කලු කර ගෙන එන වැස්සට කලින් ගෙදර පිටවෙන්නට
හවස ලෙකට තිත තියලා පැන්නා මම මහ පාරට
කොටන එකේ හොඳම එකෙන් බස් එක කොට කොට යනකොට
හැමදා එන නිදි දෙව්දුව ආවා මගේ දෑස ළඟට
බස් එක හෙමිහිට යනවා
ඇස් දෙක මගේ පිය වෙනවා
ඉබි ගමනින් යන බස් එක
තවත් තැනක නවතිනවා
ඇරුණු පාසලක් කියලයි මගේ හිත මට කොඳුරන්නේ
එකයි තිහේ ළඟම තැනක් ඔරලෝසුවේ පෙන්නන්නේ
හාල් ගෝනි වගේ සයිස් බෑග් කරේ දරමින්නේ
කෙල්ලෝ කොල්ලෝ රොත්ත පිටින් බස් දොර ළඟ පොරකන්නේ
පොරකාගෙන ආ අයගෙන් බස් එක සාඩින් වෙන්නේ
ගුරු ගෞරවේ හොඳට තියේ අද උන් හරි පුදුමයිනේ
යන්න හිටපු ටීචර්ලා අවසානෙදි ගොඩ වෙන්නේ
එක පාරට දුටුව දෙයින් දෑසම මගේ පිබිදෙන්නේ
තදට ඇඳුනු ඇගේ සාරිය ඇඟටම ඇලුනා වැන්නේ
ඇගේ බඩෙන් වැඩි කොටසක් එලියට විත් දිලිසෙන්නේ
බලලත් බැරි නැතුවත් බැරි මගේ ඇස් දෙක නලියන්නේ
කයියෙන් වත් කියන්න බැරි තව ඒවත් දිස්වෙන්නේ
කරාඹු දෙක ,වළලු එක්ක මාලෙත් සාරියේ පාටයි
නිරුවත් ඇගේ පිටට වැටෙන කොණ්ඩේ මැලවුනු පාටයි
නාදළු නොව රක්ත දෙතොල් මේ දැන් මස් කාලා වගෙයි
කැලලක් නැති ඇගේ
මුහුණේ මේකප් ලොරියක් පෙන්නයි
කොන්දොස්තර තරුණ එකෙකි ආවා ඇගේ අසුන ළඟට
බැලුවා කෑදර බැල්මෙන් නිලියක් දෙස බලන ලෙසට
මතු පරපුර බබලන්නට වෙර දෙන අය බලු වෙන කොට
පරන අහපු මෙවැනි දෙයක් ආවා මගෙ මතකේ ළඟට
විදුහල්පති මුවකිනි මේ කතාව එලියට පැන්නේ
හැඩට අඳින තරුණ වයසේ ගුරුවරියකි පත්වෙන්නේ
අඳින විදිහ කදිමයිනේ සතියෙන් ඇගේ නම යන්නේ
තරුණ වයසේ ළමයි ඉන්න පන්තියකට ඇය යන්නේ
හැමදාමත් මේ විදිහට ඉන්නවා මගේ දිහා බලන්
මොනවද තමුසේ බලන්නේ කියනව මට නැඟිට හිටන්
කියපු දෙයින් ඒ සිසුවා ඇය ගොලුවී ගියා සැනින්
“බඳින්න හිතෙනවානේ මිස් ඔයාව මට දැකපු ගමන්“
මේකප් පිරි තරුණ මූණ බලන් ඉද්දි කලු වෙනවා
කොල්ලව අතකින් ඇදගෙන විදුහල්පති හමුවෙනවා
මුන්ටනේ අපි උගන්නන්නේ ඈ තරහින් පුපුරනවා
කාර්යාලේ පිරුණ හඩින් ඇය තම දුක පවසනවා
ඉන්න තැනත් කරන දෙයත් අමතක උණු හැටි කදිමයි
හිතට දැනෙන දේ අමුවට මේ ලමයා පිට කෙරුවයි
මිස්ව දැකපු මුල්ම දවසේ මටත් හිතුනේ ඔය විදිහයයි
මිස්ව දැකපු මුල්ම දවසේ මටත් හිතුනේ ඔය විදිහයයි
හදාගන්න ඇගෙ ගතිගුණ ඔවදන් ලැබුණා බොහොමයි
මේ වර්ෂන් එකේ වෙන කතන්දරේකුත් අහපු මතකයකුත් තියේ.
ReplyDeleteලස්සන විරිඳුව.
මටත් මතක ඒක!
Deleteවෙනස් මාතෘකාවක් යටතේ ලියැවුනු විරිදු පෙල අපූරුයි... තව ටිකක් විතර දිගු උනානම් හොදයි කියලත් හිතෙනවා...
ReplyDeleteළමයට මුවා වෙලා මහතැන වචනෙ දාගෙන වගේ....
මරු කවි ටික... අපි ඉස්කෝලෙ යන කාලෙත් සූටි ටීචර් කෙනෙක් හිටිය ඉන්ගිරීසි උගන්නපු.. හැට්තෙ කර බඹයක් විතර ජඹුරයි... අපි හරිම උනන්දුවෙන් තමයි ටීචර්ට පොත පෙන්නන්න යන්නේ..
ReplyDeleteඉතිං උඹල ටීචර්ට පොත පෙරළුවෙ නැත්ද බං.
Deleteබැරි උනා බං .. පොත නැතුව ඉතුරු ටිකවත් පෙරලගන්න තිබ්බනම්
Deleteෂිකේ ෂිකේ ... මුං වගේ වනචරයො. :)
Deleteසිකේ මීයලා කොරන්න යන දේවල් :)
Deleteඅනේ අම්මෝ අපි හොඳ ළමයි
ReplyDeleteඅපිත් හොඳයි තමයි හරිය
Deleteහෆ්ෆේ මට අපේ කුරුසි කාර්ම මිස්ව මතක් වෙනවා හින්දි නිලියෝ පරාදයි බොලව් අවතාරුත් කරලා තියෙන්නේ අවතාරත් නොකරන වැඩනේ
ReplyDeleteමට මතක් වෙන්නේ අපේ හිටිය ෆිසික්ස් මිස්
Deleteහනේ එතුමියගේ උදර ප්රදේශය
ප්රින්සිපල් මල් හතයි... හි හි.. විරිදු ටිකත් ගානට ගලපලා තියෙනවා...
ReplyDeleteඅෙප් ඉස්කෝලේ ටීචර් කෙනෙක් හිටියා ඔය වගේ.... හැබැයි ඉතිං ලස්සන නම් නෑ.. හි හි... ටික කාලෙකින් එහා වැටේ කොල්ලන්ගේ ඉස්කෝලෙට මාරු උනා...
දවස් දෙක තුනකට පස්ෙස් මෙයාගේ මෝස්තර ඔක්කොම වෙනස් උනා... මොකෝ දන්නවද...
කොල්ලෝ මෙයාව දකින දකින ගානේ කෑ ගහනවා...
ඔන්න තොරොම්බල් කරත්තේ එනෝ... කියලා.. හි හි
අන්න නියම වැඩක්
Deleteමල මගුලයි ........... අගේට තියෙන්න ඇති නේද !
ReplyDeleteවහ කන්න හිතෙන්න ඇති
Deleteබොලේ විරිඳු තාලේ යසට දාලා ලියලා තියෙන්නේ.මේක පොඩෛ රබානක් අරගෙන ගහලා කියලා ඕඩියෝ එකත් දැම්මනං තමයි මරු.
ReplyDeleteපද දෙකක් කියලා මැද්දට "ජිඃප්රං ජිඃප්රං බූ.......ම්" කියලා රබානෙන් ගහලා ගන්ඩත් ඕනේ.
දැන්නම් මේකේ විරිඳු වර්ශන් එක කණ ළඟ ඇහෙනවා වගේ
Delete//ජිඃප්රං ජිඃප්රං බූ.......ම් // එල
මරු කවි සෙට් එක...
ReplyDeleteරෙඩ් ලයිට් !!!
ReplyDeleteපට්ට කවි සෙට් එක !
හෑහ් මොකෝ රෙඩ් ලයිට් ?
Deleteඉතින් ටීචර් හැදුනලු ද?
ReplyDeleteඅපේ ඉස්කෝලෙත් ඔහොම තොරොම්බල් කරත්තයක් තිබ්බ තමා.. :)
බලාගෙන යද්දී මේක අධ්යාපනේට පොදුයි වගේ :)
Deleteබල්ලගෙන යනකොට හැම තැනම මෙහෙම මිස්ල ඉඳල තියෙනවනේ? අපේ ඉස්කෝලෙත් එහෙම දෙතුන් දෙනෙක්ම හිටිය. අපිටත් ඉතින් කට පියාගෙන ඉන්න බෑනේ. කොච්චර නම් අපත කතා කියල තියනවද එයාලට. :D
ReplyDeleteගුරු සිත නොරිදවා
Deleteඅකුරු උගනින් ඇපලෝ සොඳිනා
සමහරු ඉල්ලගන නේ කන්නේ.. ඒවාට මොකද කියන්නේ?
Deleteඅනිවා මේ වගේ අයට දෙන්න ඕනා හොඳම එකෙන් නැත්තම් තේරෙන්නේ නෑ
Deleteහෆ්ෆොච්චියේ!!!!! :D
ReplyDeleteපට්ට විරිදුව, අපේ ඉස්කෝලෙත් ඔය වගේ ටීචර් කෙනෙක් හිටියා, හැබැයි වැඩිකල් ඉන්න හම්බුනේ නෑ. පිට ඉස්කෝලෙකට මාරුවක් ඇවිත් ගියා. එහෙන් කොහාට ගියාද දන්නේ නෑ.
ReplyDelete:) :) කොහොම උනත් පද ගැලපීමේ දක්ෂයෙක්! ජයෙන් ජයම වේවා!
ReplyDeleteමොකෝ කියන්නේ ඩීජේ පාරක් දාලා ගමුද? :)
Deleteනියම කවිය ඈ! එල එල!
ReplyDeleteහි හි... අපේ ඉස්කොලෙත් ඔහොම කෙනෙක් හිටියා.. කොමෙන්ට් බැලුවම කොහෙත් එක වගේ නේද??. අලුත් පත්වීම් ගන්න තරුණ ගුරුවරු ගොඩක් අය මුල් කාලේ ඔය වගේ වෙන්නැති නේද??
ReplyDeleteජය..
ෆැෂන් නේ බන්.තමන්ගේ ෆැෂන් එක කීයක් දකිනවද පන්තියකට ගියාම
Deleteහප්පා අපිටත් හිටිය ඔය වර්ගයේ ඉංගිරිස් ටීචර් කෙනෙක්. මට මේ ටයිප් එකේ කතාවකුත් මතක් උනා ඕන්..:)කළු ලෑල්ලේ අකුරක් මකන්න කියන කතන්දරයක්..:D
ReplyDeleteවිරිඳු පද ටික මරු!!
අකුර මකන සීන්එක මොකද්ද බන්
Deleteදාහන්කෝ පෝසට් එකක් අපිට දැනගන්නත් එක්ක
ඒක බං කොටු කොටු දාන්න වෙන කතාවක්. :)
Deleteඅඩේ... අපේ ඉස්කෝලෙත් ඉන්නවා ඔහොම මැඩම් ලා. වැඩේ කියන්නෙ අපි 6න් යනකන් ඉඳලා එයාල 6ට ආවා. 7න් යනකන් ඉඳලා 7ට ආවා. ඔහොම තමා හැමදාම. දැන් 11 පංති වලටත් ඇවිත් ලු අලුත් මැඩම්ලා සෙට් එකක්ම. අපිට තමා ඒකෙත් පාඩුව. හැබැයි ඉතින් ගුරු දිනේට එහෙම ඉස්සලාම වඳින්නෙ එයාලට තමයි. වල් කමකට නෙවෙයි. ගෞරවයට... :)
ReplyDeleteබොලාගේ අවාසනාව තමා
Deleteඅපිටනම් 11ත් හිටියා 12ත් හිටියා දෙන්නෙක්ම
අන්න අපේ වගේ ඈ.. අපෙත් 12-13 බිස්නස් ඉගැන්නුවේ ඔහොම තොරණක් තමා. ඒ ටීචර් ට වැඩිය වයසක් නෑ. ඒ කාලේ ඕනේ නම් 26 විතර වෙන්න ඇති.
Deleteඅඩේ මරු ඈ...
ReplyDeleteහොඳ වැඩේ ස්ටැයිල් කරන්න යන ඈයොන්ට..!!
ReplyDeleteලස්සනට ලියලා තියනවා අවතාර්..
මමනම් මේ ගැන නෙමෙයි කියන්න යන්නේ.මම කියන්න යන්නේ රේසර් බ්ලේඩ් ගේමින් ලැප්ටොප් එක ගැන.වැඩි විස්තර http://www.razerzone.com/gaming-systems/razer-blade බලාගන්න.
ReplyDelete