ රටට සුබ නව වසරක් කර ගැනීම යි.

Saturday, December 31, 2011

mobile phone එකෙන් නොමිලේ internet යමු.


මම අන්තර්ජාලය පාවිච්චි කරන්න මුල්ම පියවර තිබ්බෙ e-mail වලින්.ඒ කාලෙදි මට computer නෑ.phone එකෙන් තමයි සියලු වැඩ කිඩ.මගේ ඥාති සහෝදරකේ හදල දුන්න email address එකක් තමයි මගේ email address එක වුනේ.ඊට පසසේ facebook ,download වගේ දේවල්.හැබැයි ඉතින් download බොහෝම සුලුවෙන්.මොකද ඒ කාලේ internet බොහෝම ගණන් විත්තිය කවුරුත් දන්නවනේ.
මම ඔය කාලෙදි පාවිච්චි කලේ මොබිටෙල් සිම් එකයි nokia 6070 phone එකයි.දැන් ඔය පෝන් එක රු.4000ක් 5000ක් වුනාට මම ඕක ගත්තේ 12500 කට.හිතාගන්න පුලුවන්නේ මම ඒක ගත්තු කාලෙ.මම අර කලින් කියපු අයිය තමයි මට නොමිලේ gprs යන මේ ක්‍රමේ කියල දුන්නේ.
මුලින්ම කියන්න ඖනේ මේකට අත්‍යාවශ්‍ය කරුණු 2ක් තියෙනවා.

* මොබිටෙල් කනෙක්ශන් එකක්
අනිත් ඒවට ත් මේ වැඩද දන්නේ නෑ.මට මතකයි එයාර්ටෙල් ආපුම කාලෙ මේ ක්‍රමේ හරි ගියා.

* ගැළපෙන ජංගම දුරකථනයක්
මේක හොයා ගන්න තමා ටිකක් අමාරු වෙන්නේ.nokia 6070,c3110 වගේ phone වලින් gprs යද්දි ඒවායේ තිරය උඩින්



වගේ icon එකක් වැටෙනවාඑහෙම browser එකේ ඉද්දි close button එක ඒ කියන්නේ රතු පාට button එක එකපාරක් press කරාම browser එක close වෙන්නේ නැතුව conection එක විතරක් close වෙනවා.ගොඩක් smart phone නොවන nokia phone වලදි මෙහෙම වෙනවා.sony ericsson ගැන කතා කලොත් සමහර phone වල shortcut button එකෙන් මුල් තිරයට ගිහිල්ලා මේ විදිහට connection එක close කර ගන්න පුලුවන්.අන්න ඒ විදිහේ phone එකක් මේ වැඩේට හරියනවා.
අපි දැන් බලමු මේක කරන්නේ කොහොමද කියල.
මුලින්ම mobitel එකට connection එකක් හදා ගන්න ඕනා.phone එකෙන් settings වලට ගිහින් මේ සඳහා අලුත් profile එකක් හදා ගන්න. ඒකේ apn කියන තැනට mobitel3g දෙන්න.අනෙක් කිසිම තැනක් fill කරන්නේ නැතුව එය save කර activate කරගන්න.
ඉන් පසුව ජංගම දුරකතනයේ web browser එකෙන් අදාල url එක වෙත පිවිසෙන්න.බැවත ඊළඟ page එකට ගමන් කිරීමට පෙර ඉහත මා සඳහන් කල පරිදි connection එක close කරන්න.නව web page එකකට පිවිසීමට ප්‍රථම මේ ආකාරයට කිරීමට මතක තබා ගන්න.දැන් ඔබට ඔබේ ගිණුමෙන් මුදල් අඩු නොවන බව බලා ගත හැකියි.
සමහර වෙලාවට දැන් මේක හරි යන්නේ නැති වෙන්න පුලුවන් මොකද try කරල බලන්න මට මොබිටෙල් එකක් නෑ.ඔයාල ගාව අවශ්‍ය අංග2ම තියෙනව නම් try කරලා බලන්න.වැඩේ හරි ගියොත් මට තැන්කූ එකක් දාන්නත් අමතක කරන්න එපා.
පලි:මේකෙන් ගොඩක් download එහෙම බෑ.500kb වගේ තමා පුලුවන්.facebook වගේ ඒවා mobile phone එකෙන් use කරන යාලුවො ඉන්න නිසයි මේක දාන්න හිතුනේ.

Friday, December 30, 2011

facebook විසින් google+ කොපි කලාද?


අද facebook කිව්වම ඒ ගැන කුඩා දරුවන් පවා දන්නවා.ඒ තරමට facebook ජනප්‍රියයි.ලොව පුරා බොහෝ රටවල මිලියන සංඛ්‍යාත පිරිසක් facebook භාවිතා කරනවා.ලෝකයේ කෙසේ වෙතත් ලංකාවේ මෑතකදී සිදු වූ අන්තර්ජාල පිබිදීම ඔස්සේ ලාංකිකයන් විසින් විවිධ ආකාරයට facebook භාවිතා වෙනවා.
facebook මේ ආකාරයට ජනප්‍රිය වෙද්දී facebook තුලින් අමිහිරි අත්දැකීම් ද ලංකාව අත්විඳ තිබෙනවා.facebook කොතරම් ජනප්‍රිය වූවත් එහි ඇති විශාලතම අඩු පාඩුව වන්නේ අනාරක්ෂිත බවයි.facebook නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් ගේ පවා පෞද්ගලික ඡායාරූප කිහිපයක් facebook තුලින් විවෘත වීම මගින් facebook හි ඇති අනාරක්ෂිත මනාව විදහා ඇක්වෙනවා. මෙයට පිලියමක් වශයෙන් google ජාලය විසින් facebook වලට වඩා ආරක්ෂාකාරීව භාවිතා කල හැකි සමාජ ජාලයක් ලෙස google+ හඳුන්වා දෙනවා.මෙහි දී facebook සඳහා යොදා ගෙන ඇති තාක්ෂණයට වඩා තාක්ෂණයක් යොදා ගෙන තිබෙනවා.

facebook හි ඇති අනාරක්ෂිත බව නිසාම කාලයත් සමඟ බොහෝ දෙනෙක් facebook වලට සමුදී google+ වැළඳ ගනු ඇතැයි ලොව පුරා සමාජ ජාල විශ්ලේෂකයින් විශ්වාස කරනවා. google+ භාවිතා කරන පිරිස 2012 දී මිලියන 400 ක් පමණ වනු ඇතැයි ඔවුන් විශ්වාස කරනවා.




මේ තත්වය නිසාම google+ සමඟ කරට කර සටන් කිරීම සඳහා facebook හි විවිධ ආකාරයේ වෙනස්වීම් රැසක් සිදු වෙනවා.එලෙස මෑතකදී සිදු වූ වෙනස් වීම් ලෙස facebook timeline





,එවෙලාවේ දී සිදු වන ලටපට තිරයේ ඉහලින් වෙනම තීරුවක දැක්වීම ,ප්‍රධාන පිටුවේ සිටියදීම උපන් දින සුබ පැතුම් එක් කිරීමට හැකි වීම ,ප්‍රධාන පිටුව හැර නොයා add friend පහසුකලම ලබා දී තිබීම ආදී වෙනස්කම් දැක්විය හැකියි.
facebook හි තිබෙන අනාරක්ෂිත බවට පිලියමක් වශයෙන් මෑතකදී සුවිශේෂී වෙනසක් සිදු කර තිබෙනවා.එය ඔවුන් විසින් හඳුන්වා දී තිබෙන්නේ facebook smart list යනුවෙන්.
google+ භාවිතා කරන බොහෝ දෙනෙක් දන්නා කරුණක් නම් google+ හි මිතුරන් වර්ග කිරීමේ හැකියාව.මෙය living circle නමින් හැඳින්වෙනවා.facebook smart list නිර්මාණය කර ඇත්තේ මෙය අනුගමනය කිරීමෙන් යයි සිතිය හැකියි.මන්ද එහි දැක්වෙන්නේ ද living circle මගින් දැක්වෙන ආකාරයේ වර්ගීකරණයක්.මේ අනුව තමන්ට ලැබීඇති friend requests හා තමන් හට දැනටමත් සිටින යහලුවන් මේ ආකාරයට වර්ග කර ගත හැකියි.ඒ මතට cursor එක තැබීමෙන් smart list ඉබේම විවෘත වනු දැකගත හැකියි.
ඒ කෙසේ වෙතත් ඉදිරියේදී google+ ,facebook අබිබවා යනු ඇතැයි බොහෝ දෙනෙක් විශ්වාස කරනවා.


ඒ කෙසේ වෙතත් ස්බාවධර්මයේ පොදු ධර්මතාව අනුව වටිනා දේ ඉතිරි වී නොවටිනා දේ නැති වී යාවී යන්න මගේ අදහසයි.

පලි:මම කලින් අන්තර්ජාලය පාවිච්චි කරන එකේ මූලික අරමුණ වුනේ facebook.ඒ කාලෙදි අනෙක් අයට තියෙන මිතුරන් වැඩි කර ගැනීමේ පිස්සුව මටත් තිබුනා.මාගෙ wall එක බැලුවාම ඔයාලටත් ඒක තේරෙයි. හැබැයි බ්ලොග් පැත්තට හැරුනට පස්සේ facebook යන්නේ ඇවිල්ල තියෙන friend request confirm කරන්න වගේ දේවල් කරන්න තමා.හැබැයි එතකොට තමා තෙරෙන්නේ අච්චර යාලුවෝ ගොඩක් ඉන්න එකේ අපහසුතාවය.මොකද ගියපු වෙලාලෙ ඉඳන් 5,6 දෙනෙක් chat කොරන්න එනවා.මොනව කරන්නද බ්ලොග් වැඩ අස්සේ ඕවා බැරි නිසා කරන්නේ වචන 2න්3 න් ෂෙප් වෙන එක.

Sunday, December 25, 2011

keyboard එකෙන් දාන windows 7 වැඩ කිඩ ගැන ටිකක් දැනගමුද?


මම අද ඔයාලට දෙන්න යන්නේ windows 7 වලට අදාල keyboard එකේ shortcuts සහ tricks ගැන.ගොඩක් අය මේ ගැන දන්නෙ නෑ.එහෙනම් අපි වැඩේ පටන් ගමු.

[Windows] + [Spacebar]
දැනට open වී ඇති සියලු window නැතිවී desktop තිරය වෙත පිවිසේ.

[Windows] + [D]
desktop තිරය පෙන්වීම සහ සැඟවීම

[Windows] + [Home]
select කරන ලද windows minimized කර දැක්වීම.

[Windows] + left arrow OR [Windows] + right arrow
කවුළු half size එකට පත්වී තිරයේ වමට හා දකුණට වීම

[Windows] + up arrow OR [Windows] + down arrow
windows උපරිම විශාලත්වයට පත්වීම සහ නැවත යථා තත්වයට පත්වීම

[Windows] + [SHIFT] + up arrow OR [Windows] + [SHIFT] + down arrow
සිරස් අයුරින් කවුළු උපරිම විශාලත්වයට පත්වීම සහ නැවත යථා පරිදි සකස් වීම

[Windows] + [Tab]
තිරය මත විවෘත කර ඇති කවුළු ත්‍රිමාණ ආකාරයට පෙන්වීම


[Alt] + [Ctrl] + [Tag] + left/right/up/down arrow
විවෘත කර අැති කවුළු තිරය මත shortcut ඒකක් අාකාරයට දැක්වීම

[Alt] + [Tab]
ඉහත ආකාරයටම shortcut එකක් තිරය මත පෙන්වීම

[Windows] + [1] THROUGH [Windows] + [9]
task bar හි ඇති icon 1 සිට 9 දක්වා විවෘත කරවීම
[Windows] + [Ctrl] + [1] THROUGH [Windows] + [Ctrl] + [9]
[Windows] + [SHIFT] + [1] THROUGH [Windows] + [SHIFT] + [9]
ඉහත පරිදිම ඇති icon ඉතා ඉක්මනින් විවෘත කරවීම

[Windows] + [Alt] + [1] THROUGH [Windows] + [Alt] + [9]
අදාල icon වල jump list විවෘත කරවීම

[Windows] + [P]
දැනට ක්‍රියාත්මක වන තිරය අදාල පරිදි තේරීමේ මෙනුව


[Windows] + [+] OR [Windows] + [-]
තිරය මත විශාලකය ක්‍රියාත්මක වීම.මෙමඟින් තිරය මත අදාළ ස්ථාන ළං කර බැලිය හැකි වේ



[Ctrl] + [Alt] + [D]
තිරය මත docked mode ක්‍රියාත්මක වීම.mouse cursor ක්‍රියාත්මක වබ ප්‍රෙද්ශය වෙනම ඉහලින් දක්වයි

[Ctrl] + [Alt] + [L]
තිරය මත lens mode ක්‍රියාත්මක වේ

[Ctrl] + [Alt] + [F]
lens mode හා docked mode වලින් ඉවත් වීම

[Ctrl] + [Alt] + [I]
invert colors ඇති කිරීම

[Windows] + [Esc]
විශාලක අවස්ථාවෙන් ඉවත් වීම

[Windows] + [G]
desktop gadgets මතු කර පෙන්වීම

[Windows] + [X]
Windows Mobility Center දියත් කිරීම.මෙය ලැප්ටොප් භාවිතා කරන්නන්ට වැදගත් වන මෙනුවකි.


ඉහත tricks සහ shortcuts ඔබත් අත්හදා බලන්න.පරිඝණකය නිතර භාවිතා කරන ඔබට මෙම tricks වැදගත් වේවි.

Saturday, December 24, 2011

නත්තල commercial වන අරුමය


මුලින්ම ලෝක වාසී සියලු දෙනාටම සාමය සතුට පිරි සුභ නත්තලක් සහ සුභ නව වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.සාමයේ කුමාරයාණන් ලොවට පහල වුනු ඒ අසිරිමත් මොහොත උදාවීමට තව ඇත්තේ හෝරා කිහිපයයි.මේ මොහොත වන විට ලොව පුරා ලක්ෂ සංඛ්‍යාත කිතුනු බැතිමතුන් ක්‍රිස්තියානු ආගමික මධ්‍යස්ථාන වල සිට ඒ අසිරිමත් මොහොත උදාවන තුරු බලා සිටී.
බෞද්දයකු වුවත් මා හටද රට පුරා බොහෝ දෙනකුට මෙන් නත්තල් අසිරිය විඳගන්නට අවස්ථාව ලැබී තිබේ.මන්ද මා ජීවත් වන ප්‍රදේශයේත් කිතුනු බැතිමතුන් විශාල ප්‍රමානයක් වාසය කරන බැවිනි.සුප්‍රසිද්ධ කට්ටිමහන ශාන්ත ආනා සිද්ධස්ථාය පිහිටා ඇත්තේ මගේ ගමට ඉතාමත් ආසන්නයේයි.උපන් ගමේදී මෙන්ම මා නිතර සැරිසරන වෙන්නප්පුව මාරවිල මීගමුව කටුනේරිය ආදී නගරවලදී නත්තල් අසිරිය මනාව විඳගන්නට ඉඩ ප්‍රස්ථාව ලැබිණි.
නත්තල මේ අයුරින් අසිරිමත් වෙද්දී කනගාටුවට කරුණ නම් නත්තල වාණිජකරනය වීමයි.අතීතයේ මෙන් නොව වර්තමානයේ නත්තල හොඳ වෙලඳ නාමයක් බවට පත්ව ඇත.නත්තල් අසිරිය කිතුනු බැතිමතුන්ගේ නිවසට පැමිණෙන්නේ දෙසැම්බර් මාසයේ මැද දිනවලදී වුවත් රූපවාහිණියෙන් නම් නත්තල ගෙදරට පැමිණෙන්නේ නොවැම්බර් මාසයේ මුල් කාලයේ දී ය.ඒ එක් එක් සමාගම් සහ වෙලඳ ආයතන වල වෙළඳ ප්‍රචාරක දැන්වීම් වලිනි.මීළඟට නත්තල කල එලි කරන්නේ වෙළඳ සැල් මඟිනි.කිතුනු බෞද්ධ බේදයක් නොමැතිව මේ වෙළඳ සැල් අලංකාර වන්නේ තම තමන්ගේ වෙළඳාම යහමින් කර ගැනීමට පාරිභෝගිකයා තම වෙළඳ සල ආකර්ශනය කරවා ගැනීමට යි.
සීතල උඳුවප් මාසය උදාවත්ම තම තමන්ගේ මඩි තර ගන්නා පිරිසක්ද සිටී.ඒ නොයෙක් අලංකාර ලෙස නම් වලින් නම් කරන ලද සැනකෙළි පවත්වන පිරිස්ය.ඔවුන්ට අනුව නත්තල් යනු සැණකෙළි හා සංගීත සංදර්ශනයි.මා ඉහත සඳහන් කල නගරවල පමණක් මා දන්නා තරමින් මුළු උඳුවප් මාසය පුරාම සංගීත සංදර්ශන හා සැණකෙළි පැවැත්වේ.තරුණ තරුණියන්ගෙන් මෙන්ම වැඩිහිටි පිරිස් වලින් පවුල් පිටින් මේ සැණකෙළි භූමි වලින් පිරී ඉතිරී යන්නේ වසරක් පුරා ඇති විඩාව මොහොතකට අමතක කර ගැනීමට මෙනි.නමුත් ඔවුන්ටත් නොදැනීම ඔවුන් ගේ මුදල් පසුම්බි හිස් වන්නේ ලක්ෂ ගණනින් මුදල් සැණකෙළි සංවිධානය කරන්නවුන්ට ලබා දෙමිනි.
මේ අයුරින් නත්තල මෙන්ම කිතුනු බැතිමතුන් අතර පූජනීය චරිතයක් වන නත්තල් සීයා ද වෙළඳ භාණ්ඩයක් බවට පත්ව තිබීම තවත් ශෝකජනකය.

මේ කාලයේදී නත්තල් සීයා දසත දිස්වන පුද්ගලයෙක් බවට පත්ව ඇතත් බොහෝ දෙනෙක් නත්තල් සීයාගේ මූලාරම්භය ගැන කරුණු නොදනී.පුරාවෘත්තයකට අනුව නත්තල් සීයා යනු බෙල්ජියමේ ලියුම් බෙදන තැපැල්කරුවෙකි.ඔහු නත්තල් සමයේ හිම වැටුණු සීතල ප්‍රදේශයේ ලියුම් බෙදන විට අසරණ ළමුන් හට ලියුම් සමඟ තමාගේ වියදමින් තෑගි බෝග ගෙන ගොස් දී ඇත.පසුව ඔහු ශාන්ත නිකලස් නමින් ප්‍රසිද්ධ වී ඇත.මේ ආකාරයට පැවත එන නත්තල් සියාට වර්තමානය වන ලැබී ඇති තැන දුක්මුසුය.ඔහු සුපිරි වෙළඳ සැල් ඉදිරිපිට පැමිණෙන පාරිභෝගිකයන් සනසන පුද්ගලයෙක් බවට පත්ව ඇත.විටෙක පැමිණෙන්නන්ගේ දරුවන් සුරතල් කරමින් වරෙක ඔවුන් ඉදිරියේ නටමින් තමන්ට වෙළඳසලෙන් පොරොන්දු වූ මුදලට තමන්ගේ රාජකාරිය ඉටු කරයි.
සමහර අවස්ථා වලදී හොර තක්කඩින් විසින් බොහොමයක් අපරාධ වලට මේ නත්තල් සීයාගේ ඇඳුම උපකාර කරගෙන ඇත.නත්තල් සමයේ නන් අයුරින් බිහි වන මේ නත්තල් සීයලාට වරෙක තම රාජකාරිය කරන අතරතුරේදී පදම වැඩිවී පාරිභෝගිකයන්ගෙන් ගුටි සංග්‍රහ ලැබූ අවස්ථා කොතෙකුත් අසන්නට ලැබේ.
මේ අයුරින් නත්තල පමණක් නොව වෙසක් පොසොන් යන ආගමික උත්සව ද වාණිජකරණය කර ඇති මෙවන් යුගයක තව මිනිත්තු කිහිපයකින් උදා වන ඒ අසිරිමත් මොහොතෙන් ඔබ සියළු දෙනාටම සාමයෙන් සතුටෙන් සපිරුණු සුභම සුභ නත්තලක් උදා වේවායි මා නැවතත් ප්‍රාර්ථනා කරමි.

Thursday, December 22, 2011

බ්ලොග් එක ඇතුලෙ එල්ලෙන නත්තල් සීයා

         
                                                       මෙන්න නත්තලට මගෙන් ඔයාලට පුංචි තෑග්ගක්.බ්ලොග් එක ඇතුලේ එහෙට මෙහෙට එල්ලෙන නත්තල් සීයා.කරන්න තියෙන්නෙ පොඩි දෙයයි.අනෙක් html/javascript gadget එකක් ඇතුලත් කරගන්නා ආකාරයටම පහත code එක අදාල තැන paste කරගන්න.
                         
                       design>>>add a gadget>>>html/java script>>>>save
                         
                                 paste කරගත   යුතු code එක.
                           <br /> <div style="text-align: center;"><a href="http://www.gadgetsblogger.com/2011/12/papa-noel-bajando-por-una-cuerda-en-tu.html" _fcksavedurl="" style="right: 0px; position: fixed; top: 0px;"><img src="http://www.yodibujo.es/_uploads/_tiny_galerie/200811/papanoel-navidad3-source_n7g.gif" _fcksavedurl="http://img150.imageshack.us/img150/9631/camaras01pe3.gif" alt="" /></a></div>

                 නැවත හමුවෙමු.
   

බ්ලොගයට ආකර්ශණීය Back To Top බොත්තමක්

                   
                           ඉතාමත් පහසුවෙන් ඇතුලත් කර ගත හැකි ආකර්ශණීය Back To Top බොත්තමක් ඔබේ බ්ලොග් අඩවියට ඇතුල් කර ගන්න.පහත පියවර අනුගමනය කරන්න.

     1.ඔබේ බ්ලොග් අඩවියේ Design වෙත පිවිසෙන්න.
     2.Add New Gadget වෙත ගොස්  HTML/java script තෝරන්න.
     3.පහත code  එක ඒ තුළට paste කරන්න.
                       <script type="text/javascript" src="http://ajax.googleapis.com/ajax/libs/jquery/1.3.2/jquery.min.js"></script>
<script>
$(document).ready(function(){

    // hide #back-top first
    $("#back-top").hide();
   
    // fade in #back-top
    $(function () { 
        $(window).scroll(function () {
            if ($(this).scrollTop() > 100) {
                $('#back-top').fadeIn();
            } else {
                $('#back-top').fadeOut();
            }
        });

        // scroll body to 0px on click
        $('#back-top a').click(function () {
            $('body,html').animate({
                scrollTop: 0
            }, 800);
            return false;
        });
    });

});
</script>
<style>
#back-top {
position: fixed;
bottom: 30px;
margin-left: -170px;
}
#back-top a {
width: 45px;
display: block;
text-align: center;
font: 8px/100% Arial, Helvetica, sans-serif;
text-transform: uppercase;
text-decoration: none;
color: #666;
/* transition */
-webkit-transition: 1s;
-moz-transition: 1s;
transition: 1s;}
#back-top a:hover {color: #000;}
/* arrow icon undefinedspan tag) */
#back-top span {
width: 45px;
height: 45px;
display: block;
margin-bottom: 7px;
background: #777 url(https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhbMzTSWocaShp-MZjT3IoLe-JKvdOFDFFsAbSFGik3dvY_y2qImwVYg8Q6YNAu09QO0Ma-QaZrOsWNNDAnEdSGAc4okhNwrDkyK2sQ2nIuD1ikuXEOAr78NtTpVrJ-FoZAzNqnrhw-PuW-/s1600/up-arrow.png) no-repeat center center;
/* rounded corners */
-webkit-border-radius: 5px;
-moz-border-radius: 5px;
border-radius: 5px;
/* transition */
-webkit-transition: 1s;
-moz-transition: 1s;
transition: 1s;}
#back-top a:hover span {   background-color: #000;}
</style>

<div id="back-top" style="display: block; ">
<a href="#top"><span></span><font><font>Top</font></font></a>
</div>
      4.අදාළ gadget එක save  කරගන්න.

Monday, December 19, 2011

බුදු අම්මෝ........හිස් පීරඩ් නම් එපෝ

කාගෙන්  හරි ඇහුවොත්  තමන්ගේ ජීවිතේ හොඳම කාලේ කොයි කාලෙද කියල අනිවාර්යයෙන් කියන්නෙ පාසල් කාලෙ කියලා.ඒ මොකද හැම කෙනෙක්ටම තමන්ගෙ පාසල් කාලේ ලස්සන මතකයන් තියෙන නිසා.
මගෙ පාසල් ජීවිතයත්  අමතක නොවන කාලයක්.6 වසරේ ඉඳලා උසස් පෙළ වෙනකන් මගේ පාසල උනේ කුලියාපිටිය central එක.මේ සිද්ධිය උනේ අපි 9 වසරේ වගේ ඉද්දි.අපේ පන්තියේ ගෑණු ළමයි ගානටම වගේ පිරිමි ළමයි හිටියා.අපේ පන්ති භාරව හිටියේ කළ්‍යාණි මිස්. කළ්‍යාණි මිස් ළමයින්ට හරි ආදරෙයි.හැබැයි ඉතින් තරහ ගියොත් ඉවරයි තමා. කළ්‍යාණි මිස්ට තමා කණිෂ්ඨ අංශයේ විනය නායකකම බාර වෙලා තිබුනෙ.මිස්ව දකිද්දි කට්ටිය මීක් නෑ.අපේ 9 වසරේ පන්ති වලට ඉස්සරහින් තිබ්බෙ ගෘහ විද්‍යාගාරයයි පුස්තකාලෙයි.එක පැත්තකින් කණිෂ්ඨ අංශයේ office එක.තව පැත්තකින් කණිෂ්ඨ අංශයේ lab එක.කළ්‍යාණි මිස් අපේ පන්ති භාර හින්ද මුලු පන්තියම මාර  ගැම්මෙන් හිටියේ.එහෙම හිටියෙ මිස් නැති තැන.ඉන්න වෙලාවට අනිත් අය වගේ තමා පුස් පැටව් වගේ.
මට මතක විදිහට ඒ කාලේ නිවාඩු දෙන්න ආසන්න කාලෙ.පන්ති වල වැඩ අඩු කාලයක්.ගුරුවරුත් ප්‍රශ්න පත්‍ර බලන කටයුතු කරන නිසා දවසේ වැඩි හරියක් නිකන්.එක දවසක් මේ වගේ period එකක අදාළ මිස් පන්තියට එන්නෙ නැතුව බලපු ප්‍රශ්න පත්‍ර ටික පන්තියට එවලා තිබුනා බෙදා ගන්න කියල.ගෑණු ලමයෙක් නැගිටල papers බෙදනවා.අනිත් අයගෙන් එකම කාලගෝට්ටියයි.පන්තිය දැන් මාලු කඩේ වගේ.නිවාඩු දෙන්නත් ලඟ හින්ද කට්ටිය fun එකේනෙ ඉන්නෙත්.

                                                        කොහොම හරි period එක අවසාන වේගෙන එද්දි කළ්‍යාණි මිස් කඩාගෙන බිඳ ගෙන පන්තියට ආවා.එතකොටත් කට්ටිය තවම වැඩ.හිටගෙන හිටපු දෙතුන් දෙනෙක්ට අපේ බෝනස් එකත් එක්කම හම්බ වුනා.දැන් පන්තියෙන් කිසිම සදදයක් නෑ.මිස්ගෙ මූණ දිහා බලන්න බෑ ඇස් දෙක රතු වෙලා තරහෙන් පුපුරනවා.මමත් ඇතුලුව පන්තියෙ හිටපු ගොඩක් අය මිස්ගෙ අතේ රහ දන්න නිසා හීතල වෙලා හිටියේ.ඇයි ඉතින් අවුරුදු 5 ක් ඉගෙන ගත්තු මිස්ගෙන් ගුටියක් නොකාපු ශිෂ්‍යයන්ගන් වැඩක් තියෙනවයැ නේ.
                          දැන් මිස් ගෑණු පිරිමි බේදයක් නැතුව කට්ටියගෙම ගුණ වර්ණනා කරනවා.ඒකත් හොඳ සිංහලෙන්.බැනලා බැනලා අවසානෙ මිස් මෙහෙම කියනවා.හරි තොපිට ගුරුවරයෙක් නැති වෙලාවට පන්තියට වෙලා කරන්න වැඩක්නෙ නැත්තෙ.හෙට ඉඳන් හැම හිස් පීරඩ් එකකම එළියට බැහැලා පේලියට හිටගෙන හිටපියව් එහෙම කියපු මිස් පන්තියෙන් යන්න ගියා.
                                     හුටා! දැන් හරිනේ.ඉස්සරහට තියෙන පීරඩ් වලින් බාගයක්ම හිස්.ඒ මදිවට ගිනි කට්ටෙට පායන කාලේ.අඩුම ගානෙ එක පීරඩ් එකක් හිස් නම් විනාඩි 40ක් එලියෙ ඉන්න එපැයි.දැන් මුලු පන්තියම නිශ්ෂබ්දයි.මේ අස්සේ තව කට්ටියක් හොයනව මොකද වුනේ කියල.ආරංචි හැටියට එහා පැත්තේ ලැබ් එකේ papers වගයක් බල බල ඉඳල තියෙන්නේ අපේ සද්දෙන් වැඩේට බාධා වෙලා.ඒ පාර ඒ සර් කළ්‍යාණි මිස්ට complain කරල.මිස්ට මල පැනල තියෙන්නෙ ඒකෙන්.හැබැයි ඉතින් මිස්ට මල පැන්නෙ නැත්තම් තමා පුදුමේ.මොකද මිස් විනය නායක අපි මිස්ගෙ ගෝලයෝ.කට්ටියට ඕක තේරෙද්දි නඩුව උසාවි ගිහින් නඩුකාරයා තීන්දුව දීලත් ඉවරයි.
                                      ඔහොම එදා දවස ඉවර වෙලා ඊළඟ දවස උදා උනා.කට්ටිය වෙනදා හිස් පීරඩ් එනකන් බලා හිටියත් එදා බලන් හිටියෙ අදාළ ගුරුවරයා පන්තියට එනකම්.ඔන්න හා හා පුරා කියල පළවෙනි හිස් පීරඩ් එක.මුලු පන්තියම පෝලිමට පන්තියෙන් එලියට.ගැහැණු පිරිමි වෙන වෙනම පෝලිම් ගැහිලා රැස්වීමක් තියන්න වගේ.අහල පහල පන්ති වල උනුයි එතනින් යන එන උනුයි කන්ඩ වගේ බලනවා.හතර විළි ලැජ්ජාවයි.මොනා කරන්නද බල මාලු කෑවනම් විඳෝපන් බළලෝ කියල කට්ටියම ඉවසගෙන හිටිය
                                                              ටික වෙලාවක් යද්දි කකුල් දෙක  රිදෙන්න අරගෙන ඉහින කනින් දාඩිය දාද්දි තමා කට්ටියට තරු පේන්න ගත්තේ.කට්ටිය එහාට ඇඹරෙනව මෙහාට ඇඹරෙනව.බෙල් එක ගහන මනුස්සයගේ මව් දෙමව්පියොත් මතක් කරනව බෙල් එක වදිනකොටම ප්‍රෙබා්ධමත් වෙලා පන්තියට දුවනව ආය හිස් එකට බෙල් කරද්දි මුණු අකුලගෙන එලියට එනව.සමහර හැදිච්ච ළමයි අතින් පන්තියට නොයෙන ගුරුවරුන්ගෙ ගුණ වොකියවුනාමත් නෙමෙයි.හැබැයි ඒ තරහට එහෙම නෙමෙයි ඇඟේ අමාරුවටමයි.
                                             ඔන්න ඔහොම තමයි මෙමා ඇතුළු තවත් වීනිත සිසුන් 43 දෙනෙක් හිස් PERIOD වල රස බැලුවේ.ඒ දවස් වල හිස් PERIOD මතක් කලත් මල පනිනවා.
ලි:ඔය වගේ එක දවසක් ඉද්දි ලාවට වහිනවා.එතකොට අර කතාවෙ අපේ කෙස් එකට මුල් වෙච්ච සර් ලැබ් එක ගාවින් මතුවෙලා කියනව ඇතුළට යන්න කියලා.එතකොටම අපේ දෙතුන් දෙනෙක් කිව්ව සර් ට පාඩමක් උගන්නන්ත් එක්ක වැස්සෙත් ඉමු කියල.ටික වෙලාවක් කියල බැරිම තැන සර් යන්න ගියා.ටික වෙලාවකින් එක පාරටම වැස්ස වැඩි කරල කට්ටියම නාගෙන පන්ති වලට දිව්වෙ අර දෙතුන් දෙනාට නොසෑහෙන්න ස්තූති කර කර.

Friday, December 16, 2011

පෙර පැවති දුබලතා මගහරවා ගනිමින් Kmplayer 3.1.0.0 නිකුත් වේ.

                                             Kmplayer 3.0.0.1442 හි පෙර පැවති දුර්වලතා මගහරවා ගනිමින් නව වි‍ෂේශාංග රාශියක් සමගින් Kmplayer 3.1.0.0 නිකුත් වී ඇත.වර්තමානයේ music player යක් ලෙස  බොහෝ දෙනෙක් විසින් භාවිතා කරන්නේ windows media player යි.ඒ සදහා නිකුත් වී ඇති   dfx audio enchancer plugin එක බාවිතා කිරීම නිසා ශබ්දය මනා ලෙස ලබා ගත හැකි වීම මීට හේතුවයි.නමුත් අලුතෙන් නිකුත් වී ඇති  Kmplayer 3.1.0.0 music player එකක් හා video player එකක් ලෙස භාවිතා කිරීමට ඉතා සුදුසු ලෙස නිර්මාණය වී ඇත.
                           music playerයක තිබිය යුතු අත්‍යවශ්‍ය අංග වන noise reduction,3d sound effect,pre-amplify volume control,audio filters, pitch modification ,bandpass filter,automatic volume control(normalizer)ආදී විශේෂාංග රැසක් මේ සඳහා ඇතුලත් වි ඇත.එමෙන්ම vlc player හි පවතින volume 200% දක්වා වැඩි කිරීමේ පහසුකම මෙන් මෙහි volume 400% දක්වා වැඩි  කිරීමේ පහසුකමක් ද මේ සඳහා ලබා දී ඇත.
                           video player යක් ලෙස භාවිතා වීමෙදී විවිධ video format රැසක් play කිරීමට kmplayer භාවිතා කල හැකි වේ. එමෙන්ම අදාල චිත්‍රපටය සඳහා subtitle ඇත්නම්  automatically subtitle තෝරා ගැනීමේ විශේෂ පහසුකමක් සහ අදාළ වීඩියෝව උපරිම ගුණාත්මක තත්වයෙන් යුතුව play වීමේ පහසුකමද මෙහි නව Kmplayer 3.1.0.0 ට සපයා ඇත.
                              මෙවැනි විශේෂාංග රැසක් සහිතව ඉදිරිපත් කොට ඇති නව kmplayer version 3.1.0.0 දැනට පවතින හොඳම music player එකක් සහvideo player එකක් ලෙස භාවිතා කිරීමට සුදුසු පරිදි නිර්මාණය කර ඇත.
                           Kmplayer 3.1.0.0 බාගත කර ගැනීම සඳහා මෙතනින්
යන්න.
                                   

   

Thursday, December 15, 2011

බ්ලොග් එකට දාගන්න නත්තලට දින ගනින කැලැන්ඩරයක් සහ නව වසර උදාවට මල් වෙඩි සංදර්ෂණයක්

           නත්තලට දින ගනින කැලැන්ඩරය
                          නත්තලට දින ගණන් කරන කැලැන්ඩරයක් මගෙන් ඔයාලට.කරන්න තියෙන්නෙ මෙච්චරයි.
ඔයාලගෙ බ්ලොග් එකේ Design ගිහිල්ලා Add a Gadget කියන එකෙන්  HTML/Javascript තෝරගන්න.
එතන පහලින් එන තැන මම දීල තියෙන code එක paste කරලා save කරන්න.
                    


<script type="text/javascript" src="http://cdn.widgetserver.com/syndication/subscriber/InsertWidget.js"></script><script type="text/javascript">if (WIDGETBOX) WIDGETBOX.renderWidget('121c00e5-de5b-4704-a614-614baca65cae');</script><noscript>Get the <a href="http://www.widgetbox.com/widget/christmas-countdown">Christmas Countdown Clock</a> widget and many other <a href="http://www.widgetbox.com/">great free widgets</a> at <a href="http://www.widgetbox.com">Widgetbox</a>! Not seeing a widget? (<a href="http://support.widgetbox.com/">More info</a>)</noscript>
                   මල් වෙඩි සංදර්ෂණයක්
             නව 2012 වසර උදාවට මල් වෙඩි සංදර්සණයක් බ්ලොග් එකට දා ගමු.කලින් විදිහටම 
ඔයාලගෙ බ්ලොග් එකේ Design ගිහිල්ලා Add a Gadget කියන එකෙන්  HTML/Javascript තෝරගන්න.
එතන පහලින් එන තැන මම දීල තියෙන code එක paste කරලා save කරන්න.
<script type="text/javascript" src="http://cdn.widgetserver.com/syndication/subscriber/InsertWidget.js"></script><script type="text/javascript">if (WIDGETBOX) WIDGETBOX.renderWidget('617bf09c-572a-4327-9812-84bcec52f7f9');</script><noscript>Get the <a href="http://www.widgetbox.com/widget/new-year-fireworks">New Year Fireworks</a> widget and many other <a href="http://www.widgetbox.com/">great free widgets</a> at <a href="http://www.widgetbox.com">Widgetbox</a>! Not seeing a widget? (<a href="http://support.widgetbox.com/">More info</a>)</noscript>
              මේ ගැන ඔයාලගෙ අදහස් පහලින් comment කරල යන්න.මට ඔයාලගෙ අදහස් ඉතා වැදගත්