සිරාගේ කාමරේ සිරා දවසක් දෙවෙනි මනමාලයට ඇන්දා.එදා වැරදි වෙලාවේ ආපු මුත්‍රා බරෙන් අන්ත අසරණ උන සිරා යටි බඩ තද කර ගෙන යටි තොල හපාගෙන තම මුත්රාසය ආරක්ෂා කරගැනීමේ වෑයමින් ෆොටෝවට පෙනී සිටි අයුරු.ඔය අත තියා ගෙන ඉන්නේ ලස්සනට එහෙම නෙවේ ඈ.
Tuesday, November 13, 2012
Sunday, November 4, 2012
ආදරය මේ තරම් විරහද? | මා දුටු ලව් බූට්
මේ ලියන්න යන එකේ ප්‍රධාන චරිතේ අවතාර්ගේ හයේ
පන්තියේ ඉඳලම යාළුවා.ගමේ ඉස්කෝලෙන් ශිෂ්‍යත්වේ පාස්වෙලා ටවුන් එකේ ඉස්කෝලේට ගිය
මගේ පලවෙනි යාළුවා උනේ ඌ.හය වසර හත වසර ගෙවිලා යද්දි ඔන්න කාටත් වදින ඊතලේ අපේ
උන්ටත් වදින්න ගත්තා.පන්තියේ හිටිය කොල්ලෝ ගාණයි කෙල්ලෝ ගාණයි වෙනස් උනේ පොඩි
ගාණකින් .මතක විදිහට කෙල්ලෝ දෙන්නෙක් වැඩියෙන් හිටියද කොහෙද.අට වසරේ දී පන්තියේ
කොල්ලෝ බොහොමයකට හිටපු කෙල්ලන්ගේ නම් කියලා නෝන්ඩි කරන්න ගත්තා.පුදුම කියන්නේ මේ
තේරීම හරියට හරි ගියපු තැන් බාගෙට බාගයක් තිබුනා.අවතාර්ගේ හිතේ හිටිය ගෑනූ ලමයා ගේ නම
කියලා අවතාර්ව නෝන්ඩි කලේ කස්ටිය.ඒ ප්‍රේමේ ගැන ඉතින් වැඩක් නෑ.නොදන්න කස්ටිය
ඉන්නවනම් ගිහින් බලන්නකෝ මෙතනින්.
ඉතින් මම මේ කියන බුවාටත් නම වැටුනා ඌ ට්‍රයි කරපු කෙල්ලගේ.ඒ දවස් වල උගේ
අඹ යාළුවා විදිහට සේරම කියන්නේ මට.මම ඒකිව කොහොම හරි යාළු කරගන්නවා මට සපෝට් එක
දියන් කියලා කෙල්ලව දකින දකින සැරේට මූ මාත් එක්ක කියනවා.අඹ යාළුවා විදිහට ඉතින්
යාළුවාගේ දුකේදීත් සැපේදීත් උදව් කරන්න එපැයි.මගෙන් ඉතින් ෆුල් සපෝට්.මට මතක
විදිහට මූ අට වසරේදී කෙල්ලගේ පස්සෙන් යන්න ගත්තා.කෙල්ල කියලා මහ ලොකු ලස්සනක්
නෑ.මේකි අරූට ගනන් ඉස්සුවා.ඔහොම අවුරුද්දක් පුරාම ට්‍රයි කරලා අපි නවය වසරට ආවා.මේ
වෙන කොට පන්තියේ ලෙවල් කෙල්ලෝ සෙට් එකකුයි කෙල්ලෝ සෙට් එකකුයි හැදුනා.බොහෝම පොඩි
ගාණක්.උන්ගේ මොනවා ලෙවල් උනාද කියලා අවතාර් තාම දන්නේ නෑ.ඒ උනාට ලෙවල් ඈ.මේ කියන
කෙල්ලත් මුලින් ආශ්‍රය කලේ ඔය කියන ලෙවල් කෙල්ලන්ව.අපේ බුවාත් අතෑරියේ නෑ.නවය වසරේ
පුරාවටමත් ට්‍රයි කරා.
ලේබලය
මතක විත්ති,
ලේබල් නැති ඒවා
Subscribe to:
Posts (Atom)