Saturday, August 25, 2012

බුදුන් වැඩිය පින් බිමක මෙහෙව් දනන් සිටී තව

ඉවර උනා අන්තිම ලෙක
එපා උනා ඒ පැය දෙක
දවසේ ඉතුරු ටික ඉන්නට
නැඟුවා පිය බෝඩිම වෙත

රෑට උයන්නට බඩු නෑ
තව සතියකටත් ඕනෑ
අවතාරයි අද ඉන්නේ
උයන එවුන් පවසන්නේ
   
ඕනේ නෑනේ කිසිම තර්ක
මාර්කට් යමු අපි දැන්මම
අහවල් තැන ඉන්න ........
අදත් හැකිය දැකගන්නට

ගමන් වාසි බලමින්නේ
එකෙක් කැමැත්තෙන් එන්නේ
කර අරිමින් සිටිය එකෙක්
ඇදගෙන එලියට බැස්සේ

මාර්කට් යන්නට ඇත්තේ
කැළණි ගඟේ ඉවුර දිගේ
ඒ යන මඟ පිහිටන්නේ
මුඩුක්කුවක් අසලින්නේ

මුඩුක්කුවත් පහු කරගෙන
අවට සිරිය නරඹ නරඹ
අවතාරුත් අනිත් අයත්
ඇදුනා තව ඉස්සරහට

මිනිසුන් ඇත රැස්වෙලා
පාරේ කොනකට  වෙලා
යන මග හොද නැති නිසා
හෙමිහිට එබිකම් කලා

කරත්තයක් ඇත ලිහලා
බ්ලොක් ගල් ඇත පුරවලා
ගැල බැදි ගොන් නොම පෙනෙනා
බැලුවා තව ලංවෙලා

ගොනා කියා සිතිය හැකී
ඒ තරමට හැඩය ඇතී
කරත්තේ ඉදිරියේ වැටී
සිමෙන්ති කොල වලින් වැසී
සිදුවූ දේ සැකයක් නැත
පැටවූ බර උහුලා නැත
ගැල සොලවන්නට දැරු තැත
ගොන් ගිය අවසන් ගමනය

දිවිය පුරා ගැල් ඇදලා
ගෙවු කරුමය ඉවර වෙලා
ගැලේ ම යන්නට මැරිලා
තිරිසනා ඇත පවු කරලා

ගැල් හිමියා යැයි සිතෙනා
වියපත් මිනිසෙක් සිටිනා
කරත්තයට පිට  දීලා
කැළණි ගගට නෙත් යොමනා

සිද්ධිය ගැන දුක් වෙවී
ගියපු වැඩය නිමා වී
ආපසු එන ගමනෙදී
ගියා හදම සලිත වී

ගව කුණ තවමත් ඇත්තේ
ගැල් හිමියා සවන් දෙතේ
රෝද දෙකේ රිය මත්තේ
අමුත්තෙකිය දැක ගත්තේ

මැලවුණු මුහුනෙන් යුතු
සිටි මිනිසෙකුගෙන් රතු
දැනගන්නට යයි සිතු
විමසුවා ඔහුගෙන් තතු

ගවකුන අරගෙන යන්නට
මිල අඩුවෙන් ගෙවන්නට
දත කන පෙනුමෙන් යසට
හේ මස් වැද්දෙකි කපට

මැරෙන තුරුම මෙහෙ කෙරූ
එදා වේල සරි කෙරූ
තිරිසනාගේ මල කුණූ
රුපියල් සත වුනු යුරූ

ගව මස් කෑමෙන් තොර
සමාජයක් පතමින
බුදුන් වැඩිය පින් බිමක
මෙහෙව් දනන් සිටී තව

සත්‍ය සිදුවීමකි

16 comments:

  1. මහ කාලකන්නි බං උන්.‍යකො අර මැරිච්ච අහිංසක සතාට ඉන්න දෙන්නෙ නෑ නෙ
    කරත්ත කාරයත් දැනගන්න ඔනෙ තමන්ට කාලයක් කන්න බොන්න සල්ලි හොයලා දුන්න එ සතා මසට නොවිකුනා ඉන්න එහෙම විකුන්නා නම් ඒකා මහ ගුනමකුවෙක්.

    ReplyDelete
  2. මම නම් ඔය මස් කෑමෙන් වැලකී ඉන්නේ.
    අනිත් එක ගෙදර හදන සතෙක්ව මොන හිතකින් ඔහොම විකුණනවද මන්දා !!!

    ReplyDelete
  3. ඔහොම වැඩ අරගෙන මළාම කන එකනං මට හිත් දෙන්නෑ.ඒත් මම හරක් මස් කන එකට පක්ෂයි.එක හරකෙක් කුකුල්ලු විස්සකට විතර සමාන හින්දා එහෙම බැලුවොත් ජීවිත 19ක් විතර ඉතුරු වෙනවා.හාල් මැස්සංගෙන් ගාන හදන්ඩ ඕනෙ නෑනෙ.අවශ්‍ය වෙන්නේ අවම වේදනාවක් දැනෙන මරන ක්‍රමයක්.

    ReplyDelete
  4. araliya8/25/2012

    ane manda ayya ohoma minissuntanam kawadawath hariyanne.......dan inna minissu salli wenuwen ona deyak karai.

    ReplyDelete
  5. හප්පා....මට ඔය ගෙරි මස් කන උන් පෙන්නන්න බෑනේ..

    ReplyDelete
  6. ඉදිරිපත් කරලා තියෙන විදිය නම් විශිෂ්ඨයි... පවු නේද එහෙම සතෙකුට සලකන විදිය... මම ඉතිං නිර්ඹාංශිකයෙක් වීම ගැන සතුටු වෙනවා...

    ReplyDelete
  7. අනේ මන්දා බං....

    ReplyDelete
  8. Anonymous8/26/2012

    හ්ම්ම්..හිතන්න දෙයක් තියන පෝස්ට් එකක්! අපූරුයි ඔබේ නිර්මාණය සහෝ!

    ReplyDelete
  9. හ්ම්ම් හ්ම්ම් ඇත්ත.

    ReplyDelete
  10. නියමෙට ලියල තියෙනවා. පොඩ්ඩක් හරි සංවේදීකමක් තියන අය තවත් වරක් හිතල බලාවි.

    ReplyDelete
  11. අපූරු කවි පේළිය....
    අනේ මන්දා අවතාර්..තර්කානුකූලව හිතුවොත් ඒ මැරුන සතා විකුණන එක ඇරෙන්න ඒ මනුස්සයට වෙන විකල්පයක් නෑ නේද? නැත්නම් තව ගානක් ගෙවලා ලොරියක් අරගෙන ඌව සොහොනකට අරන් ගිහිල්ලා දාන්න වෙන්නෙ ඒ දුප්පත් ගැල් කරුවටමයි..

    ReplyDelete
  12. මම දැකල තියනවා ගවයෙක් මැරුණාම දන්දෙන මිනිස්සු. ඒ අපේ ගමේ ගෙවල් කිට්ටුව හිටිය හරක් අයිතිකාරයෝ කීපදෙනෙක්.. ඒ වුනත් මෙහෙම???

    ReplyDelete
  13. ඒ වගේ අය...තවත් ඉන්නවා තමයි මේ රට...

    ReplyDelete
  14. අපේ පැත්තෙ සමහරු මම දන්නව ගෙදර ඇති කරපු හරක මැරුණම වල දාන්නෙත් භූමිතෙල් වත්කරල, රෑට ආයිත් හාරල මැරිච්ච සතාගෙ ගාත් කපාගෙන යනවටළු එහෙම කරන්නෙ. එකපාරක් අටපට්ටමට පෙන්නුව මතකයි පනපිටින් ඉන්න හරකෙක්ගෙ ගාතයක් කපාගෙන ගියපු තිරිසන්නු වගයක් ගැන. ඒ මිනිස්සු මේ වගේ පහත් වැඩ කරන්නෙ කොහොමද මන්ද.

    මම නම් ඉතිං ඔන්ලි වෙජිටේරියන් නෙවි. ඒත් මස් මාළු කරවල හාල්මැස්සො නම් කන්නෙ නෑ, ඒ පින් පවු ගැන හිතන නිසා නෙවි, මම පොඩි කාලෙ ඉඳන් පුරුදු වෙච්ච හැටි. බිත්තර ඇරුනම මස් වර්ගවලින් චිකන් විතරයි කන්නෙ, ඒකත් ඉතිං නිතරම කන්නෙ නැති නිසා වැඩි අවුලකුත් නෑ.

    ReplyDelete
  15. මමනම් අදවෙනකල් කාලත් නැහැ කන්නෙත් නැහැ. කන උන්ව පෙන්වන්නත් බැහැ.

    ReplyDelete

හිතට දැනෙන දේ ලියලා යන්න