බ්ලොගිය පැත්තේ ආවේ සෑහෙන දවසකින්.බ්ලොගියෙ ලියන්න දේවල් එමට තිබුනත් කාලය පිළිබඳව ඇති ප්රශ්න නිසා අකමැත්තෙන් වුනත් කොම්පීටරේට නිවාඩුවක් දීලයි තිබුනේ.වෙනත් වුවමනාවකට අන්තර්ජංජාලෙට ගොඩවැදුන වෙලාවක හම්බ වුන වැදගත් දෙයක් බ්ලොගියේ කොටන්න හිතුනා.
මම මේක බ්ලොගියට දාන්නේ කාටහරි වැදගත් වෙයි කියල හිතල මගේ කාල චක්කරෙන් සැලකිය යුතු කාලයක් මිඩංගු කරගෙන.ඒ නිසා කාට හරි මේක වැදගත් වුනානම් ස්තුතියක් වත් දීල යන්න.ඒක මගේ හිතට දහිරියක් වෙයි.
ගොඩක් අය අන්තර්ජංජාලේ පැටලෙන්නේ පේස් බුකියට යන්නනේ.එහෙම නැත්තම් වෙන වුවමනාවන් වලට යන ගොඩක් අය අවසානෙට නවතින්නේ එතනනේ.ඔහොම පේස් බුකියට ගොඩ වැදිල කරන්න තියෙන විසේස දේ තමා චැට් කොටන එක.එහෙම චැට් කොටද්දි අපි සිංහල ,ඉංගිරිසි වගේ එව්වුගෙන් කොටනවනේ.
ඔය අතරේ මට හම්බ වුනා චැට් කොටන්න අලුත් විදිහක්.