තම මවුපියන් රියඅනතුරකින් මිය යාමෙන් පසු සෙනුරි අගනගරයේ කොන්වන්ට් එකකට බාර කෙරෙයි.එතැන් පටන් කොන්වන්ට් එකේ ජීවත් වන සෙනුරිට රැකියාව අතරතුරදී අහම්බෙන් සම්පත්ව හමු වෙයි.ආදරයකට පෙරලුණු ඒ දැනහැඳින ගැනීම සියල්ලන්ගේම ආශිර්වාදය මැද සිදුවන විවාහයෙන් අවසන් වෙයි.විවාහයෙන් පසු ඔවුන් දෙදෙනා බණ්ඩාරවෙල ප්‍රදේශයේ සම්පත් මිලදී ගෙන ඇති වලව්වට පැමිණෙයි.
මහ රාත්‍රියේ ඇය කිසිවකුගේ ආමන්ත්‍රණයකින් හදිසියේ අවදි විය.කටහඬ පැහැදිලි නැති නමුත් එය පිරිමි කටහඬක් බැව් සෙනුරිට වටහා ගත හැකි විය. පහත මාලයේ සිටින කමලා හා පියල් අවදි කරවන්නට ඇයට සිතුනද ඔවුන්ව අවදි නොකරම කටහඬ පිළිබඳ විපරම් කිරීමට ඇය සිතා ගත්තායඇය කටහඬ ඇසෙන දෙසට පියමැන්නාය.කටහඬ ඇසෙන්නේ ඉහල මාලයේ කෙලවරින් බව ඇයට තේරිනි.ඒ දෙසට තව තවත් ළං වන විට ඇයට ඒ හඩ පැහැදිලිවම ඇසෙන්නට විය.
“ සුදු මැණිකේ ...............සුදු මැණිකේ ...................“
විටෙක ආදරයෙන් කතා කරන්නාක් මෙන්ද විටෙක කෙඳිරිල්ලක් මෙන්ද ඇසෙන හඬට සවන් යොමාගෙනම ඇය ඒ දෙසට ගමන් කලාය.තම හිතට කිසිම බයක් නොදැනීම ගැන ඇය පුදුම වූවාය.හඬ ඔස්සේ පැමිණි ඇය තවදුරටත් ගමන් කල නොහැකිව නැවතී පුදුමයෙන් බලා සිටියාය.හඬ ඇසෙන්නේ අගුලු දමා ඇති කාමරය තුලිනි.එකවරම වේදනාවෙන් කෑ ගහන ගැහැණු කටහඬක් හීන් ස්වරයෙන් ඇසිණ.සෙනුරි ඒ ශබ්දයෙන් තිගැස්සී පිටුපසට වනවාත් සමඟම ඒ අසල ටීපෝවක් මත තබා තිබුනු වීදුරු මල් බඳුන ඇගේ ගතේ වැදී බිම වැටී මහ හඩක් නඟමින් බිඳී ගියේය. ඒ සමඟම කාමරය තුලින් නික්මුනු හඬද අවසන් විය.ඇය කිසිවක් සිතා ගත නොහැකිව තුෂ්ණිභූතව බලා සිටින අතරේ විදුලි පහන් දැල්විණි.
“ බේබි මම සද්දේ ඇහිලා ආවේ මොකද උනේ ? “
“ න්නෑ කමලා මට සද්දයක් ආවා මම ඒක බලන්න ආවේ “
“ හත් දෙයියනේ බේබි කකුලෙන් ලේ එනවා නේද ? “